Daily Archives: පෙබරවාරි 12, 2011

2011 පෙබරවාරි 12 : මහ වරුසාවට පසුව නැගෙන සඳ…….


අද උදේ නැගිටිනකොටම ඇල්කෙමිච්චිගෙ මූඩ් එක එච්චර හොඳ නෑ… මම දැනගත්තා මොකක් හරි ආරවුලකට තමයි එන්නේ කියලා.

අද හවසට අපේ සුපුරුදු මිතුරු කැළ එනවා එපේ ගෙදරට. පහල තට්ටුවේ ඉන්න වයසක ජෝඩුව අපේ ඇල්කෙමි පැටියා උඩ පනින සද්දෙට ටිකක් අසතුටුයි. වයසක මිනිස්සු නේ. ඒ නිසා මම අපේ පැටියට මුලින්ම අනතුරු ඇඟෙවුවා වැඩිය උඩ පනින්න එපා කියලා එයාගෙ යාළුවෝ එක්ක…. ඔන්න දුම් දාන්න පටන් ගත්තා……

මම හරිම ඍණාත්මකවලු හිතන්නේ ආදී වශයෙන් පටන් ගත්තා කෙඳිරිය… ඊට පස්සෙයි හරියට ගින්න ඇවිළුනේ…. මගේ බත් එක බෙදලා දෙනකොට පොඩි වචනයක් වැරදිලා මම වැරදි උදාහරණයක් කියලා මම ගෙදරින් යනකම් ඕක අල්ලගෙන මට කැපිල්ල දානවා…. ඔහොමම තමයි ගෑණු…..

අනේ ඉතින් මට මොකෝ… මමත් පාඩුවේ ලක ලෑස්ති වෙලා යන්න ඉස්සර හැමදාම වගේ “ගිහින් එන්නම්” කියලා කිස් එකක් දුන්නාම ඔක්කෝම තරහ මරහ ඉවරයි…කොහොමත් ඉතින් අපි දෙන්නා අතරේ මේ වගේ පුංචි පුංචි නොහොඳ නෝක්කඩු ඉඳලා හිටලා යනවා…. බොහොමයක් ඉතින් මගේ වැරැද්ද තමයි. එක්කෝ කියපු දෙයක් මට ඇහෙන්නේ නැතිව, එක්කෝ මම වැඩිපුර පරිඝණකයේ ඉන්නවට, එක්කෝ  ඇල්කෙමි පැටියගේ වැඩක් බැළුවේ නෑ කියලා ආදී වශයෙන්….

ඒ මොනව වුනත් හවස ගෙදර එනකොට ඒ ඔක්කෝම නෝක්කඩු අමතකයි… රෑ ඇඳට වැටෙනකොට එහෙම නෝක්කඩුවක් වුනාද කියලා මතකත් නෑ…. හොඳ අන්‍යොන්‍ය අවබෝධයකින් වැඩ කරනවා නම් බොහොමයක් වැරදි වැටහීම් මඟහරවා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුනාම ඒවා හිතේ පැසව පැසව තියන් ඉන්නේ නැතිව, ඉක්මනටම විසඳ ගන්න තරමට ඇඟටත්, හිතටත් සනීපයි. අනුන්ගෙන් පමණක් නොවෙයි තමන්ගෙනුත් වැරදි වෙනවා කියන එකත් හිතේ තියාගන්න එකත් වැදගත්.

ඒ ඔක්කෝටම වඩා වැදගත් වෙන්නේ කරපු හොඳ ගැන හිතලා වෙච්ච වැරදි අමතක කිරීම. එදාට ජීවිතේ වෙනස් වෙයි….

ඉතින් අර සින්දුවක් තියෙන්නේ

මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි..

නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි.

කියලා…..

ඒක එහෙමම තමයි……

පින්තූර තියෙන වීඩියෝවක් හොයාගන්න අමාරු වුනා හදිස්සියට….

%d bloggers like this: