2011 අප්‍රේල් 05 : වැරදුන ටෙලිග්‍රෑම් එක නොහොත් ‘71 ජවිපෙ කැරැල්ල


අද අප්‍රේල් 05 යි… සුප්‍රසිද්ධ 71 කැරැල්ලට අවුරුදු 40 යි… ගල් කටස් එකෙන් රට අල්ලන්න ගිහින් තරුණ තරුණියො දහස් ගණනක් මැරෙන්න මූලික වෙච්චි කාළකන්නි කැරැල්ල ඇරඹුනේ අද වගේ දවසක… වැරදිච්ච ටෙලිග්‍රෑම් එකකින් වැඩේ අතේ පත්තුවෙච්චි කැරැල්ල… මම නම් ඒ කාලෙ තාත්තගේ දණහිසේවත් නැහැ… ඒත් අපේ තාත්තත් පොළිසියට අල්ලන් ගියා කියලා අම්මා කිවුවා… හොඳ වෙලාවට බේරිලා ආවේ නැත්නම් ඉතින් ඇල්කෙමියෙක් කොහෙද ?
රටකට විකල්ප මතයක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා.. නමුත් ආයුධ අරන් කරන විප්ලවයක් මම නම් අනුමත කරන්නේ නෑ… නැට්ටට කිරි එරිච්ච කාලේ මමත් විමලසිරි ගම්ලත්, විනී හෙට්ටිගොඩ, ඩලස් අලහප්පෙරුම, සුනිල් මාධව ප්‍රේමතිලක ආදී විප්ලවයට දායක වූවන්ගේ අතින් ලියැවිච්ච “හිරු” පත්තරේ ඇඳේ මෙට්ටෙ යට තියන් කියෙවුවා මතකයි… විනී හෙට්ටිගොඩ වගේ කාටූන් අඳින්න, ඒ වගේම අත්සන ගහන්නත් පුරුදු වුනේ අර ඇඟේ තිබුණ උණට… නමුත් මම කිසිදාක මිනීමරු විප්ලවයට නම් කැමැත්තක් තිබුණේ නෑ…. ඒ වගේම මගේ විප්ලවීය ඉතිහාසෙත් එතනින්ම ඉවර වුනා… සමහර යාළුවො මට කිවුවේ සමාජවාදී ඇමරිකන් කාරයා කියලා… ඒ කාලේ ඉඳලම මම ඔය යූනියන් කාරයන්ගේ අභූත ඉල්ලීම් වලට එකඟ වුනේ නෑ.. මගේ දර්ශනය වුනේ හරියට වැඩ කරලා එහෙමත් නැත්නම් යුතුකම් ඉටු කරලා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා… ඒක තවමත් එහෙමමයි.
අද නම් ජවිපෙ ඇති තැන කියන්නත් ලැජ්ජයි… එදා යම් තරමකට හෝ තිබූ දාර්ශනික බව අද ගිළිහිලා. අවස්ථාවාදී දේශපාලනය විසින් එය ගිලගෙන… ඇට නැති දිව වගේ හැරෙන හැරෙන පැත්තට හිතෙන හිතෙන දේ කියන නායකත්‍වයක් අද තියෙන්නේ… එදා තිබූ ඡන්ද පදනම වත් නෑ.. ඒ වුනාට අනුන්ගේ ඇසේ තියෙන පොල් කෙන්ද දකිනවා…. ඒ විප්ලව දෙකට මැදි වෙලා තරුණ තරුණියෝ 80,000 ක් පමණ අකාලයේ මෙලොවින් සමුගත්තා… සමහරු විප්ලවයට දායක වුනත්, තවත් සමහරු පෞද්ගලික අමනාපකම් මත පරලොව යැවුනා…. රටට වැඩක් කරන්නට සිටි උගත් බුද්ධිමත් පිරිසක්, අකාලයේ මරා දැම්මේ ජනතාවට විමුක්තිය උදා කරන්න ගිහින්… ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග, ලයනල් ජයතිලක, හර්ෂ අබේවර්ධන, තේවිස් ගුරුගේ වැනි අග්‍රගණ්‍ය මිනිසුන් අප අතරින් තුරන් කළේ මෙන්න මේ පුහු විප්ලවය… කවුරු මොනවා කියලා සුදනා වෙන්න උත්සාහ කළත්, ඔවුනට මේවට හේතු දක්වන්න බෑ.. ඒ නිසා කරුණාකර මේ සටහනට ජවිපෙ සුද්ද කරලා ප්‍රතිචාර නම් ලියන්න එපා… මම ඒවා පළ කරන්නේ වත් නෑ….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අද අපේ නංගි සුභ ආරංචියක් ගෙනාවා… ඒ මම ලොකුතාත්තා කෙනෙක් වෙලා කියලා… මල්ලීගේ බිරිඳ ඔවුන්ගේ පළමු දරු ප්‍රසූතිය සඳහා රෝහලකට ඇතුළුකරලා තිබුණා.. ඇය අද පුතෙකු ලබලා… මට තවම ඔවුනට කතා කරන්න වෙලාවක් නැති වුනත් ඇල්කෙමිච්චි විස්තර අසා දැනගෙන තිබුණා.. අපේ පරම්පරාව ගෙනියන්න තවත් කොල්ලෙක් ආපු එක ගැන සතුටුයි… ඒ වුනත් අපේ දෙමව්පියො තම දරුවන්ගේ දරුවන් හුරතල් කරන්න නම් වාසනාවන්ත නැහැ.. ඔවුනට ඇල්කෙමි පැටියා හුරතල් කරන්න ලැබෙන්නේ ලංකාවට ගිය දවසක විතරයි… දැන් මල්ලීගේ පැටියා ඉන්නෙත් එංගලන්තේ එයාව හුරතල් කරන්න ලැබෙයි පහු වෙලා… ඒ අය ආපසු ලංකාවට යන්න තීරණය කළොත්…. හැමදාම අම්මා කියන කතාවක් තමයි අපි දරුවෝ හදලා තියෙන්නේ ලෝකෙට දෙන්න කියලා… මම මෙහේ, මල්ලි වෙන තැනක, නංගි වෙන තැනක… දැන් අම්මා-තාත්තා බලන්න ඉන්නේ ඇය විතරයි… ඒ අතින් ඇයට අපේ ගෞරවය හිමි වෙන්න ඕන… අපි හැමෝටම බැඳීම් ඇති වෙනකොට අපිට සීමා මායිම් ඇති වෙනවා.. එහෙම වුනා කියලා දෙමවුපියන්ට නොසලකා ඉන්නට බැහැ… ඔවුනට මෙහි එන්නත් බැහැ, අපට එහේ යන්නත් බැහැ… මේක මගේ හිතට හරියට වද දෙන ප්‍රශ්නයක්… කෙසේ හෝ ඉක්මනින් මෙයට විසඳුමක් සොයාගත යුතුයි… දෙම්වුපියන්ගෙන් දරුවො වෙන් වුනාම ඔවුන් තනි වෙනවා තමයි… අපේ සංස්කෘතිය අනුව අපි දෙමවුපියො බලාගත්තත්, මෙහේ නම් දෙමවුපියෝ කැමති තනියම ඉන්න….. දරුවො එක්ක ඉන්නකොට ඔවුනට කරදර වැඩියි… ඔවුනට අවශ්‍ය නිදහස, මානසික තෘප්තිය නැති වෙනවා…
එක එක අයට එක එක ප්‍රශ්න….. එකම ප්‍රශ්නය වුනත් විවිධ අයට විවිධයි… ලෝකෙ හැටි එහෙමයි…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 5, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. අනේ මන්දා අයියා ඔය මුලින් කියලා තියන topic එක ගැන නම් මට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ, මම නම් කැමතිත්නෑ ඇල්කෙමියා දේශපාලනය ගෑවිලාවත් කතා කරනවට. (ඒක ඉතින් ඇල්කෙමියාගේ කැමැත්තනේ) ඒ උනාට ඇල්කෙමියා කියන ප්‍රතිරූපයට එක ගැලපෙන්නේ නෑ කියලයි මගේ අදහස.
    මොනවා උනත් ඇල්කෙමියා අන්තිමට කියල තියන එකට නම් මමත් එකගයි. එ ප්‍රශ්ණේ ඒ විදිහටම අපෙ ගෙදරත් තියනවා. අපේ ආත්තාම්මාත් අවුරුද්දට එයාගේ දුවලා පුතාලා ටික ල0කාවට එනකන් බලන් ඉන්න විදිහ දැක්කාම මටත් පුදුම දුකක් දැනෙනෙවා. මොනවා උනත් ඒ ඔක්කොම දුලා පුතාලා ඒ අම්මව අමතක නොකරන එක ගැන නම් මමත් හුගක් සතුටු වෙනවා. එන්න බැරි උනත් ල0කාවට අඩුම තරමෙන් තමන්ගේ අම්මා ගැන හොයලා බලන එකත් ඇතිනේ, ඒ අතින්නම් දකුණේ මිනිස්සු ල0කාවේ අනිත් පලාත් වල සමහරක් මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. (කොහොම උනත් ඉතින් දකුණේ තරම් හොද ගතිගුණ තියන මිනිස්සු ල0කාවේ වෙන කොහේවත් නෑ.)

    කැමතියි

  2. අල්කෙමියා මා විශ්මයට පත් කරයි !!!! තරුණ කමට විනී හෙට්ටිගොඩගේ අත්සන ගසා අතහැර දැමුවා කීවාට අල්කෙමියා අවුරුදු කිහිපයකට පෙර ඇමරිකාවේ සිට ..ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙන මෙන් ඉල්ලා විද්‍යුත් තැපෑලෙන් ලිපි එවූ ආකාරය පවා අපට මතකය .ජනතාවිමුක්ති පෙරමුණ කල මිනී මැරුම් ගැන අල්කෙමියා එකලද හොඳින් දැන සිටියේය එසේ ක්‍රියා කරමින් සිටි අල්කෙමියා එකවරම මැරිලා උපන්නාමෙන් මෙවැනි දේ ලියන බව දැක අප මවිතයට පත්වීමු .මෙයින් අදහස් කරනුයේ අල්කෙමියාට තම දේශපාලන අදහස් වෙනස් කර අලුත් අදහස් වැලදගනීමට අයිතියක් නොමැති බව නොවේ . අල්කෙමියා අද විවේචනය කරන දෑ එකලද හොදින් දැන දැනම ඒවා වැරදි ලෙස නොසලකා ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙන ලෙසට පවා ඉල්ලා සිටීමෙන් වැරද්දක් කර ඇති බව පෙන්වාදීමය !!!!

    කැමතියි

    • ඇත්ත… මමත් කාළයක් ජවිපෙට කඩේ ගියා… මතකයි නේ… අපි ඔට්ටුවක් අල්ලලා මම දිනුවා… ජවිපෙට ආන 10 කට වඩා ලැබෙනවා කියලා…
      ඒත්, ඒ කාලේ ගියා… දැන් ජවිපෙ යන්නේ වෙන මඟක…
      හැබැයි මම ඇමරිකාවේ ඉඳන් ජවිපෙට කඩේ ගියේ පොදුජන එක්සත් පෙරමුණ දිනවන්න මිසක්, ජවිපෙ දිනවන්නම නොවෙයි… ඒ කාලේ අපට අවශ්‍ය වුනේ යුද්ධය දිනන පක්‍ෂයක් බලයට ගෙන ඒමයි…. චන්ද්‍රිකා එක්ක ජවිපෙ ගහපු ගිවිසුම හරියට කෙරුණා නම් සමහරවිට තත්ත්‍වය වෙනස් වෙන්නට පුළුවන්කම තිබුණා…….

      මම ඒ කාලේ ජවිපෙට කඩේ ගියත්, මම කවදාවත් මිනී මරණ දේශපාලනය අනුමත කළේ නැති බව සහෝදරයාට මතක ඇති බව සිතනවා….
      මමත් වැරැද්දක් කළා…. දැන් හැක් පමණ වැරදි හදාගන්න උත්සාහ කරනවා….

      වැරදීම දේව ගතියක් – සමාව දීම මිනිස් ගතියක් කියලා කියමනක් තියෙනවානේ..

      කැමතියි

  3. අල්කෙමියාගේ සත්‍යවාදී මහත්මා ගුණය පිලිබදව මසිත පහන් සිතුවිලි පහලවේ !!!! මගේ දැනුමේ ප්‍රමාණයට වාමාංශික විප්ලවවාදී පක්ෂයක අනුගාමිකයකුව සිට ඉගෙනීමේ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් එම අදහස් වෙනස් නොකර ගෙන ලංකාවට නැවත පැමිණි එකම පුද්ගලයා සමාජ වාදයේ පියා ලෙස හඳුන්වනු ලැබූ ෆිලිප් ගුනවර්දන පමණි .මා දන්නා අනිකුත් සියලුදෙනාම අනුගමනය කලේ අල්කෙමියා අනුගමනය කල ක්‍රියාමර්ගයමය .කෙසේවෙතත් ඔවුන් අතුරෙනුත් දීර්ගම කාලයක් තම මතය වෙනස් නොකරගෙන සිටි පුද්ගලයා වනුයේ අපගේ අල්කෙමියාමය . සෙසු අය ඇමරිකාවට ගොඩබසිනවාත් සමගම තම මෝඩ අදහස් අමතක කර වැරැද්ද නිවැරදි කරගත්තෝය !!!! අඩුම තරමින් අල්කෙමියාමෙන් සමාව ඉල්ලා සිටීමට පවා ඔවුන් නිහතමානී වූවේ නැත . ලංකාවේ වෙසෙන සියලු ජේවීපී සහෝදරවරුන්ව ශිෂ්‍යත්ව ලබාදී ඇමෙරිකාවට යැවුවානම් ඔවුන්ගේ නැණැස ද පෑදෙනු ඇත . එවැනි කර්තව්‍යක් සඳහා මූලික උගත් කමක් ඔවුනට නැතැයි යමෙකුට තර්ක කල හැකිය . නමුත් මාගේ මතකය නිවැරදිනම් තම ශිෂ්‍ය භාවය අහෝසි කරගත් ජවිපයේ ශිෂ්‍ය කැඳවුම්කරු දන්ත වයිද්‍ය ශිෂ්‍යයෙකි !!!! තවත් වයිද්යවරු වැනි ජේවීපී කාරයන් දේශපාලන වැඩසටහන් ආදියට සහබාගී වෙනවා මම දැක ඇත්තෙමි .

    කැමතියි

    • අපරාදේ කියන්නේ දැන් අර උදළු ප්‍රේමරත්න දත් දොස්තර කෙනෙක් වුනා නම් මොකද ?
      දැන් කවදා හරි ජවිපෙ ටිකට් එකෙන් ඡන්දෙට ඉල්ලයි

      එතකොට උදළු ප්‍රේමරත්න දන්ත වෛද්‍ය විද්‍යාෙලට එනතොට එතැනට එන්න තැන නැතිවුන ශිෂ්‍යයා ඉන්නේ කොහෙද ? කෘෂි විද්‍යා පීඨයේ….
      ඒක සාධාරණද ?
      විශ්ව විද්‍යාලෙට ඇවිත් නිදහස් අධ්‍යාපනේ ගැන අරගල කරනවා… ඒ වුනාට තමන් නිසා එතැනට එන්න හිටපු එකාගෙ තැන නැතිවීම ගැන මොකද කියන්නේ ? උදළු ප්‍රේමරත්නත් හරියට අර පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගේ… ඌ දන්ත වෛද්‍ය පීඨෙට ඇවිත් ඉගෙන ගන්නෙත් නෑ… එත්නට එන්න හිටපු එකාට එන්න දුන්නෙත් නෑ…. ඔන්න සමාජවාදෙ….
      ඔයිට වැඩිය හොඳ නැද්ද උසස් පෙළ කරපු ගමන්ම ජවිපෙට බැඳිලා කඩේ ගියානං….

      කැමතියි

  4. රට බල්ලට ගියාවේ.
    කප් ඵකයි.තෙල් ටිකයි,මාලු ටිකයි ඔක්කොම ඉන්දියාව අල්ලගේන ගියාවේ.
    අපි දොයි .
    අනේ මේ වගේ දේශප්‍රේමියො.
    මොලේ කලදක්වත් තියේන ඵකෙක් කියනවද බොලව් මේ වගේ මන්ද කතා.

    කැමතියි

  5. කිරීඩා කොරල ඉන්දියාව කප් එක අරන් ගිය එක වෙනමම කාරණයක් !!!! ඒකට ඉතින් ඇල්කෙමියාට දොසක් පවරන්න බැහැ !!!! තෙල් ටිකයි මාළු ටිකයි අල්ලන් යන එකත් ඇල්කෙමියට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ලංකාවේ ඉන්න අපිට වගේ . මොකද හීන් එකා සන්දියේ රතු කැකුළු බත් එක්ක බල මාළු ඇඹුල්තියල් දෙසාබෑවට ඔය කට කාරගෙන යන සැර මාළු ජාති නැතුවට ” ට්‍රවුට් ” ” සැමන් ” වගේ ලේ වඩවන මටසිලුටු මාළු ජාති ඇල්කෙමිය හතරවේලටම බුක්ති විඳිනවා මගේ හිතේ !!!! පොඩි එකාටත් ඔය සැර මාළු පත්තියන් වෙන්නේ නැහැ නොවැ !!!! තෙල් වලටත් අපිට වගේ ලොකු ප්‍රශ්නයක් ඇල්කෙමියට තියෙන්න බැහැ !!!! අර ඒ සන්දියේ රොබින්හුඩ් කලා වගේ ලිබියාවට හරි ඉරාකෙට හරි ගහල හරි ඇල්කෙමියලගේ රටේ ලොක්කෝ තෙල් ටික හොයාගෙන ඇල්කෙමියලාව සන්තෝසයෙන් තියාවි !!!! නැට්ටට කිරි එරෙන කාලේ කෝට්ටේ අස්සේ හිරු පත්තරෙයි සඳු පත්තරෙයි ගහගෙන , කට කාර ගෙන යන බලමාලු කකා ඇමරිකාව බංග වේවා කියල බෝඩ් ලෑලි අල්ලාගෙන මේ දුප්පත් රටට වෙලා හිටියනම් ඇල්කෙමියට මේ වගේ උත්කෘෂ්ට කල දසාවක් යාවිද ???? කොයි හැටි උනත් ඇල්කෙමිය හෙළ පහු උනාට පස්සේ හැරමිටිය විසි කරන්නේ නැති හිත හොඳ කොල්ල !!!! දැකල නැද්ද ඒ උත්තමය ජීවත් වෙන සුර පුරේ තත්වෙටම අපේ දුප්පත් කාලකන්නි රට දියුණු කරන හැටි කියල දවස ගානේ ගුරු හැරු කම් දෙන හැටි ???? හිරු පත්තරේ කියව කියව විප්ලව කර කර උන බහිනකන් මේ කාලකන්නි දුප්පත් රටට වෙලා හිටියනම් ඒ ආකාරයේ හපන්කම් කොරන්න පුලුවන්ද ????ඔය අවුරුදු 4-5 කට සැරයක් ” මඩොල් දූව බලල බලමාලු කැල්ලක් කාල ඔරු පැදල යන්න සෙල්ලමට වගේ සුමාන දෙකකට විතර ආපු වෙලාවක තව මොනවා හරි දැනමුතු කමක් ගුරු මුෂ්ටිය නැතුවම ඒ උත්තමය දීල යාවි . ඔය ශිෂ්‍ය භාවය නැතිකර ගත්ත ජේ වී පී කොල්ලෝ කුරුට්ටෝ ටිකකුත් ඇමරිකාවට අරන් ගහින් ඇස් අරවලා ගනියි හිතක් හිතුනොත් !!!! දැකල නැද්ද ඇල්කෙමිය නිතර දෙවේලේ කියනවා ඇල්කෙමියා උදවු උපකාර කරපු ශිෂ්‍යයෝ ගැන ????

    කැමතියි

  6. දන්ත වෛද්‍ය ශිෂ්‍ය ප්‍රේමරත්න කැඳවුම් කරුවා පිළිබඳව , ඇල්කෙමියාගේ මෙන්ම මසිතද කේන්තියක් ජනිත වේ මක්නිසාදයත් ප්‍රේමරත්න ශිෂ්‍යයා ඇල්කෙමියාව කෙන්තිනොගස්වා සිටිය යුතුව තිබුණි !!!! නිදහස් අධ්‍යාපනය ලබන , හැමදේම ආණ්ඩුව ලබාදෙනතෙක් කටවිරවන් බලා ඉන්න තමන්ගේම ව්‍යාපාරයක් අරඹා දියුණුවේ හිනිපෙත්තටම පා නොනගන , ධනාත්මක චින්තනයක් නැති , ලාංකික සිසුවන් ගැන ඇල්කෙමියාගේ කිසිදු අනුකම්පාවක් නොමැති බව ප්‍රේමරත්න ශිෂ්‍යයා දැනසිටිය යුතුව තිබුණි !!!! ඇල්කෙමියාගේ කෝපාග්නියෙන් බේරී වෙනත් සිසුවකුගේ වටිනා අවස්තාවක් වතුරේ දමා තමාගේත් අධ්‍යාපනය කඩාකප්පල් කරගත යුතුමනම් ප්‍රේමරත්න ශිෂ්‍යයා කල යුතුව තිබුනේ විදේශ අධ්‍යාපනයක් ලබමින් සිටියදී එම අසමත්ජාති හපන් කම කිරීමය !!!! මක් නීසාද කියනවානම් , ප්‍රේමරත්න ශිෂ්‍යයාගේ පුරෝගාමියා වූ රෝහණ විජේවීර රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී ඔය රාජ කාරිය ඔය ලෙසම සිදුකල නිසාය . රෝහණ විජේවීර වෙනත් සිසුවෙකුට අහිමි කල සහ තමාටම අහිමිකරගත් එම අවස්තාව ගැන ඇල්කෙමියා එකල වචනයකින් හෝ විරුද්ධත්වයක් දැක්වූ බව ප්‍රේමරත්න ශිෂ්‍යයා දැක තිබේද ???? ඇල්කෙමියා සෑමදාම තොරතෝංචියක් නැතිව කියන පරිදි ආණ්ඩුවෙන් කරනාතුරු බලානොඉද තමාගේම කියා ඔහු ආරම්භ කල ව්‍යාපාරයට ඇල්කෙමියා තම ආශිර්වාදය දුන්නේය . ඔහුගේ ව්‍යාපාරයෙන් අච්චු ගැස්වූ හිරු පත්තරය කොට්ටේ යට තබාගෙන මහත් අභිරුචියෙන් කියවීය . ඔහුගේ පක්ෂයට චන්දය දෙන මෙන් දන්නා කියන අයගෙන් ඉල්ලා සිටියේය . මෙවැනි කරුණු කාරනා පිළිබඳව සොයා නොබලා ක්‍රියාකිරීම ගැනය මට ප්‍රේමරත්න ශිෂ්‍යයා සමග කේන්ති යන්නේ . කෙසේ හෝ වේවා මා කලින්ද කී පරිදි ඇල්කෙමියා කෙටි විනෝද චාරිකාවක් ලංකාවට ආ දිනයක ඔහුව මුණගැසී විදේශ අද්යාපනයක් සඳහා ඔහුගෙන් ගුරුහරුකම් ලබාගෙන අනාගතයේ ලොකු මහත්තැන් කෙනෙක් වී , මම ඒ නැට්ටට කිරි එරෙන කාලේ උණට කරපු පිස්සු වැඩ කියා තමාගේම බ්ලොග් අඩවියක දැමූ විට අපිත් හුරේ දමා විසිල් ගසා ප්‍රේමරත්න ශිෂ්‍යයාව පොරක් ලෙස පිලි ගනිමු !!!!

    කැමතියි

    • මම කාටවත් පොරක් වෙන්න මේක ලියන්නේ නෑ…. මම ලියන්නේ මට හිතෙන දේ…
      මට ඉහළට ඉගෙන ගන්න අවශ්‍ය වුන නිසාත්, මට පවතින ක්‍රමය වෙනස් කරන්න ශිෂ්‍යයෙක් විදියට තනියම බැරි බව දන්න නිසාත්, මට විදේශ අධ්‍යාපනයක් ලබන්න සුදුසුකම් තියෙන නිසාත්, හැකියාව තියෙන නිසාත්, මම විදේශයකට ආවා…
      ඒ වගේමයි නිවාඩුවට ආවාම මම යාළුවො බලන්න යුනිලීවර් එකට ආවෙ මගේ මහන්තත්තකම පෙන්නන්න නෙවෙයි, අවංකවම මම යාළුවොන්ව ආශ්‍රය කරපු නිසා.. ඉන්දියාවෙ සති දෙකකට ගිහින් ආපු එවුන් හැන්දෙන් ගෑරුප්පුවෙන් කද්දි, ඇමරිකාවෙ අවුරුදු 5 ක් හිටපු මම උඹලා එක්ක යුනිලීවර් කැන්ටිමේ අතින් කෑවෙ ෆැෂන් එකකට නෙවෙයි. මගේ ඇඟේ තවම අර හඩු ගතිය තිබුණ නිසා…
      මට තිබුණ සති තුනේ නිවාඩුව මම වෙනුවෙන් ගත නොකර රසායන විද්‍යා ආයතනයේ ලමයින්ට පර්යේෂණ පිළිබඳ දේශන පැවැත්වුවේ, උන්ට උසස් අධ්‍යාපයන කරන්නේ කොහොමද ? ආචාර්ය උපාධියක් ගන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා මගේ කාලෙ වැයකරගෙන ඉගැන්නුවේ මට උන්ට උදවු කරන්න ඕන නිසා මිසක් මගේ වැඩ පෙන්නන්න ඕන නිසා නෙවෙයි.. එම කිසිම දෙයක් ඔප්පු කරන්න අවශ්‍ය නෑ.. මම ඒක ඔප්පු කරලා ඉවරයි……
      මගේ ගැන උඩින් විතරක් බලලා නිගමනය කරන මෙවන් පෙරේරලා වගේ මිනිස්සු අනිත් මිනිහෙක් යහමග යවන්න, ඉන්න තැනකින් ඉහලට ගන්න මොනවගේ උදවු කෙරුවද කරනවද කියන්න මම දන්නෙ නෑ.. ඒ වගේම මම ඒ ගැන මොනවත් කියන්නෙත් නෑ…
      මම කැමති විදියට මට සමාජයට සාධාරණයක් කරන්න පුළුවන් විදියකට මම වැඩ කරනවා… ඒ වගේම මම රසායන විද්‍යා ආයතනයේ උපාධිය කළේ මෙවන් පෙරේරා ආණ්ඩුවට ගෙවපු බදු වලින් නෙවෙයි. මගේම සල්ලි වලින්…. ඒ නිසාම මට අයිතියක් තියෙනවා මම එතැනට ආපු කාරණේ කරගෙන පිට වෙන්න…
      ඒ වගේමයි, මගේ උදවුවෙන් ඉගෙන ගනිපු එවුන් මටත් වඩා හොඳ තැනක ඉන්නකොට ඒ ගැන නිහතමානීව සන්තෝස වෙන්න මගේ හිත හදාගෙන තියෙනවා. ඒ මම සමාජයට සේවය කරන විදිය.. බුදු හාමුදුරුවො අනිත් එවුන්ට නිවනට යන්න පාර කිවුවෙ තමන් මුලින් බුදු වෙලා මිසක් තාපසයෙක් වෙලා නෙවෙයි…
      උදළු ප්‍රේමරත්න කළේ තවත් ළමයෙකුට අසාධාරණයක් කියලා මම නැවතත් කියන්නේ ඒකයි… ඒක මෙවන් පෙරේරලාට තේරෙන්නේ නැති වුනාට විශ්ව විද්‍යාලෙට තේරෙන්න එක ළකුණක් ගන්න බැරුව කොහේ හරි කා.කා.ස කමක් කරන කෙනෙකුට හොඳට තේරෙනවා… අන්න ඒ මනුස්සයාගේ අනාගතය හොරා ගත්තේ අන්න අර ශිෂ්‍ය ප්‍රජාවට විමුක්තිය ලබා දෙන්න වැඩ කරන උදළු ප්‍රේමරත්න වගේ වීරයො…. අන්න ඒකයි මම කියන්නේ….

      කැමතියි

  7. ඇල්කෙමියා මොන ආකාරයෙන් භාර ගත්තත් පුද්ගලිකව මා ඇල්කෙමියා සලකනුයේ පුගලිකව වෙනස් නොවූ හිස උදුම්මවා නොගත් සරල පරණ සුපුරුදු හිතවත් මිත්‍රයා ලෙසම පමණි . ඇල්කෙමියාට ඇනුම්පද ලිවුවේත් , ඔහුගේ අදහස් උදහස් ගැන මත පල කලෙත් ඔහු මා සිත් ගත් හොඳ මිත්‍රයකු වූ නිසා පමණි . හොඳ මිතුරකු නොවී ආඩම්බරකාර හිස උදුම්මවා ගත්තකු වීනම් කොමෙන්ටු දමනවා තබා එවැනි බ්ලොග් අඩවියක් කියවනුයේද නොවේ . ඔබගේ අදහස් උදහස් පිළිබඳව තවකකු මත පල කිරීම පිළිබඳව ඔබ සතුටු විය යුතුව ඇත .එකඟ නොවීම වෙනම කරුණකි ..හැඳි ගෑරිප්පු පැත්තක දාල තොසේ පාරක් දාන්න එලෝලු රොටියක් මාළු පාන් ගෙඩියක් කාල ප්ලේන්ටියක් ගහන්න ලංකාවට ආපු වෙලාවක වරෙන් !!!! : )))))))))))))))))))))

    කැමතියි

  8. You Guys Better Read This

    71 කැරැල්ල පිළිබඳ මගේ සිතිවිළි
    Posted on November 23rd, 2010
    W. විජය

    වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ලිපි Lanka Web කියවන පාඨකයෙකු වන මා 71 කැරැල්ල පිළිබඳ මගේ සිතිවිළි මෙලෙස දක්වමි

    රංජිත් දිසානායක ට අපි පාසැලේදී කීවේ කපුටා කියා ය. ඒ ඔහු එම්. එස්. ප‍්‍රනාන්දුගේ මම කොළඹ කාක්කෙක් යන බයිලාව ගායනය කරමින් පාසැල තුල ජනප‍්‍රිය වූ නිසා ය. මත්තෙගොඩ පැත්තේ නිවසකට දිනක් අපව කැඳවූ රංජිත් දිසානායක විප්ලවයක් ගැන දේශනා කරන්නට යෙදුනි. බඩගින්න නිසා ඈණුම් අරමින් කථාවට සවන් දුන්න ද එය අපට තේරුන කෙහෙල් මලක් නොවී ය. කාගේදෝ නවකථා තුලින් විප්ලවයක් ගැන අසා තිබුණ ද, රුසියානු විප්ලවයක් ගැන කණ වැකී තිබුණ ද එය මොන කෙහෙල් මලක් ද, කෙසේ සිදුවන්නේ ද යන්න එදා යාන්තමට බහ තේරූ කොලූ ගැටයෙකු වූ මට තේරුම් ගැනීම අපහසු විය. එතැනින් රංජිත් දිසානායක ගේ හෝ වෙනත් අයගේ කථා අහන්නට යාම නතර කළෙමු.

    අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය යනුවෙන් තාර වලින් ලියූ වැකියක් පාසැලේ බිත්තියේ පින්තාරු කර ඇති අයුරුත් එහි තේරුම ගැන කුතුහලයෙනුත් සිටිනා අතර අපේ ගෙවල් පැත්තට අලූතින් පදිංචියට පැමිණි සීකෝ ඔරලෝසුවක් පැළඳි මහත්මයෙක් මට මුණ ගැසුනි. අත් දිග සුදු කමිසයකින් ද, සුදු පාට දිග කලිසමකින් ද සැරසුණු බැලූ බැල්මට රජයේ ලිපිකරුවෙකු යැයි කිවහැකි කෙනෙක් සිය පා පැදිය තල්ලූ කරගෙන මා නිවස ඉදිරිපිට ඇති කුඩා කන්ද නගිමින් සිටී. සරමකින් සැරසී උඩු කය වසා කමිසයක් ඇඳ සිටි මා ඉඳි කඩුල්ල අසල පාර දෙස බලා සිටින්නේ හිස් බැල්මෙනි. ඔහුගේ බයිසිකලයේ පිටුපස මඞ් ගාඩය සවිවන කම්බි දෙක රතු සහ නිල් පැහැයෙන් යුත් බූල් වැනි මලකින් ද, රෝද වලට එවැනිම පාටින් යුත් මල් වලලූ වලින් ද සරසා අලංකාර ලාම්පුවක් ද සවි කොට ඇත. මොරිස් මයිනර් කාරයක් ද කළාතුරකින් දුටු එකල මා ඔහුගේ බසිකලය දෙස බලාගෙන සිටියේ තරමක කෑදර කමකිනි. මේ මහත්මයාගේ අතේ රිදී පාටින් එල්ලා හැලෙන අත් ඹරලෝසුවක් ද ඇත. එය අනිවාර්යයෙන්ම සීකෝ වර්ගයේ විය යුතු ය. 1971 ක කාලයේදී සීකෝ යනු ඉහලින්ම සිටි ඔරලෝසු වර්ගයකි. මහත්මයා බුලත් විටක් සපමින් සිටී. ඉන් ඔහු ග‍්‍රාමීයත්වය ආරූඪ කරගත් කෙනෙක් බව විදහා දක්වයි.

    එක් වරම මා දෙස බලා සිනාසුනු ඔහු බර කථාවකට මෙන් බයිසිකලයට අත ගසා ගෙන මෙසේ පැවසී ය. බෝක්කු උඩ ඉන්නා සියලූ දෙනාම රස්තියාදු කාරයින් නොවේ. මා අන්කල් යනුවෙන් ගෞරවයෙන් ඇමතිය යුතු ඔහු මෙසේ සුහදශීලීව කථා කිරීම ගැන පළමුව විමතියට පත් වුවත් මම ඔහු සමග තරමක ලජ්ජාවෙන් යුතුව සිනා සුනෙමි. එතැනින් පටන් ගත් සම්බන්ධය කෙලවර උනේ එදා ජනතා විමුක්ති පෙරමුණට ලඟා වීමෙනි. ඔහු වැඩිහිටියෙකු නිසාත් රජයේ ලිපිකරුවෙකු නිසාත් බුලත් විට කන යාන්තමට ඉංග‍්‍රීසි කථා කරන බයිසිකලයෙන් යන සරළ අයෙකු නිසාත් ඔහු සමග ඇසුරු කිරීම ගැන විරුද්ධත්වයක් මාගේ නිවසෙන් පළ නොවී ය. නැතහොත් එවැනි විරුද්ධත්වයක් දැක්වීමට තරමේ සැකයක් ඇතිකරගැනීමට හේතුවක් මාගේ නිවසේ අයට නොවී ය. එසේත් නැතහොත් ඔහු සමග ඇසුරට විරුද්ධ වීමට තරම් ආත්ම ශක්තියක් මාගේ නිවසේ අයට නොවී ය. මට මතක හැටියට ඒ 1970 නොවැම්බර් මස පමණ විය යුතු ය. අනතුරුව මේ මහත්මයා නිශ්ශංක විජේවර්ධන බව දැනගතිමි.

    ඔහු ඉන් පසු කලේ කිසිදු කථාවක් නොමැතිව මා බොරැල්ලේ පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු වෘත්තීය සමිති කාර්යාලයේ රැස්වීමක් සඳහා රැගෙන යාමයි. එය ඉතා රහසිගත රැස්වීමක් විය. පළමු වරට වික්ටර් අයිවන් දුටුවේ එහිදී ය. වික්ටර් අයිවන් විප්ලවයට සූදානම් වන ලෙස එදා එහි සිටි අයට දන්වන්නට යෙදුනු අතර මා හැර අන් සියලූ දෙනාම වයස 30 ඉක්මවූ රැකියා කරන්නන් විය. බෝම්බ සෑදීම සඳහා කටු කම්බි ඇතුලූ දෑ එකතු කරන ලෙස වික්ටර් අයිවන් එහිදී උපදෙස් දුන්නා. හොරා පොලිස් ආකාරයේ මේ සෙල්ලම එදා අතිශය ආශ්වාදක ජනක දෙයක් විය. මට වඩා වයස අය අතර සම තත්වයේ සිටීමට හැකිවීම ගැන යටි සිතේ එදා තිබුනේ ආඩම්බරයකි. වයස 18 යාන්තම් සම්පූර්ණ කළ කුඩා කොලූවෙකු වූ මා අතිශය රහසිගත සාකච්ඡාවකට සහභාගි කරවාගැනීමට ඔවුන් එතරම් අඥාන වූයේ ඇයිද යන්න අදටත් ප‍්‍රහේලිකාවකි. කෙසේ වුව ද මෙම රහසිගත සාකච්ඡාවෙන් පසු මාගේ මානසිකත්වය වූයේ මා අතිශයින් විශ්වාසිත කෙනෙකු ලෙස ජ.වි.පෙ සලකන බවයි. කෙනෙකු පළමුව විශ්වාස කිරීම තුලින් ඔහු කෙතරම් ශක්තිමත් මිතුරෙක කරගත හැකි ද යන්න මට පසු කලෙක වැඩිහිටි බවට පත්වූ පසු පසක් විය.

    නමුත් ජවිපෙය එදා කලේ සියලූ දෙනාම පළමුව සැක කිරීමයි. මා එදා විශ්වාසයට ලක්වීම අහම්බයක් සහ නිශ්ශංක විජේවර්ධන ගේ තකතීරු ක‍්‍රියාවක් මිස බුද්ධිමත් දෙයක් නොවී ය. ඈණුම් අරමින් රංජිත් දිසානායකගේ කථාවලට වැඩි කැමැත්තක් නොදැක්වූ මම මෙම සාකච්ඡාවෙන් පසු රංජිත් දිසානායකට කිට්ටුවීමට උත්සාහ කළෙමි. වැඩිහිටියන් පිළිගත් වැඩිහිටියෙකුගේ මානසිකත්වයක් මට ආරූඪ විය. රංජිත් දිසානායක ට කිට්ටු වීමට උත්සාහ කලත් දැන් දැන් ඔහු මා එතරම් ගණන් ගන්නා බවක් පෙනුනේ නැත.

    පාසැලේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියදී කථිකත්වය දියුණු කරගැනීමේ බලවත් උත්සාහයක යෙදුනු මා එකල කලේ රබර් වත්තට ගොස් රබර් ගස් මිනිසුන් යැයි සිතා කථා පැවැත්වීම යි. කථිකයෙකු වීමට තිබූ ආශාව බලවත් නිසා මා විජේවීර අනුගමනය කරමින් ජවිපෙය කරා තව තවත් ඇදී යන්නට විය.

    තාරකා ගැටුමෙන් පෘථිවිය ඇති වූ සැටිත්, ජීවීන් ඇති වූ සැටිත්, පරිණාමය වූ සැටිත්, වැට කඩොලූ සීමා මායිම් නැති ලොව ග්‍රෝත‍්‍ර සමාජය රාජ්‍ය බිහිවීම දක්වා වර්ධනය වූ සැටිත් ඔප්පු තිරප්පු වලින් ඉඩ කඩම් වලට හිමිකම් ලබාගත් සැටිත් දුප්පතා සහ පොහොසතා නිර්මාණය වූ අයුරුත් දේශනා කරන විට මාගේ කථිකත්වය කෙරෙහි කට අයා සිටින මෝඩ මිනිසුන්ගේ ආශ්වාදය ඉමිහිරි වින්දනයක් විය. මෝඩ මිනිසුන් අසන ප‍්‍රශ්ණ වලට දැලි පිහි පහර මෙන් පිළිතුරු සපයා ඔවුන් නිහඬ කිරීම තරම් ආශ්වාද ජනක දෙයක් තවත් නොවී ය.

    ඇන් ඇම් පෙරේරා පීටර් කේනමන් ඡේ ආර් ඩඞ්ලි බණ්ඩාරනායක වැන්නන් සාකච්ඡා තුලින් පතුරු ගලවා නිරුවත් මෝඩයින් බවට පත් කලේ අසා සිටින්නන් තව තවත් ආකර්ශණය කරගනිමිනි. ඇතැම් අදහස් මා විසින්ම තාර්කිකව නිර්මාණය කරගත් ඒවා වූ අතර ඇතැම් අදහස් ජවිපෙ නායකයින්ගෙන් කොපි කරගත් ඒවා විය. මේ කථා වලදී භාෂා උච්චාරණය අතපය හැසිරවීම විජේවීරට සමාන කරගැනීමට උත්සාර දැරීම නිසා විජේවීරගේ හයිඞ් පාක් බෝගම්බර රැස්වීම් වලට නොවරදවා යාමේ අභිලාෂයක් ද එකල විය.

    ඇඞ්වෙන්චර් ක‍්‍රීඩා වලින් ලැබිය හැකි වින්දනයත් පුහුණුවත් ජවිපෙ ට සම්බන්ධ වීමෙන් එහි රහස් කටයුතු වල නිරත වීමෙන් ලබාගැනීම අනාගත ලෝකයේ නායකත්වය ගෙන කටයුතු කිරීමට තිබූ පුහුණු පාඨමාලාවකට හා සමාන බව අද මට සිතේ. මෙය ඔරුව පෙරලූනු පසු අනෙක් පස පැද යාමට සමාන ය. ධනාත්මකව බැලූව හොත් ජවිපෙ දේශනා වලින් ලැබූ අදහස් වල තාර්කික භාවයත්, ප‍්‍රායෝගිකව ඇඞ්වෙන්චර් කටයුතු වල නිරතවීමෙන් ලැබූ අත් දැකීමුත් ජීවිතය පිළිබඳ ෆෞන්ඬේෂන් පාඨමාලාවකට සමාන කළ හැක.

    එකල අපට මූල්‍යමය පොහොසතෙකු වීමට උවමනාවක් නොවී ය. ආරණ්‍යගත භික්‍ෂුවක මෙන් ධනය පිළිබඳ ආශාවක් නොවීය. බිත්තරයෙන් උපත ලද කුරුල්ලා ට අයිතිය හෝ අහිමි කම ගැන ගැටලූවක් නැත්තා සේ මෙලොව එළිය දුටු සෑම මනුෂ්‍යයෙකුටම හොඳින් ජීවත් වීමට ඇති බාධාව වූ රාජ්‍යයේ කෙන්ද්‍රීය නීති පද්ධතිය සුනු විසුනු කර දමා සියලූ දෙනාටම සම අයිතිවාසිකම් ලබාදීම පමණක් අපේ අරමුණ විය. මෙම අරමුණ ඒත්තු ගැන්වීමේදී එකල පැවති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් කියුවුනු නෛ්‍යකශ‍්‍රීයෙන් විරාජමාන වූ එංගලන්තයේ මහා රාජිනියට ස්ත්‍රෝත‍්‍ර කීමට සිදුවීම රාජ්‍යයට විරුද්ධ වීමට තිබූ බලවත්ම වූ උත්පේ‍්‍රරකය විය. මෙම උත්පේ‍්‍රරකයට විරුද්ධ නොවූ එකල සිටි අන් සියලූ තරුණයෝ අදත් මා සලකන්නේ නිවටයින් ලෙස ය.

    මහෞෂධ මෙන් නොව අතේ කිසිවක් නොමැතිව නිර් වස්ත‍්‍රව උපන් සියලූ දෙනාගෙන් ඇතැම් අයට පමණක් අක්කර දහස් ගණන් හිමි වුනේ ඇයි යන පැණයට පිළිතුර වූයේ රාජ්‍ය පෙරලා දැමීමයි. එය බුද්ධිමත් සියල්ලන්ගේම නම්බු කාර ක‍්‍රියාවක් විය යුතු බව අදත් මා විශ්වාස කරමි. නමුත් රාජ්‍ය පෙරලාදැමීමට අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙත එදාට වඩා අද වෙනස් ය. 1971 දී පොලිස් අඩම් තේට්ටම්වලට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු නොවී ය . නමුත් අද පොලිස් නිලධාරියෙකු තර්ජනය කල ද නඩු පැවරිය හැකි ය. එසේ වූයේ හිංසාකාරී අරගලයක් නිසා නොව. ජනවරමකිනි. නමුත් එම ජනවරම රාජ්‍යයේ ස්වභාවය වෙනස් කිරීමට පමණක් නොව පොලිස් කාරයාගේ කොට කලිසම දිග වීමට පවා 1971 අරගලය හේතු වූ බව අවිවාදාත්මකව පිළිගත යුතු ය. අද පවත්නා විවෘත ආර්ථිකය ලබාදීමට වැය කලෝ 1971 දී අරගල කල කොල්ලන් බව ඉතිහාසය සිහිතබා ගත යුතු ය. ඉන් අදහස් වස්නේ 1971 දී අප විවෘත ආර්ථිකයක් ඉල්ලා සිටි බව නොවේ. අප ඉල්ලා සිටි දෙයට විකල්ප වශයෙන් අතලොස්සකට පමණක් කර්මාන්ත කිරීමට තිබූ අයිතිය පලල් කරමින් ඕනෑම අයෙකුට කර්මාන්තයක යෙදීමට හැකිවන අයුරු විවෘත ආර්ථිකයක් ලැබුනේ ද 1971 අරගලය නිසා ය.

    සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේ ඇයගේත්, ආණ්ඩුවේත් සමස්ථ ජනතාව පිළිබඳ ආකල්පය වූයේ බණ්ඩාරනායකලාගේ වත්තේ පොල් කැඩූ අය කෙරෙහි දක්වන ලද ආකල්පය යි. ඔවුන්ගේ වලව් ලොකුවට තිබුණාට ඔවුන් ලොකුවට සිතුවාදැයි යන්න අද පවා විශ්වාස කළ නොහැක්කකි. එදා අද මෙන් රූපවාහිනී නොවූ බැවින් අප සමාජවාදී ලෝකය දැක්කේ වාමාංශිකයින්ගේ වාග් ප‍්‍රහාර තුලින් පමණි. රුසියාවේදී හැන්දෙන් ගෑරුප්පුවෙන් ආහාර බුදින ජනතාවක් දුටු එදා වාමාංශිකයින් එම රටවල් දැක ඇත්තේ අපේ රටේ අමුඩය ගසාගෙන බෙලෙක් පිඟානක ආහාර බුදින මිනිසුනට වඩා උසස් දියුණු මිනිසුන් ලෙස ය. 1978 වසරේදී චෙකෝස්ලෝවැකියාවේ සංචාරය කරද්දී එරට කෙල්ලන්ගේ පික් පොකට් ගැසීමකට ලක් වූ විට අපට එම රටවල් අතිශයින් පසුගාමී දුප්පත් රටවල් බවට සැකයක් නොවී ය. වෙනසකට තිබුනේ මඩ ගා ගත් ශරීර වෙනුවට සුදු හමත් අපේ සරොම් වෙනුවට සීතලට ඇඳගෙන සිටි වටිනායැයි අප සිතූ ඇඳුමුත් පමණි. සමාජවාදී රටවල නිලධාරීන් කෑම මේසයේ ඉතිරි වූ ඇපල් අන් අයට නොපෙනෙන ලෙස තම බෑගයට දමාගෙන ගෙදර ගෙන යන විට අපට සිතුනේ ඔවුන් ද අප මෙන් දුප්පත් බවයි. එම රටවල්වල 1917 ඇති වූ විප්ලවයට වඩා විප්ලවයක් සිදුවිය හැකි බව යාන්තමට දැනුනත් 1978 දී එය එතරම් ඉක්මණින් සිදුවී බර්ලින් තාප්පය සුනු විසුනු වේයැයි සිතන්නට තරමක මැලිකමක් සිතේ පහල විය.

    පසුකාලීනව මම සමාජය අධ්‍යනය කළෙමි. අත්දැකීම් මත ජීවිතය ගොඩ නගා ගත්තෙමි . අද මම සාර්ථක ව්‍යාපාරිකයෙකි. මට නිතරම 71 මගේ සමකාලීනයන් මුණ ගැසේ. කණගාටුවකට මෙන් බොහොමයක් පුද්ගලයන් තාම ගතානුගතික චින්තනයෙන් මිදී නැත. මුදල් ඉපයීම, ව්‍යාපාර දෙස ඔවුන් බලන්නේ ආනන්තරීය පාපකර්ම ලෙස. වෙනස් වන ලෝකයට මුහුණ දෙන්නට මෙවලම් ඔවුන් සතුව නැත. බහුතරයක් තවමත් අන්තර්ජාලය පරිහරණය කරන්න පමණක් නොව ජංගම දුරකථනයකින් ීඵී එකක් යවන්නේ කෙසේදැයි හරිහැටි දන්නේ නැත. යම් ලෙසකින් මෙවැනි පසුගාමී චින්තනයක් තිබූ පිරිසක් එදා ලංකාවේ බලය අල්ලා ගත්තා නම් රට ඉතා අයහපත්තත්ත්වයකට වැටෙන්නට තිබුණ බව අද සිතමි. ඔවුන්ට මූල්‍ය ශක්තිය හැසිරවීම, ක‍්‍රම සම්පාදනය, ආර්ථික කළමනාකරණය පිළිබඳ දැණුම තිබ්බේ නැත. අද වුවත් ජවිපෙ අලූත් පරම්පරාව ලෝක බැංකුවේ ප්ලග් එක ගැලවීම වැනි අනුවණ කථා කියති. තවමත් ඔවුන් චින්තනමය වශයෙන් දුගීන් පිරිසකි. ඔවුන්ට සංවිධාන ශක්තිය කැපවීම ඇත. නමුත් නවීන ලෝකයට ගැලපෙන ආකාරයට ආර්ථික කළමනාකරණයට තවමත් අසමත් ය. යම් ලෙසකින් ඔවුන් මෙම දුර්වලතා අධ්‍යනය කොට එ්වා ජය ගතහොත් ඔවුන්ට ලංකාවේ ගාමක බලවේගයක් විය හැකියි.

    මා ජ වි පෙට සම්බන්ධ ඉහල තලයක සිටි කෙනෙකු යැයි මා එදා සිතා සිටියත් පසු කාලයක දී මට වැටහුනේ විද්‍යෝදය විශ්ව විද්‍යලයේ සුනිල් රත්නසිරිගෙන් එහාට කෙනෙක් මා දැන සිටියේ නැත. පසු කලක මා මේ ගැන රංජිත්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මා කුඩා කල නිතරම දේවල් ප‍්‍රශ්ණ කරන බවත්, ඒ නිසා මා වැඩි වගකීම් සහිත ඉහල තත්වයක් කරා ගෙනයාමට නිර්දේශ නොකළ බවත් ය. අප‍්‍රියෙල් මස 5 වැනි දින ප‍්‍රහාරය දියත් කරන බවක් වත් මා දැන නොසිටි අතර එය අහම්බෙන් දැනගන්නට ලැබුණේ වෙනත් කෙනෙකුගෙනි. ඒ හේතුව නිසා අප‍්‍රියෙල් මස 5 වැනි දින සිදුවූ කිසිවකට සම්බන්ධ වීමට මට නොහැකි විය. කඳවුරකට ගාල් වන්නට සිදු නොවූයේත් ඒ නිසා ය.

    කැරැල්ල ආසන්නවත්ම අපි ධර්මපාල විදුහලේ ශාලාවේ නිල් පැහැති විශාල තිරය එක් රාති‍්‍රයක සොරෙන් කපාගෙන ගියා සාමාජිකයන්ට නිළ ඇදුම් මැසීමට. අප‍්‍රියෙල් මස 5 දිනෙන් පසුව මට ද ගෙදර යන්නට නොහැකි වූයේ ඒ වන විට ගමේ මා පිළිබඳ ප‍්‍රසිද්ධියට පත්ව තිබූ නිසා ය. එදිනෙන් පසු අපේ පාසැලේ ආනන්ද බෝගොඩ නම් අය මුණ ගැසී සිංහ රාජ පලාතට යාමට තීරණය කළෙමු. එසේ තීරණය කිරීමට වඩාත් පසුබිම් වූයේ ත‍්‍රාසජනක අත්දැකීම් ලැබීමට ඇති ආශාව නිසා ම විය යුතු ය. ඒ අනුව බෝගොඩ හඳුනන පානදුරේ තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිගේ පුත‍්‍රයා හමු වූ අප එහිදී පාන් ගෙඩියක් තුලට පිස්තෝලයක් ඇතුල් කර ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් ද උඩිත් තබා ගෙන බෙන්තර ගඟ පසු කලේ හරියටම දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මන් සොල්දාදුවන් රහස් ඔත්තු සේවයේ යෙදුනා සේ ය. එවැනි භාර¥ර තීරණයක් ගෙන එවැනි අවදානමක් දැරීමට එවැනි ලාබාල අවධියේදී හැකි වීම පසු කලක සුභවාදී ලෙස අවදානම් ගැනීමේ නිර්භීත කමට ලැබුණා වූ ඉහල මට්ටමේ පුහුණුවක් විය.

    අපි බෙන්තර ගඟ පසු කොට බසයෙන් අවිත්තාව දෙසට ගමන් කළෙමු. මම සරමක් ද, බෝගොඩ කලිසමක් ද හැඳ සිටියා. ඌරගස් මං සන්ධියට සේන්දු වූ අප එහිදී ජවිපෙ සාමාජිකයින් අතට පත් වීමු. පළමුව ඔවුන් අප වෙත තුවක්කුව එල්ල කොට අප ගැන විමසා සිටියා. පාන් ගෙඩිය දෙස ඔවුන් බැලූවත් එය එතරම් ගණන් ගත්තේ නැත. පසුව මම පාන් ගෙඩිය විවෘත කොට ඔවුනට තෑගි බෝග ලෙස පිස්තෝලය ගෙන ආ බවත්, අපි කොළඹ සිට පසු බසිනා අය බවත් දන්වා සිටියා. අනතුරුව ඔවුහු අපව ඌරගස් මන්සන්දියට ආසන්නව කඳුගැටයක් මත පිහිටි විහාරයකට ගෙන ගොස් දෙකට කපා තැම්බූ කොස් සමග කොච්චි මිරිස් ආහාරයට දුන්නා. හෙලිකොප්ටරයෙන් බෝම්බ දැමූ ස්ථාන ද පුපුරා නොගිය බෝම්බ ද අපි නැරඹුවේ ආශ්වාද ජනක ලෙස යි. එසේ නරඹන අතර අපිට වියට්නාමය මතක් උනා.

    මෙම හමුවේදී මා නිරීක්‍ෂණය කල එක් දෙයක් නම් එම පළාතේ සියලූ දෙනාගේ භාෂා උච්චාරණය කොලඹ උච්චාරණයට වඩා වෙනස් බවයි. ඔවුහු කුරුඳු තලනා කුලයට සම්බන්ධ අය විය. බුද්ධියෙන් සහ ඥාන මට්ටම් වලින් ඔවුහු අපට වඩා වෙනස් බව තහවුරු විය. මට පෙනී ගියේ ඔවුන් සහ මා අතර බද්ධිමය බැම්මක් ඇති බවයි. ඔවුන්ගේ ආකල්පය වූයේ සමස්ථ රාජ්‍ය ක‍්‍රියාවලියට විරුද්ධව පෙල ගැනීම නොව ප‍්‍රදේශයේ යම් යම් අප නොදත් අය කෙරෙහි දැක්වූ වෛර සහගත ස්වභාවයකි. මෙයට මට එතරම් ඇල්ලූවේ නැත්තේ පුද්ගලිකව කිසිවෙකු කෙරෙහි වෛරයක් අප වෙත නොවූ නිසාත්, අපට අවශ්‍යව තිබුනේ සමාජ ක‍්‍රමයේ පරිවර්තනයක් නිසාත් ය. ඔවුන් සමග තවදුරටත් කළ හැක්කක් නොවූ නිසා අපි ගෙන ආ සියල්ල ඔවුන් වෙත දී පසු දින ආපසු පැමිණීමට තීරණය කළෙමු. එසේ පැමිණ විසිර ගියායින් පසුව බෝගොඩ නැවතත් සෑහෙන කලක් යන තුරු මට හමු නොවුනි.

    කොළඹ සිටීම අපහසු වූ නිසා මම මාතර ගොඩගම උපශාන්ත නම් පාසැලේ ශිෂ්‍යයෙකු හමුවීමට ගියෙමි. ඔහු ද දෙනියාය මධ්‍ය මහා විද්‍යලයෙන් ජේවීපීයට සම්බන්ධව සිටි කෙනකි. ඔහුගේ නිවසේ ටික දිනක් මම නැවතී සිට අකුරැස්සේ මාගේ නැන්දනියගේ නිවසට 1971 ජූනි මාසයේ පෝයට කිට්ටු දිනක සවස යන්නට තීරණය කළෙමි. මාගේ මාමා රජයට සම්බන්ධ ප‍්‍රදේශයේ ප‍්‍රභූවරයෙකි. එම තත්වය මට රිසි සේ සිටීමට හොඳ ආවරණයක් විය. පසුව මට විරුද්ධව කිසිදු චෝදනාවක් නොතිබුණ ද ජූලි මාසයේ දී පමණ පොලිස් ස්ථානයට ගොස් භාර වුනෙමි. එහිදී මා හෝමාගම පොලිස් ස්ථානයට ගෙන යන ලදී. ප‍්‍රශ්ණ කිරීම් වලදී පොලිස් නිලධාරී ‘ ජෝර්ජ් නිකලස් මා රංජිත් දිසානායක හඳුනනවා ද යන්න විමසා සිටියා. මා ඔහු නොහඳුනන බව පැවසීමි. අනතුරුව බැටන් පොල්ලක් ගෙන පහර දීමට තැත් කරන ගමන් කොළඹ කාක්කා හඳුනන්නේ නැහැ නේද කියා නැවතත් විමසා සිටියා. මම වහාම කොලඹ කාක්කා දන්නා බව කීමි. එහෙනම් ඉස්සෙල්ල කිව්වේ රංජිත් දිසානායක හඳුනන්නේ නැහැ කියා. රංජිත් දිසානායක හඳුනන්නේ කොළඹ කාක්කා කියා මිස නමින් නොදන්නා බවත් පැවසීම නිසා මට කිසිදු චෝදනාවක් නොමැතිව නිදහස් වීමට හැකි විය. එය ස්ථානෝචිත ප‍්‍රඥාව මිස වෙන කිසිවක් නොවේ.

    71 ට සම්බන්ධ වීම නිසා මට විවිධ අත්දැකීම් ලැබුණා. එදා පන්නිපිටිය ධර්මපාල විදුහලේ ශාලාවේ තිරය සොරා ගැනීම නිසා මට වරදකාරී හැඟීම් නිතර ඇති උනා. පසුගිය කාලයේ මම විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදලට මුදල් පරිත්‍යාගයක් කරා එ් පවින් මිදීමට.

    කරුණු විශ්ලේෂණය කිරීමටත්, තර්කානුකූලව කරුණු පෙලගස්වා මිනිසුන් බුද්ධි කලම්බණයට ලක් කිරීමටත් ජේ වී පීයෙන් ලත් අත්දැකීම් කිසිදු විශ්ව විද්‍යලයෙකින් ලබාගත හැකි ඒවා නොවේ. සහතිකයකට හිමිකම් නොපෑව ද මෙම අත්දැකීම් උපාධියකට බෙහෙවින් සමාන ය. පසු කලෙක ජීවිත සාර්ථකත්වය කරා සාපේක්ෂව ලඟවීමට ජේවීපී අත්දැකීම් ඉවහල් කරගත්තා නම් ද, බුද්ධිය මුහුකුරා යන අතරතුර සමාජවාදීව නොව ස්වාභාවිකවාදීව සිතන්නට හා කරන්නට පුරුදු වූවා

    නම් ද 1971 කොල්ලන් රැලම අද ඉහල සමාජ වටිනාකමක් ගෙන දෙන කණ්ඩායමක් වන්නට තිබුණා.

    සියලූ මිනිසුන් එක හා සමාන වන්නේ රටක ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් නීතිය ඉදිරියේදී පමණක් බවත්, කම්හලේ වැඩ බිමේ කාර්යාලයේ සේවය කරනා විටදී ඔවුහු එක හා සමාන නොවන බවත්, ඒ හේතුව නිසා ම ඔවුහු කිසිදා එක හා සමාන අයිතිවාසිකම් වලට හිමිකම් නොපෑ යුතු බවත් අප සිහි තබා ගත යුතු ය. බොහෝ මිනිසුන් තම අයිතිවාසිකම් භුක්ති විඳින්නට යන්නේ අනුන්ගේ වියදමින් බව අප වටහා ගත යුතු ය. ජාන වලින් පමණක් නොවේ හැසිරීමෙන් ද, බුද්ධියෙන් ද, නිෂාපාදන ශක්තියෙන් හා ආකල්ප වලින් ද මිනිසා එකිනෙකට සමාන නොවේ. එබැවින් ඔහුගේ පොහොසත් කම ද කිසිදා එකිනෙකාට සමාන වන්නේ නැත. සමාජවාදය තුලින් මිනිසුන් එකිනෙකාට සමාන කිරීම මගින් ද, සම්පත් සමානව බෙදා හැරීම මගින් ද සිදු වන්නේ මානව උත්පේ‍්‍රරණය ශූන්‍ය කිරීම යි. සමාජවාදී රටවල් වල පේටන්ට් බලපත‍්‍ර ක‍්‍රමයක් නොතිබූ බැවින් ද, නව නිෂ්පාදන සොයාගත් අය ට ද අන්‍ය කම්කරුවාට මෙන් සමානව සැලකීම නිසා ද සමාජවාදී රටවල් වලදී නව නිපැයුම් සොයාගත්තෝ අත්ලාන්තික් සාගරය හරහා නිව්යෝක් බලා ගොස් තම බුද්ධිමය දේපලවල සුරක්‍ෂිතභාවය තහවුරු කරගැනීමෙන් ජීවිතය යහපත් කරගත්තෝ ය.

    විශ්වයට සමාන්තරව මනුෂ්‍යාගේ ජීවිත කාලය අල්ප ය. සමාජවාදී නොවූ ස්වාභාවික නොහොත් ධනවාදී යැයි හංවඩු ගැසූ රටවල නව නිපැයුම් සොයාගත් බුද්ධිමතාට සිය බුද්ධිමය දේපල වෙනුවෙන් හිමිකම කියාපෑමට පේටන්ට් බලපත් නිකුත් කොට ඔහුගේ සුලූ ජීවිත කාලය තුල සම්පත් භුක්ති විඳීමට අවස්ථාවය උදා කර දුන්නෝ ය. එබැවිනි ලොව පේටන්ට් බලපත්ලාභීන් බොහෝ දෙනෙක් බටහිර ස්වාභාවික රටවලින් දක්නට ලැබෙන්නේ මේ හේතුව නිසා. වසර 70 ගණනක් අත්හදා බැලීමට ලක්වූ සමාජ වාදය අද ලොවින් තුරන්ව ගොස් ඇත්තේ. කුමන හෝ වාසනාවකට අනාගත පරම්පරාවට සමාජ වාදය පුරාවිද්‍යත්මකව අධ්‍යනය කිරීම සඳහා කටුගෙයක් ලෙස කියුබාව පමණක් ඉතිරිව ඇත. සමාජවාදී කටුගෙයක් ලෙස කියුබාව මානව වර්ගයා විසින් ආරක්‍ෂා කළ යුත්තේ එහි ඇති මානව උත්පේ‍්‍රරණ ශූන්‍ය බව අනාගත වියතුන්ට අධ්‍යනය කිරීම සඳහා ය.

    තාත්තාත් පුතාත් බල්ලෙකු කර තබාගෙන යනු දුටු ගැමියන් ලොකු උන්නැහේ ඇයි මේ බල්ලෙක් කරේ තියාගෙන යන්නේ යැයි විමසූ ය. තාත්තාත් පුතාත් නෑ මේ බල්ලෙකු නොවේ එඵවෙක්. ටික දුරක් යන විට තවත් කෙනෙක් එම පැණයම ඔවුන්ගෙන් විමසා සිටියා. තාත්තාත් පුත්තා බල්ලෙකු නොව තමන් එඵවෙක් කරතබාගෙන යන බව පවසා සිටියා. මෙසේ දුරක් යන විට හමුවන සැවොම එකම පැණයම අසන්නට වූ බැවින් තාත්තාත් පුතාත් කලේ තම කරේ සිටි සතා බිමින් තබා මඳක් විමසිලිවත්ව ඌ දෙස බැලීම යි. මෙතරම් වේලාවක් එඵවෙක් යැයි සිතා බල්ලෙක් කරතබාගෙන ආ බව ඔවුන් දෙදෙනාම වටහා ගත්තා. නමුත් ලජ්ජාව නිසා බල්ලෙක් කර තබාගෙන යන බව පිලිගන්නට ඔවුන් අකමැති විය. නැවතත් බල්ලාම කර තබා ගත් ඔවුහු හමුවන සැමටම තමන් එඵවෙක් කර තබා ගෙන යනවා යැයි පවසමින් දිගටම ගමන් ගත්තෝ ය. වර්තමාන සමාජවාදීන් ද ලජ්ජාව නිසා සමාජවාදය කුණු ගඳ හමන ජරා ජීර්ණ වූ බව පිලිගන්නට ඇති ලජ්ජාව නිසාම එය තවමත් කරපින්නාගෙන යත්.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: