2011 මාර්තු 14: 3.14 සුබ “පයි” දිනයක්……..


අද පයි දිනය…. ඒ කියන්නේ ඉංගිරිසියෙන් නම් Pi , ඒ කියන්නේ 3.14159265358979323846264338327950288419716939937510 ඇතුළුව තවත් ඉලක්කම් මිලියන 100ක් දක්වා විහිදෙන ලෝකයේ ජනප්‍රියම අංකයයි…

ඉතින් මේ පයි දිනය සමහරු නම් ඉහළින්ම සමරනවා.. විශේෂයෙන් ගණිතඥයෝ… (අර ගණිකාධිකාරී වරියො නම් π දිනේ සමරන්නේ වෙන විදියකටලු, අනේ මන්දා….)  ඉතින් මේ දිනය වැදගත් වෙන්නේ ඇයි ? ඊට ඉස්සර මේ පයි කියන ගණිත සළකුණේ වැදගත්කම බලමු…

  • π කියන සලකුණ ලබා දී තිවෙන්නේ 22/7 කියන අගයටයි.
  • මෙය කිසිදාක භාගයක් හෝ භින්නයක් ලෙස ප්‍රකාශ කිරීමට නොහැකියි.
  • අපරිමේය අගයයකි, කොපමණ බෙදුවත්, මෙහි දශමස්ථානවල නියතයක් දැකිය නොහැකියි.
  • මෙම අගය අත්‍යන්තරයි, එනම් කිසිම ගණිත වීජගණිත අගයයක්, මූලයක්, හෝ වර්ගයක් මෙම අගයයට සමාන නොවේ.
  • මෙය සඳහන් කිරීමේදී සාමාන්‍යයෙන් Pie යන ආකාරයෙන් ශබ්ධ කෙරේ.
  • මෙය π ලෙස නම් කර ඇත්තේ ග්‍රීක වචනයක් වූ περίμετρος (perimeter) යන වචනයේ මුල අකුර නිසා යැයි පැවසෙනවා.
  • එසේ නම් කර ඇත්තේ වෘතයක පරිමිතිය සහ පරිධිය අතර ඇති අනුපාතය වන π, නියතයක් වන නිසා වන්නට හැකි බව සඳහන් වෙනවා.

මේ අංකය වගේම සළකුණත් බොහොමයක් දෙනාට විශේෂිතයි… සමහර ලොකු ලොකු විශ්ව විද්‍යාල පයි දිනේ මහ ඉහලින් සමරනවා…  මෙහි විශේෂය වන්නේ විවිධ ගණිතශයෝ සහ විවිධ කාලවල හිටපු පඬිවරු මේ අගයය එකිනෙකාගෙන් පරායක්තව (independently) එක හා සමාන අගයයකට ගණන් හදපු එකයි.. ඒ කියන්නේ ඒ සියල්ලන්ගේම අවසාන උත්තරය එක සමාන අගයයකට පැමිණීමයි…මෙහි අගයය දශම ස්ථාන 1012 දක්වා ගණනය කර තිබෙනවා. ඒ වුනත් වෘතයක පරිධිය හරියටම සොයන්නට වැඩිම වුනොත් දශමස්ථාන 12 ක් තිබුණොත් ඇති. දශමස්ථාන 11ක අගයෙන් කුඩා වෘතයක සිට  පෘථිවියේ ප්‍රමාණය තරම් ඇති විශාල වෘතයක පරධිය, මිලි මීටරයක් දක්වා නිවැරදිව ගණනය කළ හැකියි… දශමස්ථාන 39ක් දක්වා ගණනයකළ π මගින් අපට දැකිය හැකි තරම් ප්‍රමාණයක් දුර ඇති විශ්වයේ ඇසිරිය හැකි තරම් විශාල වෘතයක පරිධිය හයිඩ්‍රජන් පරමාණුවක් තරම් කුඩා අගයයක් දක්වා නිවැරදිව ගණනය කළ හැකියි. එයින්ම මේ සළකුණ සහ ඊට අදාල අගයේ ප්‍රබලතාවය ඔබට වැටහෙනවා ඇති.

අර යකා බැඳගත් ගමරාල මේ සිද්ධිය දන්නවා නම් යකාට කියන්න තිබුණා π වල අගයය නියත වශයෙන් ගණනය කරන්න කියලා… එහෙම වුනා නම් යකා තවමත් ගනන් කරනවා….

ඉතින් පයි දිනය හොඳට සමරන්න…. සුබ දවසක්…

Advertisements

Posted on මාර්තු 14, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. “π කියන සලකුණ ලබා දී තිවෙන්නේ 22/7 කියන අගයටයි”

    ලොක්කා මේ කථාව නම් නිවැරදි නැ..22/7 කියන්නේ පයි වල දශම ස්ථාන 2ට නිවැරදි අගයක් විතරයි. ඒ වගේ 355/113 කියන්නේ පයි වල දශම ස්ථාන 6 ට නිවරදි අගයක්.
    පයි වල වඩා නිවැරදි දශම ස්ථාන වලට යන්න නම් වෘතයක්, බහුස්‍රයක් විදිහට ආසන්න කරලා ඒකෙන් පරිදිය හොයන්න ඕනා. බහුඅස්‍රය පුලුවන් තරම් වැඩි පාද සOඛ්යවකට යන තරමට , පයි වලට වඩා නිවරදි දශම ස්තැඅන වලට යන්න පුලුවන්…

  2. ඇත්ත…. මම මේ සරළ ගණිතයෙන් පැහැදිළි කළේ….
    වැඩිදුර විස්තර ලියනකොට කියවන්න එපා වෙන නිසා කට්ටියට දැනෙන විදියටයි විස්තර කළේ…
    වැඩිදුර විස්තරේට ස්තූතියි…

  3. මම ඔහොම දිනයක් තියෙනවා කියලා දන්නේ අදයි, ඇයි මාර්තු 14ම ඕකට යොදාගෙන තියෙන්නෙ..

  4. කියෙව්වම තමයි නේ දන්නේ මෙහෙම එකක්.. හරිම අපුරු විස්තරයක්. ඔය කවුරු හොයාගන්නත් කලින් පයි අගය අපේ මුතුන්මිත්තෝ නම් දැනන් ඉඳල තියනවා

  5. බොහෝම ස්තූතිය නොදන්නා දිනයක් ගැන විස්තර දැනගත්ත

  6. බොහෝම ස්තූතිය නොදන්නා දිනයක් ගැන විස්තර දැනගත්තා

  7. අදමයි දන්නෙ මෙහෙම දෙයක්. ස්තූතියි සටහනට මල්ලී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: