Daily Archives: ජනවාරි 5, 2011
2011 ජනවාරි 05 : ඔබ මොන විදියේ සේවකයෙක් ද ?…….
අදත් ගෙදර….. හෙට නම් කොහොම හරි යන්න ඕන…………..
ගෙදර ඉන්න අතරේ ටෙලිෆෝන් කෝල් කීපයක්ම ආවා රසායනාගාරයෙන්…. ලොක්කත් ලෙඩ වෙලා ගෙදර නැවතිලා.. (ඔන්න මගෙන් බෝ වෙලා නම් නෙවෙයි… එයාට බඩේ ලෙඩක්…) රසායනාගාරයේ ශීතකරණයක තිබූ ප්ලාස්ටික් භාජනයක මොනවාදෝ නොදන්නා ද්‍රවයක් එකතු වෙලාලු…. පොඩි එවුන් ටික පොඩ්ඩක් බය වෙලා. මොකද ඒ භාජනයේ අසුරලා තිබුණේ ටිකක් ගිණිගන්නාසුළු ග්‍රීනාඩ් ප්‍රතිකාරක.
රසායන විද්‍යාව කරන අයට මතක් වෙන්නත් නොදන්නා අයට දැනගන්නත් එක්කලා පොඩ්ඩක් විස්තර කරනවා.
ග්‍රීනාඩ් ප්‍රතිකාරක භාවිතා කරන්නේ එක්කෝ ඔක්සිහරණය කරන්න, එහෙමත් නැත්නම් ඇල්කයිල් කාණ්ඩයක් තවත් සංයෝගයකට එකතු කරන්න. මේවා අතිශයින්ම ගිණිගන්නා සුළුයි. 2009 දෙසැම්බර් 28 වෙනිදා කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු ශිෂ්‍යාවක් මියගියා. ඇය බියුටයිල් ලිතියම් නම් රසායන ද්‍රව්‍යය මිලි ලීටර 50 ක් වෙනත් රසායන සංයෝගයකට එක් කිරීමට යාමේදී එයට ගිණි ඇවිලී, ශරීරයටත් ගිණි ඇවිලී දැඩි පිළිස්සුම් තුවාල මැද්දේ අවාසනාවන්ත ලෙස මිය ගියා. ඒ අනතුරින් පසු, ග්‍රීනාඩ් ප්‍රතිකාරක හා ගනුදෙනු කරන සියළු දෙනා පෙරටත් වඩා ගෞරවාන්විතව තමයි ඒවාට සලකන්නේ.
මේ නිසාම අපේ පොඩි එවුන් ටිකත් බය වෙලා. ඒකෙ තිබිලා තියෙන්නෙත් බියුටයිල් ලිතියම් ම තමයි. ලොක්කට කතා කරාම ලොක්ක දුරකථනයට ඇවිත් නෑ. එකෙක් කියනවා තවම වැසිකිළියේ වෙන්න ඇති කියලා… (මුංට තියෙන්නේ මාරම කටවල් තමයි) ඉතින් මම කරන්න ඕන ක්‍රියාමාර්ගය විස්තර කරලා ඒ කටයුත්ත අහවර කරා. ඊට පස්සේ තමයි මට තේරුණේ අපේ රසායනාගාරයේ ඇති අඩුපාඩුව…. අපේ රසායනාගාරය පටන් අරන් මේ තාක්කල් කටයුතු කළේ පුද්ගල කේන්ද්‍රීයව. මම හෝ ලොක්කා හෝ තමයි බොහොමයක් දේ මෙහෙයවුවේ. මේ නිසා අපි දෙන්නාගෙන් කෙනෙක් නැති වුනා කියලා පාඩුවක් වුනේ නෑ. නමුත් දෙදෙනාම නැති වුනාම කාටවත් කිසිදෙයක් කරගන්න බැරුව යනවා…
අද හෙටම සෑම අංශයකටම සම්මත ක්‍රියා පටිපාටියක් (Standard Operating Procedure) ඇතිකළ යුතු බව මට තේරුණා…. එවිට පුද්ගල කේන්‍ද්‍රීය ආයතන, පද්ධති කේන්‍ද්‍රීය ආයතන බවට පත් වෙලා අදාල පුද්ගලයා නොමැති වුවත් වැඩකටයුතු සාමකාමිව කෙරෙනවා.
ලංකාවේ බොහොමයක් රජයේ ආයතන පුද්ගල කේන්‍ද්‍රීයයි. අදාල පුද්ගලයා ආවෙ නැත්නම් එතැන වැඩ ගොඩ ගැහෙනවා. එතැනින් එහාට කිසිදෙයක් වෙන්නේ නැහැ. “අද සර් නැහැ – හෙට එන්න” කියලා පාරිභෝගිකයා හරවලා යවන පිළිගැනීම් නිළධාරිනියෝ රාජ්‍ය ආයතනවල කීදෙනෙක් ඉන්නවාද ?
සමහර වෙලාවට වෘත්තීය සමිති නිසා වැඩ කරන්න කැමති කෙනොටත් කරන්න දෙන්නේ නැති වෙලාවල් තියෙනවා. තවත් සමහරු උපතින්ම කම්මැලියි. වැඩට ඇවිත් යන්තම් තමන්ට ඇති දේ කරලා දාලා, පුළුවන් තරම් නිකම් ඉඳලා පඩි ගන්න තමයි සමහරු කැමති. ඉදිරියට යන කෙනා නම්, තමන්ගේ වැඩ කොටස ඉක්මනින් නිම කරලා, වෙනත් දේත් ඉගෙන ගන්නවා. එවිට, අවශ්‍යතාවය පැමිණියාම – තමන්ව එතැනට ආදේශ කරවගන්න නිතැතින්ම පුළුවන්. සමහරවිට උසස්වීමකුත් ඉක්මනින්ම ලැබේවි….
ඉතින්, ඔබ මොන වගේ කෙනෙක් ද ? හිතලා බලන්න…. ඔබ අලස කාණ්ඩයට වැටෙනවා නම්, අද ඉඳලා අනෙක් කාණ්ඩයට වැටෙන්න හිතාගෙන වැඩ කරන්න… බලන්න වටේ පිටේ අය ඔබව පිළිගන්න අපූරුව…..බොහෝවිට මුදල් වලට වඩා මිනිස් සම්බන්ධතා වැදගත් වෙනවා…. මිනිසුන් හම්බ කරන්න… මුදල් ඉබේටම ලැබේවි……………..