Daily Archives: මාර්තු 7, 2011
2011 මාර්තු 07 : රටට ණය වීමෙන් ඔබට ඇති සෙතක් නැත………
අද හරියට වැඩ…. ඒ වුනාට හරිම සතුටුයි… මොකද වැඩ ගොඩක් කරගත්තා… අළුතෙන් ප්‍රතික්‍රියා දෙකක් පටන් ගත්තා… ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න තියෙන්නේ හෙට. ඒ නිසා හෙට මොන වගේ දවසක් වේද දන්නේ නෑ… කොහොම වුනත් අදනම් බොහොම සාර්ථක දවසක්….
අද ලොක්කා ආවෙත් නෑ… එයාට ගෙදර වැඩක්, ඉතින් ගෙදර ඉඳන්ම වැඩ කරනවා කියලා ලියලා එවලා තිබුණා… ලොක්කා ආවද නැත්ද කියලා නැහැ අපේ රසායනාගාරයේ වැඩ ඒ ඒ නියමිත පරිදි සිදු කෙරෙනවා.. මම පොඩි එවුන් ටිකට මග පෙන්නලා තියෙන්නේ එහෙමයි.. අපි විනෝද වෙනකොටත් ඒ වගේම විනෝද වෙනවා. නමුත් වැඩ කෙරෙන විට නම් බොහොමයක් දෙනා අවංකව වැඩ කරනවා.. මොකද කියනව නම්, මෙහේ ඕනම වෙලාවක සේවයෙන් එළියට දාන්න පුළුවන්… බුරුලක් තියෙනවා වගේම වැරදි කරලා අහු වුනොත් දඬුවමත් ඒ වගේම සැරයි…
මෙහේ නම් ගෙදර ඉඳන් වැඩකරනවා කිවුවොත් කවුරු වුනත් අවංකව ඒ වැඩේ කරනවා. මගේ යාළුවෝ බොහොමයක් දෙනා සතියකට දින දෙකක් වත් ගෙදර ඉඳන් වැඩ (Work from Home) කරනවා… හැම ගෙදරටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ඇති නිසා ඔවුන්ට සිය පරිඝණකය භාවිතයෙන් කාර්යාලයේ වැඩකටයුතු ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. මේ නිසා සමහරු නිවසේම කාර්යාල කාමරයක් සකස් කරගෙන තියෙනවා. මෙයින් වෙන වාසි ගොඩයි.. වාහනයේ ඉන්ධන දහනයක් ඇතිවන්නේවත් කොටස් ගෙවෙන්නේවත් නෑ… කාර්යාලයටත් විදුලිබිල් ගාස්තුව ආදිය ඉතිරියි. මේ නිසාම බොහොමයක් පරිඝණක ආශ්‍රිතව කටයුතු කෙරෙන ආයතන සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට උනන්දු කරනවා. ඒ ඔවුන් අවංකව තම රාජකාරිය කරන බව දන්නා නිසා.. ඒ වගේම ඔවුන් නිරීක්‍ෂණය කරන්නත් ක්‍රම සහ විධි තියෙනවා..
ලංකාවෙ නම් ඉතින් කාර්යාලයෙදිත් හරියට වැඩක් නොකෙරෙන නිසා මේ සංකල්පය හරි යන එකක් නෙවෙයි… සමහරු ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා ළමයි බලාගනීවි, තවත් සමහරු හොඳට නිදාගනීවි, තවත් සමහරු වත්තේ පිටියේ වැඩ, ගෙදර පිළිසකර කිරීම ආදිය කරාවි, මැච් බලන අය මැච් බලාවි… ආදීවශයෙන් බොහො දේවල් කෙරේවි…. කාර්යාලයේ වැඩ ඇරෙන්න….
ඇත්තටම අපි අපිට අවංකද ? තමන්ට පැවරෙන රාජකාරිය තමන් හරියට කරනවා ද? පොඩ්ඩක් පපුවට තට්ටු කරලා බලන්න….. මම අද කොපමණ අවංකව වැඩ කළාද කියලා… තමන්ට ලැබෙන වේතනයට සරිලන වැඩක් මම ඉටු කළාද කියලා… එහෙම කළා නම්, ඔබ වැඩ කරන ආයතනයට, රටට, ඔබේ සේවා දායකයාට ඔබ ණය නැහැ…
අපි හැමෝම අපෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස හරියට ඉටු කරනවා නම්, මේ රට පෙරට ගෙනයන එක මහදෙයක් නෙවෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බිමටම සමතලා කරපු ජපානය ලෝකයේ මහ බලවතෙක් වුනේ ඒ රටේ දේශපාලනඥයන් නිසාම නොවෙයි. ඒ රටේ මිනිසුන් අවංකව තමන්ගෙන් රටට විය යුතු යුතුකම් කොටස මැනවින් ඉටු කිරීම නිසා.. ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළේ තමන්ගෙන් විය යුතු යුතුකම් හරිහැටි ඉටු කිරීමෙන් පසුවයි…. මේ රටාව ලංකාවේ අනෙක් පැත්ත වීමම ලංකාවේ අවාසනාවට හේතු වී තිබෙනවා… දැන්වත් අපි රටට ණය නොවී සිටිමුද ?