Daily Archives: මැයි 8, 2011

2011 මැයි 08 : පොරවල් නැති දවසට අපිත් පොරවල් තමයි…..


අද උදේම නැගිටලා මේ සීසන් එකේ මංගල ක්‍රිකට් මැච් එකට යන්න සූදානම් වුනා… මේක ඇවිල්ලා සුහද තරඟයක් නිසා බොහොම සාමකාමීව සරළව සෙල්ලම් කළේ… ඇල්කෙමිච්චිත් පැටියව ලෑස්ති කරගෙන අපි ක්‍රීඩාංගනයට ගියා…. කාලෙකින් බෝලයක් ඇල්ලුවෙ නැති නිසා බොහොම උනන්දුවෙන් බෝල අල්ලන්න ගිහින් මැච් එක පටන් ගන්නත් ඉස්සරම දකුණු අතේ දබරැඟිල්ල තුවාල කරගත්තා… ලේ බේරි බේරි ගිහින් ඒකටත් ප්ලාස්ටර් එකක් දාගෙන සෙල්ලම් කරන්න ගියා… දිගු කාලයක් ක්‍රිකට් ගහපු නිසාමද කොහෙද පන්දු විසි කරනකොට මගේ වම් උරහිස රිදෙන නිසා මේ අවුරුද්දෙ නම් කඩුළු රකින එකයි කරන්නෙ… ඒ නිසාම මේ වතාවෙ කඩුළු රකින්න ලෑස්ති වුනා… කාලෙකින් වැඩේට බැස්සෙ නැති නිසා මුලදි මුලදි පොඩ්ඩක් අමාරු වුනත් පසුව වැඩේ හරි ගියා… ඕවර 25 ක් සිටීන්-ඉඳීන් කරලා දැන් කකුල් රිදෙනවා… ඒ මදිවට තණ තිල්ල ( අර Pitch එක කියලා සිංහලෙන් කියන්නේ) ඒක බෝලෙ බම්ප් වෙන්නෙත් නෑ… බෝක්කු දෙක තුනකුත් ගියා හිටු කියලා…
කොහොම හරි අනිත් කාණ්ඩායම ලකුණු 80 කට දවා ගන්න අපි සමත් වුනා.. මම එක්කෙනෙක්ව ස්ටම්ප් කිරීමකටත් හසු කරගත්තා…

අපි පන්දුවට පහර දෙනකොටත් ඒ කට්ටිය වගේම තමයි… පොඩි වෙනසකට තිබුණේ අපේ කට්ටිය ඩිංගක් හොඳයි.. ලකුණු 25 කට පළමු කඩුල්ල බිඳ වැටෙනකොට අපේ නායක තුමා කිවුවා මටත් පෑඩ් දාගන්න කියලා… මම පෑඩ් දාගෙන අනිත් පැත්ත බලන්න වුනේ නෑ අවුට් වුනා නේ… නෑ නෑ මම නෙවෙයි දෙවනි කඩුල්ල… ඊට පස්සේ මම ගිහින් යන්තම් ලකුණු 15 ක් ගැහැවුවා…නොමනා පහරක් ගහන්න ගිහින් උඩ පන්දුවක් දීලා මමත් දැවී ගියා… කොහෙද…. මානසික ඒකාග්‍රතාවය නෑනේ…. ඒ වගේම ලකුණු 61 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ගෙනාවා… (වැඩියෙන්ම ස්කෝර් කළේ නම් Extras කියන ක්‍රීඩකයා ඊලඟට මම) ඉතින් ඔන්න ඔහොම පොරවල් නැති මැච් එකක මමත් පොරක් වුනා අද…

දැන් නම් ඇඟපත රිදෙනවා හිටු කියලා.. පැනඩෝල් එකක් බීලා නිදාගන්න ඕන.. ක්‍රිකට් ගැහුවා කියලා හෙට වැඩට නොගිහින් ඉන්න බෑනේ…

%d bloggers like this: