Daily Archives: මාර්තු 8, 2011
2011 මාර්තු 08 : ජගත් පිරිමි දිනය කවදාද ?
අද ලෝක කාන්තා දිනේ ලු… ඉතිං අද කාන්තාවො ඔක්කොම අපේ දිනේ කියලා ඔලුව උස්සගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා ඇති… බස් එකෙත් ඔක්කෝම කාන්තාවො වාඩි වෙලා, පිරිමි හිටගෙන යනවා ඇති… අද බස් එකේ කාන්තාවොන්ට කරදරයක් නැතුව යන්නත් පුළුවන් ඇති….
හැම මගුලටම දිනයක් වගේ කාන්තාවන්ටත් එක දිනයක් හරි වෙන් කරපු එක හොඳයි.. දැන් කවුරු හරි අහයි කෝ ජගත් පිරිමි දිනේ කියලා… දෙයියනේ, 365 – ජගත් කාන්තා දිනේ කියන්නේ ඒක තමයි… ඒ කියන්නේ පිරිමි අපිට දවස් 364 ක්ම වෙන් වෙලා තියෙනවා…. අපි ඉතින් මේ දවස් 364 ම අපට තියාගෙන ඉඳලා එක දවසක් කාන්තාවොන්ට මදි නොකියන්න සැලකුවාම හරිද ?
කතාවක් තියෙනවා හැබැයි කාන්තාවො කිසි දේකින් සතුටු කරන්න බෑ කියලා…. අනේ මේ කාන්තාවො මට බනිනව එහෙම නෙවෙයි.. මමත් කිවුවේ මේ ඇහිච්ච කතාවක්… ඉතින් මේ කට්ටිය ඒ ගොල්ලන්ට එක දවසක් මදියි කියලා මාසයක්ම ඉල්ලයිද දන්නෙත් නෑ… තවමත් කාන්තා අයිතිවාසිකම් සංවිධාන වලට මේ විත්ති වැටහිලා නැතුව ඇති… නැත්තං මෙලහකටත් පෙලපාලියක් ගිහින් මිනිස්සුන්ට 364 යි අපිට ඇයි 1 ක් කියලා….
දැන් ඉතින් මේ කාන්තා දිනේට කටිටිය මොනවද කරන්නේ ? දුක් විඳින කාන්තාවන්ට නිදහස ලබා දෙන්න කියලා පාර දිගේ කෑගහනවා… සම්මන්ත්රණ පවත්වනවා…. කතා කියනවා.. ආදී වශයෙන් බර වැඩ….. ඇත්තෙන්ම මේ අය දුක් විඳින කාන්තාවන්ගේ දුක හඳුනනවද ? මේ බොහොමයක් කාන්තා සංවිධාන වල නෝනලා ලොකු ලොකු බංගලාවල්වල කාන්තා වැඩකාරයෝ දෙතුන් දෙනෙක් තියාගෙන සුර සැප විඳින විමුක්තිකාමීන්… ඉතින් කොහොමද මේ අය කාන්තාවන්ට විමුක්තිය ලබා දෙන්නේ ?
හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ.. අපේ ජීවිතයේ වැදගත්ම කාන්තාව…. ගෑණු ළමය වත්, බිරිඳ වත්, අල්ලපු ගෙදරකෙනාවත් නෙවෙයි… අම්මා… ඇය නැත්නම් ඔබ අද ඔතන නෑ… ඉතින්, කාන්තාවන්ට විමුක්තිය උදා කරන්න ඉස්සර, අම්මට සලකන්න… එතැනින් පටන්ගමු අපේ කාන්තා විමුක්තිය…
අද හරියට වැඩ, අර ඊයේ කරපු ප්රතික්රියාවක් තරමක් හරිගිහින්… දැන් තියෙන්නේ ප්රශස්ත තත්ත්වයට ගෙන ඒම (optimization) ඉතින් අද දවසේම බරටම වැඩ.. උදේ පාන්දර නැගිටලා රොස් ටේලර් පකිස්තානෙට දුන්න බැටේ බලන් හිටියා කට ඇරගෙන… අනේ අසරණ අක්තාර්.. යන-එන මං නැතුව බෝල කැලේටත් දැම්මා ඒ හරිගියෙත් නෑ..එළව එළවා පහර දුන්නා….
අපට නම් එහෙම කරන එකක් නෑ කියලා හිතාගෙන, සියළුම පිරිමින්ට විමුක්තිය උදාවේවායි පතමින් අද නවතිනවා….