2011 අප්‍රේල් 19: කොට ගවුම් ඇඳගත්තු සුදු කෙල්ලො එක්ක හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බෑ අප්පා….


හිත හීලෑ නෑ….
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා……
හිතෙන හිතෙන තැන නවතිනවා…..

මොනව කරන්නද…. කොහොම හරි හිත එකලාසයක් කරගෙන වැඩ ටික කරගන්නත් ඕන…. දැන් දැන් පරිසරය ටික ටික රත් වෙනවා… ඒ රත් වීමට විශ්ව විද්‍යාලයේ කෙල්ලන්ගේ ඇඳුම්වල දිග ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා… කවුද කියන්නේ Global warming හොඳ නෑ කියලා…. ?

ලංකාවෙ නම් ගෑණු පරාණ වලට කොට ඇඳුම් අකැපයි නෙ… ඒවා ඇඳගෙන යනකොට පිරිමින්ගේ විලිසංගෙ නැති වෙනවනේ… එතකොට ජනගහන වර්ධනය වැඩි වෙනවලු… අපරාධ වැඩි වෙනවලු… එහෙම තමයි ලංකාවෙ සංස්කෘතික බක පණ්ඩිතයොන්ගෙ තර්කය… උන් දන්නෙ නෑ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක් කියලා.. උන් හිතාන ඉන්නේ ලංකාව තියෙන්නේ ග්‍රීන්ලන්තෙ හරියෙ කියලා.. ඒ වගේමයි අර පාරවල් අයිනේ තියෙන දැන්වීම් පුවරුවලත් පොඩ්ඩක් හරි ඇඟ පේන්න පින්තූරයක් තිබුණොත් ඒකත් ගලවන්න කියලා නීතියක් ගෙනාවෙ…

එක අතකට ඒක හොඳයි කියලා හිතෙන්නෙත් අපේ සමහර උන්දලා බස්වල කරන අමන වැඩ දිහා බැලුවාමයි.. ඇවිද ගන්න පණ නැති නාකි උන්දලා මේ අවුරුදු 16 කෙල්ලො ලඟ මයිකල් ජැක්සන් ලා වෙනවා… හැබැයි මෙහෙම දේකුත් වෙනවා. අර නිතර දකින කුකුලගේ කරමලේ වගේ වෙන රටවල නම් මේවා දැකලා දැකලාම කොට ගවුමක් ඇඳන් ගියා කියලා, එහෙමත් නැත්නම් නාන ඇඳුමක් ඇඳපු ගෑණු රුවක් තියෙන බිල්බෝඩ් එකක් පාරෙ අයිනෙ තිබුණා කියලා මිනිස්සුන්ට ගානක් නෑ.. නමුත් මේවා ලංකාවේ තහනම් කරන්න කරන්න මිනිස්සුන්ට ඒව බලන්න තියෙන ආසාව වැඩි වෙනවා… සංචාරක ව්‍යාපාරෙත් වැඩි දියුණු වෙන එකේ සංස්කෘතික තහංචි පනවන්න බෑ රටකට.. එහෙම වුනාම සංචාරකයො තමන්ට නිදහස ඇති වෙන තැන් සොයාගෙන යාවි.. අච්චර මුස්ලිම් රටක් වෙච්ච මාල දිවයින වත් මේ වගේ තහංචි දාලා නැතුව ඇති….
නීති වල දෙපැත්තක් තියෙනවා සමහර වෙලාවට නීති නැතිව සමහර දේවල් පාලනය කරන්න අමාරුයි වගේම, නීති තද වුනාමත් රටක් පාලනය කරන්න බැරි වෙනවා…

ලංකාවෙ නිරුවත, ලිංගිකත්‍වය කියන වචනත් කුණුහරුප විදියටයි ගණන් ගැනෙන්නේ.. කිසිම මාධ්‍යයක මේවා විවෘතව කතා කෙරෙන්නේ නෑ.. සමහර විට බොහෝ පවුල් කඩාකප්පල් වන මානව සබඳතා පිළිබඳව වත් ලාංකීය මාධ්‍ය නාලිකාවල ගැඹුරින් කතා කෙරෙනවා මම නම් දැකලා නැහැ.. දෙමාපිය-දූදරු සබඳතා පවා බොහෝ දුරස්… සමහර විට අම්මාවරුන්ගේ දිනය- පියවරුන්ගේ දිනය මහ ඉහලින් සැමරුවත්, ඉන් පසුව ඒ සපඳතා පිළිබඳ කාටවත් මතකයක්වත් නැහැ….

ඒ මදිවට මත්පැන් පානය කෙරෙනවිට,සිපගැනීමේ දර්ශනයක් ඇති විට රූපවාහිනියේ කොටු දමනවා… මේ වැනි විකාර වැඩ වෙනුවට රූපවාහිනී වැඩසටහන් නියමිත ප්‍රමිතියකට ලක් කර, වයස්කාණ්ඩ අනුව නැරඹිය හැකි සීමාවන් පැණවූවා නම් කොච්චර අගේද ? පිට රටවල නම් PG13, PG 15, R, MA,

වැනි කාණ්ඩ වලට වැඩසටහන් බෙදා වෙන්කර තිබෙනවා… ඒ වගේම කිසියම් වැඩසටහනක දරුවන්ට නැරඹිමට නුසුදුසු ප්‍රචණ්ඩත්‍වය, නග්න දර්ශන, වාග් සංග්‍රාම වැනි දේ ඇත්නම් ඒ වැඩසටහනට පෙර සහ අතරවාරයේ ඒ බව දන්වනවා.. මේ නිසා දෙමාපියන්ට පුළුවනි තම දරුවන් ඒ වැඩසටහන් නැරඹීම සීමා කරන්නට…. ලංකාවේ වෙන්නේ මේක නොවෙයි.. දරුවන්, දෙමාපියන් සියල්ල එකතු වෙලා රූපවාහිනියේ පෙන්වන සියළුම දහජරාව නරඹනවා.. මේකෙන් වෙන්නේ ළමා මනස දූෂ්‍ය වන එකයි… ඉන්පසු කිසිම වාරණයක් දැමීමෙන් පලක් නැහැ…

මේ දේවල් අපේ නිසි බලධාරීන් තේරුම් අරන් නිසි පරිදි වැඩසටහන් වර්ගීකරණයකට ලක් කරනවා නම් අනාගත පරපුර නීති නොදමා නිසි මගට ගගන්නට පුළුවන් වේවි…

ඒ වගේ ලස්සන දවසක් එනකල් අපි බලා ඉමු….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 19, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. TV programme rate කරන එක නම් බොහොම හොද වැඩක්. මන් නම් හිතන්නේ නෑ ලංකාවේ මේවට වග කිව යුතු තැන්වල ඉන්න කවුරුත් මේ වගේ එකක් ගැන දැන්ව ඇති කියල. චිත්‍ර පට උනත් නිකන් තමන්ට හිතන විදිහට සංස්කෘතිය ගැලපෙන්නේ නෑ කියල තහනම් කරනවට වඩා පිළිගත්තු ක්‍රමයකට වරගීකරණය කරලා ප්‍රදරශනය කරනවා නම් තමයි හොද …………………..

    කැමතියි

  2. ලංකාවෙ ඔය ඊනියා සභ්‍යත්වය පටන්ගන්නෙ විදේශ ආක්‍රමණිකයන් එක්ක කියලයි මම නම් කියවල තියෙන්නෙ. විශේෂයෙන්ම ඉංග්‍රීසීන්ගෙ වික්ටෝරියානු දැක්මත් එක්ක. ඊට කලින් නිරුවත අද තරං අරුමයක් නොවෙන්න ඇති මිනිස්සුන්ට. එහෙමයි කියල පරණ මිනිස්සුන්ට මොකක් හරි වැ‍රැද්දක් වෙලා තිබුන කියල මම අහල නෑ.
    වැඩිය උවනමා නෑ, ඕනම පන්සලක බුදුගෙට ගොහින් බලන්නකො පටාචාරාව, චිංචි අක්ක, සුජාතා, එහෙම ඇඳල ඉන්නෙ මොනවද කියල. එහෙව් පන්සල් වලට වළළුකරට වෙනකන් ඇඳන් යන්න කියන්නෙ ඇයි කියල මටනම් තේරෙන්නෙ නෑ. රෙද්දෙ දිගෙන් හැදියාව, ආගමික නැඹුරුව කිරල මනින්න තරං මොට්ටයිද ?

    කැමතියි

  3. කෙතරම් ඇදුම් අඩුවට ඇදන් ගියත් ඒවාට ප්‍රතිචාර වශයෙන් කිසිමදෙයක් කරන්නවත් කන්න වගේ බලාසිටින්නත් කවුරුවත් හදන්නේ නැහැ.හේතුව නීතිය සහ හැදියාව. අනික අවශ්‍යම අයට එම අවශ්‍යතා සපුරගන්න පහසුකම් නීත්‍යානුකූලව සලසල තියනවා පමණක් නොව එවනිදෙවල් මානුසික අවශ්‍යතා හැටියට පිලිගන්නවා.

    කැමතියි

  4. කාමරාගය නම් ලිංගික ආශාවයි(Sex Feelings).මේ ලිංගික ආශාව වූ කලී සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂාකර තැබීම සඳහා සකස්ව ඇති ජෛව විද්යාදත්මක උගුලෙහි ඇමයි.මේ උගුල ක්රිැයාත්මකවීමට නම් මේ ඇම ගිලීම සඳහා ආකර්ශණය වන ප්රකතිවිරුද්ධ පාර්ශවික ලිංගික සත්වයින් දෙදෙනෙකු සිටිය යුතු වේ.ලිංගික ආශාව නමැති මේ ඇම නොමැති නම් කිසිදු අයෙකු මේ ජෛව විද්යා ත්මක උගුල වෙත මේ අයුරින් ආකර්ශණීය ලෙස ඇදී නොයනු ඇත.මනුෂ්යෙ වර්ගයා ඇතුළු සියළු ජීවීන් සුඛ වේදනාව විඳීමට ඉතා විශාල ආකර්ශණයක් දක්වන බව පැහැදිලිය.බොහෝවිට සුඛ වේදනාව ලෙස සලකා මිනිසුන් විඳින ඇතැම් දේ සැබවින්ම සුවයක් නොවනබව ඒ පිළිබඳ විචාරපූර්වකව සලකා බලන අවස්ථාවලදී පෙනී යයි.ශරීරයෙහි සිදුවූ වණයක් කාලයක් යාමේදී කැසීමට පටන් ගනියි.වණයෙහි ඇති මේ කැසීම මහත් සුවයකි.එහෙත් කැසීම නිසා වණය යළි විශාල තුවාලයක් බවට පත්ව එයින් වේදනාව ඇතිවේ.එබැවින් වණයෙහි කැසීම තාවකාලික දෙයකි.එමෙන්ම මිනිසුන් සුඛ වේදනාව නිසා එය විඳීමට ආකර්ශණයවීමද වණයෙහි තාවකාලික කැසීම හා සමාන දෙයක්බව දත යුතුවේ. කාමරාගයෙහි පවතින වණය කසනවිට ඇතිවන සුවය මෙන්වූ ඉතා ස්වල්ප ස්පර්ශ වේදනාවක් විඳීමට ලොල්වී ඊට වඩා ඉතා විශාල අනර්ථයක් සිදුකරගන්නා බව බොහෝ අය නොසිතති.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: