Daily Archives: මැයි 6, 2011

2011 මැයි 06 : කැපවීම……


අද මම කිවුවා වගේ දවසෙම එක එක වැඩ… හවස Group meeting….
ඒක ඉවර වෙලා කට්ටිය පිටින්ම ගියා බෝලිං ඇලි එකකට ක්‍රීඩා කරන්න… රෑ වෙනකල් ඒකෙ ක්‍රීඩා කරලා ඊට පස්සේ ගියේ රාත්‍රී සමාජ ශාලාවකට… එතැන ඇති වෙනකල් ඉඳලා තවත් තැනකට ගියා… සරි පොද වැස්සකුත් වැටෙනවා ඒ වෙනකොට…
මටත් ඇති වෙලා හිටියේ… එතකොට තමයි ඇල්කෙමිච්චි දුරකථන පණිවුඩයක් දුන්නේ දැන් ගෙදර එන්න වෙලාව හරි කියලා… මම කට්ටියට සමුදීලා ආයෙම රසායනාගාරයට ආවේ මගේ බඩු ටික අරගන්න… ඒ වෙනකොට රාත්‍රී 11.00 යි…
මම ඒ එනකොටත් ඉංජිනේරු අංශයේ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ හදන සිසුන් කණ්ඩායම කාර් එකක අනුරුවක් තියාගෙන පණගන්වන්න උත්සාහ කරනවා… පුදුම කැපවීමක්…
ඒ වගේමයි ඔවුන් ලබන ජයග්‍රහණත්…
හැමෝටම ඒ කැපවීම කරන්නත් බෑ…. ඒ වගේම හැමෝම ඒ කැපවීම කරන්න උත්සාහ කරන්නෙත් නෑ…
කැපවීම කරලා ඒ ඒ දේ කරන කෙනා දිනනවා… අනෙත් අය පස්සට යනවා…..

එහෙම තමයි ගෙදර එන ගමන් මට හිතුනේ… හෙට උදෙන් අවදි වෙන්න ඕන… පැටියව පීනන්න ගෙනියන්න….
හෙට හමුවෙමු….

%d bloggers like this: