Daily Archives: මාර්තු 19, 2011

2011 මාර්තු 19 : අපූරු තරඟයක් උදේ ඉඳන් නිදිවරාගෙන නැරඹුවෙමි…


අද නම් දිනපොත ලියන්න කිසිම හේතුවක් වත්, උනන්දුවක්වත් තිබුණෙ නෑ…

ඊයෙ රෑ හිටිය මිතුරගේ ගෙදර අපි සිංදු කියලා මැච් බලලා ඉවර වෙනවිට උදේ 3.00 යි… ආයෙම උදේ ඇහැ ඇරිලා පකිස්ථාන් ඕස්ට්‍රේලියා තරඟය බලන්න ඕන නිසා නිදියගත්තා… මගේ මිතුරෙක් නම් උදේ පහටම නැගිටලා මැච් එක බලලා.. මම ඇහැ ඇරෙනකොට උදේ 7.00 යි… ඉතින් ඒ වෙලාවෙ ඉඳලා මැච් එක බැලුවා… මැච් ඉවර වෙලා දවල්ට කාලා පොඩ්ඩක් ක්‍රිකටුත් ගැහැවුවා….

අද ලොක්කත් නැති නිසා වැඩට යන්නත් කම්මැලියි.. රසායනාගාරයට දුරකථන පණිවුඩයක් දීලා කෙරෙන වැඩ ගැන සොයා බැලුවා… ඊට පස්සේ තැනට විතර පොඩ්ඩක් රසායනාගාරය පැත්තේ ගියා… ඒ ගිහින් පැයකින් පමණ ඇල්කෙමිච්චි කතා කරලා කිවුවා ගෙදරට බඩු වගයක් ගන්න යන්න එන්න කියලා… ඒ සියල්ල ඉවර කරගෙන නිවසට එනවිට රෑ හතයි.. පැටියට කවලා නිදි කරවලා ඇල්කෙම්ච්චිත් නිදි… දැන් තමයි අද නිදහසක් ලැබුණේ ඊ මේල් වත් බලන්න….

උදෙන්ම ඇහැ ඇරුන නිසා හොඳටම නිදිමතයි… හෙට උදෙත් ඇහැ ඇරෙන්න එපායෑ… හෙට හමුවෙමු….

%d bloggers like this: