Daily Archives: ජනවාරි 7, 2011

2011 ජනවාරි 07 : ඔබ මොනවගේ බොස් කෙනෙක් ද ?


මේ සතියෙම මගේ ලෙඩ ගැන අඳෝනා කියවලා ඔබට මේ දිනපොත කියවන එක එපා වෙලත් ඇති. ඒත්, කරන්න දෙයක් නෑ…. මටම වෙන සිදුවීම් නේ…. ලෙඩ හොඳ වුනාම වෙනත් දේ ගැන ලියැවේවි…

ඊයේ වැඩ කරන්න කියලා හිතාගෙන ගියාට ගොඩක් වැඩ කරගන්න බැරි වුනා… තවමත් ඇඟට හරි නෑ… දැන් ඉතිං වයසයිත් නේ….

අද උදේ ඇහැ ඇරෙනකොටත් ඇඟට බොහොම තෙහෙට්ටුයි. මගේ ඇඟ ගැන මම නේ දන්නේ…. බැරි බැරි ගානේ ගියා වැඩට, ඒ ගියෙත් බොස් චුරු චුරු ගාන නිසා….. ඒ මදිවට හීනියට හිම තට්ටුවකුත් වැටිලා…. අම්මා කියා දුන්න කවියකුත් මතක් වුනා… හැබැයි මේක අහස ගැන…

සමන් පිච්ච මල් ඉහිරුණ

නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සනද රෑට
ඒක වෙනම කතාවක්…  අම්මා කියලා දුන් කවි ගැන වෙනම ලියන්නම්….

ඉතින් වැඩට ගියත් කිසිම දෙයක් ගැන හිතන්න බැහැ… කොහොම හරි පොඩි එවුන් කරන වැඩ ටික පොඩ්ඩක් බලලා පුටුවේ ඇවිත් වාඩි වුනාම තමයි තේරුණේ මට ආයෙම ඇඟට උණයි වගේ කියලා… එතකොටම  ලොක්කා කාමරේට ආවා… මම කිව්වා මට අමාරුයි.. මම ගෙදර යනවා කියලා…. මිනිහගේ මූණ කළු වුනා….

මම බොරු කරනවා නෙවෙයි නේ…  මම ඇත්තටම ලෙඩ වෙලා ඉන්න නිසානේ මම කිව්වේ ගෙදර යනවා කියලා… මම හිටියත් මට වැඩ කරන්න බෑ… මම ඉඳීමෙන් වෙන්නේ නිකම් කාට හරි මගෙන් ලෙඩ බෝවීමයි මගේ අමාරුව තවත් වැඩි වීමයි කියලා මම කිව්වා…

මම කවදාවත් බොරු ලෙඩ ගන්නෙත් නෑ… ඒ වගේමයි වැඩ කරන කාලෙට උපරිමෙන් වැඩත් කරනවා… ඒත්…. කවදාවත් බොස්ලාට අපි කරන ප්‍රමාණය ඇති වෙන්නේ නෑ… මේක සදාකාලික සත්‍යයක්….

ඒත් මට ලැබිලා තියෙන බොස් ලා ගොඩක් හොඳ මිනිස්සු…. ලංකාවෙ නම් හිටියා මරු බොස් ලා…. කියලා වැඩක් නෑ….කෙසේ වෙතත් බොහොමයක් බොස් ලා තම සේවකයන්ට හොඳින් සළකපු අය.. ඒ වගේමයි මමත් මගේ සේවකයන්ට උපරිම ලෙස සළකනවා.. ඒ නිසාම හොර බොරු වංචා නැතිව අන්‍යොන්‍ය අවබෝධයෙන් හොඳට වැඩ ටික කරගෙන යනවා….

ඔබේ සේවකයනුත් ඔබ වගේම සම් මස් ඇට නහර වලින් තැනුන මිනිස්සු…. ඒ අයටත් ඔබට ඇති ප්‍රශ්නම තියෙන අය… ඔබ ඒ අය දෙස බලන විට ඔබ එතැනට ආදේශ කර බලන්න…. සමහරවිට ඔබේ සේවකයන් ඔබ ගැන අප්‍රසන්න චිත්‍රයක් මවාගෙන සිටිනවා ඇති.. ඒ ඔබ සේවකයන් ගැන සමහරවිට නොදන්නා නිසා වෙන්න පුළුවන්…..  සමහරවිට ඔබ ඉතා ප්‍රසන්න නිලධාරියෙක් වෙනවා ඇති……

සේවකයන්ට ආදරයෙන් සලකන්න… ආදරයෙන් සැලකීම වැරදි විදියට පටලවාගන්නත් එපා… ලංකාවේ බොහොමයක් බොස්ලා ගැහැණු උදවියට වැඩිපුර ආදරය දක්වන්න ගිහින් ලොකු අමාරුවල වැටෙන අවස්ථාත් නැත්තේම නොවෙයි…. එහෙම නොවෙයි… හැමෝටම සාධාරණව එක ලෙස සළකන්න…. බලන්න….එවිට ඔබටම පෙනේවි ඔබේ සේවකයන් ඔබට දක්වන ගෞරවය, ආදරය… එය බලෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි… බලෙන් ලබන ගෞරවයට වඩා මනා පරිපාලනය නිසා නිතැතින්ම ලැබෙන ගෞරවය ඉතාම වැදගත්…

අද ඉඳලා… ඔබත් හොඳ බොස් කෙනෙක් වෙන්න.. හැමෝම ඔබට ආදරය කරයි… හැමෝම ඔබට නිසි ලෙස සේවය කරයි….

%d bloggers like this: