2011 අප්‍රේල් 26 :අවුරුදු පහකට පසු ලැබුණ දඬුවම සහ පත්තරේ ඇත විස්තරේ …………….
අදත් උදේ අර කිවුව අනිත් පාරෙන් බයිසිකලේ පැදගෙන පැදගෙන ආවා රසායනාගාරෙට… අර ඊයෙ ආපු හපුතලේ කන්ද නැතුව අද නම් පොඩි කඳු පල්ලම් අතරින්, ගෙවල් අයිනෙන් පේමන්ට් උඩින් දාලා නයිට් රයිඩර් වගේ අඟල් හයක් විතර උස කණ්ඩියකිනුත් බයිසිකලේ පන්නලා විනාඩි 20 කින් විතර රසායනාගාරෙට ආවා… වැඩිය දාඩිය දැම්මෙත් නෑ… (මෙහේ පාර අයින්වල තියෙන පේමන්ට් එක දිගේ බයිසිකල් පදින්න පුළුවන්… කඩ දාලා නෑ ඒවයේ)
උදේ වරුවෙම වැඩ ගොඩක් කළා… ඊයෙ කරපු ප්‍රතික්‍රියා කිහිපයක්ම අද දවසේ ඉවර කරන්න යෙදිලා තිබුණා… ඒ සියල්ලම වගේ නිම කරලා ලැබුන සංයෝග හොඳින් වියලීම සඳහා රික්ත පම්පයට සම්බන්ධ කළා.. හවස ඒව අරගෙන පරීක්ෂා කළා… සමහර ඒව හොඳයි… තවත් සමහර ඒවා නැවත පිරිසිදු කරන්න වෙනවා…
දවල් ලොක්කා ඇවිත් ආරංචියක් දුන්නා.. ඒ තමයි අපේ පර්යේෂණ පිළිබඳ විස්තරයක් විශ්ව විද්‍යාලයීය පුවත්පතේ සහ වෙබ් අඩවියේ පළවෙලා තිබීම… අර ඉස්සර දවසක මම කිව්වේ පින්තූර නෝනා කෙනෙක් ඇවිත් පින්තූර ගත්තා කියලා… අන්න ඒ පින්තූරෙකුත් පළවෙලා තිබුණා… මෙන්න මෙහෙම
ඉතින් අපි හැමෝටම සතුටුයි… මමත් පොටෝ එකට සෙට් වුනේ අහම්බෙන්… ඔය පිටිපස්සේ තියෙන්නේ අර මම හැමදාම කියන Glove Box එක… ඕකෙ තමයි වැඩිහරියක් මම වැඩ කරන්නේ….
හවස ඇල්කෙමිච්චියි පැටියයි ආවා රසායනාගාරයට, ඇල්කෙමිච්චි ළමයෙකුට උගන්වන්න ඇවිත්, පැටියට මේ සතියෙ ඉස්කෝලෙ නිවාඩු Easter holiday ලු… ඉතින් අම්මයි පුතයි ඇවිත් අම්මා උගන්වනකල් පුතා මගේ කාර්යාලයේ වාඩි වෙලා වැඩ… දෙන්නා එක්ක ඊට පස්සේ රවුමක් ගියා විශ්ව විද්‍යාලෙ වටේ… ඇල්කෙමි පැටියා පිළිසිඳගත් දා සිටම හැදුනේ වැඩුනේ මේ විශ්ව විද්‍යාලෙ ඇතුලෙම තමයි… එයා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ආවේ විශ්ව විද්‍යාලෙට…. ඉතින් මෙතැන එයාට හරිම පුරුදුයි… රසායන විද්‍යා අංශයේ බොහෝ දෙනෙක් එයාව හොඳින් අඳුනනවා… බලන්න ඕන අනධ්‍යයන අංශයේ ඉන්න වයසක ලේකම්වරියො එක්ක තියෙන කතාව.. මෙයත් ගිහින් ඒ අයගෙ ලඟ තියෙන රසකැවිලි බෝතල්වල බැහැලා ඉන්නේ… අපි යන්තම් කෑගහලා පාලනය කරගන්නවා.. නැත්තං බෝතලේම අරන් තමයි ගෙදර එන්නේ… (මෙහේ හැම ලේකම්වරියක් ලඟම පොඩි රසකැවිලි – චොකලට්- බිස්කට්-ටොපි- වගේ දේවල් අඩංගු බෝතලයක් තියෙනවා. එන අයට සංග්‍රහ කරන්න)
පැටියත් එක්ක රවුමක් ගිහින් එනකොට අම්මගේ වැඩත් ඉවර වෙලා… දෙන්න යන්න ලෑස්ති වෙලා මම පැටියට පොඩි hug එකක් දෙන්න යනකොටම මේකා උඩ පැන්නෙ නැතෑ… මගේ මූණ ගිහින් වැදුනේ එයාගේ ඔලුවේ… මගේ තොල පැලිලා ලේ ගලන්න ගත්තා… විගහට අයිස් තියලා ඉදිමුම අඩු කරගත්තේ නැත්තං ඉතිං දාසය දෙනෙක්ගෙන් විතර ගුටි කාපු මූණක් තමයි එන්නේ.. ඒකට ඉතිං පැටියට දොස් කියන්නත් බෑ.. මගෙත් වැරැද්ද.. ඒකටත් එක විදියකට ඉන්න බෑ… ඒකත් මගේ වැරැද්ද… අන්තිමට ඔක්කොම මගේ වැරැද්ද… මට මතක් වුනේ මගේ අතින් වෙච්චි වැරැද්දක් නිසා දවසක් කෑම කවනකොට මේසෙ වැදිලා පුංචි කාලෙ පැටියගෙත් මේ වගේම තොල පැළුණා… මම හිතන්නේ ඒ වැරැද්දේ දඩුවමයි අද මට ලැබුණේ…. ඔහොම තමයි..
අද හවස ඇල්කෙමිච්චි යොදාගෙන තිබුණෙ පවුල පිටින් ආපන ශාලාවකට ගිහින් රෑ කෑමක් ගන්න යන්න… ඉතින් අම්මයි පුතයි ආයෙත් ආවා රසායනාගාරෙට මාවත් එක්කන් යන්න… ආපන ශාලාව තිබුණේ විශ්ව විද්‍යාලය ලඟමයි… පවුල් පිටින් ගිහින් හොඳ වෙලාවක් ගත කරලා කාලා, අම්මයි පුතයි දෙන්නා ආයෙම ගෙදර ගිහින් දාලා රසායනාගාරෙට ආවා.. දැන් වෙලාව රාත්‍රී 10.00 යි… ඒත් වැඩ… පොඩි එවුන් ටික පන්තියක project එකක්.. උන් ටිකක් ඇණගෙන වැඩේ… ඒ අයට පොඩි උදව්වක් කරන්නත් මට තව වැඩ ටිකක් තියෙන නිසාත් ඇවිත් ඉස්සෙල්ලම මේ දිනපොත ලියලා දානවා…
තව ටිකකින් ගෙදර යන්නත් ඕන…. නැත්තං ගුටි කන්නයි වෙන්නේ රෑ දෙගොඩහරියේ ගෙදර ගිහින්….
Posted on අප්‍රේල් 26, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.
බොහෝම බැරෑරුම් පෙනුමක් නෙව තියෙන්නෙ අරෙ හිටගෙන ඉන්න මනුස්සයගෙ මූණෙ.
කැමතියිකැමතියි
නැතුව නැතුව…. පොටෝ නෝනා කිව්වෙ එහෙම ඉන්න කියලනේ…
කැමතියිකැමතියි
හිටගෙන ඉන්න එක්කෙනාගේ මූණ හරියට ප්‍රතික්‍රියාවේ අතපසු වෙච්ච තැන හොයාගන ටියුබ් ලයිට් පත්තු වුනා වගේ!! ලොක්කගෙ මූණ දැක්කම මෑන්ස් ඒක දැනන් නොකියා හිටියා ද කියලාත් හිතෙනවා!!!
කැමතියිකැමතියි
ලොක්කා ටිකක් එැහම තමයි… සමහර වෙලාවට අපිව ටෙස්ට් කරන්න එහෙම කරනවා… අපි අහු වෙයි ඕවට…..
කැමතියිකැමතියි
අම්මියෝ අයියාගේ ලොක්කා හරී ලොකුයි නේ. අයියා වගේ 3ක් විතර ඇති. ගෝඨයිම්බරගේ නෑදෑයෙක්ද?
කැමතියිකැමතියි
ලොක්කා මහත් වුනාට උස නෑ… කොටයි…. එයාගෙ යාළුවෙක් ඉන්නවා ලිට්ල් ජෝන් වගේ… දෙන්න එකට යනකොට හරියට ගලිවරයයි ලිලිපුට්ටයි වගේ….
කැමතියිකැමතියි