Daily Archives: මාර්තු 16, 2011

2011 මාර්තු 16 : අපූරු හීනෙ


ඊයෙ රෑ ගෙදර ආවට පස්සේ V කියන රූපවාහිනී වැඩසටහනේ මේ වාරයේ අවසාන වැඩසටහන (season finale) නැරඹුවා.. සාමාන්‍යයෙන් මම විද්‍යාත්මක වැඩසටහන් හෝ විද්‍යාත්මක කතා මාලාවන් බලන්න කැමතියි… ඉතින් මේ වැඩසටහනත් බොහොම ආසාවෙන් බලනවා… මගේ වයසේ කට්ටිය දන්නවා ඇති අසූ ගණන්වල ලංකාවෙත් මේ V කියන වැඩසටහනේ ඉස්සරම ඉස්සර කතා මාලාවක් රූපවාහිනියේ පෙන්නුවා.. ඒකෙ හැටපු ඩයනා කියන රැජිනගේ දුව වන ඇනා තමයි දැන් රැජින වෙලා ඉන්නේ…

ඉතින් මේව බලලා නින්දට ගියාම විකාරනේ පෙනෙන්නේ… ඔන්න ඉතිං මමත් ලොක්කෙක් වෙලා මගේම කියලා කොම්පැණියක අයිතිකාරයෙක්.. මගේ අදහසක් තිබුණා ගාල්ලේ ධර්මපාල උද්‍යානය මිලට අරගෙන ඒකෙන් බාගෙක විශාල ගොඩනැගිල්ලක් හදන්න.. ඉතිරි බාගෙ ලස්සනට නවීකරණය කරලා පොඩි එවුන්ට හොඳට සෙල්ලම් කරන්න පිළිවෙලක් ඇති උද්‍යානයක් හදන්න… ඉතින් මේකට ඕන තාක්‍ෂණය ලංකාවෙ තිබුණෙ නැහැ.. මේ නිසාම මම පිටසක්වල ජීවීන් එක්ක සහයෝගයෙන් මේ ගොඩනැගිල්ල හැදුවා… ඒකේ අයිතිකාරයා මම… මේක හරි උස වීදුරුවලින් වටකරපු ගොඩනැගිල්ලක්… තට්ටුම 50 ක්… ආසාවෙ බෑ… ඉතින් ඕකෙ ලස්සන බලබල ඉන්නකොට තමයි ඇහැ ඇරුණෙ..

මට ඉතින් වැඩිය හීන මතක හිටින්නේ නෑ.. ඒත් මේක නම් මතක තිබුණා…

උදේ ඇහැඇරිලා සුපුරුදු පරිදි වැඩට ගියා… හොඳටම වැඩ.. අද වොලිබෝල් තරඟෙකුත් තිබුණා.. ඒකත් දිනුම්… හවස තවත් සම්මන්ත්‍රණයක් තිබුණා… ඒකෙ දේශකයාගේ පර්යේෂණය වුනේ ඇමෝනියා හදන්න උත්ප්‍රේරකයක් හොයාගන්න එක… සාමාන්‍යයෙන් ඇමෝනියා හදන්නේ හේබර් බොෂ් ක්‍රියාවලිය මගින්.. මෙහිදී නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායුගෝල 200 ක පීඩනයකින් යකඩ උත්ප්‍රේරකයක් මතින් අංශක 300 – 500 උෂ්ණත්‍වයකට රත් කරලා ඒ මගින් තමයි ඇමොනියා හදන්නේ මෙයින් මූලික වශයෙන්ම සිදු වන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල ප්‍රමාණය 15% ක් පමණයි.. මෙයින් ඉතිරි වන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් නැවත භාවිතයට ගන්න නම් විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරලා පිරිසිදු කරන්න වෙනවා… මේ නිසා ලොව පුරා පර්යේශකයෝ විවිධ උත්ප්‍රේරක සොයනවා… ඒ වගේම මේ ක්‍රියාවලිය නිසා ලොවට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලෝකයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 1% ක්… ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිදු කරන්න උත්ප්‍රේරකයක් සොයාගත්තොත් ලෝකයේ වසරකට නිපදවෙන ඇමෝනියා ටොන් මිලියන 140 ක පමණ ප්‍රමාණය නිපදවීමේදී එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වගේම එයට වැයවෙන  ශක්ති ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවනි….

ඒ පර්යේෂකයාගේ කණ්ඩායම සොයාගත් සමහර දේ වැදගත් වුනත්, තවමත් හරිහැටි ඵලදායී ලෙස ඇමෝනියා නිෂ්පාදනයට යොදාගන්න බැහැ… කවුරු හරි කවදා හෝ ඒ දේ හොයාගනීවි…..

 

%d bloggers like this: