Daily Archives: මාර්තු 21, 2011
2011 මාර්තු 21 : ඔබට මේ ලෙඩෙත් තියෙනවාද ?
වෙනදා වගේම අදත් බරටම වැඩ… ඔබ හිතනවා ඇති මම බොරුවට වැඩ කියනවා කියලා… ඇත්තෙන්ම අදත් නිදහසක් නැති තරම්.. ගිය සතියේ ප්‍රතික්‍රියා 6 ක් පමණ එකවර කළා.. ඒ නිසාම ඒවායේ ලැබෙන සංයෝග පිරිසිදු කිරීම කළ යුතු වෙනවා… හැම ප්‍රතික්‍රියාවක්ම එක වගේ පිරිසිදුවට අතුරු ඵල රහිතව ලැබෙන්නේ නෑ.. සමහර ඒවායේ ප්‍රතිකාරක 100% ක් ක්‍රියා නොකරන අවස්ථා එනවා.. එවිට ප්‍රතිකාරක වලින් ඵල වෙන්කිරීම කළයුතු වෙනවා.. සමහර විට අතුරුඵල නියමිත සංයෝගය මෙන්ම එක සමාන ගුණ සහිතයි. එනම් සමාන ද්‍රාව්‍යතායවක්, සමාන පාට ආදී භෞතික ගුණ… එවිට ඒවා වෙන් කරගන්න විශේෂ ක්‍රම යොදන්න වෙනවා.. කාබනික සංයෝග වෙන් කරන්න නම් වර්ණලේඛ ශිල්පය (Chromatography) යොදාගන්නවා… අකාබනික රසායනික සංයෝග සඳහා Selective Crystallization (වරණාත්මක මණිකහරණය) නම් ක්‍රමය යොදාගන්නවා… එනම් විවිධ ද්‍රාවණ භාවිතයෙන් ඒ ඒ අතුරුඵල ස්ඵටික කරණය මගින් වෙන්කරගෙන නිවැරදි සංයෝගය ලබා ගන්නවා… පළපුරුදු රසායනඥයා අත්දැකීමෙන්ම භාවිතාකළයුතු ද්‍රාවණය හඳුනාගෙන නියමිත පරිදි භාවිතා කරනවා.. එමගින් කාලය වැය නොකොට ඉක්මනින්ම අවශ්‍ය සංයෝගය වෙන්කර ගැනීමේ හැකියාව ලැබෙනවා…
ඉතින් මේ අයුරින් මමත් සමහරවිට ලේසියෙන්මත් සමහරවිට අමාරුවෙන් මේ සංයෝග වෙන් කරගන්නවා… ඒ අනුව වෙන් කරගත් සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහ (Crystal Structure) දෙක තුනකුත් ලබා ගන්නට පුළුවන් වුනා… තවත් සංයෝග එසේ ස්ඵටික දැලිස් ව්‍යුහ ලබා ගැනීම සඳහා ස්ඵටික ඇති වීමට සැකසූවා.. මේ සියල්ල බොහොම කාළය ගතවන, ඉවසිල්ලෙන් කළ යුතු වැඩ.. එසේම කළ යුත්තේ Glove box එක තුළ නිසාම බොහොම පරිස්සම් විය යුතු වෙනවා.. පොඩ්ඩක් හෝ අත වැදුනොත් සංයෝගය අඩංගු භාජනය පෙරළිලා අපතේ යන්නට පුළුවන්… එහෙම වෙච්ච අවස්ථා ඕන තරම්… දැන් නම් ඒ බව දන්න නිසාම ඒ පිළිබඳ සැළකිලිමත් වෙනවා වගේම අවශ්‍ය පියවර හරි විදියට කරනවා… තවත් වැඩ කරන්න හිතුනත්, අද රෑ 9.00 ට පෙර ගෙදර එන්න කියලා ඇල්කෙමිච්චි මතක් කරලා දුන් නිසාම නවය වෙනවිට ගෙදර පැමිණියා… මම ගෙදර අනතුරු පැටියා මඟ බලාගෙන හිටියා.. ගෙදර ආපු ගමන්ම මහදැනමුත්තා එළුවගේ ඔළුවෙන් මුට්ටිය ගලවපු කතාව කියලා දීලා නිදිකෙරෙවුවා… ගෙදර ආවට රසායනාගාරය දාලා එන්න හිතක් නෑ… වැඩ කෙරෙන විට ඒකටම ඇලිලා වැඩ කරන්නයි හිත.. මම දන්න සමහරක් දෙනාට මේ ලෙඩේ තියෙනවා… උදේ වැඩට ආවම සමහරවිට මැදියම් රෑත් පහු වෙලයි ගෙදර යන්නේ…
මේ ලෙඩේට කියන්නේ Workaholic වීම කියලයි.. ඒ කියන්නේ වැඩට ඇබ්බැහි වීම… වැඩ කරන්න ගියාම වෙනත් කිසි දෙයක් මතක නෑ… සමහරවිට ගෙදර දොරේ දේවල් මතකත් නෑ… පවුලක් තියෙනවාද කියලාවත් මතක නෑ.. මේ නිසාම පවුල් ජීවිතයත් අවුල් වෙනවා…. වෘත්තීයව සාර්ථක වුන සමහර දෙනාගේ පවුල් ජීවිත අවුල් වන්නට ප්‍රධාන හේතුව මේ වැඩට ඇබ්බැහි වීමයි… වාසනාවකට වගේ ලාංකීය රාජ්‍ය සේවකයා නම් මෙසේ වැඩට ඇබ්බැහිවීමක් දකින්නට ලැබෙන්නේ නෑ.. ඒ නිසාම ඔවුන්ගේ පවුල් ජීවිත ඒ අංශයෙන් විනාශ වීමකට ලක් වන්නේ නෑ…
සමහරක් දෙනා ඇත්තෙන්ම මෙසේ වැඩට ඇබ්බැහි වන්නේ නියමිත පරිදි කාලය කළමණාකරණය නොකිරීම නිසා.. තවත් සමහරු අතිකාල දීමනා ලබා ගැනීමේ අටියෙන්, අමතර වෙලාවක් වැඩෙහි යෙදෙනවා.. ඇත්තෙන්ම ඔවුන් වැඩට ඇබ්බැහි වීමක් වෙන්නේ නැහැ.. ඔවුන් තමන්ගේ පවුල වෙනුවෙනු අමතර වෙලාවක වැඩෙහි යෙදෙනවා…
මටත් ඉතිං මේ කියන ලෙඩේ ඩිංගක් වෙන්න තියෙනවා.. ඇල්කෙමිච්චි ඒ බව දන්න නිසාම නිතරම මාව එයින් මුදවාගැනීමට නොයෙක් දෑ කරනවා.. නැතිනම් මම හැමවිටම ඇදී යන්නේ රසායනාගාරය වෙතට… සමහර වෙලාවට, ඒ කටයුතුවල යෙදෙනවිට හිතට දැනෙන සනීපය, නිදහස් බව වෙන්නට ඇති මා ඒ වෙතම ඇදෙන්නේ.. ඒ වගේම යමක් සාර්ථක වුනාම හිතට දැනෙන සුවය සහ සන්තෝසය නිසාම රසායනාගාරයේ වැඩට මම ඇබ්බැහි වෙලා ඉන්නේ…
ඉතින් සමහරවිට ඔබත් මම වගේම වැඩට ඇබ්බැහි වෙලා ඇති… සමහරුන්ට නම් ගෙදර ආවත් On call නිසා ගැලවීමක් නෑ… කොහොම වුනත්, වැඩත් පවුල් ජීවිතයත් සමබරව කරගෙන යාම ඔබ සහ ඔබේ සහකරු/ සහකාරිය අන්‍යොන්‍ය එකඟතාවයෙන් කළ යුතු දෙයක්.. එහෙම නැති වුනොත් පවුල් අවුල් වීම වලක්වාගන්නට බැහැ.. ඒ නිසා.. හොඳින් අවබෝධයෙන් වැඩට ඇබ්බැහි වෙන්න.. අවශ්‍ය විටෙක ඉන් ගැලවෙන්නත් අමතක කරන්න එපා.. මොකද කියනවා නම්, ජීවිතය කියන්නේ වැඩ කිරීමම නොවන නිසා…