Daily Archives: මැයි 14, 2011

2011 මැයි 14: නීති හදපු එවුන් නීති පිළිපැදිය යුතුය…


අද අපේ ක්‍රිකට් ලීගයේ අප කණ්ඩායම සහභාගී වන පළමු  තරඟය පැවැත්වුනා.. මම මේ වතාවේ ක්‍රීඩා කරන්නේ මගේ මිතුරන් කිහිප දෙනෙකු සිටින කණ්ඩායමක් වන Knights කණ්ඩායම වෙනුවෙන්. අද අපේ කණ්ඩායම ක්‍රීඩා කළේ ලීගය සංවිධානය කරන කණුඩායම සමඟ… අපේ කණ්ඩායම උදේ 11.00 වනවිට ක්‍රීඩා පිටියට ආවත්, ඔවුන්ගෙන් පැමිණ තිබුණේ 5 දෙනෙකු පමණක් නිසා කාසියේ වාසිය අපට හිමි වුනා… ඒ වන විටත් ඔවුන් ක්‍රීඩා පිටිය සකස් කර තිබුණේ නැහැ… මේ නිසා අඩු වන සෑම විනාඩි පහකටම ඕවරයක් වශයෙන් ඔවුන්ගෙන් ඕවට 8 ක්ම අඩු වුනා… ක්‍රීඩා පිටිය 11.45 වන විට  සකස් කර තිබුණේ නැත්නම් ජයග්‍රණය අනෙත් කණ්ඩායමට හිමි වෙනවා… ඒක ලීගයේ නීති ප්‍රකාරව ආ නීතියක්…. ඒ වගේම කඩුළු දෙකේ තිබුණේ ඉනි 5 යි.. ඉනි 5 කින් ක්‍රිකට් ගහන්න පුළුවනෑ… මේ නිසාමත්, ඔවුන් අනෙක් කණුඩායම් වලට සුළු වැරැද්දක් තිබුණත් නීති මගින් කටයුතු කිරීමට වැඩ කරන නිසා අපේ කණ්ඩායම තීරණය කළා තරඟය ක්‍රීඩා නොකිරීමට… මේ අවස්ථාවේ ඒ කණුඩායමේ ක්‍රීඩකයෙක් වන ලීගයේ සභාපති කුඩා දරුවකු සේ හැසිරෙමින් කෑ ගහන්නට ගත්තා… ඇත්තෙන්ම මට හිතුනේ මොවුන් මේ තරම් නොමේරූ මිනිසුන් වන්නේ ඇයි දැයි යන්නයි….

යම් කිසි පිළිගත් නීති රාමුවක් ඔවුන් විසින්ම ඇති කර… අනෙක් කණ්ඩායම් සුළු වැරැද්දක් කළත් දඩ මුදල් ගෙවීමට නියම කරන ඔවුන්ම මෙසේ නීති නොසළකා හැරීම පිළිබඳ අපේ අප්‍රසාදය පළ වුනා.. කෙසේ හෝ පැයක් ඇතුලත කඩුළු ඉන්නක් සොයාගෙන එන පොරොන්දුව මත ක්‍රීඩාවේ නාමයෙන් අප කණ්ඩායම ක්‍රීඩා කළත් අවසානයේ වැස්ස හරස් වීම නිසා තරඟය නතර වුනා.. එක අතකට ඒක හොඳයි… නැත්නම් බොහෝ දෙනෙක් හිත් අමනාප කරගන්න තරඟයක් බවට එය පත් වෙනවා.. මගේ පන්දු රැකීම නම් ඉතාම පහළ මට්ටමකයි අද පැවතුනේ … ඉතා පහසු උඩ පන්දු දෙකක්ම මගෙන් ගිළිහුණේ මට අධික ලැජ්ජාවක් සහ කණස්සල්ලක් අත් කර දෙමින්… ඒ උඩපන්දු දුන් ක්‍රීඩකයින් වැඩි කාළයක් නොගෙවා දවා ගැනීමට අනෙක් ක්‍රීඩකයන් සමත් වුනත් මගේ වරදකාරී හැඟීම නම් බොහෝ වෙලාවක් යනතුරු පහව ගියේ නැහැ…

මෙසේ නීති ගෙන එන අයම නීති කඩ කිරීම අප දන්නා බොහෝ තැන්වල සිදු වෙනවා… සමහරු බලය අතට අරන් එසේ නීති කඩනවා… අපේ මැති ඇමතිවරු, ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් එහෙම නැහැ….

වැස්සට පසු ගෙදර ඇවිත් පැටියත් එක්ක ටිකක් සෙල්ලම් කරලා අපි තුන්දෙනාම පස් සහ පැල ගේන්න ගියා… පස් ගෙනත්, තවන් දාලා තිබූ පැල අළුත් පෝච්චි වලට දමා සකස් කළා.. දැන් පැල වලට වැඩෙන්න ඉඩ තියෙනවා… තව ටික දවසකින් පෝර ටිකක් දාලා ගත්තාම හරි….

ඔන්න ඔහොමයි අද දවස ගෙවුනේ.. අද වැඩට ගියේ නැති නිසා හෙට වැඩ… ඇල්කෙමිච්චි පැටියව නිදි කරනවනවා… තව ටිකකින් නිදා ගන්නත් ඕන… බැරි ක්‍රිකට් ගහන්න ගිහින් ඇඟට අමාරුයි.. රසායනාගාරයේ ලිපි දෙක තුනක් ගොඩ ගැහිලා… ඒවත් ඉවර කරන්න ඕන ළඟදිම….

හෙට හමුවෙමු..

%d bloggers like this: