2011 මැයි 21 : ජංගම දුරකථන, මොළයේ පිළිකා සහ රැහැන් සහිත සවන්කඩ….


අද උදෑසනම රසායනාගාරයට ගියා. ඊයේ සැලසුම් කරලා තිබූ පරීක්‍ෂණයක් අද උදෙන්ම පටන් ගන්න ඕන. පැය අටක් දිග පරීක්‍ෂණයෙන් අපි බලන්නේ අපේ සංයෝගය කාබන් ඩයොක්සයිඩ් සමග බන්ධනය වනවාද කියලා. මූලික පරීක්‍ෂණවලට අනුව නම් එය බැඳෙනවා. මේ නිසා අපේ ලොක්කත් බොහොම උනන්දු වෙලා. මට කරදරේ වගේම එක අතකට හොඳ දෙයක්… අපේ රසායනාගාරයෙන් අවම වශයෙන් පර්යේෂණ ලිපි තුනක්වත් අගෝස්තු මස වනවිට පළ කරගත හැකි බවයි ලොක්කා පැවසුවේ… අළුත් රසායනාගාරයකට එය විශාල ජයග්‍රහණයක්.  ඉතින් අද උදේම රසායනාගාරයට ගිහින් ඒ පරීක්‍ෂණය සූදානම් කළා..පරීක්‍ෂණය කරන උපකරණය වැඩ අරඹනකල් විනාඩි 10 ක පමණ වෙලාවක් බලා ඉන්න වෙනවා. ඒ අතරේ තමයි CNN වෛද්‍ය උපදේශක දොස්තර සංජය ගුප්තා ගේ ලිපියක් කියවන්න අවස්ථාව ලැබුණේ. එහි කියැවුනේ ජංගම දුරකථන භාවිතය සහ මොළයේ පිළිකා හටගැනීමේ අවදානම පිළිබඳ වාර්තාවක්. එහි වීඩියෝවකුත් තිබුණා.  මෙන්න වීඩියෝව .

දොස්තර සංජය ගුප්තා

ඔහු බොහෝ කලක සිට ජංගම දුරකථනය භාවිතයේදී එය කණට තබා කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට රැහැන් සහිත සවන්කඩක් (සිංහලෙන් කියනවා නම් wired earpiece එකක්) භාවිතා කරනවා ලු. එසේ කරන්නේ මොළයේ පිළිකා ඇතිවීමේ අවදානමින් ගැලවීමටයි. ජංගම දුරකථන  විශාල වශයෙන් භාවිතයට ගැනෙන්න පටන් අරගෙන වසර 20 කට වඩා නැති වුනත් එද දැන් සෑම දෙනාගෙම අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා ඉවරයි. කුඩා දරුවන් පවා දැන් ජංගම දුරකථනවලට හිමිකම් කියනවා. ජංගම දුරකථනවලින් ක්‍ෂුද්‍ර තරංග (Microwave) පිටවෙන බව අප හැමෝම දන්නා කරුණක්. මේ ක්‍ෂුද්‍ර තරංග සාමාන්‍ය උදුනක තරම් ප්‍රබලත්‍වයක් නැති වුනත්, දීර්ඝ කාලීන දුරකථන භාවිතයෙන් මොළයට අනතුරු දායක විය හැකු බවයි වෛද්‍ය මතය.

ජංගම දුරකථන භාවිතය පටන් අරන් වසර 20 ක් පමණ ගත වුවත් දැන් තරම් බහුලව භාවිතා වෙන්න පටන් අරන් තවමත් අවුරුදු 15 ක් පමණ ගත වී ඇති නිසා මොළයේ පිළිකා සහ ජංගම දුරකථන අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙනවාද යන්න තවමත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය දත්ත එකතු වී නැහැ. එනම් මොළයේ පිළිකාවක් ඇති කිරීමට අවශ්‍ය සාධක වලට නිරාවරණය වීම සහ රෝග ලක්‍ෂණ හටගැනීම අතර කාළය අවුරුදු 20 ක් පමණ වන නිසා මේ ගැන අවශ්‍ය දත්ත එකතු කරගැනීමට තරම් කාළය මදි. එසේ වුවත් පරීක්‍ෂණාගාර දත්ත වලට අනුව සහ මොළයේ ආකෘති යොදාගෙන කරන ලද පරීක්‍ෂණ වලට අනුව මෙමගින් පැහැදිලි ආචරණයක් ඇතිබව පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව වසර දහයක් ජංගම දුරකථන භාවිතා කළ පුද්ගලයන් යොදාගෙන කළ පරීක්‍ෂණයකට අනුව,  ඔවුන්ගේ මොළයේ Glioma නම් පිළිකා වර්ගය ඇති වීමේ අවදානම දෙගුණ වී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මේ නිසා සහ වෙනත් හේතු නිසාම ජංගම දුරකථනවලින් මොළයට හානි සිදු නොවෙනවා යැයි පවසා එය ගණන් නොගෙන සිටීමට හැකියාවක් නැහැ. දැන් දැන් බොහොමයක් දුරකථන සමග පැමිණෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන්ව ඇති කාරණයක් නම් දුරකථනය සිරුරට අඟලක පමණ දුරින් තබා භාවිතා කරන්නට දී ඇති අනතුරු හැඟවීමේ සංඥාවයි. ඇමරිකාවේ සමහර ආයතනවල සේවකයන්ට දුරකථන භාවිතයේදී රැහැන් සහිත සවන්කඩක් (Earpiece එකක්) භාවිතා කරන මෙන් නීති පවා පණවා තිබෙනවා.

කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිතයේදී කුඩා දරුවනට ඒවා භාවිතා කරන්නට දීම සුදුසු නොවන බවයි වෛද්‍ය මතය. වැඩුන මිනිසතුට වඩා කුඩා දරුවන්ගේ හිස් කබල ඝණකම් නොවීම නිසා මේ ක්‍ෂුද්‍ර තරංග වැඩි පුමාණයක් හිස්කබල විනිවිද යා හැකි බවත් කුඩා දරුවන්ගේ මොළයට ඉන් වැඩිපුර හානියක් විය හැකි බවටත් පැවසෙනවා. එපමණක් නොවෙයි දුරකථනය කණේ තබාගෙන රථවාහන පැදවීමේදීත්  බිඳෙන අවධානය රුධිරගත මධ්‍යසාර මට්ටම 0.8 % පමණ (එනම් මත්පැන් පානය කර වාහන පැදවීමේදී අත්අඩංගුවට ගතහැකි මට්ටම) දක්වා වැඩි වූ අයෙකුගේ අවධානය බිඳීමට හා සමාන බව සොයාගෙන තිබෙනවා.  මේ නිසා අමෙරිකාවේ නම් සමහර ප්‍රාන්තවල වාහන පැදවීමේදී දුරකථන භාවිතා කර නීතියෙන් වැරදිකරු වුවහොත් පළමු වතාවට ඩොලර් 75-100 දක්වා දඩයකට යටත් කළ හැකියි. එසේම දුරකථන භාවිතා කරන අතරතුර වාහන අනතුරකට භාජනය වුවහොත් දඬුවම ඊටත් වඩා වැඩියි.

මේ නිසා දිය හැකි හොඳම උපදෙස නම් හැකි සෑම විටම රැහැන් සහිත සවන්කඩක් (Earpiece එකක්) භාවිතා කරන්න.  මුලදි අපහසු වුනත් ටි කාලයක් යනවිට ඉබේම පුරුදු වෙනවා. රථවාහන පැදවීමේදී නම් මෙය ඉතාම හොඳ කරුණක්. මුලදී මමත් Bluetooth එකක් භාවිතා කළත් පසුව Earpiece එකක් භාවිතා කරන්නට පෙළඹුනේ අහක යන කරදර නිකම් ඇඟේ දමාගන්නවාට වඩා පෙර සූදානමකින් පසු වීම කොයිකටත් හොඳ නිසා. Bluetooth එකක් වුවත් ජංගම දුරකථනයකට වඩා පරෙස්සම්. එයින් පිටවන්නේ අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා ඇතිවන හානිය ජංගම දුරකථනයකට වඩා අඩුයි. නමුත් ඒවා මිල අධික නිසා කෙනෙකුට රැහැන් රහිත earpiece එකක් භාවිතා කරන එක ඊට වඩා ලාභදායකයි.

පසුව පිළිකා වැළඳී විඳවනවාට වඩා දැන්ම වෙනසක් කරගෙන ජීවිතය සුවෙන් ගෙවන එක කොච්චර හොඳද ?

හෙට උදෙන්ම ටිකක් දුර යන්න ඕන… හෙට ක්‍රිකට් මැච් එකක්…. හොඳට අවුව තියෙන රස්නෙ දවසක්…. ඒ ගැන විස්තර හෙට බලමු….
ඊයෙ ලියපු ලිපිය කියවපු කොමෙන්ටු දාපු හැමෝටම ස්තුතියි… සෑහෙන අවධානයක් තිබුණා ඒ ලිපියටත්….

Advertisements

Posted on මැයි 21, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. හරිම වටින ලිපියක්.

    නියමයි.

    ඉස්සර ඉඳහිට මේ බ්ලොග් එක කියෙව්වේ (වෙලාව නැති කම නිසාම)

    ඒ වුනත් දැන් හිතෙන්නේ වෙලාව හදාගෙන හරි බලන්නම ඕන කරන බ්ලොග් එකක් කියලා.

    පරන ලිපි ටිකත් කියවන්න පටන් ගන්න ඕන.

    බොහෝම ස්තූතියි සර් මේ වගේ වටින ලිපි අපිට දෙන එක ගැන . . !

  2. සවන්කඩ වුනත් එක දිගට භාවිතා කිරීම අනතුරු දායකයි කියල මම ලිපි කිහිපයකම දැක්කා ඇල්කේමි… මහත්තයෝ..

    • ඔවු… කන්වලට හොඳ නැහැ..
      ඒ සංගීතය දිගටම අහනවා නම්… දුරකථන භාවිතාන්දී ශබ්ධය අඩු කරලා භාවිතා කරනවා නම් එතරම් අනතුරුදායක නැහැ. බොහොමයක් දෙනා සංගීතය අහන්නේ කණ පැලෙන්න, රටටම ඇහෙන්න නේ සවන්කඩ භිවිතා කරලත්… අන්න එතකොට නං කණ ගේන්න වෙන්නෙ කඩෙන් තමයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: