Daily Archives: පෙබරවාරි 11, 2011

2011 පෙබරවාරි 11 : ඊයේ සටහනේ පසු වදන, ධර්මද්වීපයේ මෙවන් නරුමයෝද වෙසෙති.


ඊයේ දින සටහන වෙන්වුනේ රසායන විද්‍යා අයතනයේ 1992 – 1996 කාළයේ සිටි රවින්‍ද්‍ර මාරසිංහ නම් සහෘදයා වෙනුවෙන්. ඒ සටහන මූණු පොතේ දුටු ඔහුගේ මිතුරකු මෙන්න මේ ආරංචිය අප වෙත රැගෙන ආවා.  ඇත්තෙන්ම ඒ දුටු මටත් ඇල්කෙමිච්චිටත් ඇති වූ කම්පනයම මේ සටහන එක් කරන්නට හේතු වූවා.
“ඇල්කෙමියා නොදන්නා එක් අවාසනාවන්ත සිදුවීමක් පසුගිය ජනවරී 17 දා සිදුවුනා… තමගේ මියගිය සැමියා පිලිබද ආදරණීය මතකය තුරුලු කරගෙන පුරා දොලොස්වසක් නිවසේ තනිවම අවිවාහකව ජීවත්වූ රවීගේ සදාදරනීය බිරිද පිහියකින් ඇණ ඉතා කුරිරු ලෙස ඝාතනය කරතිබුනා… පසුව කල සෝදිසි වලදී හෙලිවූයේ මෙම අහස පොලොව නුහූලන අපරාදය කනෙහිවූ කරාබු යුවල පැහැර ගැනීමට සන්චාරක වෙලෙන්දෙක් කල නිහීන ක්‍රියාවක් බවයි..
ළබැදි දයාබර මිතුරිය ඉන්දිකා ලියූ ලෙස ඇය තම ආදරණීය සැමියා සමග අතීත සුන්දර මතකයන් යලි අවදි කරමින් සිටිනු ඇතැයි සිත් සනහා ගැනීම හැර අන් දෙයක් මේ මොහොතේ අපට සිහිපත් කල නොහැකිය..
හිතවත් මංජුලා සොයුරිය… දිරියෙන් දිවියට මුහුනදුන් ඔබට අපගේ ශෝකාකූල ප්‍රණාමය..ඔබේ සිත තුල පැවති සුන්දර ප්‍රාර්ථනාවන් එලෙසම ඉටුවේවා!!
මෙවන් සටහනක් තැබීමෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකමක් ඔබවිසින් කිරීම ගැන ඇල්කෙමියාටද නොවක් තුති පුද කල යුතුය..
92 කණ්ඩායමේ සියලු දෙනා වෙනුවෙන්..
දර්ශන..”
මේ ඇත්තටම බුදුන් තෙවරක් වැඩි, පන්සිල් පිරිත් දිනපතා උදේ හවා ඇසෙන සිරි ලංකාවේ අහන්නට ලැබෙන සිදු වීමක් දැයි පවා සිතාගැනීමට නොහැකි වුනා.
මා පෞද්ගලිකව රවින්‍ද්‍ර අයියාගේ බිරිඳ නොදන්නා නමුත්, ඈ ඔහු වෙනුවෙන් ගතකළ ඒ ජීවිතය සත්‍ය වශයෙන්ම ජීවිත පරිත්‍යාගයක් බවයි මගේ හැඟීම… තනිව විසූ ඇයට, වෙනත් විවාහයක් කරගෙන සතුටින් සිටීමට අනන්තවත් අවස්ථාලැබෙන්න ඇති… නමුත් ඈ සිය සැමියා වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ අයුරු, අද සුළු දේටත් සැමියා හා උරණව දික්කසාදයකින් කෙළවර වන විවාහ ඇති සියළුම කාන්තාවන්ට කදිම ආදර්ශයක්.

කණේ තිබූ කරාබු යුවලක් ගලවා ගන්නට ජීවිතයක් විනාශ කරන්නට තරම් නරුම හිතක් ඇති මිනිසුන් මේ මහපොළව මත ජීවත් වනවා යැයි සිතීම පවා සිත සසළ කරවනවා. මේ අපරාධකරුවනට මරණ දණ්ඩනය දිය යුතු නැතැයි කෙනෙකු කියනවා නම්, කරුණාකර ඒ ඇයි දැයි මට කියාදෙන්න…

මා සෑම විටම අදහන, නීතිය නිසි ලෙස ක්‍රියාවේ යෙදවීම මඟින් පමණක් සමාජයේ විනය පාලනය කළ හැක යන්නට තවත් උදාහරණයක් දෙමින්ඇය අප අතරින් නික්ම ගොස් තිබෙනවා. ආගමක් මඟින් මිනිසා හික්මවිය හැකි නමුත්, විනයක් ඇතුව ජීවත් වීම සඳහා නීති රීති නිසි ලෙස ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍යයි. අප රටේ නීති කඩන්නේද නීති දමන්නන්ම වීම සැමගේම අවාසනාවකට කරුණක්…

විනයක් ඇතිව ජීවත් වෙන්න… දරුවනට කියාගෙන්න හරි දේ… සමහර විට අනාගත පරම්පරාව වත් නිසි මඟ යාවි.

%d bloggers like this: