Daily Archives: පෙබරවාරි 14, 2011

2011 පෙබරවාරි 14 : අනේ බං වැලංටයිං


දවස් 364 ක් අමතක වෙලා හිටපු උඹව හැමෝටම අද මතක් වෙලා

හරි සන්තෝසයි නේද ? අවුරුද්දකට සැරයක් හරි කට්ටියට උඹව මතක තියෙන එක ගැන….

උඹේ සංකල්පෙ ලෝකෙට එන්න ඉස්සර ආදරවන්තයො හිටියෙ නැද්ද ?

රෝමියෝ-ජුලියට්, මුම්ටාස් මහල්-සාජාහන්, සාලිය-අසෝකමාලා, රාමා-සීතා

ජනක සහ මංජු, සනත්-සබීතා, විජය- මාලනී, අනර්කලී-දුමින්ද, අතුල-සමිතා-ජොන්ස්ටන්,

ජසයා සහ ලෙන්චිනා, දයාසොරි-රෝසී, රනිල්-මංගල-අනෝමා-සෝමවංස ඇතුළු මෙකී නොකී හැම දෙනාම……

ඒ ගොල්ලො ආදරේ කරේ පෙබරවාරි 14 වෙනිදට විතරද ?

උඹ එන්න ඉස්සර අනන්තවත් ප්‍රේමවන්තයෝ මේ ලෝකෙ උන්නා  බං.

උන් එක එකාට මල් දෙන්නයි කාඩ් දෙන්නයි චොකලට් දෙන්නයි ලතැවුනේ නැහැ

දුන්නේ නෑ කියලා දාලා ගියෙත් නෑ… මූණ නරක් කරන් උන්නෙත් නෑ…..

අනිත් කෙනාගෙ දුක සැප බලාගෙන, කන්න බොන්න නැතත් සතුටින් හිටියා.

උඹ ඇවිල්ලා ආදරෙටත් මුදලක් නියම කරලා.

උඹේ වැරැද්දම නොවෙයි, උඹව විකුණගෙන කන කඩ කාරයොයි, මල් කාරයොයි, මාධ්‍ය කාරයොයි තමයි වැරදි.

සමහරවිට උඹ හිටියා නම් බෙල්ලෙ වැලදාගනී මේ විකාර දැකලා.

අපේ ආච්චියි සීයයි, දරුවො 13 දෙනෙක් හදා-වඩා ගෙන

මැරෙනකම්ම උඹ-නොදකිං කියාගන්නෙ නැතිව එකට හිටියෙ

වැලංටයිං සමරලාද ?

උපාසක මහත්තයා නැතුව මට මොන ජීවිතයක්ද දරුවො ? කියලා

සීයගෙ මරණෙන් මාස එකහමාරකට පස්සේ උන්දැත් සීය බලන්න ගියේ වැලන්ටයින් සමරලාද ?

තවත් ඕනතරම් උදාහරණ දෙන්නං……. අපේ පවුලෙන්ම…..

මේ වැලංටයිං හමගහන හැම එකාම ජීවිත කාලයක් පුරා අද වගේ එකට ඉඳීවිද ?

මල විකාර……

අනේ මේ………………. පුංචි එවුන්ගේ හිත්වලට ජරාව දාන්නෙ නැතිව

හැමෝටම ආදරෙන් ගෞරවයෙන් සලකගෙන

හැමදාම සන්තෝසෙන් ඉන්න කියලා දීපං……

මෙච්චර කාලයක් ප්‍රේමය රැකුණේ උඹ නිසා ද ?

ආයෙම මේ කඩදාසි ආදරවන්තයොන්ට උඹව අමතක වෙලා යාවි තවත් දවස් 364ක් ම….

එතකල් උඹ කොහේ හරි හැංගිලා හිටපන්………..

සමහරවිට සැබෑ ආදරවන්තයො දෙන්නෙක් තුන්දෙනෙක් ගේ හදවත් ඇතුලේ ඉඩක් ඇති උඹට…

ලබන අවුරුද්දේ ආයෙම හම්බවෙමු…..

 

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ඇල්කෙමියා ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

 

%d bloggers like this: