2011 මාර්තු 22 : බඩු හෝදන ආචාර්යතුමා….
සිංහල භාෂාව හරිම අපූරු භාෂාවක්… එකම වචනය විවිධ තැන්වල පාවිච්චි කරනකොට විවිධ තේරුම් එනවා වගේම, එකම වාක්‍යය දෙවිදිහකට තේරුම් යන්නත් ලියන්න පුළුවන්…. අපේ භාෂාවෙ බඩු කියලා කියැවෙන්නේ බඩු භාණ්ඩ වලට වුවත් ව්‍යවහාර භාෂාවේ බඩු කියලා යෙදෙන්නේ කාන්තා පක්‍ෂයට බව ඔබ හැමෝම දන්නවා නේ… ඒ වගේමයි හෝදනවා කියලා කියන්නේ පිරිසිදු කරනවා වුවත්, ව්‍යවහාර භාෂාවේ යෙදෙන්නේ මට පෙනෙන විදියට නම් Flirt කිරීම කියලයි හිතෙන්නේ.. තවත් හාඳම උදාහරණයක් තමයි අර මාලිනී බුලත්සිංහල මහත්මිය ගැයූ “රජ මැදුරක ඉපදී සිටියානම්” කියන ගීතයේ එන “දිව බොජුනක් සේ – දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ” කියන කොටස… මෙහි දිව කියන වචනය එකම වාක්‍යයක තුන් විදියකට තේරුම් දෙනවා… එසේමයි මුල-මැද-අග එළිවැට තියලා හරි විරිතට කවි ලියන්නත් පුළුවන් සිංහල භාෂාවේ තමයි….. ඉතින් මෙන්න මේ වගේ සාරවත් භාෂාවක් තමයි අපේ මිනිස්සු දැන් විනාශ කරන්නේ.. ඒ විශේෂයෙන්ම කිසිම තේරුමක් නැති ” මඤ්ඤොක්කා – කොත්තු රොටි ” ආදී ගීත සාහිත්‍යයක් රටට එකතු කරලා… මට වඩා ඕන තරම් භාෂා විශාරදයෝ අප අතර ඉන්නවා.. ඒ අය කැමති නම් කොමෙන්ටු දාලා බස පෝෂණය කරාට කම් නෑ…
හවස දිනපොත ලියන්න සූදානම් වෙනකොට WordPress වෙබ් අඩවියේ ප්‍රශ්නයක්… පැය ගණනාවක් යනතුරු ලියන්න බෑ….
ඉතින් අද නම් ලියැවෙන්නේ භාෂාව ගැන නොවෙයි.. වැඩ කෙරෙනවිට වැඩ කරන්න ආසයි වගේම, ඒවායේ කෙළවරක් දකින්නට ලං වෙන විටත් ඉක්මනින් වැඩ ටික ඉවර කරන්න ආසයි… දැනට මම කරන ව්‍යාපෘතියේ කෙළවරක් දකින්නට ලං වෙලා වගේ… තව සංයෝග සුළු ප්‍රමාණයක් හදලා, ඒවායේ භෞතික සහ රසායනික ගුණ විශ්ලේෂණය කරලා, නියමිත පරිදි ලියලා සකසලා ප්‍රසිද්ධ කිරීම තමයි ඊලඟ පියවර… මේ නිසාම දැන් වැඩ ඉක්මන් කරන්න කාළය ඇවිත්… අදත් ඒ නිසාම තරමක් කාර්ය බහුලයි… මේ දිනවල අපේ ලොක්කත් විවිධ පාසල්වලට යනවා පාසල් ලමුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා උනන්දු කිරීමේ වඩ සටහන් වලට සහභාගී වන්නට… ඒ නිසා මම මගේ වැඩ කරනවා වගේම අනිත් පොඩි එවුන්ගේ වැඩත් බලන්න ඕන… අද නම් ඔවුන්ට විභාගයක්… ඒ නිසා ඔක්කෝම පාඩම් කරනවා… එක අතකට ඒක හරි සහනයක්… ඒ කෙසේ වෙතත්, මම නිපදවූ තවත් අළුත් සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහයක් අදත් ලබා ගත්තා.. ඒ මගින් තවත් මාවතක් විවර වුනා කිවුවොත් නිවැරදියි… ඒ සම්බන්ධ පරීක්‍ෂණයකුත් නිම කරලයි ගෙදර ආවේ..
පරීක්‍ෂණ යන අතරමග රසායනාගාරයේ ගොඩගැසී තිබූ වීදුරු බඩු ටිකක් හේදුවා… සාමාන්‍යයෙන් තම තමන්ගේ උපකරණ එකිනෙකා වෙන් වෙන්ව පිරිසිදු කරගත්තත්, සමහර වෙලාවට ඉඩ ඇත් විටෙක අනෙක් අයගේ උපකරණත් අපි ඉඳ හිටලා සෝදලා දානවා….තව ටික දවසකින් පරීක්‍ෂණ කරන්න වීදුරු බඩු නැති වෙනවා… ඒ නිසා සියල්ලම හෝදලා සෙන්ටිග්‍රේඩ් අංශක 200 කට රත් වෙන උදුනකට දැම්මේ සම්පූර්ණයෙන්ම ජලවාෂ්ප අයින් කර වියලන්න… ඉන් පසු ඒ වීදුරු උපකරණ Glove box එක ඇතුලට ගෙනයනවා… මේ හෝදන අතරතුරේ අපේ ශිෂ්‍යයෝ දෙන්නෙක් ඇවිත් මට විහිළු කරනවා… ආචාර්ය තුමා බඩු හෝදනවා කියලා… දෙපාර්තමේන්තුවේ මිල අධිකම සෝදන යන්ත්‍රය (Washing Machine) මම ලු.. ඉතින් මම කියලා දුන්න බඩු හෝදනවා කියන ප්‍රකාශයේ අර්ථ දෙකම… මෙන්න එකෙක් කියනවා මට ඒ දෙකම ගැලපෙනවා කියලා.. ඇත්ත තමයි… මමත් ඉතිං ගිය තැන මල් පාත්තියක් දාගෙන තමයි ඉන්නේ… ලංකාවෙ නම් සමහර ආචාර්යවරු වතුර නැතිවම බඩු හෝදනවා මම දැකලා තියෙනවා.. සමහර වෙලාවට කාර් එකේ දාගෙන ඈත කොහේ හරි ගෙනිහිල්ලා, නිවි සැනසිල්ලේ හොඳට හෝදලා පිහිදාලා ගෙනත් දානවා….
කොහොම වුනත් කවුද දෙයියනේ ලස්සන දේවලට අකමැති ? දැන් නම් ඉතින් මෙනු එක කියවලා අහක බලාගන්නවා.. නැත්නම් ඉතිං ඇල්කෙමිච්චිගෙන් ගුටි කන්නයි වෙන්නේ… පවුල රැක ගන්නත් එපායෑ.. ආසාවට බඩජාරිකමට කෑවා වගේ නෙවෙයි දිරවගන්න බැරි වුනාම ආයෙම වමාරන්න වෙනවා… ඒ වගේම ගෙදරින් කෑමත් නැති වෙනවා… ඒ නිසා කොච්චර ලස්සන, රහයි වගේ පේන කෑමජාති පාරෙ තිබුණත්, ගෙදරින් ලැබෙන කෑමක් කාගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි…
ටියුබ් ලයිට් අය අන්තිම ඡේදය ආයෙම පාරක් බලලා තේරුමි ගන්න….
Posted on මාර්තු 22, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.
මොන ටියුබ් ලයිට් ද ඔය නිල් කැටේට තේරෙන්නෙ…….
ඔය කියමනට මමත් එකඟයි.
ඒත් සමහරු “එකම හෝටලෙන් කෑවමත් එපා වෙනවා. ඉදලා හිටලා වෙනත් හොටලේකිනුත් කන එක හොඳා වෙනසකටත් එක්ක” කියන අයට දෙන්න සාධාරණ උත්තරයක් නැද්ද තමුනැහෙ ලඟ…
කැමතියිකැමතියි
තියෙනවා තියෙනවා….
රජතුමාගෙ බිරිඳ හරිම ඉටිකිරිස් කෑල්ල ලු… රජතුමා පණ වගේ ආදරේලු මේකට. ඒ වගේම රජතුමාට සැප කණේ ලු….. ඔන්න දවසක් අන්දරේටත් ඕන වුනාලු සැපක් ගන්න… හොරෙන් කරලා අහු වුනොත් අන්දරේ නෙමෙයි පිය රජතුමා වුනත් ඔළුව යන නිසා අන්දරේ අවංකවම රජතුමා හම්බ වුනාලු….
අන්දරේ: රජතුමනි… රජතුමනි…. මේ… රජතුමනි…
රජතුමා : මොකද බං ඇඹරෙන්නේ කපාපු පණුවෙක් වගේ…. සිතේ තියෙන දෙයක් කියපං…
අන්දරේ: කියන්නං රජතුමනි,… ඔළුව බේරනවා කියලා පොරොන්දු වුනොත්….
රජතුමා: හා හා කියපං…. ඔය ඔළුවේ වැඩි යමක් ඇත්තෙත් නෑනේ….
අන්දරේ: රජතුමනි… මට රැජින ගැන පොඩි හිතක් පහළ වුනා….
රජතුමා: හහ් හහ් හා.. මම දැනගත්තා සිරි යහන් ගබඩාව වටේ කැරකෙනකොට…. හරි හරි.. හෙට දිහාට වරෙන්කෝ හොඳට නාලා කියලා.. සුවඳ ගල්වගෙන…
දැන් අන්දරෙත් හිතුව බඩු ගොඩ තමයි කියලා… දන්න කියන සාස්සර ඔක්කෝම මතක් කරගෙන නාලා කියලා මෙන්න අන්දරේ එනවා අමිතාබ් බච්චන් වගේ ලාම්පු රේ ප්‍යාර් කෙරේ චිත්තරපටියේ සින්දුවකුත් කියාගෙන….
රජතුමා අන්දරේව කෙළින්ම එක්කන් ගියේ සිරි යහන් ගබඩාවට…. දැන් අන්දරේට කකුල් තුන එක විදියට තියාගෙන ඉන්නත් අමාරුයි…. මෙන්න ඇඳ උඩ මහ රැජින…. නෙවෙයි… භාජන 5 කි පේලියට තියලා තියෙනවා… රන්, රිදී, මැටි, පිත්තල, සහ වීදුරු භාජන…
රජතුමා: දැන් අන්දරේ, බීපන් මේ භාජන වල වතුර ටික ටික…
අන්දරෙත් ඇරියෙ නෑ… භාජන වල වතුර ඔක්කොම බීගෙන බීගෙන ගියා…
රජතුමා: දැන් අන්දරේ, මේ වතුරේ රසේ වෙනසක් තියෙනවාද ?
අන්දරේ: අනේ නෑ රජතුමනි… ඔක්කෝම වතුර එක රසයි…
රජතුමා: අන්න ඒක තමයි…. භාජනේ වෙනස් වුනාට ඒකේ ඇතුලෙ තියෙන වත්ර එකම රසයි.. දැන් මගුල් ලිඳේ වතුර බොන්න ගිහින් හිස් ගැසුම් කන්නේ නැතුව… ගෙදර ගිහින් ගෙදර ලිඳේ වතුර බීලා සැනසිල්ලේ හිටු
කියලා රජතුමා අන්දරේව පන්නලා යැවුවලු…
එදයින් පස්සේ අන්දරේ නෙවෙයි ලු වෙන ලං වල වතුර බොන්න ගියේ…
ඉතින් මල්ලි මේකයි…ගෙදර හෝටලේ කෑම හැමදාම පොල් සම්බලුයි බතුයි කනකොට කන මිනිහට විතරක් නෙවෙයි, කෝකියටත් එපා වෙනවා… ඕක නිසා පොඩි තෙම්පරාදුවක්, මැල්ලුමක්, දාලා කෑම කන විදිය වෙනස් කරගත්තාම, ආයෙම කෑම වෙනස් ගතියක් දැනෙනවා… මේ අපිට ලැබෙන්න තියෙන දේ තමයි ලැබිලා තියෙන්නේ… වෙන ඉතින් ඕවා ගැන හිතන්න නොගිහින්.. ලද දේ හරියට හදාගෙන කන එක තමයි තියෙන්නේ… එකම කෑම වුනත් වෙනස් වෙනස් විදියට කනකොට ගතියක් තියෙනවා… අර කතාවත් තියෙනවා නේ.. වෙනස් වෙනස් කෑම එකම විදියට කනවාට වඩා එකම කෑම වෙනස් වෙනස් විදියට කන එක ගති කියලා…
අර එක එක හෝටල් වලින් කන අයට කියන්න…. කොයි කෑමත් කන්නේ එකම වගේ පිඟානක… අන්තිමට කාලා ඉවර වුනාම බඩ පිරෙන්නේ එකම විදියට කියලා…
කැමතියිකැමතියි
ආ…… මේ උත්තරෙත් දීලා තියෙන්නෙ නිල් කැටේට.
බොහොම ස්තුතියි!
දැං මගේ යාලුවා කියපුදෙන්කෝ ආයෙත් ඒ කතාව. මං දෙන්නං අන්දරේගෙ කතාව මිනිහගේ කට වැහෙන්නම.
ඔබ තුමාට බොහොම පින්….. වැඩි වැඩියෙන් කෑම ලැබේවා. (මෙනු කියවන්නත් ලැබේවා:D)
කැමතියිකැමතියි
අනේ මංද ගෙදර කොච්චර හොඳ ගුණ කෑම [වස විස නැති, අජිනොමොටෝ නැති, සෝස් එහෙම වැඩිය නැති] තිබ්බත් පාරෙ අයිනෙ වඩේ කරත්තෙක නවත්තන්න ඉඳල හිටල හිතෙනවනෙ.
[මේ කොමෙන්‍ටුවේ කිසිම ටියුබ්ලයිට් එකක් අන්තර්ගත වී නැතිබව කරුණාවෙන් සලකන්න !]
කැමතියිකැමතියි
කූඩැල්ලා මේට්ටෙ උඩ තියන්න බෑනෙ…. ජරා වලට මයි ඇදෙන්නෙ… ඕක ජන්මේ වැරැද්දක් නෙවෙයි… ජරාව කාලා පුරුද්ද… දෙමාපියන්ට දොස් කියන්න බෑ ඕවට…
කැමතියිකැමතියි