Daily Archives: මැයි 1, 2011
2011 මැයි 01 : සාදුකින් පෙළෙන වුන් මුදාගත් මහා සමාජවාදියාගේ උපන්දිනය සැමරීමු…..
සා-දුක යන්නෙන් මා අදහස් කරනුයේ බඩ ගින්දර පමණක්ම නොවේ.. එනම් සියළු දුක් කන්දරාවයි… ලෝක කම්කරු දිනයේ ජනතාවට විමුක්තිය සැපයූ දෙපාර්ශවයක් ගැන අවධානය යොමු කළ හැක.. පළමුවැන්න නාම මාත්‍රයෙන්ම හැඳින්වෙන ජනතා විමුක්ති පෙරමුණේ එදා මෙදා තුර නායකත්වය සැපයූ සහ ක්‍රියාකාරී සන්නද්ධ සහෝදර වරුන්ය.. ඔවුන් ජනතාවට විමුක්තිය සැපයූවේ 60,000 ක් දෙනා දුක් විඳින ජීවිත වලින් මුදවා ගැනීමට දායක වෙමිනි… අනෙක් විමුක්ති දායකයා ලෝක කම්කරු දිනයේම විමුක්තිය ලැබූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි.. ඔහු සමහර දෙනාට ජවිපෙ ලබා දුන් විමුක්තිය ලබා දුන්නා මෙන්ම දුක් විඳින ජනතාවට ආණ්ඩුවේ භාණ්ඩාගාරය හිස් වනතුරු හෝ නිවාස තනා දී ඔවුනට හිසට සෙවණක් ලබා දුනි.. (එය ඇත්තෙන්ම අගය කළ යුතුයි)
අද අප උපන් දිනය සැමරූ මහ සමාජවාදියා එක රටක ජනතා කොට්ඨාසයකට පමණක් විමුක්තිය සපයූ විමුක්තිදායකයෙකු නොවේ… එතුමාගේ සමාජවාදය ලොකු කුඩා ඇති නැති සැමට එකසේ පැතිරීගිය සමාජවාදයකි… සමාජයේ සෑම තරාතිරමකම, සෑම කොටසකටම සරිලන සේ වදාල සිඟාලෝවාද සූත්‍රයේ උන් වහන්සේ දේශනා කළ පරිදි නියම සමාජවාදයක් අපට දැකිය හැක්කේ ඒ දහමින් පමණි.
අද වොෂිංටන් බෞද්ධ විහාරයේ වෙසක් අළෙල පැවැත්වුනා… ධම්මසිරි හාමුදුරුවන් වහන්සේගේ සංකල්පනාවකට අනුව දහම් පාසලේ සිසු සිසුවියන්ගේත් දායක දායිකාවන්ගේත් සහභාගිත්වයෙන් පෙරහැරක් සහ භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වුනේ ශීල ව්‍යාපාරයට සහ භාවනා වැඩසටහනට සමගාමීව…. පැටියගේ බයිසිකලෙත් සරසලා එක්කන් ගියේ වෙසක් උත්සවයේ අගය වටහා දීමට වගේම පෙරහැරට සහභාගි වීමෙන් පැටියට ලැබෙන අත්දැකීම් වඩා වටින නිසා…. ඉතා සාර්ථකව පැවැත්වුන පෙරහැර ඉදිරියෙන්ම ගියෙත් ඇල්කෙමි පැටියා.. ඒ වැඩ අවසානයේ අපේ දහම් ආචාර්ය දෙපල වන කරුණාරත්න බංඩා මහතා සහ එම මැතිණියගේ නිවසට ගියේ අපි පැටියට ආච්චි කෙනෙක් නැති අඩුව ඇගෙන් පිරිමැහෙන නිසා සහ වැදගත් යමක් නිතරම ජීවිතයට එකතු කරගැනීමට ඔවුනගෙන් ලැබෙන අදහස් වටින නිසා..
ඒ නිම වෙලා ගෙදර ඇවිත් තමයි මේ සටහන ලියන්නේ… වැඩි විස්තර පසුව… ඉඩ ලැබුණොත්…