Daily Archives: මාර්තු 3, 2011

2011 මාර්තු 03 : පෝස්ටර් යුද්ධය තවදුරටත් ඇදීයයි… ජංජාලෙ නැතිව තවත් දිනක් ගෙවී යයි…


ඊයෙ ගෙදර ජංජාලෙ සම්බන්ධතාව නැති බව මම ඊයෙත් කිවුවානේ. ඉතින් ඒ වගේමයි මේ පෝස්ටර් යුද්ධෙ නිසා කිසිම දෙයක් කරගන්න වෙලාවක් නෑ…. මමයි ලොක්කයි ලෝකෙම තියෙන මෘදුකාංග හොය හොයා පෝස්ටරේ ලස්සන කරන්න පින්තූර හරිගස්සනවා.. මේ පින්තූර සාමාන්‍ය පින්තූර වගේ නොවෙයිනේ. ඒවා එක එක සංයෝගවල සැබෑ ස්ඵටික සකස්වීම අනුව ජනනය කළ පින්තූර. ඒවාගේ දත්ත ගොණු තියෙන්නෙත් වෙනම ලිපිගොනු ආකාර වලට. ඒවා කියවන මෘදුකාංග හරිම මිල අධිකයි… අපි ලඟ තියෙන මෘදුකාංග වලින් අපේ හිතට හරියන පින්තූර කොලිටිය ගන්න බෑ… ඉතින් ලොක්කයි මමයි එකතු වෙලා ජංජාලෙ පීරලා හොයාගත්තා මෘදුකාංගයක්. වැඩේට නියම බඩුව… හැබැයි ස්ථාපිත කරන්න ගියාම වැඩ ගොඩයි. ලයිසන් ලිපි ගොනුව වෙනම ක්‍රියාත්මක කරලා ඒක වෙනම ගොනුවක තැන්පත් කරලා, මුලින් ක්‍රියාත්මක කරල ගොනුව වෙනත් තැනකින් මුල් ගොනුවේ තැන්පත් කරලා, සහායට ඇති මෘදුකාංග ජංජංලෙන් බාගත කරලා ඒවා දිග ඇරලා යන්තම් ඔන්න වැඩේ හදාගත්තා. ඊට පස්සේ අදාල රූපසටහන් හදලා බැලින්නම් ඒවා පෝස්ටරේට දැම්මාම හරියට කැපිලා පේන්නේ නෑ.. ඒපාර ඒ මෘදුකාංගය එක්ක සෙල්ලම් කරලා කරලා යන්තම් පෝස්ටරේගට ගැලපෙන පින්තූර හදාගත්තා… ඒකට දවසම වගේ ගත වුනා.. දැන් හැබැයි මම ඒ මෘදුකාංගය ගැන සෑහෙන දන්න කෙනෙක්…..සාමාන්‍යයෙන් මේසයක් ලඟ එක දිගට වැඩ කරන්න බැරි මට ( කිරිපණු ගාය තවම හොඳ නෑ) මේ කටයුත්ත බොහොම අමාරු වුනා.. ඉවසිලිවන්තකම තිබුණත් සමහර වෙලාවට සමහර දේ සමඟ තරහා යනවා… පොඩි එවුන් මට විහිළුත් කරනවා ඇල්කෙමියට තද වෙලා කියලා…

ඊයෙ රෑ ජංජාලෙ නැති වුනා කියලා ලොකු වෙනසක් වුනේ නෑ.. DVD එකක තිබුණ චිත්තරපටියක් බැලුව නිසා රූපවාහිනිය නැති එකේ පාඩුවක් වුනෙත් නෑ…ගෙදර ඇවිල්ලත් පෝස්ටරේ වැඩ… ඒක හෙට එල්ලනකල් නිවනක් නෑ……

දැන් ඔන්න ටිකක් නිදහස්… නවසීලන්ත – සිම්බාබ්වේ මැච් එක බලලා ටිකක් නිදාගන්න වෙනවා… හෙටත් වැඩ අධිකම දවසක්… උදේ පෝස්ටරේ වැඩ ඉවර කරලා ඒක මුද්‍රණය කරන්න ගෙනියන්න ඕන… හවසට මීටින් එකක්, ඊට පස්සේ දේශනයක් අහන්න යනවා, ඊට පස්සේ පෝස්ටර් ප්‍රදර්ශනය සහ අළුතින් එන්න බලාපොරොත්තු වන ළමයින්ට කතා කරන්න ඕන… රෑ කෑම නොමිලේ විශ්ව විද්‍යාලයෙන් සපයන නිසා හොඳයි… ඇල්කෙමිච්චියි පැටියයි හෙට පැටියගේ ඉස්කෝලේ ජාත්‍යන්තර දිනය සමරන්න යනවා… ඒකේ පෝස්ටරෙත් හදලා ඉවර නෑ….හෙට දිනපොත ලියන්න වෙයිද දන්නෙත් නෑ… ඒ තරමට වැඩ………………………

%d bloggers like this: