Daily Archives: අප්‍රේල් 9, 2011

2011 අප්‍රේල් 09 : නිතරම අළුත් වන්න…. හැම දෙයින්ම…..


අද උදේ නැගිටිනකොට කොහේදෝ නැති උගුරේ අමාරුවක් ඇවිල්ලා… පැටියාගෙන් වෙන්න ඕන බෝ වෙලා තියෙන්නේ.. කොහොම වුනත් ඇල්කෙමිච්චි හදලා දීපු කොත්තමල්ලි-ඉඟුරු-සුදුළූණු-කුරුඳු මිශ්‍රණයක් බීලා වැඩට ගියා. සවස් වනවිට තරමක් මහන්සිත් වුන නිසාම බෙහෙත් පෙත්තක් බීලා ඇඟේ අමාරුව අඩු කර ගත්තා… දැන් දැන් පරිසරය රත් වන නිසා ඇඟට ඒ වෙනස සමහර විට ඔරොත්තු දෙන්නේ නැහැ.. ඒ වගේම මේ කාලෙට ටිකක් මේ උණ හෙම්බිරිස්සාව ගතිය පැතිරිලා යනවා හැමෝම අතරේ.. සමහරු නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා… ස්වභාවික ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන අපි ඒ එන්නත් ලබාගන්නේ නැහැ… ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්න පුද්ගලයෝ කරන්නේ තමන්ගේ සිරුර තුළ ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තිකරණයට නිවාඩු ලබා දීලා එන්නත් වලට රෝග සමග සටන් කිරීමේ අයිතිය ලබා දෙනවා… මේ නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා එන්නත් නැති අවස්ථාවක රෝග ලක්‍ෂණ උත්සන්න වෙනවා.. මේ නිසාම අපි නම් කෘත්‍රිම ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන්නේ නැහැ.

අද අපේ රසායනාගාරය පිරිසිදු කරන දවස (Spring Cleaning) උදේ 9.00 වෙනකොට ඔක්කෝම රසායනාගාරයට ඇවිත් හිටියා. ලොක්කා හැමෝටම උදේ කෑමට බේගල් ගෙනත් තිබුණා… හැමෝම බේගල් ඇදබාලා එකිනෙකාට පැවරිලා තිබුණ පිරිසිදු කිරීම් කලා…

මට පැවරිලා තිබුණේ මගේ වැඩ කරන ස්ථානය පිරිසිදු කරගන්න සහ අපි පොදුවේ පාවිච්චි කරන Glove Box එක පිරිසිදු කරන්නයි. මගේ Hood එක (සිංහලෙන් කියනව නම් දුම් කූඩුව) තරමක් පිරිසිදුවටයි තියාගෙන ඉන්නේ… හැමදාම කරන පරීක්‍ෂණ වලට පස්සේ අදාල භාජන සෝදලා තබන නිසා වැඩිපුර අපිරිසිදු වන්නේ නැහැ… නමුත් සමහරවිට වැඩ වැඩි වුනාම සමහර දේවල් අතපසු වෙනවා…
ඉතින් අද අපි සියළු දෙනාම එකතු වෙලා රසායනාගාරය පිළිවෙලක් කළා…. දවල් කෑමට ලොක්කා පිට්සා ගෙනැවිත් තිබුණා.. අපේ පොඩි එවුන් නම් කන්න දන්නෙම නෑ… පිට්සා ටික කොහේ ගියාද දන්නේ නෑ ටික වෙලාවකින්… නැවතත් කට්ටියම එකතු වෙලා රසායනාගාරයේ අඩුපාඩු පිළිසකර කරලා නිම කළා…

ඉඳලා හිටලා තමන් වැඩකරන තැන පිරිසිදු කරලා නවතාවයක් දෙන එක කාටත් හොඳ දෙයක්.. එවිට එතැන වැඩ කරන්න ප්‍රියමනාප බවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් තමන් වැඩ කරන තැන නිතර පිරිසිදුව තබා ගත යුතු වුනත්, වැඩ කිරීමේදී නිතැතින්ම එතැන අපිරිසිදු/අපිළිවෙල වෙනවා… මේ නිසා සැරෙන් සැරේ මෙසේ පිරිසිදු කිරීමෙන් තමන් ඒකාකාරි බවෙන් මිදීමක් වනවා නගේම නැවතත් අළුත් වීමක් හැඟෙනවා…
ගෙයක් වුනත් එහෙමයි… හැමදාම පුටු මේස තියන තැන් වෙනුවට, අළුත් අළුත් ස්ථානවල පුටු මේස තැබීමෙන් ඔබටම ඒ ඒ ස්ථානවල ඇති වෙනස වටහාගන්නට පුළුවනි.. මෙය ඔබ අවට පරිසරයටම විතරක් නොවෙයි, තමන්ගේ සිතුම් පැතුම්, අරමුණු, හැසිරීම්, ආදියටත් ඇතුළු කරගත්තාම ඔබ හැමදාම අළුත් පුද්ගලයෙක් වේවි… එවිට හැමෝම ඔබට කැමති වේවි…

ඉතින්….. නිතරම අළුත් වන්න… එවිට ඔබටම පෙනේවි වෙනස……. අත්හදා බලන්න….