2011 අප්‍රේල් 01 : ඇල්Chemiයාගේ Worල්ඩ් Cuප් දිනna 4මියුLa එක……..


හිතවත් අරවින්ද සහ සංගක්කාර වෙත,

යුද්ධයෙන් හෙම්බත් වෙලා හිටපු, බලාපොරොත්තුවක් නැතිව හිටපු ලාංකිකයාට සන්තෝස වෙන්න කියලා දෙයක් ගෙදරට ගෙනාපු 96 කණ්ඩායමේ හිටපු ඔබත්, යුද්ධය නිමා වෙලා අළුත් බලාපොරොත්තු ඇති ලාංකිකයාට සන්තෝසයක් ගෙන එන්නට, රට තවත් ඉහළ තළයකට ඔසවා තබන්නට වෙර දරන ඔබත් ඇතුළු සියළු දෙනාම අපට හැමදාම වීරයෝ. ඔබ දෙපළගේ සුසංයෝගයෙන් සහ වෙනත් වෙනත් අයගේ උපකාරයෙන් අද අප මේ තැනට හෝ ආපු එක ගැන අපි හැමෝම සන්තෝසයි…. ඉතින් ලෝක කුසලානය ගැන ඇහැ ගහගෙන හිටපු මමත් මේ ගමනේ නිමාව කොතැනදැයි මුව අයාගෙන බලා හිටියා… ජයග්‍රහණය පෙනෙනතෙක් මානයේ. තව පැය ගණනකින් අපි සියළු දෙනාම රූපවාහිනී යන්ත්‍ර වලට ඇළිලා ගැලිලා ඔබට හුරේ දමනවා… වැරැද්දක් කළොත් බණින්නත් අපි පසුබට වෙන්නේ නෑ… මේ නිසාම ඇල්කෙමියා වන මම කළ දීර්ඝ කාළීන පර්යේෂණයක ප්‍රතිඵල ඔබ වෙත ඉදිරිපත් කරනවා..  මේ අනුව ක්‍රීඩා කළොත් නම් කප් එක අපේ අතේම තමයි…

කිරුළ කාටද ?

මුලින්ම කාසියේ වාසිය කොහොම හරි දිනාගන්න ඕන.  හොඳින් බැරිනම් නරකින් හරි… දෝණිට ගහලා හරි කාසියේ වාසිය දිනාගන්න ඕන… රූපවාහිනී කැමරා මැද්දේ ගහන්න බැරි නම් අඬලා හරි බැටින් ඉල්ලගන්න ඕන.. බැටින් ගත්තට පස්සේ මුලින්ම බෝල් කරන්න එන්නේ සහීර් ඛාන්..  මෙයා ටිකක් නපුරා.. ඒ නිසා මෙයාගේ ඕවර 10 ටම ලකුණු 30 ක් විතර අරන් පැත්තකට කරලා තියන්න ඕන.. හැබැයි විකට් දෙන්න නම් එපා… ඔය මනුස්සයා ඩිල්ශාන්ගෙ විකට් එක ගන්න මානනවා කියලා හර්ෂ බෝග්ලේත් ලියලා තිබුණා… දෙන්න නම් එපා විකට් එක… ඊලඟට නපුරු එක්කෙනා තමයි යුවරාජ් සිංහයා… අපිත් ඉතිං සිංහයො තමයි… මේ නිසාම අනේ මචං විකට් එකට බෝල දාන්න එපා කියලා ශේප් කරගෙන එයගේ ඕවර 10 ටත් 30 ක් ගහලා පැත්තකට කරවන්න ඕන… දැන් තමයි කබ්බො එන්නේ… ඔය කබ්බන්ට ඕවරේට 9  ගණනේ ගහලා 9 x 10 x 3 = 270 ක් ගහගන්න ඕන… එතකොට අනිත් අයගෙන් එන 60 ත් එක්ක අවම 330 ක් වැටෙනවා…

මුරලිට තෑග්ගක් - ලෝක කුසලානය

ඔන්න බලන්න 330ක් ලකුණු පුවරුවේ වැටුන ගමන් ඉන්දියානු පිතිකරුවො මානසිකව ඇද වැටෙනවා…. සෙවාග් පැන පැන ගහන්න යනවා. එතකොට තිසර පෙරේරා ලවා පන්දු යවවන්න ඕන… තර්ඩ් මෑන් කලාපයේ මහේල වගේ හොඳට බෝල අල්ලන කෙනෙක් දාලා උපර් කට් එක ගහන්න සලස්වන්න ඕන.. එතකොට මිනිහා දැවී යනවා…. එහෙමත් නැත්නම් පළමු පන්දු ඕවරය රන්දිව්ට දෙන්න… අර දඹුල්ලෙදි 100 ගහන්න නොදුන් එකේ වාඩුව ගන්න සෙවාග් පළවෙන් පන්දුවටම රන්දිව්ට හයක් ගහන්න යනවා… අන්න එතකොට රන්දිව්ට කරන්න තියෙන්නේ පොඩ්ඩක් අයිනට වෙන්න වයිඩ් පන්දුවක් දාන්න… එතකොට සංගක්කාර කඩුල්ල බිඳ දැමීමෙන් ස්ටම්ප් කිරීමේ වරදට සෙවාග්ව හසු කරගන්නත් පුළුවන්. ටෙන්ඩුල්කාර්ට සීයක් ගහන්න දෙනවද නැද්ද කියලා මම තවම හිතලා නෑ.. මොකද මිනිහා සීයක් ගැහුවොත් මැච් එක පරදිනවා කියලා කට්ටිය කියනවා. ඒත් ඉතින් මිනිහටත් මොනවා හරි සන්තෝසයක් දැනෙන දෙයක් කරන්න එපායෑ. මේක ටෙන්ඩුල්කාර් ක්‍රීඩා කරන අවසාන ලෝක කුසලාන තරඟයනේ……ඒ නිසා අපි මිනිහට 100 ක් ගහන්න දෙමු, හැබැයි පකිස්ථාන් තරඟයේදී වගේ උඩපන්දු දුන්නොත් නම් අල්ලගන්න කියන්න… පිනා චාන්ස් වලින් හැමදාම ගහන්න බෑනේ… අර ගම්භීර කොළුවා ට බෝල් දාන්න අපේ කුලාට දෙන්න… එයා දන්නවා පිට ඉන්නේ පතිත කරන පන්දුව ඇතුලට දෝලනය කරලා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගන්න.. හැබැයි අම්පයර්ට කියන්න වරදට සමාව දෙන්න එපා කියලා… ඒක මංගල යෝජනා වලදි විතරයි බලපැවැත්වෙන්නේ. ඊට පස්සේ එන යුවරාජ් සිංහයාට අපේ මුරලි හරි රන්දිව් හරි දාලා දඟ පන්දු ටිකක් දාන්න..

කවුද ලොක්කා ?

විරාට් කෝලි  අර කෝලි ෆ්ලවර් කියන කෑමට ආසාත්මිකයි… ඒ නිසා කඩුල්ල ලඟ හොරෙන් කෝලි ෆ්ලවර් ටිකක් තියන්න.. මිනිහට කිවිසුම් යන්න ගනීවි.. එතකොට මානසික ඒකාග්‍රතාවය බිඳිලා කඩුල්ලත් බිඳිලා යාවි.  රයිනා ආවම එයා දුවකොට යස් යස් හරි නෝ නෝ හරි කියලා මිනිහව Confuse  කරවන්න එතකොට මිනිහා නිකම්ම දුවද්දී දැවී යයි… සමහරවිට අනිත් අයත් දවා යවාවි… දෝණි ආවම බොන්න දෙන්න පෙප්සි එකක් ලඟ තියාගන්න… ඒක බීපුවාම එයා හෙලිකොප්ටර් ෂොට් එක ගහන්න යනවා… එතකොට මාලිංග ලවා ඇඟිලි කැඩෙන යෝකර් පන්දුවක් දම්මවන්න… එයාත් හරි… අර පටාන් ගත්ත ගමන් හයේව ගහන පටාන්ටත් මාලිංග ලවා යෝකර් එකක්  දම්මවන්න… මිනිහට ඒවට ගහන්න බෑ…. හජබජං ට නම් පොඩ්ඩක් පන්දුව උඩට ගත්තාම මිඩ් විකට් කලාපයට උඩ පන්දුවක් දෙයි….

අර පිස්සු පොර ශ්‍රී සනත් ආවම පොඩ්ඩක් කොචොක් කරන්න… දන්නවනේ අර සංගා ෂෝන් පොලොක් ට කිවුවා වගේ දේවල්…. ඉතිං මූට මල පැනලා කාට හරි ගහන්න යාවි.. එහෙමත් නැත්තං විකට් එකට ගහලා යන්න යාවි… සහීර් ඛාන්ට දාන්න හොඳ බවුන්සර් එකක්… මිනිහා දාන බෝලවල රඟේ මිනිහටම පේන්න.. දාලා කියන්න ඔන්න ඔහොමයි අපිටත් ඔයා බෝල දාන්නේ කියලා… මුන්නා බායි නං අහිංසක කොළුවා… සමහර විට අපිට වාසි වෙන විදියට පන්දු යවන්නත් බැරි නෑ…. එහේම කළොත් ටිකක් හොඳින් සලකන්න… ඔය අතරේ මෙන්ඩිස් ස්පෙෂල් අමතක කරන්න එපා…. සමහර විට මිනිහා අර ආසියානු කුසලානේ අවසාන තරඟයේ දුන්න ගේම දෙන්න බැරි නෑ…ඒ නිසා මිනිහවත් ටික ටික සැන්ඩි දාලා පාවිච්චි කරන්න….. සමහර විට මෙන්ඩි ස්පෙෂල් නැතුවත් වැඩේ කරගන්න පුළුවන් වේවි.. එහෙම වුනොත් මෙන්ඩිස් බෝතලේ After party එකට තියාගන්න…..

මෙන්ඩිස් ස්පෙෂල්.... හොඳම එකෙන්....

ඔන්න ඔහොම වැඩ කළාම කුසලානෙ නිකම්ම අපේ අතේ… හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා… ඉස්සර වෙලා ඉන්දියාව බැටින් ගත්තොත් ඒ ගොල්ලො ගහන්න යනවා.. ඒකට මෙන්න මෙහෙම ප්‍රතිකර්මයක් තියෙනවා… අද උදේ කෑමට බිත්තරයි, පරිප්පුයි කොස් ඇටයි අනිවාර්යයෙන්ම කට්ටියට දෙන්න… ඔය කඩුල්ල වටේ ඉන්න අය, කට්ටිය බැට් කරන්න ලෑස්ති වෙනකොටම හීනියට එකක් අරින්න.. අර ගඳ දැනෙනකොට උන්ට බැට් කරන්න අමතක වෙනවා.. එක අතකින් නහය වහගත්තාම නිකන්ම අවුට් වෙනවා… සංගක්කාරටත් මේ වැඩේ කරන්න පුළුවන් කඩුල්ල ළඟම පන්දු රකිනකොට….

දෙවනිදා අපි හැමෝගෙම ප්‍රාර්ථනාව

ඔන්න ඔහොම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරලා ඔක්කෝම එක්ක ලෝක කුසලානෙ ආයෙම ලංකාවට ගේන්න… අතට ලැබෙන උඩ පන්දු ටික හරියට අල්ලගන්න.. දුවන්න පොඩ්ඩක් දීලා හොරෙන් කඩුල්ලට ගහලා දුවද්දී දවාගැනීම කරන්න…. වැඩි පුර අතිරේක ලකුණු දෙන්න එපා ඔයාලටමනේ කරදරේ ඒව ආයෙම ගහන්න….

ඒ වගේම මේ මොනව වුනත් අපි ඔයාල එක්ක ඉන්නව කියන එක අමතක කරන්න එපා… ඉන්දියන් කාරයෝ වගේ අපි ඔයාලගේ ගෙවල්වලට ගිණි තියන්නෙවත්, ගල් ගහන්නෙවත් නෑ… දින්නොත් සන්තෝසයි, පැරදුනොත් දුකයි… ඒත් අපි දිනයි කියලා හිතාගෙන ඉන්නවා අවසාන මොහොත වෙනකල්ම…. මතකයි නේ නවසීලන්ත තරඟය…. අතාරින්න එපා අන්තිම බෝලය එනතෙක්ම…. ක්‍රිකට් හරිම අවිනිශ්චිතයි… මාලිංගට පුළුවන් වුනොත් පන්දු හතරකදී කඩුළු හතරක් ගන්න….. කවුද දන්නේ…..

ඉතින්…අපේ සිංහ පැටවුන්ට ජය වේවා.

මෙයට

හිතවත්,

ඇල්කෙමියා.

ප‍: ලි: මේක ට්‍රැවර් බේලිස්ටත් පරිවර්තනය කරලා දෙන්න….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 1, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. 330 ක් ගහන්න කියාපු විදිහ….සOගා මේක ඇත්තටම දැක්ක නම් අනිවා මේවායින් අඩු ගානේ දෙක තුනක්වත් ට්‍රයි කොරනවා අනිවා…ඒක නෙමේ අන්තිම එකොලහ කවුද කියල ද ඇල්කෙමියා හිතන්නේ….

    කැමතියි

  2. match එකට කලින් මේ blog එක ස0ගාට පෙන්නගන්න තිබ්බ නම් තමා හොඳ. මේ blog එක දැක්කොත්නම් අනිවාර්යයෙන් ස0ගා මේවායින් අඩුම තරමේ 2ක් 3ක් වත් try කරලා බලනවා…..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: