2011 අප්‍රේල් 25 : ඇල්කෙමියාගේ මංගල බයිසිකල් ගමන…. බයිසිකලෙන් වැඩට ගිය හැටි…..


ඊයෙ පොරොන්දු වුනා වගේ ඔන්න අද ඇල්කෙමියා උදේ පාන්දර නැගිටලා, නාලා පිරිසිදු වෙලා සුදු පිරුවට ඇඳලා, දෙවියන් බුදුන් සිහිකරගෙන, හොඳට කාලා බීලා තඩි මල්ලත් කරේ දාගෙන හෙල්මට් එකත් දාගෙන පිටත් වුනා රසායනාගාරෙට බයිසිකලෙන් යන්න…. ඊයෙ බයිසිකල් පැදලා කකුල් දෙකත් ටිකක් රිදුනත්, ඔන්න ඔහේ නැග්ග එකේ පදිනවා කියලා ටිකදුරක් ගියා.. මහපාරට වැටුනාම රසායනාගාරෙට යන්න පාරවල් දෙකක් තියෙනවා.. එකක් පුංචි කන්දක් (පුංචි කියලා හිතෙන්නේ කාර් එකේ යනකොට විතරයි වගේ දැන් නම් දැනෙන්නේ) නැගලා පල්ලමක් බැහැලා යන පාරක්. අනෙක ඇවිල්ලා පුංචි පුංචි කඳු ටිකක් තියෙන නමුත් තැනිතලා පාරක්… මමත් ඉතිං පොර වගේ කන්ද තියෙන පාරෙ ගියා ඒක හැතැප්ම දශම එකක් දුර අඩු නිසා… (දශම එකක් වුනත් වටිනවනේ) හැබැයි ගණන් හදන්න බැරි වුනේ කන්ද නගින්න වැයවන ශක්තිය…. ඉතිං ඔන්න කන්ද නගින්න ගත්තා… බයිසිකලේ තිබුන ගියර් හයම දාගෙන පදිනවා පදිනවා එකම තැන වගේ….. අන්තිමට කකුල් රිදුන එක විතරයි… මාව පහු කරගෙන යන වාහන කාරයො නම් අත වනාගෙන යනවා පැත්තකට වෙලා… (මෙහේ බයිසිකලයක් හරි පාරෙ පයින් යන කෙනෙක් හරි හැපුනොත් වාහන කාරයට සොරිම තමයි… ලංකාවෙ වගේමයි) ඒ නිසා වාහන පදින අය බයිසිකල් වලට බොහොම බයයි.

මේ මම බයිසිකලේ පැදගෙන යනවා... ලස්සනයි නේද ?

බැරිම තැන ආපහු හැරිලා ගෙදර ගිහින් කාර් එකේම රසායනාගාරයට යන්න හිතුනත් අර ගෙදර ඉන්න ඇල්කෙමිච්චිගෙන් කන්න වෙන නෝන්ඩියයි, ඊටත් වඩා ගෙදර ඉන්න පැටියට නරක ආදර්ශයක් දෙන්න වෙන එකයි නිසා මොන කට්ටක් කාලා හරි බයිසිකලේ පැදගෙන යනවා කියලා කන්දේ අන්තිම හරිය බැහැලා තල්ලු කරගෙන ගියා… කන්ද මුදුනට ආවම පල්ලම තියෙන නිසා ඔන්න ආයෙම නැගලා යනවා හුලං වැදීගෙන… බයිසිකලේ යනකොට තියෙන  වාසි තමයි A/C එක නිකං… ඒ වගේම ඉන්ධන වැය වෙන්නෙත් නෑ.. කකුල් රිදෙනවා ඇරෙන්න… ඔන්න ඉතිං කොහෙම හරි මග ගෙවාගෙන රසායනාගාරයට ආවා… කට්ටියට හරි පුදුමයි මම මෙච්චර දුරක් බයිසිකලේ පැදගෙන ආවා කියලා… ලොක්කත් ඇවිත් ඇහුවා කොහොමද ගමන කියලා.. වැඩිය නෑ පැය බාගයක් විතර ගියා හැතැප්ම හතරකට….
ඒ කොහොම වුනත් බයිසිකල් ගමන නම් හරිම ජොලි… ඇල්කෙමිච්චි නම් කිවුවා රෑට මාව එක්කගෙන යන්න එනවා කියලා… රෑට බයිසිකල් පදින එක ඒතරම් හොඳ නෑ… හෙට අනිත් පාරෙන් ඇවිත් බලන්න ඕන ඒක කොහොමද කියලා…. මෙහේ රස්නෙ කාලෙට බොහොමයක් දෙනා බයිසිකල් වලින් තමයි ගමන… ඒක ඇඟටත් පොකැට්ටුවටත් හොඳ නිසා… එක අතකින් ඒක පරිසරයටත් හොඳයි.. පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා…  මම කරන්නෙත් කොහොමත් කාබන් ඩයොක්සයිඩ් අඩු කිරීම ගැන පර්යේෂණයක් නිසා ඒක මටම ගැලපෙනවා…

ටික දවසක් බයිසිකලේ පදිනකොට මේ අමාරු අඩු වෙනවා.. ඊට පස්සේ පුරුදු වෙනවා.. ඒ නිසා මොනව වුනත් නොනවත්වාම බයිසිකලෙන් වැඩට එන්න තීරණය කරලා ඉවරයි, වැස්ස දවස්වලට ඇරෙන්න…

ඔන්න ඔහොමයි ඇල්කෙමියාගේ මංගල බයිසිකල් ගමන….

Advertisements

Posted on අප්‍රේල් 25, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. හැබෑට අර පින්තූරෙ ඉන්නෙ ඔයාමද ඇ… 🙂 බයිසිකල් පදින එක හොදයි,නියම ව‍ය්‍යායාමය.

  2. ජය වේවා. ඇල්කෙමිච්චිට බයේ හරි කොහොමහරි වැඩේ කලානෙ. මෙහේ පාරවල් වලනම් බයිසිකල් පැදං රසාවට යන එන්න බෑ. අතර මඟදි තඩි ලේලන්ඩ් බස් එකකකට අඩයක් වෙන්න තමයි වෙන්නෙ.

  3. ඔය පින්තූරෙ තියෙන බයික්කලේ බ්‍රේක් නෑනේ..! හැන්ඩ්ල් එකේ බ්‍රේක් ලීවර් එක පේන්න නෑ නේ..!

    😛

  4. මාත් බයිසිකලයට හුළං ගහලා දූවිලි පිහලා ගමනක් දෙකක් ගියා මල් පිපෙන්න කළියෙන්…. දැන් මල් පිපිලා…හැම තැනම පරාග වැඩියි. හචිං යනවා බයිසිකල් පදිද්දී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: