Daily Archives: මාර්තු 1, 2011

2011 මාර්තු 01 : ජස්ටින් බීබර් බඳින්න යන පුංචි කෙල්ල……..


දන්නෙම නැතුව මාස දෙකක් ගෙවිලා මේ අවුරුද්දට…. නොකඩවා දිනපොත මාස දෙකක්ම ලියන්නට හැකි වීම ගැන සනතෝසයි… අදත් දවසම ගියේ පෝස්ටර් යුද්ධෙට… තවම ඉවර නෑ.. ඒ වගේම අනෙක් එවුන්ගෙත් පෝස්ටරය හදන්න ඕන මම නේ… ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මගේ කොම්පීටරේ විතරනේ….

අපේ කොලූ අර බඩේ ලෙඩේට පස්සේ ඉස්කෝලෙ ගියේ අද… ගිහින් ඇවිත් හවස අම්මත් එක්කලා රසායනාගාරය පැත්තේ ආවා… ඒ දෙන්න ගෙදර ගිහින් දාලා එන්න යනගමන් ඉස්කෝලේ වෙච්ච සිදුවීම් ගැන එයාගෙන් අහන එක සාමාන්‍ය දෙයක්.. මේකා මෙන්න මෙහෙම කියපි…
“ තාත්තා..Do you know Who’s Sydney going to Marry ?”
Sydney කියන්නේ පැටියගේ මොන්ටිසෝරියේ ඉන්න කෙලි පැටික්කියක්, වයස අවුරුදු පහයි.
අපි දෙන්න උඩගියා අහපු ප්‍රශ්නෙට.. ඒ වග අඟවන්නේ නැතිව මම අහුව කවුද කියලා…
එතකොට පැටියා කියපි “ජස්ටින් බීබර්“ කියලා…
මම ඇහුවා කවුද කිව්වේ කියලා… එතකොට කියනවා “ Sydney තමයි කිව්වේ…“ කියලා…
මටයි ඇල්කෙමිච්චිටයි හොඳටම හිනා… ඒ වගේම දැන් හැදෙන ළමා පරපුරත්, ඒ ළමා පරපුර හදන වඩන දෙමාපියනුත් ගැන නම් ඇති වුනේ අනුකම්පාවක්…

කවුරුත් දන්න පරිදි ජස්ටින් බීබර් කියන්නේ රක රැයකින් ජනප්‍රියත්‍වයට පත් වුන නව යෞවනයේ පසුවන ගායකයෙක්. තම මව විසින් Youtube එකට දාලා ඒකෙන් ජනතාවගේ අවධානය දිනාගෙන ඒ මගින් ජනප්‍රිය වුන කෙනෙක්. නව යොවුන් වියේ පසුවන ගෑණු දරුවෝ මේ කොල්ලගේ රූපයටත් හඬටත් වහවැටිලා… අර කාළයක් තිබුණේ ලංකාවෙත් අර සිරස සුපර් ස්ටාර් එකෙන් කැපුන නකුටු කොළුවාට ගෑණු ළමයි වහවැටිලා හිටියේ… අන්න ඒ වගේ..

ඇත්තමට මේක කණගාටුදායක තත්ත්‍වයක්. මොකද කියනව නම්, මේ දරුවොන්ට අනුගමනය කරන්න Role Model එකක් නැතිකමයි.. ඉස්සර අපිට අම්මලා කතා කියලා දෙනකොට අපේ වීරයෝ වුනේ ඒවායේ වීර චරිත, පසු කාලෙක ඒ වීර චරිත වුනේ විවිධ ක්‍ෂෙත්‍රවල දස්කම් පාපු වීරයෝ, ඒඅ ය එක්කෝ යමක් සොයාගත්ත අය, එසේත් නැත්නම් ක්‍රීඩිපිටියේ වීරයෝ, ආදී වශයෙන්. නමුත් දැන් දරුවොන්ට දකින්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ කඩදාසි වීරයෝ ගැනයි… ඉතින් කොහොමද දරුවෝ සිය ජීවිත හැඩගස්වාගන්නේ ?

අපේ රටේ ලොකු ලොක්කෝ තරුණ පරපුරෙන් ඉල්ලීම් කරනවා තමන්ගේ Attitude එක හරිගස්ස ගන්න කියලා… ඒ වුනාට ඒ අය පගා ගහන්නයි, දූෂණ කරන්නයි, පාතාලෙ කටයුතුවලටයෙයි, තවත් දහසකුත් නීති විරෝධී වැඩකටයුතු වලට අනුබල දෙන ගමන් තමයි මේ තරුණ පරපුරට බණ කියන්නේ. මෙහෙම කියනවට වැඩිය තමන්ගේ අනුගාමිකයෝ හදාගෙන රටට ආදර්ශයක් වෙන විදියට වැඩ කරන්න කවදා මේ දේශපාලුවොන්ට පුළුවන් වේවිද ? කොච්චර හොඳට හදන්න පුළුවන් රටක්ද මේ බලතන්හාවයි අදූරදර්ශීභාවයයි නිසා නාස්ති වෙන්නේ ?

Advertisements
%d bloggers like this: