2011 මැයි 15 : 2600 සම්බුද්ධ ජයන්තිය (ස)මරමු………….!


කොඩි තොරණ දන්සැල්ද සිල් ගැනිලි නිමක්                          නැත

සැදැහැවත් කම රටම එකළු කර පැතිර                                  ඇත

මස් කඩේ, බාර් එක සූදු පොළ වසා                                     ඇත

සම්බුද්ධ ජයන්තිය ජයට සමරනව                                       ඇත

මැති ඇමති ජනපතිද සිල් අරන් අඳෝ                                   මැයි

විපක්ෂෙන් දානෙ දෙයි ඒ වගත් එසේ                                   මැයි

හෙට අනිත්දා දිහා මේ සීලෙ බිඳේ                                       මැයි

හැමදේම කෙරෙන්නේ අනේ මැයි මාසෙ                               මැයි

සූදුවට ජරාවට පගාවට යට                                              වෙලා

මුළු රටම එකම එක මඩ ගොහොරුවක්                               වෙලා

ආගමත් ධර්මයත් ආටෝපයක්                                         වෙලා‍

ප්‍රතිපත්ති පූජාව මහ විහිළුවක්                                          වෙලා

දන් සැලෙන් පොඩිත්තයි තොරණකින්                           ඇබිත්තයි

පාරකට පාලමට තැබෑරුම වැඩි                                      හොඳයි

ටෙන්ඩරේ පාස්වී ගාන අතටම                                       ලැබෙයි

සුදු ඇඳන් ඇමති වරු අනේ අද සිල්                                   ගනියි

අද වගේ හැමදාම සීලෙ රැක                                        ගනිල්ලා

බොරුව වංචා නැතුව රටට වැඩ                                     කරල්ලා

වෙනත් දේශයක් නැහැ අපට දැන                                  ගනිල්ලා

සම්බුද්ධ ජයන්තියෙ අරුත ඉටු                                      කරල්ලා

Advertisements

Posted on මැයි 15, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. කම්කරු හඬ නැගුනේත්
    මැයි මාසයේ මැයි
    මැයි මල් රත් පැහැ උනෙත්
    ඒ රුධිරයෙන් මැයි

    නියම නිදහස ලැබුණෙත්
    මැයි මාසයේ මැයි
    හිතට නිදහස ලැබුණෙත්
    මැයි මාසයේ මැයි

    මස් කඩ වැසෙන්නෙත්
    තැබෑරුම් වැසෙන්නෙත්
    දන්සැල් ඇරෙන්නෙත්
    එව කව බොව කියන්නෙත්
    තොරන් කූඩු බැඳෙන්නෙත්
    අළුත් කන්නෙකට
    නියරවල් රැහෙන්නෙත්
    මැයි මාසයේ මැයි

    ඇද ගසේ පොල්
    ඇද අතටමයි කීවාක් මෙන්
    කරන හොඳ වැඩත්
    නුහුරටම පෙනෙන්නේ
    අපල කාලයටමැයි
    මට හිතෙනා හැටි
    අඳෝමැයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: