2011 අප්‍රේල් 23 : අනේ අද ඔහු ජීවත්ව සිටියා නම්……


දිනය 1993 අප්‍රේල් 23 වෙනිදා… වෙලාව සවස 6.30 ට පමණ ඇති… එදා සවස නවලෝක රෝහලේ නවත්තලා හිටපු සුදු අක්කව බලලා ආපසු එනවිටයි ඔහු කිරුලපණ සීබල් මාවත ඉදිරිපිට ඇති ක්‍රීඩාංගණයේ තිබූ රැලියක කතා කරනවා දැක්කේ…. ඒ ඔහු කතා කළ අන්තිම වචන කීපය වෙයි කියලා කව්ද හිතුවේ ? ඒත් සිදු නොවිය යුතුව තිබූ ඒ අවාසනාවන්ත දේ සිද්ධ වුනා.. ජීවිත තර්ජන තියෙද්දිත් වෙඩි නොවදින කබායක් තියෙද්දිත්, එය ඇඟලාගන්න සිත් නොදුන්නේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති… කෙසේ වුවත් ඔහු අප අතරින් වියෝ වෙලා වසර 18 ක් ගතවෙලා…

ඔහු ජීවත්ව සිටියා නම් අනිවාර්යයෙන් 1993 බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති වන්නෙත්, අනතුරුව ලංකාවේ ජනාධිපති වන්නෙත් ඔහුයි… එසේ වූවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් මඟක් ගන්නට ඉඩ තිබුණා… උගත් සහ බුද්ධිමත් දේශපාලනඥයෙකු වූ ඔහුට ජනතා ගෞරවය හිමි වූයේ නිතැතින්ම… ගෞරවය සොයා නොගිය මිනිසෙකු වූ ඔහු, සෑම විටම සාමාන්‍ය මිනිසෙකු වුනා.. ආරක්‍ෂක ඇමතිව සිටි කාළයේ පවා පරිවාර සේනාව හෝ සුවිශාල ආරක්‍ෂක බල ඇණියක් සහිතව ගමන් නොගිය සරළ නිහතමානී මනුෂ්‍යයෙක්…. දැන් සිටින මොට්ට, උඩඟු වාචාල දේශපාලුවන්ට ඔහුගේ චරිතාපදානයෙන් ලබාගතහැකි අත්දැකීම් අති මහත්.
දේශනයක් පවත්වත්දී භාෂා හැසිරවීම, නිසි සංයමය, උචිතබව වැනි සුවිශේෂ ලක්‍ෂණ විහිදූ නිසාම ඔහුගේ දේශන අසා සිටීමට පවා රුචියි… එපමණක් නොව එතුමාගේ පතල බුද්ධිය සහ ඒ උගත්කමින් උඩඟු නොවීම යන ලක්‍ෂණ නිසාම ඔහු සැබෑ නායකයෙක් වුනා… අධ්‍යාපන ඇමතිව සිටි කාළයේ ඔහුගේ සංකල්පයක් වූ අඩු ආදායම් ලාභි සරසවි ශිෂ්‍යයන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්‍ව ක්‍රමයේ නිර්මාතෘ වූ එතුමා අධ්‍යාපනයේ වටිනාකම මනාව දැන හැඳිනගත්තෙක්. වෙළඳ ඇමති සහ ආරක්‍ෂක ඇමති යන තනතුරු හෙබවූ එතුමා ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පවතින එජාප පාලනයට එරෙහිව ප්‍රජාතත්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටෙව්වේ ගාමිණී දිසානායක සහ ජී එම් ප්‍රේමචන්ද්‍ර යන පතල දේශපාලනඥයන් දෙදෙනා සමගිනුයි.

ඔහු මරා දැම්මේ ප්‍රභාකරන්ද, ප්‍රේමදාසද, රන්ජන් විජේරත්නද, සිරිසේන කුරේද යන්න කවුරු කිවුවත් තවමත් ප්‍රශ්නයක්… ඒ කෙසේ වෙතත් අකාලයේ එතුමාගේ ජීවිතය කෙටි වුනේ ජාතියේම අවාසනාවට (සහ චන්ද්‍රිකාගේ, මහින්දගේ සහ රනිල්ගේ වාසනාවත්) වෙන්න ඇති…

කිසිවක් කියන්න අවශ්‍ය නැහැ… ඔහු මා ගෞරව කළ දේශපාලනඥයින් දෙදෙනාගෙන් (අනෙක් දේශපාලනඥයාත් දැන් ජීවතුන් අතර නැහැ, සමහරවිට ඔබට අනුමාන කරන්නට පුළුවන් වේවි) එක් අයෙක්.. නම ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි… දන්න අය දන්නවා… එතුමාගේ බිරිඳ ශ්‍රීමනීත් අකාලයේ මියගියේ පිළිකාවකින්………

Advertisements

Posted on අප්‍රේල් 23, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. මමත් අහල තියෙනව ලලිත්ගෙ කතා. හොඳ උගතෙක්. දූෂිතයෙක් නෙවේ. පගා මරුවෙක් නෙවෙයි. හොඳ මිනිසුන්ට වැඩි ආයුෂ නෑ. ලලිත් හිටියා නම් අද තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.
    දැන් ඉන්න එවුන්ගෙ කෙරුවාවල් ලැජ්ජා සහගතයි.

  2. අහල නැද්ද ලලිත් නැව් ගිල්ල කතාව?

  3. ඇත්තම කතාව, අපිට අපෙ නායකයෙක් කියල කටපුරා ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන් කම තිබුනු අවසාන මහා පුරුෂයින් දෙතුන් දෙනා අතරින් එක්කෙනෙක් තමයි ලලිත්.හෙහ්……….හෙහ්……දැන් අපේ නායකයොයි කියල ඉන්න කට්ටිය ගැන කල්පනා කරනකොට ලලිත්ල ගැන කියන්න වචන නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: