2011 පෙබරවාරි 07 : ලක්‍ෂ පහයි…. ලක්‍ෂ පහයි…. මැහුම් තුනක් ලක්‍ෂ පහයි….


අද පුතුගේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර බෙහෙත් දැමූ තුවාලයට ආදාල බිල ගෙදරට ආවා. බිල දැක්කාම තරු විසිවුනා. මැහුම් තුනට ඩොලර් 4932 ක් ! රුපියල් වලින් නම් 546,900 ක්…..මේ අර ඉස්සෙල්ලා ලිපියේ කියපු ළමා රෝහලේ ඇත්තන්ගේ කරුණාවත් එකතු කරලා එවපු බිල. මේ බිල අඩු වෙනවා අපට සෞඛ්‍ය රක්‍ෂණයක් තිබෙන නිසා. සෞඛ්‍ය රක්‍ෂණ නැති අය මේ සම්පූර්ණ මුදල රෝහල් මාෆියාවට ගෙවන්න ඕන. මෙන්න මේකයි ලෝකේ ලොකුම බලවතාගේ සෞඛ්‍ය අර්බුධය.

අමෙරිකාවේ සෞඛ්‍ය මාෆියාව

මේ පුංචි තුවාලයට මැහුම් තුනක් දාලා වහන්න පැය හතරක් හදිසි අනතුරු අංශයේ සිටියා. ඒ විතරක් නොවෙයි, ඒ පුංචි තුවාලයට බෙහෙත් දාන්න විවිධ පුද්ගලයෝ හතර දෙනෙක් සම්මාදම් වුනා. පළමුවන්නා නම ගම ලියාගෙන අපව පළමු පිරික්සන නිලධාරියා වෙත යැවුවා. ඔහු පුතුගේ බර උස ආදිය මැන, පැරණි වාර්තා පිරික්සුවා. ඉන් පසු හරියටම පැය එකහමාරකට ආසන්න කාළයක් රැඳී සිටීමේ කාමරයේ කිසිදු හේතුවක් නොමැතිවම රඳවා ගත්තා. හේතුව කිවුවේ වෛද්‍යවරුන් දෙදෙනකු පමණක් හිඳීමයි. ඉන් පසු අප ඇතුලට කැඳවාගෙන ගොස් විනාඩි 15 කින් පමණ පසු තවත් හෙදවරයෙකු පැමිණ පුතුගේ නළලේ හිරිවැටෙන බෙහෙතක් ගැල්වුවා. ඉන් තවත් පැය බාගයකට පසු වෛද්‍යවරයා පැමිණ තුවාලයට මැහුම් තුනක් දමා අවශ්‍ය උපදෙස් දී යන්න ගියා. මේ සියල්ලට පැය හතරක කාළයක් ගත වුනා. ඒ සියල්ලේම වටිනාකම ඩොලර් 4932 යි.

මැහුම් තුනේ තුවාලය

ලංකාවේ තත්ත්‍වය මේ විදිය වෙන්න ඇති. පෞද්ගලික රොහලකට ගියා නම්, මුලින්ම රෝගියා රෙජිස්තරගත කර හෙදියක විසින් හැරි වැටෙන බෙහෙත් ගල්වා තුවාලයට මැහුම් දමා සියල්ල ඉටු කර ගෙදර යන්නට උපරිම පැයක් හෝ පැය එකහමාරක් ගතවන්නට පුළුවන්. ඒ සියල්ලට වැය විය හැකි ගැස්තුව උපරිම රුපියල් 10,000 ක් වෙන්නට පුළුවන්. රජයේ රෝහලක නම් හිරි වැටෙන්න බෙහෙත් නොගල්වා දමන මැහුම් සහ වැඩිපුර කාලයක් රෝහලේ ගතකරනවා ඇරෙන්න කිසිම වියදමක් නොවන්නට පුළුවන්. මේ තමයි ඇමරිකාවෙයි ලංකාවෙයි වෙනස.

කෙසේ වුවත් සෞඛ්‍ය රක්‍ෂණයක් ඇති නිසා මේ අගය සෑහෙන අඩු වෙලා අපට ගෙවන්න වියහැකි මුදල ඩොලර් 200 – 500 අතර ගණනක් විය හැකියි. ඒත් මැහුම් තුනක තුවාලයකට එච්චරක් ? මේක තමයි අර කාරුණික බව ඇතුලේ තියෙන භයානක පැත්ත…. හරියට ඔලුව අතගාලා බෙල්ල කපාගෙන යනවා වගේ වැඩක්….මේ කරුණු ගැන බලනවිට නම් කොපමණ අඩුපාඩු තිබුණත් ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති තවමත් හොඳයි කියලයි හිතෙන්නේ….

කෙසේ වුවත් ලංකාවෙත් ඉන්නවා නියම වෛද්‍යවරු… හොඳ අය මෙන්ම අනිත් අයත්, ඒ අය ගැන වෙනත් දවසක කියන්නම්…….

අදට ලක්‍ෂ පහේ තුවාලය ගැන කියවලා හිතෙන දෙයක් තියෙනවා නම් පහලින් ලියලා දාන්න…. මෙන්න මෙහෙමයි හැමෝම මැරෙන්න හදලා එන්න දඟලන ඇමරිකාවේ ජීවිතේ එක පැත්තක්…..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 7, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. ඇල්කෙමියෝ , මා දන්නා තරමටනම් ඔවැනි සුලු තුවාලයකට ලන්කාවේ සාමාන්‍ය පුද්ගලයකු යන්නේ හන්දියේ ඇති ඩිස්පෙන්සරියටයි . එහිදී බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍ය වරයකුගේ අධීක්ෂණය යටතේ ඔවැනි රාජකාරියක් රුපියල් 300-400 කට කරගත හැකි බවද ,පිටගැස්මට ඉන්ජෙක්ශන් ගසනවානම් තවත් අමතර රුපියල් තුන් හාරසීයක් වැයවන බවත් මගේ හැඟීමයි .තවද හදිසි අනතුරකදී රෝහලක් වෙත ගෙනයනවානම් සියලුදෙනා තෝරා ගන්නේ නොමිලයේ බේත් කරන ආන්ඩුවේ ආරෝග්‍යශාලවයි . වෙඩි වැදුන බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයාවත් ,ඇතුලත්මුදලි ඇමතිවරයාවත් රැගෙනයනුලැබුවේද ආණ්ඩුවේ හදිසි අනතුරු අන්ශයටයි !!!!

    කැමතියි

    • ඔව්, මම මෙතැන ගණන් හැදුවේ වැඩිම වියදම ගියත්, 10,000 කින් බේරගන්න පුළුවන් වෙන බව පෙන්වන්නයි. ඒ කියන්නේ ඩොලර් 100 යි.
      මේ රටේ මොනවා හොඳ වුනත් සෞඛ්‍යයට යන වියදම නම් අධිකයි. ඒක රක්‍ෂණ සමාගම් හා රෝහල් අතර සම්බන්ධතාවයෙන් ගෙන යන මාෆියාවක්.

      කැමතියි

  2. ඇල්කෙමියා අයියාට දැන් හිතෙන්නේ නැද්ද අර කලින් දවසක ඇමරිකාවේ රෝහල් වල සුහදශීලී බව කියලා දාපු එක ඉල්ලා අස් කර ගන්න? ල0කාවේ රජයේ රෝහල් වල බහුතරයක් වු දොස්තරවරුන් තුල සුහදශිලි බව කරුණාවන්ත බව තියෙනවා. නමුත් ලොකුම ප්‍රශ්ණෙ තම රොගියා දොස්තර මහතා වෙත යොමු කිරීමට පෙර අපට මුණ ගැහෙන ඇටෙන්ඩන්ට් නෝනාගේ. ඇටෙන්ඩන්ට් නෝනා එයාගේ ඔක්කොම සද්ද ටික රෝගියාට දාලා තමයි රෝගියාව දොස්තර වෙත යොමු කරන්නේ. යන්තම් 8 වසර පාස් වෙලා සේවයට බැදෙන මේ අටෙන්ඩන්ට් නෝනාලා තමන්ගේ අශිෂ්ඨ බවත්, නුගත් කමත්, රෝගියාට හා රොගියා සමග පැමිනෙන්නාට ඇයගේ බොරු ගැස් දමා පෙන්වයි. රෝගියා පරීක්ෂා කරන දොස්තර මහතා ඉතා ඉහල මට්ටමේ සේවාවක් ලබා දුන්නද, සුළු සේවකයන්ගේ මෙම අශිෂ්ඨ ක්‍රියා කලාපය නිසා සමස්ථ ශ්‍රි ලා0කීය වෛද්‍ය කෂේත්‍රය සැලකිය යුතු ප්‍රමාණයකින් හෑල්ලුවට හා අපකීර්තියට පත්ව ඇති බවක් මට සිතේ…..
    ප.ලි- ශ්‍රි ලා0කීය වෛද්‍ය කෂේත්‍රය තුල අශිෂ්ඨ වෛද්‍යවරුන් ද නැතුවා නොවේ…..

    කැමතියි

  3. මේ වගේ අත්දැකීමක් මයියා ට ත් තියෙනවා කැන්ගරු දේශයේ. හැබැයි සියලුම කැන්ගරු පුරවැසියන්ට සෞඛ්ය රකශනයක් ත්යෙනවා. තාවකාලික වීසා මත පැමිනෙන සිසුන් ටත් අවුරුද්දකට ඩොලර් 500 වැනි මුදලක් ගෙවා රක්ෂනයක් ගනීම අන්වාර්යයි.

    හැබැයි මේ කාටවත්, මේ මූලීක රක්ෂන වලින් දත් හා ඇස් කවර් වෙන්නේ නැ. මේහේ ඉන්න ශ්‍රි ලා0කිකයො නම් දතක් ගලවා ගන්න ඔඅන උනාම ලා0කාවට ඇවිත් කර ගන්න වා. ඒක ලාබයි.

    කැමතියි

    • මෙහේ රක්‍ෂණය තිබුණත් ඇස් සහ දත් වලට ගාණ සැරයි. මමත් ලංකාවට ගියාම තමයි ඒ දෙකටම ප්‍රතිකාර ගන්නේ…. මෙිහත් රක්‍ෂණය අනිවාර්යයි, නමුත් බොහොමයක් නීති විරෝධිව පැමිණෙන අය සහ දුප්පත් අය රක්‍ෂණයක් ගන්නේ නැහැ. මේ නිසා අපෙන් ගාන කැපෙනවා ඒ අය නිසා…
      හරිම ලෝකයක් මේක…

      කැමතියි

  4. පුතුට දැන් සනීප යැයි සිතමි. ළඟක හිටියා නම් පොප්සිකල් එකක් වත් අරන් දෙන්න තිබුණ.

    පැහැදිලි කිරීම් තුනක් එකතු කරන්නම්.තුවාලය බරපතල නම් වහාම ඇතුලට අරගන්න එක රෝහලක ප්‍රතිපත්තිය. වෙඩි වැදීමක් හෝ හෘදයාබාධයක් හෝ දරු ප්‍රසූතියක් නම් පෝරම පුරවන්න ඕන නැහැ කෙළින්ම ඇතුලට අරගන්නවා. ට්‍රියාජ් කියන්නෙ වැඩියෙන් බරපතල තුවාලය ඇති අයට ඉක්මණින් ප්‍රතිකාර දීමේ ක්‍රමය. මෙහෙ පැවැත්වෙන්නේ එයයි.

    ඊ ළඟට හදිසි අනතුරු අංශයට එන කිසිම රෝගියෙකුට ප්‍රතිකාර නොදී යැවීම 1986 දී සම්මත වූ Emergency Medical Treatment and Labor Act (EMTALA) අනුව තහනම්. මේ නීතියට අනුව හදිසි අනතුරකට ලක් වූ අයෙකුට ප්‍රතිකාර නොදී හිටියොත් එවැනි අවස්ථාවකට රෝහලට $50,000 ක දඩයක් රජයට ගෙවන්න වෙනවා. සල්ලි ඇතත් නැතත්, රක්ෂණයක් ඇතත් නැතත් රෝහල හා ‍වෙද හෙද සේවකයෝ විසින් ප්‍රතිකාර ලබා දෙන්න ඕන. රක්ෂණයක් නැති අය එහෙම ගිහින් හදිසි අනතුරු වලට ප්‍රතිකාර අරන් මුදල් නොගෙවන අවස්ථා බොහෝයි.

    2008 දී සෞඛ්‍ය රක්ෂණයක් නැති අයට බිලියන $42.7 ක සෞඛ්‍ය සේවා ලබා තියනවා.

    රෝහල් විසින් ඒ බැරපැන ඔවුන්ගේ පරිත්‍යාග හැටියට හෝ වියදම් වලට එකතු කරනවා. මේ නිසා හදිසි අනතුරු අංශයට යන්නට තරම් බරපතල නැති රෝගී තත්වයන් සඳහා යන අය මේ නීතිය තමන්ගේ වාසියට ගන්නත් බලනවා. මේ පනත රජය විසින් අනුමත කළාට එහි බරපැන වියදම් කවුරු ගෙවනවා ද යන්න තීරණය වෙලා නැහැ. ඉතින් ඒ සෞඛ්‍ය රක්ෂණය නැති අයගේ බරපැන ද යන්නේ ඔබ, මා හා රෝහල පිටින්. ඒකයි ගාස්තු ඉහළ.

    ඇමෙරිකාවේ ජනසංඛ්‍යාන දෙපාර්තමේන්තුවට අනුව 2008 දී මිලියන 46.3 ක් පමණ වූ ඇමෙරිකාවේ වාසය කරන පුරවැසියන්ට සෞඛ්‍ය රක්ෂණයක් නැහැ. පුරවැසි නොවන නීත්‍යානුකූල නැතිව හොරෙන් සිටින අයටත් EMTALA බලපාන නිසා, ඔවුන් සඳහා හදිසි අනතුරු ගාස්තු ගෙවන්නෙ රෝහල් සහ සෞඛ්‍ය රක්ෂණය ඇති අනිත් අය. ඇල්කෙමියාත් මමත් සෞඛ්‍ය රක්ෂණයට ගෙවන නිසා රක්ෂණ සංස්ථා වලට මුදල් ගෙවන සේවාදායකයෝ ටිකක් ඉන්නවා. ඒත් මුදල් නොගෙවා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා ගන්නා පිරිස වැඩි වෙද්දී ඔබේත් මගේත් රෝහලේත් වැය ඉහළ යනවා.

    Click to access hidden-health-tax.pdf

    කැමතියි

  5. හ්ම්…. තුවාලෙකට ඔහොමනං අතක් පයක් කැඩුනොත් කොහොමද? ඔහොම කල්පනා කරනකොට ලංකාවෙ සෞඛ්‍ය සේවය සමහර වෙලාවට යැංකියන්ගෙ වගේ සුහද නොවෙන්න ඇති. ඒත් දරාගන්න පුළුවන් නේද?

    හැබැයි ඔහොම හිතෙන්නෙ ඩොලර් වලින් හම්බකරල රුපියල් වලින් හිතන්න පුරුදු උනාමද? එහෙමත් නැත්නම් ඉපයීම හා වෙනත් පහසුකම් එක්ක සසඳලා බලද්දි සාමන්‍යයෙන් ගෙවන්න වෙන මිළද?

    කැමතියි

    • නැහැ නැහැ… ඩොලර් වලින හම්බ කරලා ඩොලර් වලින් සිතුවත් මේ ගාන මෙහෙමම දැනෙනවා….
      මම ලක්‍ෂ 5 ගැන කිව්වේ ලංකාවෙ අයට හිතාගන්න.. මොකද සමහරු මේ මුදල් පරිවර්තනය ගැන එච්චට හිතන්නේ නැහැ නෙවැ.
      සුහදතාවය ටිකක් අඩු වුනත්, ලංකාවේ බර දාගන්න පුළුවන්. සුහදතාවය හොඳින්ම ඇති කොච්චර ලොකු රෝහලකට ගියත් අපට මැහුම් තුනක් දාන තුවාලයකට රුපියග් 10,000 ක් යන්නේ නැහැනේ උපරිම වශයෙන්වත්….

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: