කෙටි සටහන් – Short Notes

කෙටි සටහන් – Short Notes

අපි ආඩම්බර මිනිසුන් කොට්ඨාශයකි.

Related image
අපි බොහෝ දේ ගැන ආඩම්බර වෙමු ශ්‍රී ලාංකිකයන් විදියට ආඩම්බරය. අහවල් ඉස්කෝලේ ගිය නිසා ඒ ගැනත් ආඩම්බරය. අහවල් තැන රස්සාව කරන නිසා ඒ ගැනත් ආඩම්බරය. ඉතින් ඒ ගැන ෆේස්බුක් එක පුරා අපි ආඩම්බරයෙන් කියමු. මේ අපේ ශ්‍රී ලාංකික හෝ ගෝත්‍රික අනන්‍යතාවයි.
අපිට අපි ගැන ආඩම්බර වීමට බොහෝ දේ ඇත. ජාතියක් විදිහට අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයකට අපි උරුමකම් කියමු. ඒ ගැන අපි බොහෝ ආඩම්බර වෙමු. අපේ මුතුන් මිත්තෝ තෙරක් නොපෙනෙන මහ වැව් බැද, අහස උසට මහා දාගැබ් තනවා, ලක්ෂ ගණනින් වෙල් යායවල් තනා, ඒවා අස්වද්දවා, අපේ රට පෙරදිග ධාන්‍යාගාරය කළෝය. අපි තවමත් ඉපැරණි ශ්‍රී විභූතිය කාල් ගාමින් ප්‍රෞඪ ජාතියක් බවට පත්ව සිටිමු. මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන් විදියට අපේ අනන්‍යතාවය ලොවට හඬගා කියාපානු සමත් කිසිවක් අප විසින් ලොවට ඉදිරිපත් කර ඇත්ද.?
අපි පාරෙ වාහනය එලවන්නේ අනෙකාට වඩා තත්පරයක් හෝ ඉදිරියට ගොස් ලෝකය දිනන්නට ය. අපි රස්සාව කරන්නේ අනෙකා පාගා ගෙන ගොස් සතයක් හෝ වැඩිපුර සොයාගෙන ඉහළින් වැජඹෙන්නටය, අනෙකා කපාගෙන,කපාගෙන ගොස් ඉහළ තනතුරක් ලබා ගන්නටය. අපි අන් අයට කිසිදු ගරුත්වයක් නැත. අපට විනයක් නැත. අපට සංයමයක් නැත. අපි අධ්‍යාත්මිකව සහ චර්යාත්මකව ලෝකයේ බොහෝ අනෙකුත් ජාතීන්ට වඩා පහළින් සිටින ජාතියකි. අපේ ආගම අදහන්නේ ලෝකයට පෙනෙන්නට ය පුණ්‍ය කටයුතු කරන්නේ බෝඩ් ගසාගෙන ලෝකයට පෙන්වන්නට ය.
අපි බොහෝ දේ කරන්නේ නීතියේ ඇති නිසාය. අපි හෙල්මට් දමන්නේ හිස් බේරා ගන්නට නොව පොලීසියෙන් දඩ කන්නට වන නිසාය. අපි පාරේ නිසිලෙස වාහන එලවන්නේ පොලීසියට දඩ දෙන්නට වන නිසාය එසේ නොමැතිනම් ඉරි කපාගෙන පෙරේදා යන්නට තිබූ ගමනක් අද යනවා මෙන් අපි ගමන් කරමු.
අපි මේ සියල්ල කරමින් ආනන්දය නාලන්දය මහින්දය, රාජකීය ආදී විද්‍යාලවල ප්‍රෞඩත්වය වෙනුවෙන් සටන් කරමු. අපි බොහෝදෙනා ආඩම්බර වන්නේ පාසලකට ඇතුළු වීමෙන් පාසැලේ ආදි ශිෂ්‍යයෙකු ආදී ශිෂ්‍යයාවක වශයෙන් නොමිලේ ලැබෙන ප්‍රෞඪත්වය විදහා පෑමක් පමණි. විද්‍යාල නිසා අප බබළනවා විනා බොහෝ දෙනෙකු අප නිසා විද්‍යාලය බබලවන්නට කටයුතු කරන්නේ නැත. මේ නිසා නිකං ලැබෙන ප්‍රෞඪත්වයකට උදම් අනන්නේ නැතිව අපේම විද්‍යාලයට ගමට රටට යමක් කර එය ආඩම්බර කිරීමට උත්සාහ දරමු.

අවසානයේ මොන සෙල්ලම් දැම්මත් අපි ජීවිතය හමාර කරන විට අප මිය යන්නේ සිංහල දෙමළ මුස්ලිම් සුදු කළු ආසියානු මෙක්සිකානු ආනන්ද නාලන්ද මහින්ද ධර්මරාජ උතුර දකුණ නුවර කොළඹ ආදී ලෙස නොව හිස් අතින් පැමිණ හිස් අතින් යන සාමාන්‍ය Homo Sapiens මිනිසෙකු ලෙසය. එය සිහියට ගෙන උපත සහ විපත අතර වූ කුඩා ඉරි කැබැල්ල තුළ ජීවත්වන අපි ඒ කාලය තුළ ලෝකයට කිසි යම් සේවයක් ඉටුකිරීමට හැකි නම් ජීවිතයේ අර්ථය එය පමණක් ම නොවේ ද ?

මේ සියල්ල google G board එකෙන් ටයිප් කිරීම නිසා ඒ ගැන මම ආඩම්බර වෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: