Daily Archives: මැයි 3, 2011

2011 මැයි 03: ත්‍රස්තවාදී නායකයන් දෙදෙනෙකුට දෙවිදියකට සැලකීම හෙවත් ඇමරිකාවට කන්න ඕන වුනාම කබරයා තලගොයා වීම…..


ප්‍රභාකරන් වටකොට තිබියදී යටත් වන්නට සහ සටන් විරාමයකට යන්නට ආයාචනා කළේ රොබට් බ්ලේක්, එරික් සොල්හයිම් ඇතුළු සාම වෙලෙන්දන් ය.. ඔවුන් ඔසාමා මරා දැමුවාට වචනයක් වත් පිට නොකරන්නේ ලොකු ලොක්කන් තරහ කර ගැනීමට නොහැකි නිසා වන්නට පුළුවන. ඔසාමා මරා දමා පැය විසිහතරක් ගතවන්නට මත්තෙන් ඒ පිළිබඳ මුලින් වාර්තා වූ දේවලට වඩා වෙනස් තොරතුරු වාර්තා වන්නට පටන් ගනිමින් පවතිනවා.. මුලින් ඔහු රයිෆලයකින් සීල් භටයන්ට වෙඩි තැබූ බව කිවුවත්, පසුව ඔහු නිරායුධව සිටි බව පැවසුනා… එසේම ඒ නිවසේ සිවු දෙනෙක් සිටි පව මුලින් පැවසුවත් පසුව බොහෝ දෙනෙකු සිටි බව පැවසුනා… මේ වැනි පරස්පර විරෝධි ප්‍රකාශන දැනටමත් ප්‍රවෘත්ති මාධ්‍ය මගින් ප්‍රචාරය කොරෙනවා…. ඔසාමා මරා දැමූ හැටි ඹබාමාත් හිලරිත් ජෝ බයිඩනුත්  අතුළුව අමෙරිකානු පාලනයේ උසස් නිලධාරීන් සියල්ල වීඩියෝ දර්ශන මගින් බලා සිටි බවට අදාල පුවත් වල දැක්වෙනවා… ඔබාමා ඔසාමාව මරා දැමූවේ යටත් නොවූ නිසාම නොවන බව ධවල මන්දිරයේ ප්‍රකාශයකින් පෙනෙනවා… ඒ ප්‍රවෘත්තියට අනුව නම් කියැවෙන්නේ ඔහු නිරායුධව සිටි බවයි… ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක දිනයක් වූ මැයි 19 වනදා සහ ඒ ආසන්නයේ සිදු වූ සිදුවීම් අලලා මානව හිමිකම් සංවිධාන සහ කොටි සංවිධානයේ බලල් අත් වන වෙනත් රාජ්‍ය නොවන සංවිධානත්, ගොනු කර ඇති යුධ අපරාධ චෝදනා වලද කියැවෙන්නේ මෙසේ නිරායුධ මිනිසුන්ට වෙඩි තැබූ වබයි… එසේ නම්, නිරායුද මිනිසකුට වෙඩි තබා මරා දැමීම ඇමරිකාවට හොඳ වන්නේත් ලංකාවට නරක වන්නේත් කෙසේදැයි යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් වන්නට පුළුවනි.

යුද්ධයකදී සාමාන්‍ය මිනිසුන් ඝාතනය නොවන්නේ නම් එතැන ලොකු ප්‍රශ්නයක් ඇත… මක් නිසාද යත් ත්‍රස්තවාදීන් සාමාන්‍ය වශයෙන් අවසාන තුරුම්පුව ලෙස සලකනු ලබන්නේ සාමාන්‍ය වැසියන්ට මුවා වී ගැලවීමයි… ප්‍රභාකරන් මිනිස් පළිහක් පාවිච්චි කළාක් මෙන්ම ඔසාමා ද අවසාන මොහොතේ ඔහුගේ බිරියකට මුවා වී හෝ ජීවිතය බේරා ගැනීමට තැත් කළේ ලු.. නමුත් ත්‍රස්තවාදීන් හැමටම අයත් වන බියකරු මරණය ඔහු කරා ද ආවේ වෙඩි උණ්ඩයක් සේ වෙස් වලාගෙන ය… මහා වීරයන් ලෙස අනුන් යටකරගෙන සිටින බොහෝ දෙනෙකු අවසානයේ ජීවිතය ඉල්ලන්නේ තමන්ගෙන් බැට කෑ එවුන්ගේ සැනසුම් සුසුම් මධ්‍යයේ දීය.

සාමාන්‍ය සමාජයේ ඇති හැකි එකාට වැඩි සැලකිළි ලැබෙනවාක් මෙන්ම, ලෝකයේ ද වැඩි තැනක් සහ ගරුත්‍වයක් ලැබෙන්නේ ලෝක පොලිස්කාරයාටය… ත්‍රස්තවාදීන් සමූලඝාතනය කළ ලාංකීය හමුදාව සහ නායකත්‍වයයුධ අධිකරණයට ගෙන යාමට තැත් කරන මානව හිමිකම් සංවිධාන ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ සහ ඉරාකයේ සිදු වන මානව හිමිකම් කඩවීම් ගැන ගොළුවන් සේ ඉන්නේ ඒ නිසාය…. ත්‍රස්තවාදියෙක් වුනත් නිරායුධ මිනිසෙකු මරා දමා ඇති නිසා අර ලුයිස් ආබර් නෝනගේ ක්‍රයිසිස් ඉන්ටර්නැෂනල් සංවිධානෙයි හ්‍යුමන් රයිට් වොච් සංවිධානෙයි දැන් දත කට මැදගෙන ඇති නේද මංකි බූනාට කියලා ත්‍රි-පුද්ගල කමිටුවක් දාලා ඔබාමාට වැඩේ දෙන්න ! ඒ වගේම අර ලෝක සාමය වෙනුවෙන් වැඩ කරාවි යැයි හිතලා දීපු 2009 නොබෙල් සාම තෑග්ග නිරායුධ ත්‍රස්තවාදියෙක් මරන්න අණ දීපු එක නිසා ආපහු ගනීවිද දන්නෙ නෑ.

***********************************************************************************************************

මේ දවස්වල මේ ප්‍රවෘත්ති කියවන නිසාම වෙනත් දෙයක් ලියැවෙන්නේ නැහැ…. හෙට හෝ අනිද්දා මේ දේවල් වලින් පිටතට පැනලා වෙනත් දෙයක් ලියැවෙයි කියලා හිතෙනවා…. මොනව කරන්නද …. හිත හීලෑ නෑ නොවැ…

%d bloggers like this: