Daily Archives: අප්‍රේල් 8, 2011
2011 අප්‍රේල් 08: තමන් රැකබලාගන්න ආත්මාර්ථකාමී වෙන්න… ඒකට කමක් නෑ….
අද උදේ තමයි දැක්කේ… ඊයෙ ජගත් සෞඛ්‍ය දිනය ලු…. ලෝක සෞඛ්‍ය සංවිධානෙ නියම කරලා තියෙන්නේ….
කොහොමද අපේ සෞඛ්‍යය රැක ගන්නේ කියල අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ කියලා හිතුවත්, අපි නොසිතා කරන දේ වලින් අපේ සෞඛ්‍යය දන්නේම නැතිව පහළ යනවා.
උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ නින්දට යනකල් කරන දේ වලින් අපි අපේ සෞඛ්‍ය සම්පන්න බව විවිධ විදියට උකසට තබනවා… උදේ නැගිට්ටාම සමහරු නම් වතුර වීදුරුවක් පානය කරනවා… ඒක එක අතකට හොඳ වැඩක්… ඔය Chain E-mail වල කියන විදියට වතුර වීදුරුවක් උදේ පාන්දර බිව්වාම පිළිකා, හෘද රෝග ආදිය ලෙඩ සනීප වෙනවා කියන දේ කෙසේ වෙතත්, උදේ පාන්දර ජලය පානය කිරීමෙන් වකුගඩු ක්‍රියාත්මක වී මුත්‍රා පහවීම, නිසි පරිදි මලපහ කිරීමට අවශ්‍ය පරිදි ශරීරය සජල කිරීමක් (Hydration) කෙරෙනවා. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතිය මුත්‍රා පද්ධතිය ආදිය මැනවින් ක්‍රියා කරනවා. ඉන්පසු වඩාත්ම වැදගත් දේ වන්නේ උදෑසන ආහාරය. අපි බොහෝ දෙනෙක් කාර්ය බහුල නිසාම උදෑසන ආහාර වේල අමතක කරනවා. උදෑසන ආහාර වේල කියන්නේ අපි සාමාන්‍යයෙන් පැය 12 ක් විතර බඩගින්නේ ඉඳලා බඩට දාන කෑම වේලක්. Breakfast කියලා සිංහලෙන් කියන්නේ උපවාසය අත්හරින එක… ඒ කියන්නේ දිගු කාළයක් බඩගින්නේ ඉඳලා ආහාර ගැනීම ගැන… ඒ නිසා උදෑසන ආහාර වේල හොඳින් සමබලව පෝෂ්‍යදායීව ලැබිය යුතුයි.. නමුත් බොහෝ දෙනා කරන්නේ කලබලේට තියෙන දෙයක් කාලා හෝ කඩයෙන් ගන්නා සුළු ආහාර වේලකින් උදෑසන බඩ පුරවාගැනීමයි… මේ නිසා නිසි පෝෂණ ගුණයක් සහිත ආහාර වේලක් නොලැබී යනවා. එසේම දවල්ට සමහරු බඩගින්නේ ඉඳලා රෑ කෑම වැඩියෙන් ගන්නවා.. එසේත් නැත්නම් දවල්ට හොඳට කාලා, රෑ ආහාරය දුවනගිරි හෝටලයකින් අරන් ගෙදර යනවා. මේ නිසා හරිහැටි පෝෂණයක් ලැබෙන්නේ නැතිවාක් මෙන්ම වැඩියෙන් කැවෙන්නේ ජරාවම වීමත් සිදු වනවා..
ව්‍යායාම.
බොහෝ දෙනා සිතන්නේ වැඩට යාම, ගෙදර වැඩ කිරීම ශරීරයට ව්‍යායාම දෙන කටයුත්තක් කියලයි… එසේ වුවත් ඒ වැඩ කිරීම් වලින් ශරීරයේ සෑම තැනටම ව්‍යායාම් ලැබෙන්නේ නැහැනේ… දැන් නිවෙස්වල සිටින අය දර පැලීම, පිටි කෙටීම, ගෙවත්තේ වැඩ ආදී ශරීරය මහන්සි වන වැඩ කෙරෙනවා අඩුයි.. මේ නිසාම දවසේ කිසියම් වෙලාවක හැල්මේ ඇවිදීම වැනි ක්‍රියාවක්, හෝ නිවසේම තැනක සුළු ව්‍යායාමයක් කිරීමෙන් ශරීරයේ ලේ ගමනාගමනය, මාංශපේෂි ක්‍රමාණුකූලව ක්‍රියාකිරීම, නිසි පරිදි හෝමෝන ක්‍රියාකාරීත්‍වය වැනි කරුණු සිදු වෙනවා. ව්‍යායාම කිරීම මගින් ශරීරයේ සතුටු හෝමෝන වන සෙරටොනින් ශ්‍රාවය වැඩි වෙනවා. මේ නිසා සිත සතුටු වනවා වගේම ගතත් සතුටු වනවා.
සෑම දෙනාටම වගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තිබුණා කියා බොහොමයක් දෙනා සිය දෛනික රාජකාරි කෙසේ හෝ ඉටු කරනවා. නමුත් ඒ අය සමහරවිට සේවා ස්ථානයේ ඇති ප්‍රශ්න, නිවසේ ඇති ප්‍රශ්න ආදිය නිසා මානසිකව කරදර විඳිනවා.. මේ බොහොමයක් ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳගත හැකි ප්‍රශ්න.. අනෙක් අයගේ සිත් තමන් විසින්ම කියවාගැනීම නිසා ඇති වන වැරදි වැටහීම් වලින් සිත් පුරවාගෙන තමන් දුක් විඳිනවා… සමහරවිට ඒ පුද්ගලයා මේ ගැන දන්නේවත් නැතුව ඇති… මේ නිසා සමහරවිට බොහෝ ප්‍රශ්න ඇති වනවා… සිතේ යමක් ඇත්නම් එය අදාල පුද්ගලයා සමඟ සාකච්ඡා කර විසඳාගැනීමෙන් බොහෝ වැරදි වැටහීම් විසඳා ගත හැකියි.. එය මිතුරු සබඳතා අළුත් වනවා පමණක් නොවෙයි තමන්ටත් සිතට නිදහසක්. මෙය මිතුරු මිතුරියන් අතර පමණක් නොවෙයි අඹු-සැමියන් අතරත් බොහෝවිට දැකිය හැකි දෙයක්..
ලිංගික සෞඛ්‍යය
ලිංගික කියන වචනයත් අපේ සමාජයේ දෙවිදිහකට වටහාගෙන ඇති වචනයක්. වැඩිහිටි පරපුරට එය කුණුහරුපයක් වගේම බාල පරපුරට එය චූන් වන වචනයක්.. මේ පරම්පරා ගැටුම නිසා ලිංගිකත්‍වය යන්න කිසි කෙනෙක් එළිපිට කතා නොකරන දෙයක් බවට පත් වෙලා. මේ නිසා බාල පරපුර ලිංගික දැනුම ලබා ගන්නේ අයථා ක්‍රම වලින්. ඉස්සර නම් පත්තර (ගන පත්තර – උපුටා ගැනීම බ්ලොග් ගඩොල් පූසොන්ගෙන්) දැන් නම් අන්තර්ජාලයෙන්.. මේ නිසා නව යෞවනයින්ට නිසි ලිංගික දැනුමක් නොලැබෙනවා සේම ඔවුන් ලබන දැනුමද විකෘති විය හැකියි.. අඹු-සැමියන් අතර පවා මේ ගැන කතා කෙරෙනවා අඩුයි… එසේම විවිධ සීමා මායිම් වලින් බොහෝ දෙනාගේ හැඟීම් බැඳ තබලා.. දරුවන් නිදාගන්නේ මව සමඟ, එක්කෝ අඹු-සැමියන් ජීවත් වන්නේ දෙමාපියන් සමඟ. මෙවැනි බාධක නිසා සමහරුන්ගේ ලිංගික නිදහස සීමා වෙලා.. මේ නිසාම බොහෝ දෙනෙක් ලිංගිකව අසහනකාරී තත්ත්‍වයකයි ඉන්නේ.. මේ නිසාම එක්කෝ ඔවුන් අයථා සම්බන්ධකම් වලට හෝ සේවා ස්ථානවල සම්බන්ධකම් වලට පැටලෙනවා… මේ නිසා පවුල් අවුල්, සියදිවිනසාගැනීම් ආදී අවාසනාවන්ත තත්ත්‍වයකින් මේ කතා කෙළවර වෙනවා. මේ තත්ත්‍ව වලක්වා ගැනීමට අඹු-සැමියන් අතර විවෘත සංවාදයක් ඇති විය යුතුයි… සාමාන්‍යයෙන් නිතර ලිංගිකව එක් වන අඹු-සැමියන් අතර නොහොඳ නෝක්කඩු අඩුයි.. ආදරය වැඩියි… ඒ වගේමයි, ඒ අය නිරෝගීයි, සතුටින් සිටිනවා….
ඉතින් මේ බොහොම සරළව අපි ගැන අපිටම බලා ගන්න පුළුවන් ක්‍රම කීපයක්.. මේවා විතරක්ම නොවෙයි.. වෙනත් වෙනත් දේත් මේ මනා සෞඛ්‍යමය දිවිපෙවෙතකට අයත්.. සාමාන්‍ය දැනීම හෙවත් Common sense තියෙන අය දෙයියනේ කියලා මේ දේවල් තමන්ම සිතලා බලලා කටයුතු කරනවා… ඉතින් තමන් ගැන සිතලා බලලා, තමන්ගේ සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳ ආත්මාර්ථකාමී වන්නට එකිනෙකාට අයිතියක් තියෙනවා.. ඉතින් තමන්ව රැකබලාගන්නට ආත්මාර්ථකාමී වෙන්න.. ඔබ දිගු කලක් ජීවත් වේවි…