2011 මැයි 17 : උඹලගේ නායකත්‍ව පුහුණුව අපට එපා….. අපි ගොබ්බයො වෙලා ඉන්න කැමතියි…..


එක දිගට දවස් දෙකක් එකම දේ ගැන නොලියන්න තීරණය කර තිබුණත්, ලැබූ ප්‍රතිචාර වල පරාසය දිහා බැලුවාම ආයෙමත් ඒ ගැනම ලියන්න හිතුනා. මේ තමයි මම ඊයේ ලියපු ළඟදි සරසවි යන ආදරණීය නංගිලා මල්ලිලා වෙතටයි යන සටහනේ පසු වදන. මෙයට සමගාමීව  පිටුව සොයාගන්නට නැත කියන බ්ලොග් එකේ සහ බුවාගේ සිතුවිලි අඩවියේ ද සඳහන් වී තිබීම තවත් දවසකට මෙය කතා කරන්නට තරම් සිත් දෙන්නක් වුනා.

ඒ බ්ලොග් අඩවි දෙකෙන්ම පෙන්නලා දීලා තිබුණේ මෙහි ඇති නොහොඳ පිළිබඳව. බුවාගේ අඩවියෙ නම් දේශපාලක තුමන්ලා  විසින් මේ පුහුණුව ලබා ගත යුතු අන්දම මනාව පැහැදිලි කර තිබුණා. අනෙක් අඩවියේ ඒ පුහුණුව හා බැඳුනු තවත්සමහර දේ පිළිබඳ සඳහන් කර තිබුණා. ලංකාවේ බොහෝ දේ කරනවා කිය කියා නොකරන නිසා මෙයත් නොකරාවි යැයි හිතා තිබුණත් මෙය ක්‍රියාවට නඟපු එක ගැනත් ඔවුන් මැසිවිළි නඟනු පෙනුනා… හමුදා කඳවුරු වල මේ පුහුණුව දෙන්න තීරණය කළේ ඇයිද යන්න සමහරවිට බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙන්න ඇති… මෙය ඉඩ ප්‍රස්තාව සලකා බලා හමුදා කඳවුරක පවත්වන්නට තීරණය කළාද, නැත්නම් සිසුන් පාලනය කිරීමේ පහසුව තකා කළාද යන්න මමත් හරියටම දන්නේ නැහැ. නමුත් තමන්ගේ ගම් ප්‍රදේශයෙන් පිටත වෙනත් ස්ථානවල මේ පුහුණුව කරද්දි බොහෝ දෙනෙකු ස්වාධිනව ක්‍රියා කිරීමට පුහුණු කිරීමක් මෙතුලින් දැකිය හැකියි. එසේම එකම ප්‍රදේශයේ සිසුන් බොහෝ දෙනා දැන හඳුනන නිසා ඔවුන් වෙන් කර පුහුණුව සැපයීමෙන් විවිධ සිසුන් හඳුනාගැනීමේ අවස්ථාවද ඔවුනට ලැබෙනවා. කළමණාකාරීත්‍ව පුහුණු සැසි වලදී පවා පුහුණුව ලබන අය දන්නා හඳුනන අය සමඟ කල්ලි ගැසීමට ඉඩ දෙන්නේ නැහැ, ඒ ඔවුන් මානව සබඳතා හමුවේ හඳුනන අය සමඟ පහසුවෙන් කුළුපග වන නිසා අළුත් සබඳතා ඇති කරගැනීමට දක්වන කුලෑටිකම මඟහරවන්න… මෙයත් ඒ වැනි ප්‍රයත්නයක් විය හැකියි.

සරසවි සිසුන් පමණක් නොවෙයි පාරෙ යන දහ දෙනෙකු දිහා බැලුවම ඔබටම පෙනේවි කී දෙනෙක් විනයක් ඇතුව ක්‍රියා කරනවද කියලා. පාර පනින්න, ආචාරශීලී වන ආකාරය ආදී නොයෙක් දේ අතින් අප සිටින්නේ බොහෝ පසුපසින්. සෑම දෙනාටම එකම ආකාරයේ ඇඳුම් පැළඳුම් රැගෙන එන්නට නියම කිරීමෙන් හඟවන්නේ එතැන කිසිදු භේදයක් හෝ සුව්ශේෂිතාවයක් නොමැති බවයි. පාසැලේ නිල ඇඳුම් එකම ආකාරයට පවත්වාගෙන යන්නේ පාසැල තුළ සෑම ළමයෙකුම එක හා සමාන බව හැඟවීමටයි. අවුරුදු 13 ක් නිල ඇඳුම් හැඳ පාසල් යන ළමයාට මේ නායකත්‍ව පුහුණුව සඳහා සපයන ලද ලැයිස්තුවට අවශ්‍ය බඩු සොයාගැනීමට නොහැකි වීම යනු තවත් එක් නිදහසට කාරණයක් විය හැකියි… ඇත්ත  වශයෙන්ම දුප්පත් ළමයෙක්ට වුනත් ඒ ලැයිස්තුවෙන් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීම අපහසු වන්නේ නැහැ. නමුත් මේ ලිපි ලැබීමේ ප්‍රමාදයට නම් අදාල අංශ වගකිව යුතුයි.

මේ නායකත්‍ව පුහුණු වැඩමුළු වලදී, ශාරීරික යෝග්‍යතාවය, ව්‍යායාම, කණ්ඩායම් ක්‍රියා ආදී බොහෝ දේ කරනු ලබනවා. මෙහිදී ඇත්තෙන්ම සැබෑ නායකයින් එලියට එන අවස්ථා එමටයි. සිරස සුපර් ස්ටාර් එකේ අනෝජා වීරසිංහ කරන්නෙත් මේ හමුදා කඳවුරු වල කරන්න යන දේට සමාන දෙයක්… දරුවන්ගේ සැඟවුන දක්‍ෂතා, නායකත්‍ව ගුණාංග එළියට ඇදලා ගන්න එකයි. එකම වෙනස පවත්වන ස්ථානයයි. ලංකාවෙ කිසිම දෙයක් නොමිලෙ දෙනකොට කිසිම අගයක් නෑ.. මෙයත් ඒ වගේ… නායකත්‍ව පුහුණුවක් නොමිලේ දෙනවා සරසවි යන්නට පෙර එන්න යැයි කිවුවොත් කී දෙනෙක් එතැනට ඒවිද ? මෙය අනිවාර්ය කර ඇත්තේ සියළු දෙනාට මේ පුහුණාව ලබා දීමේ චේතනාවෙන් වන්ට පුළුවනි. හොඳින් කිවුවට කරන්නේ නැති දේවල් බොහොමයක් තරමක් දැඩි ස්වරයෙන් පැවසූවිට කරවාගත හැකි ලංකාව වැනි රටක මේ පුහුණුව අනිවාර්ය කිරීමෙන් ඒ සඳහා සියළු දෙනා ගෙන්වා ගැනීමේ වෑයමක් ඇති. දින ගණනක් වෙන් කර ඇත්තේ ඒ නිසා නේ…..

මේ නායකත්‍ව පුහුණුව මගින් පහර වදින එකම කණ්ඩායම ලෙස මා දකින්නේ ජනතා විමුත්ති පෙරමුණ හා ඊට සම්බන්ධ සංවිධානයි. සරසවි වල නවක වදය දීමට මූලික වන මේ කණ්ඩායමට මේ නායකත්‍ව පුහුණුව නිසා වදින්නේ මරු පහරක්. මේ නිසා ඔවුන් මෙය කඩා කප්පල් කිරීමට සෑම ප්‍රයත්නයක්ම දරනවා. ළමුන් නිසි නායකත්‍වයක්, දැක්මක් ලැබූ කල, ඔවුන් නොමඟ යැවීමට නොහැකි බව දන්නා නිසා ඔවුන් මෙයට විරුද්ධ වෙනවා යැයි මගේ හැඟීමයි. කෙසේ වෙතත් මේ නායකත්‍ව පුහුණුව වැනි දේ බොහෝ පෞද්ගලික ආයතනවල මුදල් වියදම් කර සේවකයන්ට ලබා දෙන්නේ එයින් ඔවුන් ඵලදායී, කාර්යක්‍ෂම පිරිසක් බවට පත් කරන නිසායි. උදේ නැගිටීම සියළුම දෙනා හැමදාම කළත්, කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීම, සාමූහිකත්‍වය, විවිධ අදහස් දරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි බොහෝ හොඳ ගුණාංග මෙතැන ඔබට ඉගෙන ගන්නට ලැබේවි…

තවත් බොහෝ දේ කියන්න තියෙනවා….

මුහුද හත් ගවුවක් තබා අමුඩ ගහන්නේ නැතිව, මේ නායකත්‍ව පුහුණුවට ගිහින් ඇවිත්, අපි ඒ ගැන කතා කරමු…

Advertisements

Posted on මැයි 17, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 21.

  1. මං ගැනත් ලියල තියන නිසයි මේ පිලිතුර

    01) මම විශ්ව විද්‍යාල ශිෂයෙක් නෙවෙයි ,යන ඉන්න කෙනෙකුත් නෙවෙයි , ඒ නිසා මට පෞද්ගලිකව නම් ඕක අදාල දෙයක් නෙවෙයි
    02) ඒ වගේම ජවිපේ දේශපාලනය ප්‍රිය කරන කෙනෙකුත් නෙවෙයි (කලින් ලිපි දැකල තියනව නම් පෙනෙයි ). ජවිපේ විශ්ව විද්‍යාල වල කරන දේශපාලනයට මාත් විරුද්ධයි . මම ඒක ඔය ලිපියෙමත් සඳහන් කරල තියනව
    03) නායකත්ව පුහුණුව නරක දෙයක් නෙවෙයි . ඒත් ඒවගෙ දෙයක් කරන්න වඩා සුදුසු ඒසම්බන්ඳ විශේෂඥයින්ද ? නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් මූලික කරගත් හමුදා නිලධාරීන්ද ?
    04) ලෝකයේ ඉතාම ඉහල විනයක් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවල නායකත්ව පුහුණු දෙන්නෙත් හමුදා නිලධාරීන්ද ?
    05) අන්තරය හා නවක වදය විශ්ව විද්‍යාලවලට පිලිලයක් කියන ඇමතිවරයගෙ මතයෙ මාත් ඉන්නව . ඒත් ඒව ඉවත් කරන්න ඕනි විශ්ව විද්‍යාලයට කෙලින්ම මැදිහත් වෙලා මිසක , අලුතෙන් එන ලමයින්ට බාහිරව හමුදා කඳවුරක දෙන පුහුණුවෙන් නෙවෙයි
    06) වසර ගනනාවක් තුලදී ප්‍රතිපල දකින්නට ලැබෙන ක්‍රියාවලියක් වැරදි කියා හැඟෙන විට ඒක විවේචනය කරන්න ඒ මුලු කාලයම බලා ඉන්න ඕනිද ?
    07) මේ ලබා දෙන පුහුණුව හොඳද නරකද කියන එක නෙවෙය් කාරණය ( මේ පුහුනුවෙන් ලමයින්ගෙ ජීවිත වලට යමක් එකතු වෙයි තමා) පුහුනව දෙන්න භාවිතා කරන නිමිත්ත , ස්ථානය ,අවශ්‍යතාවය හා ඇති විය “හැකි” අහිතකර ප්‍රතිපල

    • මෙතරන ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්න දෙයක් තමයි හමුදා විනයක් දෙනවාය කියන එක…
      මෙතැන දෙන්නේ නායකත්‍ව පුහුණුවක්… හමුදා විනයක් සති දෙකකින් දෙන්න බෑ…
      දෙන තැනයි ප්‍රශ්නේ… වෙන දෙන්න තැනක් නැත්නම් හමුදා කඳවුරක දෙන්න බැරි ඇයි ?
      ලෝකයේ කිසිම විශ්ව විද්‍යාලයක විනය 100% ක් නැහැ. පිටරටවල විශ්ව විද්‍යාලවල විනය පවත්වාගෙන යන්නේ පොලීසිය. ලංකාවෙ විශ්ව විද්‍යාලයකට පොලිස් කාරයෙකුට වැස්සකටවත් යන්න පුළුවන්ද ?

      • ඔබ වැස්සකටවත් කොළඹ විශ්ව විද්‍යාෙල පැත්තෙ ගිහින් නෑ වගේ. 😀 . පත්තරවලින් ටීවී එකෙන් ඇහෙන විකාර ඔහේ වැරදිද හරිද කියලවත් දන්නෙ නැතුව අතාරින්න එපා.

  2. නිදහස්ව උපන් මිනිසා නිදහස්ව මියයායුතුයි.ඵකයි ප්‍රජතන්තර්වාදය.

    කෙනෙකුගෙන් තවකෙනෙකුට වෙන කරදර වලක්වන්න නීතිය තියෙනවා.ඵ් හෑර හමුදවිනය සමජයට දෙන්න පුලුවන්ද?හමුදාවිනය අවශය් ඵකට කෑමතිඅයට හමුදාවට බෑදෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියනවා.
    ඔයා කිව්ව උදාහරනයෙදි උනත් පාසල් ළමයි පිරිසිදුව,පිලිවෙලට සුදු අදින්න ඔනෙ කියලා තීයෙනවා.ඵක අවමයනෙ.ඵතනින් ඵහාට කොන්ඩය කොටටම කපන්න ඔනෙ,බෑගී බින්දුවක් වත් දන්න බෑ,කලිසම බුරිය ලගට අදින්න ඔනෙ,සපත්තු දන්න ඔනෙ ඈවිදිනකොට තනි පේලියට යන්න ඔනෙ ව්ගේ ඵවා නියමකරන්නෑනෙ.(ඵහෙම ඉන්නෙ කෑඩෙට්ලා නෙ,ලමයෙකුට ඵකට ආසනම් යන්න පුලුවන්,ඵත් කෑමෑත්ත් මතනෙ )
    ඈයි ඵ්???

    හෑම ඵකටම නීතිය ඈප්ලයි කරන තෑන බලහත්කාරයක් මිස විනයක් නෑ.
    අනික හමුදව වගේ ආයතනයක් ඈතුලෙ පුලුවන් උනත් මුලු සමාජයටම දෑඩි විනය පවත්වන්යන්න බෑ.හිට්ලර්,මුසෝලිනි ලා වගේ.

    අනික SBලා වගේ මෙලෝ විනයක් නෑති අය කෑම්පස්වක කොල්ලන්ගෙ විනය ගෑන කතකරන්නෙ කොහොමද?
    කුඩුකරයො.ග0ජකරයො පිරුනු මහ පක්ශ වලටනම් ඔය පුහුනුව ගෑලපෙනවා.
    කෑම්පස්වල ඵහෙම උන් නෑනෙ.

    ඔය ඔක්කොම රටේ හෑමඵ්කාම කොදු කඩගෙන ඉද්දි, තවමත් කෙලින් ඉන්න කෑම්පස් කොල්ලන්ට කෙලිනකන් විතරයි.
    ඊටපස්සෙ පඩි වෑඩිකරනවා කිව්වම කඩේ ගිහින් දෑන් පු_ ට පයින්ගහලා ඵලවල ඉන්න ආචාර්යවරුන්ට කරපු ඵකම තමා ඔයාලටත් කරන්නේ.

    ඊටපස්සෙ කියනකියන හෑමඵකටම,කොහොමද කෑම්පස්??? විශිශ්ටයි සර්…
    කොහොමද සිලබස්??? විශිශ්ටයි සර්………
    කොහොමද පාලකයො??? අතිවිශිශ්ටයි සර්…..
    කියකිය ඉන්නපුලුවන්.

    ඊටත් අවුරුදු දෙකතුනකට පස්සෙ පව්ද්ගලීක කෑම්පස් ගෙනල්ලා(ප්‍රවාහනය පර්යිවට් කරලා ල.0.ග.ම කෑවා,ප්‍රයිවට් රෝහල් ගෙනල්ල දෑන් සවුක්ය සේවෙ කනවා වගේ)කෑම්පස් ටික මලෝගෙන කාපුහම උබලට පුලුවන් ලෙෆ්ට් රයිට් කියකිය ඉන්න.

    • සුදු ඇන්දම ළමයෙක් වෙන්නේ නෑ,.. ඒ වගේම ළමයෙක් වුනාම විනයක් තියෙන්න ඕන…
      එහෙම නම් ඔයාගේ පොඩි එකාට පුළුවන් ඔයාට තාත්තා නොකියා නාකි මිනිහෝ කියලා කතා කරන්න.. නමුත් ඔබ ඊට ඉඩ දෙනවද ? අන්න ඒකටයි විනය අවශ්‍ය… සමාජයක් හදන්න විනය අවශ්‍ය නැත්තං පාසල් අවශ්‍ය නෑ… පොත් ටික ගෙදරට යවලා ළමයින්ට ගෙදර ඉඳන් පාඩම් කරලා විභාග පාස් වෙන්න කියනවා..

      මෙතැන හමුදා විනයක් දෙන්න බෑ සති දෙකකින්.. දෙන්නේ නායකත්‍ව පුහුණුවක්…
      සම්මුඛ පරීක්‍ෂණයක පැනල් එකකට ගිහින් බලන්න මහ ලොකුවට සමාජයේ කෑ ගහන ඔය නායකත්‍වයේ අයියලා ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා… අහන ප්‍රශ්නෙකට කෙළින් උත්තර දීගන්න බෑ… මහලොකුවට රට හදන්න දඟලන්නෙ…
      අන්න ඒකයි මෙතැන දෙන්න හදනවා ඇත්තේ… මට හිතෙන හැටියට….

      • ඇයි ඔය ළමයි ගන්න විශ්ව විද්‍යාල වලම ඔය දෙ කරන්න පුලුවන් , , හමුදා නිලධාරීන්ගේ සහයත් අදාල ක්ශේත්‍රවල විශේෂඥයින්ගෙ සහයත් අරගෙන ඒ ලමයි ඉගෙන ගන්න පරිසරයේම ඒ දේ කරන්න පුලුවන් ,නේවාසිකාගාර වල නවක වදය වගේ දේවල් නවත්තන්න ඕනි වෙන්නෙ දැඩි නිති ක්‍රියාත්මක කරන එක විතරයි . ඒ සිවිල් බලය පොලිසියට තියනව හරියට මෙහෙයවන එක්යි කෙරෙන්න ඕනි . තරුණ ලමයින්ගෙන් 100%ක බබා විනයක් බලාපොරොත්තු වෙන්න බැ , කොහෙත් විශ්ව විද්‍යාලවල ඒ වගේ ගැටලු තියනව් තමයි නමුත් අපේ රටට පිලිලයක් වෙච්ච ඇතැම් කාරණා (එස් බී මහත්තයත් එව හඳුනාගෙන ඉවත් කරන්න හදන ) වලක්වා ගන්න ක්‍රමයකුයි අවශ්‍ය . ඒකට සම්පූර්න යෙන් වෙනස් පරිසරයක් වෙච්ච හමුදාකඳවුරු වල කරන පුහුණු නෙවෙයි වඩා වැදගත් , විශ්ව විද්‍යාල වලට තදබල විදිහට මැදිහත් වෙල ක්‍රියා කරන එක . ඊට පස්සෙ නිසි පරිසරය සකස් උනාම නායකත්ව ලක්ෂන පද්ධතිය තුලින්ම මතු කරගන්න පුලුවන්

        උදාහරනයක් විදිහට ලංකාවේ සමහර පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් එන අය ඉන්ටර්විව් වලදි ඉතා සාර්ථකව මුහුන දෙන්නෙ හමුදාවෙන් නායකත්ව පුහුණු අරගෙනද ?

  3. මට නම් හිතෙන්නේ ඇල්කේමියා ඔක්කොම පටලවාගෙන… සිසුන්ට නායකතව පුහුනුව දෙන එක හොදයි… නමුත් මෙතන ක්‍රමයේ බරපතල වැරද්දක් තියනවා…

  4. ඵක තමයි මාත් කියන්නෙ දරුවො හදගන්න ඔනෙ ඵහෙම කරන්නෙ ඵ දරුවන්ගෙම අනාගතේ කන දේශපාලුවන්ගෙ උපදෙස් මත දෙන මිලිටරි ට්‍රේනින් වලින් නෙවෙයි.

    ඔය කියන්නෙ හමුදපුහුනුවක් ඔනෙද ලමයි හදගන්න?ඵහෙනම් ඵක 75% දෙමව්පියන්ගේ නොසෑලකිල්ල.
    ලෝකෙ දරුවන්ට තත්තට අම්මට ගරුකරන්න ආමි ට්‍රේනින් වලින් උගන්නන ඵකම රට ල0කාව.
    ඵතකොට් ඔය දරුවන්ටම කුඩු විකුනන,
    මත් ද්‍රව්ය විකුනන,
    කුනුහරුප පෙන්නන,
    හොර බාර් දගෙන ඉන්න,
    ගනිකා මඩම් පවත්වගෙන යන
    ඔය SBල ඵක්කම ඉන්න දේශපාලකයො ගෑන ගන්න පියවර මොකද්ද?
    විනය හදන්න ඔනේ කේන් ඵක පෙන්නලා ද?ඵතකොට මේරටේ කුඩ්ඩො පර්ලිමේන්තු ගියේ කොහොමද?උන්ගේ විනය සුපිරිද?
    බුදුහමුදුරුවො ඵහෙමද කිව්වෙ?

    අනික හමුදවෙ ආදුනිකයන්ට දෙන රෑග්ඵක කෑම්පස්වල ඵකට වඩා සියදහස්ගුනයක් අමාරුයි කියලා ඔය දන්නවාද?ඵ්හෙම තෑනක කොහොමද නවකවදය නවත්තන්නෙ???
    හමුදා ක්‍රමය වෙනම ඵ්කක් ඵ්ක සිවිල් සමාජයට ගෑලපෙන්නෑ යාලුවා.

    අනික මිලිටරඉ ට්‍රේනින් ඔච්චර හොදනම් ල0කවෙ විතර 80000හමුදවෙන් පෑනලා යයිද?
    යුද්දෙන් පස්සෙත් විතර 30000ගියෙ ඈයි.
    වීර රනවිරුවො වගේම පතාල නායකයොත් බිහිඋනේ කොහොමද?

    අපි හමුදවට දිවි දෙවනි කොට අදරෙයි.
    ඵ්ත් ලා වගේ කුනු කනු හමුදව හරහා ගලනවට විරුද්දයි.

    අනික අම්මතත්තා අදුනන්නෑත්තෙ අපේ ගම් වලින් ආපු කෑම්පස් කොල්ලො නෙවෙයියාලුවා .
    සල්ලිවලට් උපාදි ගත්ත SBලගේ ලොකු සමජෙ ලමයි.
    කොටින්ම කිව්වොත් ඔය SBගේ මහින්ද විජේසේකරගේ ජයලත්ගේ ලමයි ඵකතුවෙලා තමා තමුන්ගෙ තාත්තලගේ වයසේ පොලිස්කරයන්ගෙ කන් පෑලුවෙ.ඔනනම් මිලිටරි ට්‍රේනින් දෙන්න් ඔනෙ ඵ්ව්ගේ අයට.

    අනික සතිදේකේ ට්‍රේනින් දීල යුද්දකලෙ හමුදාවට බන්දගත්තෙ.ඵනිස ට්‍රේනින් ඵකේ හමුදමය බාවයෙයි පුහුනු කලසීමවෙයි සම්බන්දයක් නෑ කියලා කියන්නෙ කොහොමද?
    අනික නායකත්ව පුහුනුවක් නම් කෑම්ප් වලටම් ගල්කරන්න ඔනෙ නෑනෙ.

    අනික ඔයගේ ප්‍රතිචාරෙ දේසපාලන යටි අරමුනු ගෑන මම කිව්ව ඵවට පිලිතුරු නෑ.ලමයි වඩාගෙන තියනව ඵච්චරයිනෙ.

  5. ඔය හමුදා පුහුණුවෙන් / නායකත්ව පුහුණුවෙන් විශ්ව විද්‍යාල වලට යන්න ඉන්න අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතන්න අමාරුයි.. කැම්පස් යන්න බැරිවෙන වැඩ තුනම අසමත් සෙට් එකට තමයි ඔයවගේ පුහුණුවක් ඕනේ.. එතකොට එයාලට ජීවිත ආපහු ගොඩ නගා ගන්න පුළුවන්.. හැබැයි ඉතින් එහෙම කරොත් කැම්පස් වලට ඔලුව දාන්න “නිල් බලකායට” වෙන ක්‍රමයක් හොයා ගන්නත් වෙයි..

  6. අයියෙ ඔයා මගෙ පෝස්ට් එක කොමෙන්ට්සුත් එක්ක කියෝලා බැලුවානම් තේරෙයි මගේ ඔය වැඩ සටහනට නෙවෙයි විරුද්දත්වය තියෙන්නෙ ඒක තියන්න හදන ආකාරය ගැන කියලා…
    මට ඒ කියලා තියන කොන්දෙසි වලට එකඟවෙන එකත් ඒ ස්තාන වලට යන එකත් කිසිම ප්‍රස්නයක් නැ…
    නමුත මගේ සමහර යාලුවො ඉන්නවා ඒ කොන්දෙසි කොහොමවත් ඉටු කරන්න බැරි..මම ගැන නෙවෙයි ඒ ගොල්ලො ගැනයි ප්‍රස්නය..
    හිතන්න කැම්පස් ගියාම නැදැයෙකුගෙ ගෙදර නවත්තලා සතියකට සරයක් බලන්න යන්න ඉන්න ගැනූ ලමේකුට,සති 3ක පුහුනුවකට ත්‍රිකුනාමලය හමුදා පුහුනු කදවුරකට යන්න කියපුවාම ගෙදර අයගෙත් ඒ ලමයගෙත් මානසිකත්වය කොහොම වෙයිද?

    මම දෙශපාලනය ගැන කතා කරන්නෙ නැහැ,මම ඒකට කැමති නැ..

    මට හිතෙන්නෙත් ඔය හුඟක් අය කියන තරම් යකා කලු නැ තමයි..
    මොකද ලියුමෙ තියන විදියට අපිට දෙන්න හදන්නෙ විවිද ක්ශෙත්‍ර ආවරනය වෙන විදියට සම්මන්ත්‍රන මාලාවක් වගේ එකක් සහ පොඩි විනය පුහුනුවක් වෙන්න ඕනි…

    නමුත් මේක අනිවාර්‍ය කිරිම ගැන මගේ තියෙන්නෙ නොපැහැදීමක්…ඇයි එහෙම කරන්නෙ..එතකොට අපි ඉගන ගත්තු දේවල් ඔක්කොම ඒකට යට උනා වගේ නෙවෙයිද?

    • අනිවාර්ය නොකර නම් අවම වශයෙන් ඔයා වත් යයිද ?
      ගිහින් ඇවිත් අපි මේ ගැන කතා කරමු….
      මම ඔයාගෙන් මේ ගැන ලිපියක් එනකල් බලාගෙන ඉන්නවා…

      • මම අනිවාර්‍යෙන්ම යනවා අනිවර්‍ය නොකලත්…ඒකෙ කියලා තියන විදිහට වැඩ වෙනවානම්….
        ලිපියක් බලා පොරොත්තු වෙන්න සති හතරක් ඇතුලත..සම්පූර්න වැඩ පිලිවලම වෙච්චි හැටි ගැන..
        මගේ අදහස් වල වැරැද්දක් තිබුනානම් මගේ සමාව අයැදීමත් ඒත් එක්කම..!!

  7. alchemiya kiyanawa wage methana denne naayakathwa puhunuwak….anith eka buwa “haduma niladharin” gana thiyena aakalpaya waradi ekak….hamudha niladhariyek una paliyata ae minissu hamudawa ekka wada karana widiyath anith minissu samaga gatena widiha wenas…eyath api wagema manussayek….ae ayata thaman wada karanne kaa ekkada kiyana awabodhaya thiyenawa..eka nisa meka meka “army training camp” ekak newei yanna mage hangeema….godak aya masivili naguwath oya leadership camp ekata gihilla awata passe balanna godak aya duk wewi ane mae wage camp ekak every 6 months thibboth kochchara hondada kiyala….anith eka mekata sudusuma thana army camp ekak thmai..ethana pahasukam siyallama, pirisuduwa thiyenawa..eeta wada honda honda thanak naha….campus yana wayasa kiyanne onema abhiyogayak baara ganna puluwan wayasak…ae nisa uni yanna enna nangila mallilata meka honda abiyogayak….meken egena ganna deyak naaa kiwwoth????eka nam wenna bari deyak….gihilla awata passema kiyannako wadak unada nadda kiyala….

  8. අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි….
    හැම දෙනාගෙම අදහස් වටිනවා, ඒ වගේම එකිනෙකට වෙනස්…
    අපි බලමු සති දෙකකින් හෝ මාසයකින් මේ පුහුණුවට ගිහිනු ආපු අයගේ ප්‍රතිචාර…

    සමහරවිට මම වැරදි වෙන්නත් පුළුවන්… ලංකාවෙ බොහෝ දේවල් කරන්නේ දේශපාලන වාසි බලාගෙන නිසා මෙයත් තවත් ඒ වගේ දෙයක් වෙන්නත් බැරි නෑ…
    නමුත්, යහපත් ආකල්පයකින් කරනවා නම් මෙය ඉතා හොඳ දෙයක්…
    කවුද දන්නේ එස් බීට හොඳ දෙයක් කරන්න හිතිලා ද කියලා….

    අපි බලා ඉමු….

  1. පින්ග්කිරීම: 2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබන්

  2. පින්ග්කිරීම: 2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත්

  3. පින්ග්කිරීම: 2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත්

  4. පින්ග්කිරීම: 2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත්

  5. පින්ග්කිරීම: 2011 මැයි 24 : නායකයෙකු බලෙන් බිහි කළ නොහැක…. කළ හැක්කේ ඊට මඟ පෑදීම පමණි… « ඇල්කෙමියාගේ දිනපොත | Alchemis

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: