2011 මැයි 10 : සූටිං කිරිල්ලත් මහ පණ යන වැඩක්…. ඇල්කෙමියත් දැං ඇඩ්වටීස්මන්ට් නළුවෙක්…..


හෙහ් හෙහ් හෙහ්…. අනේ සංසාරෙ…. අද උදෙන්ම වැඩට ආවෙ හවසට වේලසනින් ගෙදර යන්න තියෙන නිසා… හවසට පැටියගේ පන්තියේ ගුරුවරියො දෙන්නෙක් එනවනේ කෑමකට… තුන්වෙනියට වැඩ ගොඩක් ලු…. ඉතින් උදේ ආපු ගමන්ම ගියා විශ්ව විද්‍යාලයෙන් ගහන පත්තරේ අරන් එන්න… දන්නවනේ ඇල්කෙමියගේ රසායනාගාරය ගැන පත්තරෙන් ඇවිත් සාකච්ඡාවක් කළා කියලා… ඒක පළ වුනේ ඊයෙ පත්තරේ. මෙන්න විස්තරේ.. ඒක ගන්න බැරි වුන නිසා අද ගිහින් පත්තර මිටියක්ම අරන් ආවා… ඇවිත් හැමෝටම බෙදුවා… ඇති දෙයක් නෑ… ඒත් ඉතිං පබිලිසිටිය අපට නේ…

ඊට පස්සේ උදේ වරුවෙ තවත් වැඩ ටිකක් කළා… ලොක්කත් එක්ක ඔට්ටුවක් අල්ලලා හදපු සංයෝගයක ස්ඵටික හැදිලා.. මේ පාරත් මම පරාදයි… ඒත් මම දිනුම්… (ඒ මොකද්ද ඒ හරුපෙ ?) ඒ කියන්නේ පැරදුනත් දිනුම්.. හරියට දේශපාලුවෙක් වගේ.. ලොක්ක එක්ක ඔට්ටුව පැරදුනත් මට අළුතෙන් සංයෝගයක් හොයාගන්න පුළුවන් වුන නිසා මම දිනුම්….. අන්න එහෙමයි පැරදීමෙන් දිනුම ලබන්නේ….. ඊට පස්සේ හවස තමයි වැඩේ….

ඔන්න ආවා කැමරා, බෑග්, ලයිට්, ආදී ආම්පන්න තොගයක් උස්සන් කට්ටියක්… ඇවිත් රසායනාගාරය පුරාවටම ලයිට් දාලා.. ආව් නිකං හොලිවුඩ් වගේ.. අයිස්වරියා නංගි හරි මධුරි ඩික්සිත් නංගි හරි හිටිය නං ලැබ් එකේ බංකුවක් වටේ “තුම් හේරා ප්‍යාර් කරෝතේ” කිය කියා නටන්නවත් තිබුණා… ඔන්න ඉතිං මගේ සූටිං වාරේ ආවා… මුලින්ම තිබුණෙ අපේ වීදුරු උපකරණ දාලා තියෙන ගිණි ගහන පෝරණුවෙන් පලාස්කුවක් අරගන්න… මම ඉතිං පළපුරුදු නළුවා නිසා Take one එකෙන්ම ගත්තා… ඒ වුනාට වැඩේ Mix  කරන්න close up ටිකක් ගන්න ඕන කියලා දොර අරිනකොට එකයි දොර වහනකොට එකයි, පලාස්කුව කැමරාවට පේන්න එකයි, ආයෙ මේසෙ උඩින් තියනකොට එකයි ආදී වශයෙන් කෑලි කෑලි ගත්තා… ඒ කෑලි ගන්නකොට ඉස්සෙල්ලා නවත්තපු තැන අත පය තියන් ඉඳගෙන ඉඳලයි පටන් ගන්න ඕන… ඔන්න ඔය වගේ දේවල් ආදී වශයෙන් වැඩේ පැය දෙකක් ම ගත්තා.. Rest කිරිල්ලකුත් නෑ නේ අපිට… ඔන්න ජෝජ් ක්ලූනි වගේ කෙනෙක් නං කියන්න පුළුවන් අතපය රිදෙනවා ඉතිරි ටික පොඩ්ඩක් පස්සෙ ගනිමු කියලා… කොහොම හරි විනාඩි 5 ක විතර කොටසක් පැය දෙකක් රූගත කළා… ඒ ඉවර වෙනකොට ගෙදර යන්න වෙලාව හරි… කරපු දේකුත් නෑ අද දවසට… ඒ නිසා රෑට කාලා ආයෙම වැඩට එන්න තීරණය කළා.. මේ රූගත කිරීම කරලා තියෙන්නේ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය පිළිබඳ වාර්තා වැඩසටහනකට සහ පාසල් ළමුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් ඇති කරන්න කියලයි කට්ටිය කිව්වේ… එයට සම්බන්ධ වෙන්නට ලැබුණ එක ගැන නම් හරිම සතුටුයි..(හැබැයි මාව දැක්කට පස්සේ උන්ට තියෙන උනන්දුවත් නැති වෙයිද දන්නෙ නෑ)  කාගෙ හරි ඇහැක් පාදන එක කොච්චර හොඳද ?

ඒ ඇවිල්ලා පරීක්‍ෂණයක් යන අතරේ තමයි මේ ටික කටුගෑවේ… දැන් ගෙදර යනවා.. ඉතිරි ටික ගෙදර ගිහින් කටු ගානවා……..

ගෙදර ඇවිත් ඇල්කෙම්ච්චි හදලා තිබුණ පුඩිමක් කෑවා… අම්මෝ ඒකෙ රහ…. කවදා හරි මම නම් මැරෙන්නේ කූඹි කාලා තමයි…අපේ ගෙදරට ආරාධනා කරපු එක ගැන පැටියගේ ගුරුතුමියො දෙන්නා බොහොම සතුටු  වෙලා… ඒ ඉස්කෝලේ අවුරුදු 6 ක් උගන්නපු එක ගුරුතුමියකට ඒ කාළය ඇතුලත පන්තියේ ළමයෙකුගේ නිවසට ආරාධනා කරපු පළමු අවස්ථාවලු මේක… ඒ ගොල්ලෝ හරියට අගය කළා ඒක…. ඇත්ත තමයි ගුරුවරු කියන්නේ බොහොමයක් රටවල නිසි අගය කිරීමකට ලක් වන්නේ නැති අය.. සමහර අයට ගොඩක් ප්‍රශ්න.. හැබැයි ඒ මොන ප්‍රශ්නෙ ආවත් මෙහේ නම් බොහොමයක් ළමයින්ගේ අනාගතය උගසට ගන්නේ නෑ.. ඒ අය තමන්ගේ යුතුකම් ඉටු කරලයි අයිතිවාසිකම් ගැන බලන්නේ… බටුවංගල පාසලේ ගුරුවරු එහෙම නොවෙයි කියලා ඒකේ ගුරුතුමෙක් කොමෙන්ටුවක් දාලා තිබුණා.. ඒ ගැන සතුටුයි….

නමුත් ලංකාවෙ බොහොමයක් දෙනා තමන්ගේ අයිතිවාසිකම් ගැන බලනවා මිසක් තමන්ගෙන් විය යුතු යුතුකම් ගැන කතා කරන්නේ නැහැ නේද ?

Advertisements

Posted on මැයි 11, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. අපිට අපේ අයිතිවාසිකම් දියව් !!
    ඊට පස්සෙ වෙලාවක් තිබුනොත් යුතුමල් හැන සලකා බලන්නම් !!

    • හැමෝම හිතන්නෙ එහෙමනෙ….
      මේකයි ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ… ලෝක යුද්ධෙන් පස්සෙ ජපානෙ සමහර මිනිස්සු පැයක් නිකං වැඩ කළාලු රට ගොඩ ගන්න… බලන්න දැන් ජපානෙ ඉන්න තැනයි අපි ඉන්න තැනයි…
      ඔක්කොටම හේතුව Positive attitude කියලයි මම නම් හිතන්නේ…

  2. ඇල්කෙමිය සර්ගෙ කථාව සහතික ඇත්ත… අපේ අය අයිතිවාසිකම්ම ගැන බලන තරමින් 10% යුතුකම් ‍ගැනත් හිතල වැඩක් කලානම් මේ වෙද්දි රට මීට වඩා දියුණුයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: