Daily Archives: ජනවාරි 4, 2011

2011 ජනවාරි 04 : අතපසු කරන්න එපා…..


අදත් ගෙදර, තවමත් උණ බැහැලා නැහැ, උගුරත් හොඳටෝම රිදෙනවා………. ඇඳේ වැතිරිලා ඉන්න අතරේ උඩුහිතයි යටි හිතයි එකතුවෙලා මේකට හේතු හෙව්වා…

සීතලට නිරාවරණය වුනාම ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනවලු… යටිහිත කොහෙන්දෝ හොයාගත්ත කරුණු ටිකක් එළියට දානවා……………

ඒත්… එහෙමයි කියලා සීතලේ නැටුවෙ නෑනේ…… උඩුහිත කියනවා….

ගියපු තැනක කවුරුහරි ලෙඩ වෙලා හිටියද ? ආයෙම යටිහිත අතීතයට යනවා……

ඇත්තනේ, පන්සලේ මහානාම හාමුදුරුවොන්ට හෙම්බිරිස්සාව තිබුණනේ…… උඩුහිත එහෙම කිවුවත් යටිහිත ඒක පිළගන්න තැමති වුනේ නෑ…

එහෙනම් හැමෝටම බෝ වෙන්න තිබුණනේ…. ඇරත් පන්සලේ හිටියෙ කොච්චර ටික කාළයද ? ආයෙම තර්ක කරනවා.

හරි….. හම්බ වුනා උත්තරේ…. යටි හිත මාස 6ක්ම අතීතයට ගිහිල්ලා….

කවදද අන්තිමට ව්‍යායාම කළේ…. ? යටිහිත අහනවා උජාරුවෙන්… ජුලි මාසෙ නේ… පහුගිය මාස ටිකේම වැඩ ගොඩ නිසා ජිම් එක පැත්ත පලාතේ යන්න බැරි වුනානේ…. ඒක නම් කිව්වේ මගේ මුළු ඇඟම…

ව්‍යායාම් කළාම ප්‍රතිශත්කිකරණ පද්ධතිය 45% කින් ශක්තිමත් වෙනවා… රෝගවලට ඇති ප්‍රතිරෝධය වැඩි වෙනවා… විශේෂයෙන්ම සීත කාලේ…. යටිහිත ආයෙම statistic දෙනවා….

ඔයා දන්නවනේ ඔයාට ව්‍යායාම නොකළොත් ඇඟේ සෙම වැඩි වෙලා ලෙඩ වෙනවා කියලා….. ඒ කිවුවේ ඇඳේ කොණක කොත්තමල්ලි වීදුරුවක් තියාගෙන මගේ දිහා බලාගෙන හිටපු ඇල්කෙමිච්චි…… අනුන්ට මහ ලොකුවට බණ කියනවා ව්‍යායාම කරන්න කියලා, තමන් ඒක අතපසු කරනවා… ඔන්න බනින්නත් පටන් අරන්…

මේ සතියේ මේක හොඳ වුන ගමන්ම, සතියට දවස් දෙකක් වත් ව්‍යායාම කරන්න යනවා….. එහෙම කියලා උඩු හිතත්, යටි හිතත්, ඇල්කෙමිච්චිත් සමාදාන කරගත්තා…

ඇත්තටම ලබන සතියේ ඉඳලා ආයෙම ජිම් එකට යන්න ඕන……. මගේ ශරීරයම එකඟතාවයකට ආවා…..

%d bloggers like this: