2011 අප්‍රේල් 10 : අවුරුද්දත් කිට්ටු කිට්ටු………. පඩිපතටත් තට්ටු තට්ටු……..


අද ඉරිදා… ඊයෙ තිබූ උගුරේ අමාරුව දැන් පූර්ණ හෙම්බිරිස්සා තත්ත්‍වයක් දක්වා වර්ධනය වෙලා.. ඒ නිසාම ටිකක් වැඩිපුර නිදාගත්තා… ගෙවල් වලට කතා කරද්දි තමයි තේරුණේ සිංහල-දමිල අළුත් අවුරුද්ද තව දවස් තුනකින් එනවා කියලා… අපට නම් ඒක දැනෙන්නේ නැහැ… කෝ අඬන්න කොහෙක් වත් ඉන්න එකක් යෑ.. පාත්තයො නම් අඬාගෙන යනවා හැම නිතරම…
අපේ පවුලට එකතු වන අවුරුදු කුමාරයා නිසා ආච්චීයි සීයයි ( ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි) නම් ඉන්නේ සන්තෝසෙන්, එහෙම වුනයි කියලා අමුතුවෙන් සාරෙට අළුත් අවුරුද්ද ගැනෙන එකක් නැහැ. පුතාලා දෙන්නම රටේ නැතිකොට අම්මලාට මොන අවුරුදු ද? මම රට ආපු දවසේ ඉඳලා අවුරුදු ගනිත්දි වෙන් කරපු මගේ කෑම පිඟාන වෙනදා වගේම මේ සැරෙත් බල්ලො කාවි… සමහරවිට කැවිලි ටික නං නංගි කාවි… මේ සැරේ කැවිළි හදන්නෙත් නෑ කියලයි අම්ම කිව්වේ.. අම්මත් ටිකක් ලෙඩ ගානේ… සීනි වැඩි මනුස්සයා සීනි තියෙන කැවිලි කෑවම වැඩ ගොඩ වෙනව නේ… බොහොමයක් ගෙවල්වල තත්ත්‍වය මේකයි.. දරුවො වෙන් වෙලා දුර පලාත්වල යනවා… දෙමවුපියෝ මහගෙදර තනි වෙලා… අපිත් ආසයි අවුරුද්දට ගෙදර ඇවිත් නෑදෑයො එක්ක නිදහසේ කතා කරන්න… ඒත් කෝ එන්න විදියක් ? ප්‍රශ්න ගොඩයිනේ.. බැඳීම් ගොඩයි…. නිවාඩු ගන්න ප්‍රශ්න, අපේ අවුරුද්ද කාලේ පැටියගේ පාසලේ නිවාඩු නැති ප්‍රශ්න, ආදී ප්‍රශ්න ප්‍රශ්න…..

අම්මා කියපු විදියට ගම් වල නම් ඒ තරම් සරුවක් නෑ අවුරුදු… මිනිස්සුන්ට නිදහස තිබුණත් කන්න අඳින්න සල්ලි නැත්තං කොහොමද අවුරුදු සමරන්නේ ? ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරනවා කියුවත් ඉස්සර තිබුණ ගණනට ගන්න බෑලු.. ඇත්ත තමයි… එන්න එන්න බඩු ගණන් වැඩි වෙනවා මිසක් කොයි රටකවත් අඩු වෙන සිරිතක් නෑනේ… මාළුවල මිල ගණන් වැඩි වෙන්නේ කොහොමද කියන එක රටම හොයාගත්තේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ සිද්ධියෙන් පස්සේ… අනෙකුත් වෙළඳ මධ්‍යස්ථානවලත් මේ තත්ත්‍වයේ වෙනසක් නැතිව ඇති. ඒ නිසා ඉතින් වෙලෙන්දො කරන්නේ කප්පම් කරුවන්ට ගෙවන්න තියෙන සල්ලි මහජනතාවගෙන් අය කරගන්නවා…

මේ තත්ත්‍වය වෙනස් කරන්න පුළුවන් කාටද ? කප්පම් කාරයොන්ගෙන් සල්ලි ගන්නෙ නැති කෙනෙකුට පමණයි.. බැලු බැල්මට නම් ආරක්‍ෂක ලේකම් තුමා අන්න ඒ වගේ පුද්ගලයෙක්. ඒ ඔහු දේශපාලනඥයෙක් නොවීම නිසා… මිනිස්සුන්ට ඇති එකම බලාපොරොත්තුව ඔහු වන්නට පුළුවන්. සියළුම දේශපාලනඥයෝ දූෂිතයි… ඔහුගේ මගපෙන්වීම යටතේ මේ කප්පම් කල්ලි අඩු කරලා (නැති කරන්න නම් අමාරු වෙයි) මිනිස්සුන්ට සහනයක් කෙරෙනවා නම් ලොකු දෙයක්…. සමහර විට මේ මට පෙනෙන පැත්ත වෙන්න පුළුවනි… තවත් සමහර දේශපාලන දර්ශනයක් හෝ න්‍යාය පත්‍රයක් ඇති කෙනෙකුට ඔහුව වෙනස් ආකාරයකට පේන්නට පුළුවනි… ඒ අපේ ස්වභාවය නේ….. ඒ ගැන අපි වාද විවාද කරගන්න අවශ්‍ය නෑ..

රටට වැඩක් නැති ප්‍රමාණයකට දේශපාලනඥයෝ ඉන්නකොට ඔවුන්ව නඩත්තු කරන්න වැය වෙන්නේ රටේ බදු මුදල්… එවිට මහජනයාගේ යහපතට ඒවා යොදාගන්නට බැහැ… එවිට සල්ලි නැති කමින් බොහෝ තැන් වල නියමිත පරිදි වැඩ කෙරෙන්නේ නැහැ.. මෑතකදී රජයේ රෝහල් 95 ක් වැසී ගිහින් කියලත් පත්තරේ තිබුණා… මේවා ඉතින් කාට කියන්නද ? මොන පක්‍ෂය ආවත් මේ තත්ත්‍වය එකමයි.. ඔක්කෝම එකම වල්ලේ පොල් තමයි..

කොහොම වුනත්……. පඩි පතට තට්ටු වෙන්නේ නැති අවුරුද්දක් කවදා හරි එනකල් මිනිස්සු බලාගෙන ඉන්නවා..

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 10, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. එහෙමද හිතාගෙන ඉන්නේ??????මේ පාර අම්මා නෙමෙයි මමයි කැවිලි හදන්නෙ. ඒවත් ඉගෙන ගන්න ඕන නේද??
    අම්මෝ අම්මා නම් හරිම සතුටෙන්. මුණුපුරො 2නම එක වගේ කියලා තවත් සතුටින්…. අපරාදෙ ඔයාලගෙ කෑම පන්ගුව නම් හැමදාමත් අපතේ.. මේ අවුරුද්දෙත් අපේ කෑම මේසෙට පවුලෙ හැමදෙනාටම ඉන්න නෑ…1999න් පස්ස් අපේ පවුලෙ අය අවුරුද්දට එකතු වෙලා නෑ…ඒකෙ වැ‍රැද්ද ඉගෙන ගත්ත එකද රට ගිය එකද මන් දන්නෙ නෑ..ඒත් මොන තරම් අපි ලගින් හිටියත් අම්මට තාත්තට ඔයාල නැති එක මේ අවුරුද්දෙදි වෙන මොන කාලෙටත් වඩා දැනේවි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න