Daily Archives: මාර්තු 28, 2011

2011 මාර්තු 28: නිකං ඉන්න දෙන්නෙම නෑනේ….


ඔන්න ඉතිං අද උදෙන්ම පැටියවත් ලෑස්ති කරගෙන වැඩට ගියා… අද කරන වැඩ ටික ගිය සතියෙම සැලසුම කරලා තිබුණ නිසා, හිත හිත ඉන්නේ නැතිව වැඩ ටික පටන් ගත්තා…. මේ සතිය විශ්ව විද්‍යාලයේ නිවාඩු, Spring Break. ඉතින් අර කොටට ඇඳන් යන සමනළියො මේ සතියෙ පේන්න නෑ.. හිතට පොඩ්ඩක් දුකත් එක්ක…. ඒ වුනාට ආචාර්ය වරුන්ට, කාර්ය මණ්ඩලයට, පර්යේෂණ කරන අයට සහ ආචාර්ය උපාධි අපේක්‍ෂකයන්ට නිවාඩු නෑ.. ඒ අය වැඩට එන්න ඕන…
ඉතින් සුපුරුදු පරිදි අදත් වැඩ වැඩ වැඩ…. හෙට මැච් එක තියෙන නිසා හෙට පොඩ්ඩක් වැඩ අඩුවෙන් කරන්න හිතාගෙන අද වැඩ ටිකක් වැඩියෙන් කළා.. ප්‍රතික්‍රියා 6 ක් ම පටන් ගත්තා… ඒ නිසා හෙට අළුතෙන් මොකුත් පටන් ගන්න ඕන නෑ…තියෙන වැඩ ටික ඉවර කළාම ඇති… කොහොමද ටිකිරි මොළේ… ? ඒත් ඉතිං ලොක්කා මොකක් හරි ඇවිත් ඇඟේ ගහනවා…
අදත් මෙහෙම වැඩ කරලා හවස පොඩ්ඩක් අපේ ගෘප් එක එක්ක කඩේ දාගෙන ඉන්නකොට මෙන්න ලොක්කා ඇවිත් කියපි වෙන රසායනාගාරයකට ගිහින් රසායනික සංයෝගයක් අරන් එන්න කියලා… මම අදිමදි කරලා අන්තිමට This is torture කියලා යන්න ගියා…පොඩි එවුන් නම් ලොක්කට බයයි… මම ඉතින් කියන දේ නියලා යන නිසා ලොක්කටත් ගානක් නෑ… මම ඉතින් ලොක්කට ඇති වෙන්න results අරන් දෙන නිසා ලොක්කා මොකුත් කියන්නෙත් නෑ… ඒ වුනාට නිතරම වැඩක් කරවන්නමයි බලන්නේ.. නිකම් ඉන්නවා ම නෙවෙයි.. ඒත් පොඩ්ඩක් හරි වාඩිවෙලා ඉන්නව නම් මොනවා හරි කියනවා….

මේ වගේම දින සටහනක් පෙර දවසකත් ලියවුනා වගේ මතකයි… ඒ වුනාට ඉතින් නොකියා බැහැනේ…

මේ…. මැච් එක අපි දිනයි නේද ? හෙට උදෙන්ම නැගිටින්නත් ඕන… ඔන්න ඇල්කෙමිච්චියි පැටියයි මග එනවා මාව ගෙදර අරන් යන්න…

හෙට අළුත් සටහනක් එක්ක හමුවෙමු…

%d bloggers like this: