Daily Archives: මාර්තු 29, 2011

2011 මාර්තු 29 : තව පොඩ්ඩෙන් Heart Attack හැදිලයි නවතින්නේ….


අද ඉතිං අපි හැමෝටම වගේ විශේෂ දවසක් නේ… ලංකාව අර්ධ අවසාන වටයේ තරඟය නවසීලන්තය සමග තරඟ වැදෙන දවස…. අද තරඟය දිනුවොත් අපි ( ඒ කියන්නේ ලංකාව) අවසාන තරඟයට යනවා… ලංකාව අවසාන තරඟයකට පිට පිට යන දෙවන වතාව මේක.. වාර පහක් ඇතුලත අපි දැනට අවසාන වටයට තුන් පාරක්ම තේරිලා තිබෙනවා…. ඒ වගේම අද අපේ ආදරණීය මුරලියාගේ (මුරලියා කිව්වේ ආදරේට) ලංකාවේ තරඟ කරන අවසාන තරඟය…. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කරන හැමෝටම අද විශේෂ දවසක් වුනා…

සිනාසෙන ඝාතකයා .... Smiling Assassin

අදත් සුපුරුදු පරිදි උදේ 4.45 ට පමණ එලාම් එක තියාගෙන නැගිටින්න හිතාගත්තත්, අර හිතේ චකිතය නිසාම වැඩිය නින්ද ගියෙත් නෑ… 3.00 ට 4.00 ට වගේ නිතරම ඇහැ ඇරුණා… කොහොම හරි ඔන්න උදේ 4.45 ට ඇහැ ඇරිලා වතුර එකක් කාරියෙ බීලා… මූන පොඩ්ඩක් හෝදගෙන වූ පොඩ්ඩක් කරලා කොම්පියුටරේ ඉස්සරහ වාඩි වුනා… මදැයි කොළා… නවසීලන්තේ බැට් කරන්නේ… ඒ වුනාට අපේ කට්ටියගේ පන්දු යැවිල්ලයි පන්දු රැකිල්ලයි බලන්න ඇහැ ඇරගෙන හිටියා…. උදේ නවය වනතුරු ගෙදර ඉඳන් බලපු මැච් එක රසායනාගාරයට අරන් ගියා… පැටියව ඉස්කෝලෙන් දාගෙන රසායනාගාරයට යනකොට අපි බැට් කරන්න පටන් අරන්…

ගහගෙන ගියපු විදියට මම හිතුවා ආයෙම සංගටයි මහේලටයි බැට් කරන්න උපුල් තරංගයි ඩිල්ෂානුයි ඉඩ දෙන එකක් නෑ කියලා.. අර ජෙසී රයිඩර් “අල්ලපු කැච් එක“ නම් අපූරුයි… ජොන්ටියව මතක් වුනා… ඔන්න ඉතිං අපි හිරවෙන්න ගන්නකොටම ලොක්ක ඇවිත් අහනවා අද වැඩ නැද්ද කියලා.. වැඩ කරන්නේ කොහොමද මේ වගේ කෘෂල් ත්‍රාසජනක අවස්ථාවක… ! ඔන්න ඉතිං අද නම් පොඩ්ඩක් කරදර කරන්නේ නැතිව දෙයියනේ කියලා යන්න කියලා ලොක්කව පිටත් කරලා ඇරියා.. දැන් පුටුවෙ වාඩි වෙලා බලන්නත් බෑ… කාමරේ ඇවිද ඇවිද අනිත් එවුන්ට බැණ බැණ මමත් මැච් එක බලනවා… අපේ එවුන්ට හරි ජොලි…. මගේ මේ චරිතය කවුරුවත් දැකලා නැහැ… ලොක්කත් සැරින් සැරේ ඇවිත් Cricket is a stupid game,…Go New Zealand ! කිය කියා මාව අවුස්සලා යනවා…
යන්තම් මැතිව්ස් ටයි සමරේටයි පින් සිද්ධ වෙන්න මැච් එක ගොඩ දාගත්තා.. අනේ මල්ලිලා… ලබන පාර නම් මේ වගේ හාට් ඇටෑක් හැදෙන වැඩ කරන්න එපා… සිහි බුද්ධිය ඇතිව මොලේ පාවිච්චි කරලා පරිස්සමින් ලෝක කුසලානෙ ගෙදර ගේන්න… හෙට තරඟයත් බොහොම උණුසුම් වේවි.. වැස්සෙ නැතොත්…. අපේ අයට කැඩිච්ච අතපය ඉක්මණට හොඳ වෙලා ලෝක කුසලානය ආයෙම පාරක් ලංකාවට ගේන්න වාසනාව ධෛර්යය ලැබේවා කියාගෙන අදට සමු ගන්නවා….

%d bloggers like this: