2011 මැයි 13 : පළමුව ආරක්‍ෂාව….. දෙවනුව රක්‍ෂාව ද ?


අද උදේ වැඩ කර කර ඉන්නකොට එකපාරටම බර බරාස් ගාලා සද්දයක් ඇහුනා. ඒ ඇහිලා ටික වෙලාවකින් ගිණි අනතුරු සංඥා නලාව (Fire alarm) නාද වුනා… නීතියක් විදියට ගොඩනැගිල්ලෙ හිටපු ඔක්කොම එළියට යන්න ඕන. ඒ නිසාම පන්තිවල හිටපු ළමයි ටිකයි රසායනාගාරවල හිටපු සියළු දෙනාමයි ඔක්කෝම අදාල එක්රැස් වීමේ ස්ථානයට එකතු වුනා. ඒ ටික වෙලාවකින් පොලීසියෙන් ඇවිත් ගොඩනැගිල්ල පරීක්‍ෂා කරලා බලලා අදාල ස්ථානය හොයලා බලලා අනතුරක් නැහැ කියලා බලලා සියළු දෙනාටම නැවත එන්නට අණ දුන්නා…

සිදු වෙලා තියෙන්නේ අපේ දෙපාර්තමේන්තුවේ වීදුරු බඩු අළුත්වැඩියා කරන තාක්‍ෂණවේදියාගේ අතින් වැරදීමකින් දිය ඉසීමේ උපකරණයක (sprinkler)  ඇති සංවේදකයක උෂ්ණත්‍වය මනින ඒකකය රත් වෙලා ඒ Sprinkler  ඉබේම ක්‍රියාකාරී වෙලා.. එවිට ගිණි අනතුරු සංඥා ක්‍රියාත්මක වෙලා. ඔහුට කරදරයක් නැතත්, දෙපාර්තමේන්තුවේ සිදු වු ඵලදායීතා හානිය පිළිබඳ ඔහුට බොහොම හිතට අමාරුයි. පැය බාගයක් පමණ වෙලාවක් දෙපාර්තමේන්තුවේ බාගයක් පමණ දෙනා එළියට වී සිටීමත්, පොලීසිය – පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඇත්ළු සියළුම දෙනාට එතැන වැඩ කිරීම නිසා ගෙවීමට ඇති මුදලත් යන කරුණු මේ ඵලදායීතා හානියට අදාලයි.

මේ වගේ රටවල්වල සියළුම දේ මුදලින් මනින නිසාම පමණක් නෙවෙයි හැම දෙනාම තමන්ගේ කාර්යයන්ට අදාලව වගකීම දරන නිසා බොහොමයක් දෙනා අවංකව සහ ඵලදායීව වැඩ කරනවා. නමුත් සමහරක් රාජ්‍ය ආයතනවල තත්ත්‍වය ලංකාවේ වගේලු. නමුත් බොහොමයක් පුද්ගලික ආයතන වල නම් වගකීම්, ඵලදායීතාවය, කාර්යක්‍ෂමතාවය ආදිය නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක් වෙනවා. මේ සියල්ලට වඩා සේවකයා සහ සේවා ස්ථානයේ ආරක්‍ෂාව කියන දේ වැදගත් වෙනවා. යම් හෙයකින් සේවකයෙකු අනතුරකට පත් වී ඒ පුද්ගලයාගේ සේවය ටික කලකට හෝ සේවා ස්ථානයට නොලැබී යෑම,  සේවා ස්ථානයේ උපකරණ වැනි දේ වලට සිදු වන හානිය වැනි දේ නිසා පළමුව ආරක්‍ෂාව යන දේ මූලික වෙනවා බොහෝ තැන්වල….

මෙහිදී අනතුරු අවම කිරීම, අනතුරු දායක ක්‍රියා වෙනත් අනතුරු දායක නොවන ක්‍රියාදාමයකින් ආදේශ කිරීම වැනි තවත් බොහෝ දේ ඇතුළු විශාල ක්‍රියාදාම ගැන සැලකිල්ල දක්වනවා.  මේ නිසාම සමහර අවස්ථාවල සිදු කළ යුතු දේ පවා ආරක්‍ෂාව නිසා නොකරන අවස්ථා ඇතිවෙනවා. නමුත් දිගු කාලීනව බලනවිට මේ දේවල් සේව්‍යයාටත් සේවකයාටත් වාසි සහගතයි. මෙය සමාගමක් වශයෙන් ගත්කළ ලොකු ලාභයක්.

සමාගම් වලට පමණක් නොවෙයි, සාමාන්‍ය නිවසක පවා ආරක්‍ෂාව ගැන සිතා වැඩ කිරීමෙන් බොහෝ දේ ඉතිරි කරගත හැකියි…. සමහරවිට ජීවිතයත් ඉතිරි කරගත හැකියි… අනතුරු දායක ලෙස රිය පැදවීම, අනවශ්‍ය ලෙස අනතුරු දායක වැඩවල නොයෙදීම ආදී දේ මගින් බොහෝ දොවල් වෙනස් කරගත හැකියි….

හිතන්න… ආරක්‍ෂාව ගැන….. එය හැමෝටම ගුණදායක වෙන්න පුළුවන්.

Advertisements

Posted on මැයි 13, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: