Daily Archives: අප්‍රේල් 19, 2011

2011 අප්‍රේල් 19: කොට ගවුම් ඇඳගත්තු සුදු කෙල්ලො එක්ක හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බෑ අප්පා….


හිත හීලෑ නෑ….
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා……
හිතෙන හිතෙන තැන නවතිනවා…..

මොනව කරන්නද…. කොහොම හරි හිත එකලාසයක් කරගෙන වැඩ ටික කරගන්නත් ඕන…. දැන් දැන් පරිසරය ටික ටික රත් වෙනවා… ඒ රත් වීමට විශ්ව විද්‍යාලයේ කෙල්ලන්ගේ ඇඳුම්වල දිග ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා… කවුද කියන්නේ Global warming හොඳ නෑ කියලා…. ?

ලංකාවෙ නම් ගෑණු පරාණ වලට කොට ඇඳුම් අකැපයි නෙ… ඒවා ඇඳගෙන යනකොට පිරිමින්ගේ විලිසංගෙ නැති වෙනවනේ… එතකොට ජනගහන වර්ධනය වැඩි වෙනවලු… අපරාධ වැඩි වෙනවලු… එහෙම තමයි ලංකාවෙ සංස්කෘතික බක පණ්ඩිතයොන්ගෙ තර්කය… උන් දන්නෙ නෑ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක් කියලා.. උන් හිතාන ඉන්නේ ලංකාව තියෙන්නේ ග්‍රීන්ලන්තෙ හරියෙ කියලා.. ඒ වගේමයි අර පාරවල් අයිනේ තියෙන දැන්වීම් පුවරුවලත් පොඩ්ඩක් හරි ඇඟ පේන්න පින්තූරයක් තිබුණොත් ඒකත් ගලවන්න කියලා නීතියක් ගෙනාවෙ…

එක අතකට ඒක හොඳයි කියලා හිතෙන්නෙත් අපේ සමහර උන්දලා බස්වල කරන අමන වැඩ දිහා බැලුවාමයි.. ඇවිද ගන්න පණ නැති නාකි උන්දලා මේ අවුරුදු 16 කෙල්ලො ලඟ මයිකල් ජැක්සන් ලා වෙනවා… හැබැයි මෙහෙම දේකුත් වෙනවා. අර නිතර දකින කුකුලගේ කරමලේ වගේ වෙන රටවල නම් මේවා දැකලා දැකලාම කොට ගවුමක් ඇඳන් ගියා කියලා, එහෙමත් නැත්නම් නාන ඇඳුමක් ඇඳපු ගෑණු රුවක් තියෙන බිල්බෝඩ් එකක් පාරෙ අයිනෙ තිබුණා කියලා මිනිස්සුන්ට ගානක් නෑ.. නමුත් මේවා ලංකාවේ තහනම් කරන්න කරන්න මිනිස්සුන්ට ඒව බලන්න තියෙන ආසාව වැඩි වෙනවා… සංචාරක ව්‍යාපාරෙත් වැඩි දියුණු වෙන එකේ සංස්කෘතික තහංචි පනවන්න බෑ රටකට.. එහෙම වුනාම සංචාරකයො තමන්ට නිදහස ඇති වෙන තැන් සොයාගෙන යාවි.. අච්චර මුස්ලිම් රටක් වෙච්ච මාල දිවයින වත් මේ වගේ තහංචි දාලා නැතුව ඇති….
නීති වල දෙපැත්තක් තියෙනවා සමහර වෙලාවට නීති නැතිව සමහර දේවල් පාලනය කරන්න අමාරුයි වගේම, නීති තද වුනාමත් රටක් පාලනය කරන්න බැරි වෙනවා…

ලංකාවෙ නිරුවත, ලිංගිකත්‍වය කියන වචනත් කුණුහරුප විදියටයි ගණන් ගැනෙන්නේ.. කිසිම මාධ්‍යයක මේවා විවෘතව කතා කෙරෙන්නේ නෑ.. සමහර විට බොහෝ පවුල් කඩාකප්පල් වන මානව සබඳතා පිළිබඳව වත් ලාංකීය මාධ්‍ය නාලිකාවල ගැඹුරින් කතා කෙරෙනවා මම නම් දැකලා නැහැ.. දෙමාපිය-දූදරු සබඳතා පවා බොහෝ දුරස්… සමහර විට අම්මාවරුන්ගේ දිනය- පියවරුන්ගේ දිනය මහ ඉහලින් සැමරුවත්, ඉන් පසුව ඒ සපඳතා පිළිබඳ කාටවත් මතකයක්වත් නැහැ….

ඒ මදිවට මත්පැන් පානය කෙරෙනවිට,සිපගැනීමේ දර්ශනයක් ඇති විට රූපවාහිනියේ කොටු දමනවා… මේ වැනි විකාර වැඩ වෙනුවට රූපවාහිනී වැඩසටහන් නියමිත ප්‍රමිතියකට ලක් කර, වයස්කාණ්ඩ අනුව නැරඹිය හැකි සීමාවන් පැණවූවා නම් කොච්චර අගේද ? පිට රටවල නම් PG13, PG 15, R, MA,

වැනි කාණ්ඩ වලට වැඩසටහන් බෙදා වෙන්කර තිබෙනවා… ඒ වගේම කිසියම් වැඩසටහනක දරුවන්ට නැරඹිමට නුසුදුසු ප්‍රචණ්ඩත්‍වය, නග්න දර්ශන, වාග් සංග්‍රාම වැනි දේ ඇත්නම් ඒ වැඩසටහනට පෙර සහ අතරවාරයේ ඒ බව දන්වනවා.. මේ නිසා දෙමාපියන්ට පුළුවනි තම දරුවන් ඒ වැඩසටහන් නැරඹීම සීමා කරන්නට…. ලංකාවේ වෙන්නේ මේක නොවෙයි.. දරුවන්, දෙමාපියන් සියල්ල එකතු වෙලා රූපවාහිනියේ පෙන්වන සියළුම දහජරාව නරඹනවා.. මේකෙන් වෙන්නේ ළමා මනස දූෂ්‍ය වන එකයි… ඉන්පසු කිසිම වාරණයක් දැමීමෙන් පලක් නැහැ…

මේ දේවල් අපේ නිසි බලධාරීන් තේරුම් අරන් නිසි පරිදි වැඩසටහන් වර්ගීකරණයකට ලක් කරනවා නම් අනාගත පරපුර නීති නොදමා නිසි මගට ගගන්නට පුළුවන් වේවි…

ඒ වගේ ලස්සන දවසක් එනකල් අපි බලා ඉමු….

%d bloggers like this: