දවස් දෙකකට පස්සෙයි දිනපොත ලියන්න වාඩි වුනේ…. සිකුරාදා Group Meeting එකට වෙහෙසුනා… ඒ වගේම ඒක ඉවර වුන හැටියේම යාළුවෙකුගෙ ගෙදර යන්නට වුනා… එයාගෙ ගෙදර වෙනදා වගේම සුහද හමුවක්… ඊට පස්සේ එහේම නැවතුනා… යාළුවො එක්ක ඉන්නකොට මොන දිනපොත්ද ? වේලසනින්ම සෙටිය උඩට ඇදිලා නිදාගත්තේ පහුවදා උදේ පාන්දර ඇහැඇරිලා එංගලන්ත-ශ්‍රී ලංකා මැච් එක බලන්න… හැමෝම ශ්‍රී ලංකා ටී ෂර්ට් දාගෙන මැච් බලනවා… උදේ අට වෙනකොට ඇල්කෙමිච්චි පැටියත් අරගෙන පීනන පන්ති ගියා.. පැටියට පීනන්න උගන්වන්න… එයාල ආවට පස්සේ මම රසායනාගාරයට බෑ බෑ කිය කිය ගියේ… මිත්‍ර සමාගමත් එක ක මැච් බලනව වගේ ජොලියක් කොහේද තනියම.. ? කොහොම වුනත් ලොක්කා ඇවිත් නැති නිසා මම තනියම හරි මැච් එක බැලුවා… කොහොමද අපේ එවුන් ගහපු ගැහිල්ල…. සුද්දට බඩ යන්න දුන්නා… එදා හරිම මහන්සියි… නිදිත් මතයි.. ලොක්කට බම්බු ගහගන්න කියලා ගෙදර ඇවිත් නිදා ගත්තා… හවස වොෂිංටන් DC යන්න යොදාගෙනයි තිබුණේ… නිදි මතේ වාහන එළවන්න බෑනේ… ඒ නිසා නින්දක් දාලා නැගිටලා ගියා..
ගියේ පන්සලට… කාලෙකින් පැටියව පන්සල් එක්කන් ගියේ නැති නිසා පැටියවත් අරන් ගිලන්පසත් හදාගෙන පන්සල් ගියා… පන්සලේ ධම්මසිරි නියක හාමුදුරුවොයි, මණ්ඩාවල හාමුදුරුවොයි, මහනාම හාමුදුරුවොයි තුන්දෙනාම බැහැදැකලා ආගිය තොරතුරුතු කතා කරලා අඳුරන කෙනෙක්ගේ නිවසට ගියා රෑ ගත කරන්න.. මේ යුවල තමයි මෙහේ අපට ඉන්න දෙමාපියෝ… ආගම දහමට ලැදි, ඒ වගේම ආගම දහම දන්න, අනිත් අයටත් කියලා දෙන ඒවා පිළිපදින බොහොම ආදර්ශමත් යුවලක්… අපේ පැටිය ආච්චි-සීයා කියලා කියාගෙනයි ඒ දෙන්නට ඉන්නේ…. ඉතින් රෑ එහේ ගත කළෙ ඉරිදා උදේ වොෂිංටන් ඩී සී වල තියෙන සරුංගල් උළෙලයි සකුරා මල් සැණකෙළියේ ආරම්භක උත්සවයයි බලන්න යන්න හිතාගෙනයි.. ඒ දෙකම කල් දාලා… මොකද කියනවා නම් අසාමාන්‍ය ලෙස පරිසර උෂ්ණත්‍වය පහල ගියා.. සමහර විට හිම වැටෙන්නටත් ඉඩ ඇති බව පැවසුවා.. ඒ නිසාම ඒ දෙකම කල් දාලා..
ඉතින් ලංකාවෙ කඩෙන් බඩු භාණ්ඩත් අරගෙන ගෙදර ඇවිත් මේ ගිමන හැරලා පැටියව නින්දට දාලා තමයි මේ දිනපොත ලියන්න පටන් ගත්තේ… වොෂිංටන් වලදි බොහොම දුක හිතෙන ආරංචියක් ලැබුණා.. ඒ තමයි ලංකාවෙන් ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදිලා මෙහේට ආපු කෙනෙකුට කිසිවෙකු වෙඩි තබා මරා දමා ඇති බව… වොෂිංටන්-මේරිලන්ඩ් වල වෙසෙන ලංකාවේ බොහෝ දෙනෙකු කම්පනය කළ සිද්ධියක් වුනා මේක.. ඒ අපරාධකාරයා පොලීසියට කොටු වී ඇති බවත් ආරංචි වුනා.. ඒ වුනත් ඒ ජීවිතය නැවත ගන්නට බැහැනේ… ඒ වගේමයි ඒ දේහය ලංකාවට ගෙනියන්නට ඩොලර් විසිදාහක් විතර වැයවන නිසා ඔවුන් ඒ පිළිබඳ අවසාන කටයුතු මෙහිම සිදු කරන්නට කටයුතු යොදා තිබෙනවා… අවුරුදු 41 ක් ලංකාවේ ජීවත් වුන ඔහුට අවසානයේ අවසන් ගමන් යන්නට වුනේ කිහිපදෙනෙක් පමණක් දන්නා දුර රටක.. පිටරටකදී මිය යන බොහෝ දෙනෙකුට අයිති වන ඉරණමක් තමයි මේක…. මක් නිසාද යත්, දේහය ගුවන් මගින් ප්‍රවාහනයේදී දරන්නට වන අමතර ආරක්‍ෂක ක්‍රියාමාර්ග නිසා මේ අමතර පිරිවැය දරන්නට වෙනවා…
ඉතින් මේ රටේ දී මැරෙන එක නම් මහා පණයන වැඩක්….
අකුරු ලොකු කරගන්න දුන්න උපදෙස් වලට අරුණි අක්කාටත් නවම්ටත් පිං.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
About Alchemist
ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි.
හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත.
ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි.
රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි.
මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි.
Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation.
Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years.
Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained.
Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony.
Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market.
Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.
පොල්ගෙඩි අකුරෙන් මේපාර ලියල තියෙන්නෙ. කියවගන්න කිසිම අවුලක් උනේ නෑ. අම්මප ඔහේ නිදහසේ මැරෙන්නවත් බෑ වගේ නෙව.
කැමතියිකැමතියි
ඔය අකුරු ලොකු කරන සෑත්තරේ මටත් කියනවද ?
මමත් දැක්ක ඒ ආරංචිය. මේ පළමු වතාව නෙවේ. තවත් අහිංසක ජීවිතයක්.
ක්‍රිකට් ගැන නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාව සෙල්ලම් කරනවා නං විතරයි මම ටී වී එකේ මැච් බලන්නෙ. ඒ ජාති ආලය නිසා. ඒක හැමෝගෙම කාලය කා දමන කම්මැලි ක්‍රීඩාවක්. දුප්පත් රටවල මිනිසුන්ගෙ ප්‍රශ්න තාවකාලිකව අමතක කරවන උප්පරවැට්ටියක්. හොඳයි නෑ කියනවද ?
කැමතියිකැමතියි
//සාමාන්‍ය විදියට නව ලිපියක් එක් කරන කොටසට ගිහිල්ල ලිපිය එක් කරන්න.
ඊලඟට එම ලිපි එකතුකරන පිටුවේම තියෙන HTML කියන ටැබ් එක ක්ලික් කරන්න
එතකොට එම ලිපියම කෝඩ් දෙකතුනකුත් එක්ක පෙන්නෙයි.
ලිපියෙ අකුරු පටන්ගන්න තැනට මේක පේස්ට් කරන්න
ඊලඟට ලිපියෙ අවසානයට
එකතු කරන්න
ඒ කෝඩ් දෙක අතරෙ තියෙන හැමදෙයක්ම font size=”3″ වලින් පෙන්නයි
අකුරු තව ලොකු වෙන්න ඕනෙ නම් font size එක කියන තැනට වෙනස් අගයක් දෙන්න//
කතෘභාගය නවම්ට යා යුතුයි…
මම නම් අවුරුදු 5 ඉඳලා ක්‍රිකට් ගහනවා.. ඒ නිසා මට ක්‍රිකට් ගැන නරකක් කියන්න බෑ…. ලංකාවෙ හැමෝම ජාති බේද, කුළ බේද නැතුව කරන එකම දේ ක්‍රිකට් බැලිල්ලයි ක්‍රිකට් ගැහිල්ලයි විතරයි….
හොඳයි නෑ කියනවද ?
කැමතියිකැමතියි
//ලංකාවෙ හැමෝම ජාති බේද, කුළ බේද නැතුව කරන එකම දේ ක්‍රිකට් බැලිල්ලයි ක්‍රිකට් ගැහිල්ලයි විතරයි….// ක්‍රිකට් පිස්සුව නැති මාත් පිළිගන්නවා!!
කැමතියිකැමතියි