Daily Archives: අප්‍රේල් 5, 2011
2011 අප්‍රේල් 05 : වැරදුන ටෙලිග්‍රෑම් එක නොහොත් ‘71 ජවිපෙ කැරැල්ල
අද අප්‍රේල් 05 යි… සුප්‍රසිද්ධ 71 කැරැල්ලට අවුරුදු 40 යි… ගල් කටස් එකෙන් රට අල්ලන්න ගිහින් තරුණ තරුණියො දහස් ගණනක් මැරෙන්න මූලික වෙච්චි කාළකන්නි කැරැල්ල ඇරඹුනේ අද වගේ දවසක… වැරදිච්ච ටෙලිග්‍රෑම් එකකින් වැඩේ අතේ පත්තුවෙච්චි කැරැල්ල… මම නම් ඒ කාලෙ තාත්තගේ දණහිසේවත් නැහැ… ඒත් අපේ තාත්තත් පොළිසියට අල්ලන් ගියා කියලා අම්මා කිවුවා… හොඳ වෙලාවට බේරිලා ආවේ නැත්නම් ඉතින් ඇල්කෙමියෙක් කොහෙද ?
රටකට විකල්ප මතයක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා.. නමුත් ආයුධ අරන් කරන විප්ලවයක් මම නම් අනුමත කරන්නේ නෑ… නැට්ටට කිරි එරිච්ච කාලේ මමත් විමලසිරි ගම්ලත්, විනී හෙට්ටිගොඩ, ඩලස් අලහප්පෙරුම, සුනිල් මාධව ප්‍රේමතිලක ආදී විප්ලවයට දායක වූවන්ගේ අතින් ලියැවිච්ච “හිරු” පත්තරේ ඇඳේ මෙට්ටෙ යට තියන් කියෙවුවා මතකයි… විනී හෙට්ටිගොඩ වගේ කාටූන් අඳින්න, ඒ වගේම අත්සන ගහන්නත් පුරුදු වුනේ අර ඇඟේ තිබුණ උණට… නමුත් මම කිසිදාක මිනීමරු විප්ලවයට නම් කැමැත්තක් තිබුණේ නෑ…. ඒ වගේම මගේ විප්ලවීය ඉතිහාසෙත් එතනින්ම ඉවර වුනා… සමහර යාළුවො මට කිවුවේ සමාජවාදී ඇමරිකන් කාරයා කියලා… ඒ කාලේ ඉඳලම මම ඔය යූනියන් කාරයන්ගේ අභූත ඉල්ලීම් වලට එකඟ වුනේ නෑ.. මගේ දර්ශනය වුනේ හරියට වැඩ කරලා එහෙමත් නැත්නම් යුතුකම් ඉටු කරලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා… ඒක තවමත් එහෙමමයි.
අද නම් ජවිපෙ ඇති තැන කියන්නත් ලැජ්ජයි… එදා යම් තරමකට හෝ තිබූ දාර්ශනික බව අද ගිළිහිලා. අවස්ථාවාදී දේශපාලනය විසින් එය ගිලගෙන… ඇට නැති දිව වගේ හැරෙන හැරෙන පැත්තට හිතෙන හිතෙන දේ කියන නායකත්‍වයක් අද තියෙන්නේ… එදා තිබූ ඡන්ද පදනම වත් නෑ.. ඒ වුනාට අනුන්ගේ ඇසේ තියෙන පොල් කෙන්ද දකිනවා…. ඒ විප්ලව දෙකට මැදි වෙලා තරුණ තරුණියෝ 80,000 ක් පමණ අකාලයේ මෙලොවින් සමුගත්තා… සමහරු විප්ලවයට දායක වුනත්, තවත් සමහරු පෞද්ගලික අමනාපකම් මත පරලොව යැවුනා…. රටට වැඩක් කරන්නට සිටි උගත් බුද්ධිමත් පිරිසක්, අකාලයේ මරා දැම්මේ ජනතාවට විමුක්තිය උදා කරන්න ගිහින්… ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග, ලයනල් ජයතිලක, හර්ෂ අබේවර්ධන, තේවිස් ගුරුගේ වැනි අග්‍රගණ්‍ය මිනිසුන් අප අතරින් තුරන් කළේ මෙන්න මේ පුහු විප්ලවය… කවුරු මොනවා කියලා සුදනා වෙන්න උත්සාහ කළත්, ඔවුනට මේවට හේතු දක්වන්න බෑ.. ඒ නිසා කරුණාකර මේ සටහනට ජවිපෙ සුද්ද කරලා ප්‍රතිචාර නම් ලියන්න එපා… මම ඒවා පළ කරන්නේ වත් නෑ….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අද අපේ නංගි සුභ ආරංචියක් ගෙනාවා… ඒ මම ලොකුතාත්තා කෙනෙක් වෙලා කියලා… මල්ලීගේ බිරිඳ ඔවුන්ගේ පළමු දරු ප්‍රසූතිය සඳහා රෝහලකට ඇතුළුකරලා තිබුණා.. ඇය අද පුතෙකු ලබලා… මට තවම ඔවුනට කතා කරන්න වෙලාවක් නැති වුනත් ඇල්කෙමිච්චි විස්තර අසා දැනගෙන තිබුණා.. අපේ පරම්පරාව ගෙනියන්න තවත් කොල්ලෙක් ආපු එක ගැන සතුටුයි… ඒ වුනත් අපේ දෙමව්පියො තම දරුවන්ගේ දරුවන් හුරතල් කරන්න නම් වාසනාවන්ත නැහැ.. ඔවුනට ඇල්කෙමි පැටියා හුරතල් කරන්න ලැබෙන්නේ ලංකාවට ගිය දවසක විතරයි… දැන් මල්ලීගේ පැටියා ඉන්නෙත් එංගලන්තේ එයාව හුරතල් කරන්න ලැබෙයි පහු වෙලා… ඒ අය ආපසු ලංකාවට යන්න තීරණය කළොත්…. හැමදාම අම්මා කියන කතාවක් තමයි අපි දරුවෝ හදලා තියෙන්නේ ලෝකෙට දෙන්න කියලා… මම මෙහේ, මල්ලි වෙන තැනක, නංගි වෙන තැනක… දැන් අම්මා-තාත්තා බලන්න ඉන්නේ ඇය විතරයි… ඒ අතින් ඇයට අපේ ගෞරවය හිමි වෙන්න ඕන… අපි හැමෝටම බැඳීම් ඇති වෙනකොට අපිට සීමා මායිම් ඇති වෙනවා.. එහෙම වුනා කියලා දෙමවුපියන්ට නොසලකා ඉන්නට බැහැ… ඔවුනට මෙහි එන්නත් බැහැ, අපට එහේ යන්නත් බැහැ… මේක මගේ හිතට හරියට වද දෙන ප්‍රශ්නයක්… කෙසේ හෝ ඉක්මනින් මෙයට විසඳුමක් සොයාගත යුතුයි… දෙම්වුපියන්ගෙන් දරුවො වෙන් වුනාම ඔවුන් තනි වෙනවා තමයි… අපේ සංස්කෘතිය අනුව අපි දෙමවුපියො බලාගත්තත්, මෙහේ නම් දෙමවුපියෝ කැමති තනියම ඉන්න….. දරුවො එක්ක ඉන්නකොට ඔවුනට කරදර වැඩියි… ඔවුනට අවශ්‍ය නිදහස, මානසික තෘප්තිය නැති වෙනවා…
එක එක අයට එක එක ප්‍රශ්න….. එකම ප්‍රශ්නය වුනත් විවිධ අයට විවිධයි… ලෝකෙ හැටි එහෙමයි…