2011 අප්‍රේල් 24 : ඇල්කෙමියාගේ මහා වගා සංග්‍රාමය ඇරඹේ… අපි වවමු අපිම හැදෙමු……
අද ඉරිදනේ… ටිකක් පරක්කු වෙලා ඇහැ ඇරෙන්න කියලා හිතාගෙන උන්නත් පැටියා ඇවිත් ඇඳ ලඟ කැරකෙනවා… තාත්තා තාත්තා… නැගිටින්න කිය කිය… එක වෙලාවකට හිතෙනවා මොන මගුලකට බැන්දද, ළමයි හැදුවද කියලා…. (අද නම් ගුටි කන්න වෙනවා මේක ඇල්කෙමිච්චි කියවපු ගමන්ම)… ගෙදර හිටියට නිකම් ඉන්න බෑ අද… වැඩ කෝටියයි… අද සාපේක්ෂව රස්නෙ දවසක්… ෆැරන්හයිට්ම 83 යි උෂ්ණත්වය…
න්යායපත්රාණුකූලව අද උදෙන්ම යොදාගෙන තිබුණේ සුභ නැකතට එළවලු ඇට තවාන් දැමීම…ගරු ඇල්කෙමිච්චිගේ අදහසක් අනුව ඇල්කෙමියා විසින් සකසන ලද පෝච්චිවල, නැගෙනහිර බලා සුභ නැකතින්, මිරිස් වර්ග කිහිපයක්, වම්බටු, තක්කාලි, පාස්ලි, සලාද කොළ, බොංචි වර්ග දෙකක්, පිපිඤ්ඤා යන එළවලු වර්ගවල ඇට තවාන් දැම්මා.. ඉන්පසු මීට පෙර තවාන් දමා තිබූ මල්ඇට පෝච්චිත් අළුතෙන් තවාන් දැමු එළවලු පෝච්චිත් පිළිවෙලට තියා බැල්කනිය පොඩ්ඩක් පිළිවෙලකට සැකසුවා.. තව අර වැල් වැල් ඇති මල් ජාති වහලේ එල්ලන්න පුළුවන් පෝච්චිවල දාලා ඒවත් එල්ලුවා.. ඒ සියල්ල නිම වෙනකොට උදේ වරුව ඉවරයි… ඊට පස්සේ පැටියගේ කොණ්ඩය කැපීමේ මහා සංග්‍රාමය පටන් ගත්තා.. මේ වනතෙක් පැටියගේ කොණ්ඩය කැපුවේ කතුරෙන්… දැන් ටිකක් ලොකු නිසා කොණ්ඩෙ කපන මැසිමෙන් කපන්න හැදුවා.. මොන… පොඩ්ඩක් කොණ්ඩේ මැසිමට අහු වෙලා රිදිලා මෙන්න මරහඬ දීලා ඇඬුවා… එතැනින්ම මැසිමෙන් කැපිල්ල ඉවරයි… කොහොම හරි පුරුදු විදියට කතුරෙන් කපලා වැඩේ ගානට හදාගත්තා….
හවස් වරුවේ ගියා අපේ Organic කඩේට… එතැන තියෙනවා රසකාරක නොදාපු, රසායනික ද්‍රව්‍ය නොදාපු ගොඩක් දේවල්… හැබැයි පොඩ්ඩක් මිල වැඩියි.. නමුත් දිගු කාලීන වාසිය එක්ක බැලුවාම ඒව කන එක ටිකක් හොඳ නිසා පාන්, බනිස්, ජෑම්, සෝස් වගේ ජාති ටිකක් ගත්තා… ඒ අරගෙන ඉවරවෙලා තුන්දෙනාම එක්කලා ගියා ලඟ-පාත ඇති පාක් එකකට බයිසිකල් පදින්න.. තාත්තයි පුතයි බයිසිකල් පදිනකල් අම්මා ඇවිදිනවා… ඒක තමයි රස්නෙ දවසට අපේ වැඩේ… මෙහේ නම් නිකම් බයිසිකල් පැද්දත් හෙල්මට් එකක් දාලා පදින්න ඕන.. ලංකාවෙ නම් බයිසිකල් තියෙන හැටියටයි, තියෙන රස්නෙ හැටියටයි, හෙල්මට් දාන්න ගියොත් එපා වෙනවා.. ලංකාවෙ මෝටබයිසිකල් වලටත් හොල්මට් දාන්නෙ නෑනෙ සමහරු… දෙන්නටම හොඳට දාඩිය දානකල් බයිසිකල් පැදලා පැටියා එක්ක ගියා එතැනම තිබුණ ළමා ක්‍රීඩාපිටියට ටිකක් සෙල්ලම් කරවන්න… එතැන සෙල්ලම් කරගෙන යද්දි ඔන්න මහා තඩි මුරුගසං වරුසාවක් කඩාපාත්වෙන්න පටන් ගත්තා… ගෙනිච්ච කෑම කාර් එකේම තියාගෙන කාලා අපි ගෙදර ඇවිත් පැටියව නිදි කරවලා තමයි මේ ලියන්න ගත්තේ… ඉතිං මේ වගේ නිදහසේ දෙයියනේ කියලා දවස ගෙවෙනකොට ආයෙමත් හිතෙනවා, බැඳලා දරුවෙක් ඉන්නකොට ජීවිතේ සම්පූර්ණයි නේද කියලා.. ඒ වගේම ඇල්කෙමිච්චි වගේ භාර්යාවකුත් ඉතිං ලැබෙන්න ඕන… නැත්තං විනාසයි…
සායි බාබාත් අභාවප්‍රාප්ත වෙලා ලු.. දැන් ඉතින් ලෝකෙ ඉන්න තමන් සරණ යන්න බැරි උදවියට යන්න සරණක් හොයාගන්න කෙනෙක් මතු වෙන්න කාලෙ හරි… මම පෞද්ගලිකව සායි බාබාගේ දර්ශනය අදහන්නෙවත්, ගරහන්නේවත් නැහැ, ඒත් එය බුදු දහමට ඉහලින් තබන්නේත් නැහැ. ඔහුගේ දර්ශනය ගැඹුරින් බැලුවොත් බුදු දහමේ ආභාශය ලද්දක් ලෙසයි මට නම් පෙනෙන්නේ… එකම වෙනස සාමාන්‍ය මිනිස්සුන්ව එයට අද්දගන්න විවිධ ක්‍රම යොදා ගැනීම…. ඒත් සමහර මහලොකු බෞද්ධයෝ තෙරුවන් සරණ ගිහින් සිවුවැනුව යන්නේ සායි බාබා සරණ.. අපේ කරු ජයසූරිය මහතා ඔය සායි බාබාගේ ලොකුම ලොකු බැතිමතෙක් ලු…. හැබැයි සායි බාබාගේ සමාජ සේවය නම් අගය කළ යුතුයි…. ඒ ගැන ප්‍රසංශා කළ යුතුයි… නමුත්, මට නම් බුදු දහමේ උගන්නලා තියෙන ටික වැඩිත් එක්ක ඇති හරිහැටි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න…
හෙට ඉඳලා ටික ටික රත් වෙන නිසා බයිසිකලෙන් වැඩට යන්න හිතුවා.. බලමුකෝ ඒ වැඩෙත්….
Posted on අප්‍රේල් 24, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.
එලවලු බීජ හිටෙව්ව තවාන්වලත් පින්තූර ටිකක් දෑම්මනම් තමා හොද.මමත් ගෙදර ඔක්කොම මල් හිටවපු පෝච්චිවල දෑන් එලවලු හදනව.වෑඩිය ඉඩ කඩ නෑති නිසා එහෙම තමා කරන්න වෙන්නෙ.
කැමතියිකැමතියි
පැල ආවම දාන්නම්….
මගේ තවාන් වෙන්නේ අහක දාන බිත්තර ගෙනාපු කාඩ්බෝඩ් ඇසුරුම්, කිරි ගැලුම් ආදිය…..
කැමතියිකැමතියි
සරළයි, සුන්දරයි, සැහැල්ලුයි…. නියමයි. !
ඇමරිකාවෙ ඉඳීම වෙන්න ඕනෙ මේ වෙනසට හේතුව. ලංකාවෙ උන්නනම් මෙහෙම වෙන එකක් නෑ. බයිසිකලෙන් වැඩය යන්නෙ කම්කරුවො විතරයිනෙ මෙහේ. අපේ ඉතිං හරි ලොකුවනෙ.
කැමතියිකැමතියි
ලංකාවෙ හිටියත් මම බයිසිකල් පදින්න නම් ආසයි… ඉස්සර ගාල්ලෙ ඉන්දෙද්දි ගෑණු ලමයි බලන්න එහෙම යන්නෙ බයිසිකලෙන් නේ…. කොළඹ ඉන්දෙද්දත් බයිසිකලේ සෑහෙන පාවිච්චි වුනා…. හයිලෙවල් පාරෙ බයිසිකල් පදින්න බැරි නිසා මිසක්, වෙන පාරවල්වල නම් බයිසිකලේ තමා ගියේ…..
දුප්පත් අපේ වාහනේ නේ… කොහොම අමතක කරන්නද ?
කැමතියිකැමතියි
හැබෑවට කොළඹදි බයිසිකලයක් දැක්කෙ නෑ නෙ සෑහෙන කාලෙකින්
කැමතියිකැමතියි
අපේ තාත්තා දිවි නැගුමට මුලු ගෙදර මිදුලෙම වවනවා…ඉතීන් ඒ තාත්තා එහෙම වෙද්දි පුතා වවන්නෙ නැත්නම් වැඩක් නෑ නේද???
කැමතියිකැමතියි
ආයෙත් අහලා….
ඊයෙ මම කතාකරද්දි තාත්තා කිවුවේ වගාව ගැනම තමයි…..
කැමතියිකැමතියි