දිනය 1993 අප්‍රේල් 23 වෙනිදා… වෙලාව සවස 6.30 ට පමණ ඇති… එදා සවස නවලෝක රෝහලේ නවත්තලා හිටපු සුදු අක්කව බලලා ආපසු එනවිටයි ඔහු කිරුලපණ සීබල් මාවත ඉදිරිපිට ඇති ක්‍රීඩාංගණයේ තිබූ රැලියක කතා කරනවා දැක්කේ…. ඒ ඔහු කතා කළ අන්තිම වචන කීපය වෙයි කියලා කව්ද හිතුවේ ? ඒත් සිදු නොවිය යුතුව තිබූ ඒ අවාසනාවන්ත දේ සිද්ධ වුනා.. ජීවිත තර්ජන තියෙද්දිත් වෙඩි නොවදින කබායක් තියෙද්දිත්, එය ඇඟලාගන්න සිත් නොදුන්නේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති… කෙසේ වුවත් ඔහු අප අතරින් වියෝ වෙලා වසර 18 ක් ගතවෙලා…
ඔහු ජීවත්ව සිටියා නම් අනිවාර්යයෙන් 1993 බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති වන්නෙත්, අනතුරුව ලංකාවේ ජනාධිපති වන්නෙත් ඔහුයි… එසේ වූවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් මඟක් ගන්නට ඉඩ තිබුණා… උගත් සහ බුද්ධිමත් දේශපාලනඥයෙකු වූ ඔහුට ජනතා ගෞරවය හිමි වූයේ නිතැතින්ම… ගෞරවය සොයා නොගිය මිනිසෙකු වූ ඔහු, සෑම විටම සාමාන්‍ය මිනිසෙකු වුනා.. ආරක්‍ෂක ඇමතිව සිටි කාළයේ පවා පරිවාර සේනාව හෝ සුවිශාල ආරක්‍ෂක බල ඇණියක් සහිතව ගමන් නොගිය සරළ නිහතමානී මනුෂ්‍යයෙක්…. දැන් සිටින මොට්ට, උඩඟු වාචාල දේශපාලුවන්ට ඔහුගේ චරිතාපදානයෙන් ලබාගතහැකි අත්දැකීම් අති මහත්.
දේශනයක් පවත්වත්දී භාෂා හැසිරවීම, නිසි සංයමය, උචිතබව වැනි සුවිශේෂ ලක්‍ෂණ විහිදූ නිසාම ඔහුගේ දේශන අසා සිටීමට පවා රුචියි… එපමණක් නොව එතුමාගේ පතල බුද්ධිය සහ ඒ උගත්කමින් උඩඟු නොවීම යන ලක්‍ෂණ නිසාම ඔහු සැබෑ නායකයෙක් වුනා… අධ්‍යාපන ඇමතිව සිටි කාළයේ ඔහුගේ සංකල්පයක් වූ අඩු ආදායම් ලාභි සරසවි ශිෂ්‍යයන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්‍ව ක්‍රමයේ නිර්මාතෘ වූ එතුමා අධ්‍යාපනයේ වටිනාකම මනාව දැන හැඳිනගත්තෙක්. වෙළඳ ඇමති සහ ආරක්‍ෂක ඇමති යන තනතුරු හෙබවූ එතුමා ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පවතින එජාප පාලනයට එරෙහිව ප්‍රජාතත්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටෙව්වේ ගාමිණී දිසානායක සහ ජී එම් ප්‍රේමචන්ද්‍ර යන පතල දේශපාලනඥයන් දෙදෙනා සමගිනුයි.
කිසිවක් කියන්න අවශ්‍ය නැහැ… ඔහු මා ගෞරව කළ දේශපාලනඥයින් දෙදෙනාගෙන් (අනෙක් දේශපාලනඥයාත් දැන් ජීවතුන් අතර නැහැ, සමහරවිට ඔබට අනුමාන කරන්නට පුළුවන් වේවි) එක් අයෙක්.. නම ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි… දන්න අය දන්නවා… එතුමාගේ බිරිඳ ශ්‍රීමනීත් අකාලයේ මියගියේ පිළිකාවකින්………
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...