Daily Archives: මැයි 9, 2011

2011 මැයි 09 : අමාරුම වැඩේ ඇතුලට දාගන්න එකයි…. දාගෙන පොඩ්ඩක් වෙලා හොලවනකොට හරියනවා….


කියන්න බැරි වුනා නේ… ඊයෙ මැච් එක ගහන්න ගිහින් යසට තිබුණ කණ්නාඩි කූට්ටම කඩා ගත්තා… ඒක හරිම අපූරු මෝඩ වැඩක්… කන්නාඩි කුට්ටම බෑග් එකේ දාගෙන කාර් එක නවත්තලා තිබුණ තැන ඉඳලා පිට්ටයිනට යනකොට ඒක මග වැටිලා දන්නෙම නැතිව… ඒ අතරේ එතැනට ආපු කාර් එකක රෝදෙට යටවෙලා අවසන් ගමන් ගිහින්… ගිහින් කව්වට ගිහින්ම නෑ… ඒ වුනාට පාඩිච්චි කරන්න නම් බෑ… හොද වෙලාවට පුංචි කාලෙ අම්මා හොඳට පලා වර්ග කන්න දීපු නිසා ඇස් පෙණීම ඒ තරම්ම දුර්වල නෑ.. ඒ නිසා දෙයියනේ කියලා වාහනේ හප්ප ගන්නේ නැතිව ගෙදර බලා දැක්කුවා…

අටපට්ටම් වූ කණ්නාඩි

ඊයෙ රෑත් කරදරයක් නැතිව ගෙවලා දැම්මත් ඇස්දෙකට කණ්නාඩි දෙක නැතුව පාළුයි වගේ දැනුනා… ඒ නිසා උදෙන්ම ඇස් පරීක්‍ෂා කරන තැනට කතා කරලා හණික වෙලාවක් වෙන් කර ගත්තා… මේ කන්නාඩි දාගෙන රසායනාගාරෙ වැඩ කරන එක තරමක් අපහසු නිසාත්, ක්‍රීඩා කිරීමට අපහසු නිසාත් කාළයක සිටන්ම කණ්නාඩි මාරු කරනවා නම් සිවි කාච පළඳින්න මම හිතාගෙනයි උන්නේ… මේ නිසා මේ වතාවේ කණ්නාඩි ගන්නකොට සිවි කාච වලට මාරු වෙන්න ඕන කියලා දොස්තර මාත්තයට කියලා වැඩේ මාරු කරගත්තා…
අමාරුම වැඩේ මේ අටමගලෙ ඇහැ ඇතුලට දාගන්න එකයි.. ඒක දාගත්තට පස්සේ ටිකක් වෙලා දෙපැත්තට ඇස්දෙක හොලවනකොට කාච දෙක ඇහැ ඇතුලේ ගාණට සෙට් වෙනවා… ඊට පස්සේ ගාණක් නෑ… මුලින් මුලින් අඩු පැය ගාණක් පාවිච්චි කරලා පසුව දවසම පාවිච්චි කරන්න කියලයි උපදෙස් ලැබුණෙ….
අදත් වැඩ ගොඩයි… වැඩි හරියක් අනුන්ගේ වැඩ… මොනවා කරන්නද.. ඔහොම තමයි… ඔන්න හෙටත් මාව වීඩියෝ කරන්නයි පොටෝ ගහන්නයි එනවලු… වීඩියෝ කරන්නේ අර නොබෙල් ත්‍යාගය දිනාගත්ත රිචර්ඩ් හෙක් ගැන කරන පොඩි වැඩසටහනකට අදාල වැඩකටයුත්තක්.. ඒක මටයි කරන්න වෙලා තියෙන්නේ… විශ්ව විද්‍යාලයේ වෙළඳ දැන්වීමක් වගේ එකක් කියලත් තියෙනවා…. මට මොකෝ….. මම හරි ලස්සන නිසා මාව ගත්තා ලු…. බලන්න ලස්සන වෙලා ඉපදුනාම තියෙන සැලකිළි… ඒ වුනාට වැඩසටහනේ මගේ මූණ දායිද දන්නෙ නෑ… ඒක වැඩසටහන එළියට ආවම බලමු… පොටෝ කෑල්ල ගන්නේ අර එදා තිබුණ පුවත්පත් සාකච්ඡාව ගැන දාන්න… ඒකත් පත්තරේ යන්න වගේ හදන්නේ… මේ දවස්වල Media Exposure එක හරි වැඩියි… පරිස්සමින් ඉන්න ඕන… මොනව වෙන්න යනවද දන්නෙ නෑ….
ඉතින් මේ ඔක්කේම අල්ලපනල්ලේ හෙට තියෙන පරීක්‍ෂණ වලටත් ලෑස්ති වෙන්න එපා යෑ…. ඒ නිසා දැනට නවතිනවා.. මේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්නත් එපායෑ…
හෙට හමුවෙමු… උදෙන්ම නැගිටලා මූණ හූරන්නත් වෙනවා… නැත්තං අවාරෙට හිටෝපු පොල්ගස් වගේ තියෙන රැවුල් කොට දැක්කොත් කවුරුවත් ඒ වීඩියෝ එක බලන එකක් නෑ….

%d bloggers like this: