2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත් එක්ක වෙනස් වේවි……


අද උදේ ඉඳලා පුටුව රත් කරලාම පස්ස රිදෙනවා… ඒ කියන්නේ වැඩ නැතුව නිකම් හිටියා කියන එක නෙවෙයි. නිකමටවත් නැගිටින්න බැරි තරමට වැඩක් සෙට් වෙලා… වෙනදා එහේ මෙහේ දුව පැන ඇවිදිමින් කරන වැඩ වෙනුවට වෙනස් දෙයක් කරන්න වෙලා… එකක් තමයි 26 වෙනිදා අපේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන නොබෙල් ත්‍යාගලාභී රිච්ර්ඩ් හෙක් සහ ඉයිචි නෙගිශි යන විද්‍යාඥයින් ‍දෙදෙනා වෙනුවෙන් පැවැත්වෙන සමුළුව වෙනුවෙන් නිර්මාණය කරන පර්යේෂණ අඩංගු පෝස්ටර් වලින් අපේ රසායනාගාරයෙන් ඉදිරිපත් කෙරෙන පෝස්ටර් දෙකෙන් එකක් මට හදන්න වෙලා තිබීම… මේ නිසා දවසේම පුටුව උඩ…. හොඳ වෙලාවට ඔක්කෝම මෘදුකාංග මගේ පරිඝණකයේ අටවගෙන තියෙන නිසා එහේ මෙහේ දුවන්න ඕන වුනේ නැහැ. ඇඩෝබි ඉලස්ට්‍රේටර් භාවිතයෙන් තමයි පෝස්ටරේ හදන්නේ. ඒකෙ හොඳකම බොහෝ දේවල් සරළව කරගන්න සහ ඉහළ විභේදනයක්  (High resolution) සහිතව කරගන්නට පුළුවන් වීම. උදේ ඉඳන් පෝස්ටරේ හදලා ඉවර වෙනකොට හවස හයයි. ඒකෙ හරි වැරදි බලන්න ලොක්කට ඒක යවලා ඉවර වෙලා වැදගත් පරීක්‍ෂණයක් ආරම්භ කළා.

අර අපේ සංයෝගයක් කාබන් ඩයොක්සයිඩ් සමඟ බන්ධනය වෙනවා කියලා හොයාගත්තා කිව්වේ… අන්න ඒ පරීක්‍ෂණය තරමක් මහා පරිමාණව කරන්න ලක ලෑස්ති කළා. මුලින්ම ඒ සංයෝගය  ඇසිටොනයිට්‍රයිල් කියන ද්‍රාවණයේ දිය කරලා, එය වාතය හෝ ජලවාෂ්ප නොයන සේ පලාස්කුවකට දැම්මා. කාබන් ඩයොක්සයිඩ් ටැංකියට සවි කළ බටයක් අරන් ඒ පලාස්කුවේ එක මුවකට සවි කරලා අනෙක් පැත්තෙන් බුබුලනය වන සිලිකන් තෙල් අඩංගු බටයකින් පිටවන්නට සැලැස්වූවා. එමගින් කාබන් ඩයොක්සයිඩ් බුබුලනය නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මෙය අද රෑ එළිවෙනකල් සිදු වනවා..  ඒ පරීක්‍ෂණය පිළියෙල කරන අතරතුරේ ඇල්කෙමිච්චියි පැටියයි රසායනාගාරයට ආවා, මාව ගෙදර එක්කරගෙන යන්න රෑ කෑමට. පවුල පිටින් රෑ කෑම එකට අරගෙන ආයෙම රසායනාගාරයට ආවේ ඉතිරි වැඩ ටික කරන්නයි… ලබන සතියේ අපි ලොකු රවුමක් යන නිසා රසායනාගාරයේ වැඩ කෙරෙන්නේ නැහැ. මේ නිසා මේ සතියේ වැඩ ටිකක් වැඩියෙන් කරන්න ඕන… ඒ වැඩ ටික අවසන් වෙලා තමයි මේ දිනපොත කුරුටු ගාන්නේ.

ආපසු රසායනාගාරයට එනවිට දුටුව දෙයක් තමයි අපේ විශ්ව විද්‍යාලයෙන් පළ කළ පොත් පිංචක්. ඒකෙන් කියවුනේ අපි අපේම සංස්කෘතියක් බිහිකරමු කියන තේමාව සහිත විස්තර පත්‍රිකාවක්. අද අර බොහෝ දෙනෙක් මැරෙන්න හදපු නායකත්‍ව පුහුණුව පටන් අරගෙන දැන් ඒකට ගියපු තරුණ තරුණියොන්ට හමුදා කඳවුරුවල දාගෙන දස වද දෙන්න පටන් ගනිපු නිසාම මේ ගැන පොඩි විස්තරයක් කරන්න හිතුවා.

විශ්ව විද්‍යාල කියන්නේ අමුතුම උප සංස්කෘතියක් ඇති තැනක්. එතැන දැනුමට තෝතැන්නක්. දැනුම ගන්න අවශ්‍ය, ඉදිරියට යන්න අවශ්‍ය කෙනා ඉන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියටම යනවා වගේම උන්ගේ ගමන නවත්වන්නත් කාටවත් බෑ.. එතැන සංවාද මණ්ඩපයක්. වැඩිම බුද්ධි ඝණත්‍වයක් ඇති ස්ථානයක්. ලෝකයට අළුත් ප්‍රවණතා හඳුන්වා දෙන උල්පතක්. මේ නිසාම විශ්ව විද්‍යාලවල අන් තැන් වලට වඩා නොලැබෙන විශේෂත්‍වයක් තියෙනවා. අළුත් සංස්කෘතීන් බිහි වන්නේ මේ වගේ ස්ථාන වලින්. අප හැමෝම දන්නා Facebook පටන් ගත්තේ Harvard විශ්ව විද්‍යාලයෙන්. ලෝකයට අළුත් පර්යේෂණ, අළුත් නිර්මාණ ලබා දෙන්නේ විශ්ව විද්‍යාල වලින්. මෙන්න මේ නිසයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මනස නිතරම අළුත්ව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාල තවමත් මේ අතින් සිටින්නේ බොහෝ පසුපසින්. මේ බොහොමයක් කෑ ගහන සිසු නායකයින් කෑ ගහන්නේ විදේශීය විශ්ව විද්‍යාලවල කටයුතු පිළිබඳ කිසිවක් නොදැන වෙන්නට ඇති. මේ තැන් වල සිසුන්ට නිකං ඉන්නට වෙලාවක් නැහැ. එසේම බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවන්න සල්ලි හොයා ගන්නේ අමතර රැකියා කරලා. ආපනශාලා වල වේටර් කමක්, කඩයක කැෂියර් කමක්, හෝ පිට්සා බෙදීම වැනි රැකියාවක් වුනත් ඔවුනට මදිකමක් නෙවෙයි. මගේ රසායනාගාරයේ ඉන්නා එක සිසුවෙක් තමන්ගේ මූලික උපාධිය ලබා ගත්තේ නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලය කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ. එහි පාසැල් ගාස්තු පමණක් වසරකට ඩොලර් 40,000 ක්. අමතර වියදම් සමඟ සියල්ල වසරකට අවම වශයෙන් ඩොලර් 60,000 පනිනවා. ඔහුගේ දෙමාපියෝ වෛද්‍යවරුන්. මව හෘද රෝග විශේෂඥවරියක්, පියා සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඒ වුනත් මේකා අවුරුද්දක්ම රැකියාව වශයෙන් කරලා තියෙන්නේ නගරයේ කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සුපවයිසර් කෙනෙක් වශයෙන්. වෙනත් රැකියා සොයාගන්නට පුළුවන් වුනත් ඉගෙන ගැනීමේ පහසුව නිසා ඒ රැකියාව තෝරාගෙන තිබෙනවා. අපි නම් විහිළුවට කියන්නේ Sanitation Engineer කියලා. නමුත් මෙහේ ඇත්ත තත්ත්‍වය ඒකයි. දෙමාපියන් වෛද්‍යවරුන් සහ පොහොසත් නිසා ඔහුටත් තිබුණා නිකම් ඉඳලා හෝ වෙනත් සුළු රැකියාවක් කරලා ඉගෙනගන්න. නමුත් ලැජ්ජාවක් හෝ පිළිකුළක් නොමැතිව ඔහු ඒ රැකියාවේ නිරතවෙලා තියෙන්නේ ඉගෙන ගන්න පහසුව නිසා.

වෙනස් නොවීමට නිදහසට කාරණා 50 ක්

අදින් ඇරඹෙන නායකත්‍ව පුහුණුව වර්ජනය කරන්න එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහරු පේන බලනවා හමුදා කඳවුරු වල ලිංගික අඩන්තේට්ටම් විය හැකි බවට. සමහරු කියනවා එතැන අමානුෂික විදියට නවක වදය දෙනවා කියලා. හැබැයි කවුරුත් මොනවා වෙයිද දන්නේ නෑ…. ඇත්තෙන්ම බලන්න ඕන මේ සති තුන ගිහින් ඉවර වුනාට පස්සේ විශ්ව විද්‍යලයට යන්න ඉන්න සිසුන් කී දෙනෙක් පණ පිටින් ඔතනින් එළියට එනවා ද කියලා… අපට කිසි දේක අනාගතය දකින්නට 100% ක් බැහැ. නිතරම අපි අවදානමක් ගන්නට ඕන. අවදානමක් ගන්නට බැරි කෙනාට ඉදිරියට යන්නත් බැහැ. අවදානමක් රැගෙන අත්හදා බලන කෙනා නිතරම ඉදිරියට යන්නේ ඒ අවදානම නියමිත පරිදි ගණනය කර (Calculated risk) කරන දෙයක් අත්හදා බලන නිසා. අපට රටක් හදන්නට  මාධ්‍යවලින්  පුරසාරම් දොඩමින් හෝ ලෝකයට අඬබෙර ගසමින් කරන්නට බැරිවා සේම බොහෝ දෙනෙක් මේ කිසිදු ප්‍රචාරයක් නොමැතිව තමනට හැකි ප්‍රමාණවලින්  රටේ ඉදිරි ගමනට දායක වෙනවා.

මෙය මහා ලොකු කාර්යයක් නෙවෙයි. ඇටමැස්සා එයාගේ බ්ලොගයේ කියලා තිබුණේ හෝඩියේ ළමුන්ටත් මේ හමුදා පුහුණුව දෙන්න කියලා. හමුදා පුහුණුව කෙසේ වෙතත් විනයක් ඇතුව හැදෙන්න කියලා දෙන එක නම් හෝඩියේ පන්තියේ ඉඳලාම කියලා දෙන එක වැදගත්. ලංකාවෙන් සිංගප්පූරුවට යන එකා පාරෙ කෙළ ගහන්නේ නැතුව කුණු දාන්නේ නැතිව සිංගප්පූරු ගිහින් ඇවිත් කටුනායකින් බැහැපු ගමන් අතේ තියෙන කොළ ටික පාරෙ දාලා යන්නේ අන්න ඒ කියපු විනය අපට නැති නිසා සහ දඬුවමට ඇති බය නිසා. පොඩි එකාව කාර් එකේ දාගෙන වැඩට යන අම්මා තාත්තා පාරේ කවුරුවත් නැති තැනක් බලලා රෑට ගෙදර එකතුවුන කුණු ටික පාරෙ අයිනෙ දාලා යනකොට ඒ පොඩි එකාට දෙන ආදර්ශය වන්නේ පාරේ කුණු දැම්මට කමක් නෑ කියන එකයි.. ඌ ලොකු වුනාම කරන්නෙත් ඒකම තමයි. ඒකයි පොඩි එවුන්ට හරි දේ කියලා දීලා විනයක් ඇතිව හදන්න ඕන.. එන්න ඒ විනය ප්‍රමාද වී හෝ ඇති කිරීමට කවුරු හෝ ක්‍රියා කරනවා නම් එය කෙසේ වන්නේද කියලා පැත්තක සිට බලාගෙන ඉඳලා එය නියමිත පරිදි නොවෙනවා නම් විවේචනය කළාට කමක් නැහැ.

අපට යමක් වෙනස් කරන්න බොහෝ දෙනෙක් අවශ්‍ය නැහැ. කාර්යාලයක වුනත් එක්කෙනෙක් යමක් හරියට කරනවා දුටුවොක් අනෙක් අයත් එය අනුගමනය කරාවි. හොඳම උදාහරණය නම් අපේ නිවාස සංකීර්ණයේ පසුගිය වසර තුළ සිදු වී වෙනසයි. එනම් නිවාස සංකීර්ණයේ වාහන නැවැත්වීමේදී වාහනය පසුපසට ගන්න තරම් ඉඩක් නැති නිසාත්, උදෑසන සේවයට යාමේදී කෙළින්ම වැහනය ඉදිරියට පදවාගෙන යාමෙන් තරමක් හෝ වෙලාව සහ ඉන්ධන ඉතිරිකරගැනීමට හැකි නිසාත් මා හැමදාම වාහනය නැවැත්වීමේදී වාහනයේ ඉදිරිපස පාර පැත්තට වන්නට නැවැත්වූවා. මසක් පමණ යත්දී ඒ පේළියේ නවතා තිබූ වාහන දෙක තුනක් එසේ නවත්වන්නට පුරුදු වුනා. මාස හයක් පමණ යද්දී ඒ පේළියේ වාහන බොහොමයක් ඒ අයුරින් නැවැත්වූවා පමණක් නොවෙයි, වාහන පිටුපසට ගැනීමේදී සිදුවන අනතුරුද වැලකුණා. මේ මම හෝ වෙනත් කෙනෙක් අඬබෙර ගසමින් හෝ ප්‍රසිද්ධියක් ලබා දී කල දෙයක් නොවෙයි. අනෙක් අය මෙහි ඇති වාසිය, හොඳකම දැක එය අනුගමනය කිරීමට පටන් ගැනීමයි. බොහෝ පෞද්ගලික ආයතනවල සහ රෝහල්වල වාහන නවතා තබන්නේ මේ අන්දමින්, හදිසි ගින්නක් හෝ අනතුරක් වූ විට වාහනය පණගන්වාගෙන ඉන් ඉවතට යාමට ඇති පහසුව නිසා බොහෝ කර්මාන්තශාලාවල පවා මේ අයුරිනුයි වාහන නවතා තබන්නේ. එසේම වාහනය පසුසට ගෙන ඉදිරියට යාමේදී ඉන්ධන දහනයත් වැඩි වෙනවා කියා කොහේදෝ තිබුණා මතකයි…

ඉතින්,…. ලෝකය වෙනස් කරන්න හෝ උප සංස්කෘතියක් ඇති කරන්න දාහක් දෙනා අවශ්‍ය නැහැ.. එසේම ඔබ හොඳ දෙයක් කරනවා නම් අනිත් අයත් අනුගමනය කරාවි… මුලින් විවේචන එල්ල වුනත් ඔබේ චේතනාව හොඳ නම් පසුව පැසසුම් ගලා ඒවි.. නමුත් පැසසුම් බලාගෙන වෙනස් වෙන්න එපා.. හිතට දැනෙනවා නම් වෙනස් වෙන්න ඕන කියලා ඔබ වෙනස් වෙන්න හිතාගන්න…

ලෝකය එවිට ඔබත් එක්ක වෙනස් වේවි…. එවිට ලෝකය ලස්සන වේවි… ඒ බව පොඩි එවුන්ටත් කියලා දෙන්න.. එවිට උන්ට හමුදා පුහුණුව ඕන වෙන එකක් නෑ..

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 23, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. මගේ ප්‍රතිචාරය ඔබේ ලිපියට 100% ක් ගැලපෙන එකක් නෙවෙයි. අර හමුදා පුහුණුව ගැනයි. මම නම් හිතන්නෙ ඒක හොඳ වැඩක්.
    අපේ රටේ විපක්ෂය කියන්නෙ හැම මගුලකටම විරුද්ධ වෙන එකනෙ. JVP එකටත් දැන් එල්ලෙන්න තැනක් නැතිව ඉන්නෙ. යුද්ධෙත් ඉවරයි.
    හමුදා පුහුණුවෙන් හොඳ විනයක් ලැබෙනව. ඇයි අළුත් දෙයක් කරල බලන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ?

    කැමතියි

    • ඔබේ ප්‍රතිචාරය ගැලපෙනවා… මමත් ලිපි ගණනාවකින් කිවුවේ ඒකයි…
      අළුත් දෙයක් කරලා බලලා වෙනස් වෙන්න දැන් කාලෙ හරි… හැමදාම ලිඳේ ඉන්න ගෙම්බො වගේ ඉන්නෙ නැතිව ලෝකය දිහා අළුතෙන් බලන්න ඕන….
      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

      කැමතියි

  2. SBල කරපු මොම වෑඩේද හරියට කලේ කියහල්ලා.
    සමුර්දියෙන් පටන්ගත්තම ඔක්කොම අලනේ.
    ඉතින් මේක කොහොමද ගොඩදන්නේ.SBයා හිතන්න් ඉන්නේ මිනිස්සුන්ගේ ඔලුව අතගාලා ජන්දේ ගත්තම ඊලග අවුරුදු හය උන් ගහන ගහන පදේට අපි නටන්න ඔනෙ කියලා.
    ඵයා JVPකෑම්පස් කොල්ල්න්ට තියන බයට ඊයෙ පෙරේදා කෑම්පස් තේරුන පොඩි උන්ව මරවන්න හදනවා.
    මු0 අපේන්ම චන්දේ අරන් අපේම බදු වලින් ගිලගිල අපේම ලමයි මඩවනවා.අවුරුදු 19 විතර දෙමපියො ලග හෑදුනු ලමයින්ව ඵකපාරටම කරකවලා අතෑරියා වගේ කෑම්ප් ඵකට දපුහාම කොහොමද?
    අනික ල0කවේ දුශ්කරම පලාත්වල.
    ලමයින්ට ඔය දවස් නිකන්ම හිටියත් ඵකත් කට්ටක්.
    මුන් හිතන්නේ මිනිස්සු කියන්නේ වහල්ලු කියල.
    හොදයි කියමු බලන්න මොන ඈමතියාගේ පුතාද ඔය ට්‍රේනින් ඵකට යන්නේ?????

    කැමතියි

    • කවුද ඡන්දේ දෙන්නේ ඔයාලම නේද ?
      අවුරුදු 19 ගෑණු ලමයි කියන්නේ බබ්බු ද? අවුරුදු 19 ගෑණු ලමයින්ට ගාමන්ට් වල රස්සාව කරන්න හොඳ නම්. කොල්ලා එක්ක රවුම් ගහන්න හොඳනම්, අවුරුදු 19 ගෑණ් ළමයින්ට කැම්පස් යන්න පුළුවන් නම්, පොඩ්ඩක් ඕකට ගියාම මක් වෙනවද ?
      දුෂ්කර පලාත් කියලා උන් ඉන්නේ අතු පැලවල නෙවෙයි නේ.. ආමි කෑම්ප් වල…. ඒවයේ ගෑණු උදවියත් ඉන්නවා.. උන් යසට ඉන්නේ..
      ඇමතිලාගේ පුත්තු කොහෙද කැම්පස් යන්නේ ? උන් මැට්ටො නේ….
      මොළේ තියෙන යමක් කමක් කරගන්න පුළුවන් එවුන් විතරයි කැම්පස් යන්නේ….

      කැමතියි

  3. As a young university lecturer I totally agree with you. Excellent post

    කැමතියි

  4. [කවුද ඡන්දේ දෙන්නේ ඔයාලම නේද ?]
    අනේ අපි විතරක්නම් මොකෝ.දන් පස්ස ගිනිඅරන් දගලන ආචර්යවරුත් දුන්නෙ ච්න්දෙ.හෑබෑයි පුතෝ ච්න්දෙ දුන්නෙ මෙව්ව කරන්න නම් නෙවෙයි.අස්චර්යක් කරන්න.SBදෑන් කරන්නෙ වෙනඵකක්.ඵතකොට දුන්න් ජනවරමෙන් SB අයුතු පරයෝජන ගන්න ඵකේ වෑරෑද්දත් මිනිස්සු පිටද දාන්නේ ඔයා.(ට්‍රේනින් ඵකේදී ලමයෙක්ට අව්ලක් උනොත් ඔයාලා අපිටම බනී,ට්‍රේනින් දුන්නේ.ඵ්යාව පත්කලේ ඔයාලා.ඵ් නිසා වෑරෑද්ද ගේ නෙවෙයි ඔයාලගේමයි කියලා.)ඔකනම් නරුම අදහසක් යාලුවා.

    [අවුරුදු 19 ගෑණු ලමයි කියන්නේ බබ්බු ද? අවුරුදු 19 ගෑණු ලමයින්ට ගාමන්ට් වල රස්සාව කරන්න හොඳ නම්. කොල්ලා එක්ක රවුම් ගහන්න හොඳනම්, අවුරුදු 19 ගෑණ් ළමයින්ට කැම්පස් යන්න පුළුවන් නම්, පොඩ්ඩක් ඕකට ගියාම මක් වෙනවද ?]
    ඵතකොට ට්‍රේනින් ඵකේදී වෙන කරදරයක් උනත් ඔයාලා කියායි අයියෝ ඵ්ලියෙදි මීටවදා දේවල් වෙන්නෙ ඵ් නිසා ඵ්ක ගනන්ගන්න ඵ්පා කියලා.
    අනික ඵ් ලමයි මසට හදපු කුකුල්ලු නෙවෙයිනේ.කිසිම වරදක් නොකර,දඩුවම් මාරුවක් වගේ ඵ්කපාරටම මේවගේ දේකට දෑම්මම ඵ්යාලට ඈතිවෙන මනසීක පීඩනය මොනවගේද කියලා හිතාගන්න බෑරිද ඔයාලට???
    ල0කවේ මූලීක අයිතිවාසිකම් දෙයක් කිලා තියනවා.ඵ්කෙදි දරුවන්ට මුලතෑනක් දෙනවා.ඵ්හෙම හිතූහිත්හු හෑටියට ඵ්කඵ්ක්කෙනාට අහි0සක ලමයින්ගෙ අයිතිවාසිකම් කඩලා කෑම්ප් වලට ගාල්කරන්න බෑ.මොකද මේ ලමයි සත්තු නෙවෙයි දුප්පත් උනත් වෑදගත් දෙමව්පියන්ගේ දරුවො.

    [දුෂ්කර පලාත් කියලා උන් ඉන්නේ අතු පැලවල නෙවෙයි නේ.. ආමි කෑම්ප් වල…]
    නෑහෑ ඈමතිලාට ඉන්න දෙන ACක්වාටස් වල ඉන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න නවාතෑන් ගෑන.උසස අද්යාපනයට වෙන්කරපු සොච්චම් මුදලිනුත් මොන්ටේරෝ ගත්ත ලොක්කො දරුවන්ව මඩු වල ගාල් කරගෙන කරන ඵ්කේ සාදරනයක් නෑ තකතීරු කම මිසක්.

    කැමතියි

    • අපි බලමු මේ සති තුන ගිහින් ආවම කී දෙනෙක් පණ පිටින් ඉන්නවද කියලා.. ගෑණු ළමයි කී දෙනෙකේ ගේ කන්‍යාභාවය නැති වෙලාද කියලා… ආමි කෑම්ප් වල සොල්දාදුවො කී දෙනෙක් තාත්තලා වෙලා ද කියලා… ඒ වගේම එතැනට යන කී දෙනෙක් මානසික රෝගීන් වෙලා එළියට එනවද කියලා…
      ඊට පස්සේ කතා කරමු….

      කැමතියි

      • යාලු මගේ කොමෙන්ටුවේ කිසිම තෑනක ගෑනූලමයින්ව දූශනය වීමේ අවදානමක් ගෑන කියලා නෑඅපේ හමුදාවෙ උසස්කම ගෑන සෑකයක් නෑ. plz ITN.වගේ වෙන්න ඵපා.

        මම කියන්නේ පුහුනුව දෙන්නේ හමුදාව උනත් පාලකයන්ගේ උවමනාව මත හදිස්සියෙ ඈතිවෙන මේ දේශපාලන වෑඩපිලිවෙල නිසා සිසුන්ට ඈතිවෙන මානසීක හා අනෙකුත් දුශ්කරතා ගෑනෑයි.
        හමුදවෙන් දෙන පුහුනුවෙ සෑකයක්නෑ.
        මොකද මේගේ පාසල් ජීවිතයේදී හමුදා උපදේශකයන් යටතේ ඵහෙම පුහුනුවක් ලබන්න වාසනවන්තවෙල තියනවා************
        .ඵ් පොඩි කාල සීමවෙ තමා අපේ ජීවිත වලට ගොඩක් හොද දේවල් ලෑබුනෙ.අදටත් අපිට පුහුනුව දුන්න සර්ලා ගෑන අපේ හිත්වල මාර රෙස්පට් ඵ්කක් තියෙන්නේ.

        නමුත් යාලුවා මේක හමුදා පුහුනුවක් නෙවී ,දේශපාලන අදිකාරියක් විසින් දෙන ඔටුවන් බිහිකිරීමෙ පාඨමලාවක්.ඵ් නිසයි අව්ල තියෙන්නේ.
        වීරෝදාර හමුදාවට අපේ බක්තිය උපරිමෙන්ම තියනවා.SBයා න0##**##**!!!!

        කැමතියි

  5. අවුරුදු 19 ගෑණු ලමයි කියන්නේ බබ්බු ද? අවුරුදු 19 ගෑණු ලමයින්ට ගාමන්ට් වල රස්සාව කරන්න හොඳ නම්. කොල්ලා එක්ක රවුම් ගහන්න හොඳනම්, අවුරුදු 19 ගෑණ් ළමයින්ට කැම්පස් යන්න පුළුවන් නම්, පොඩ්ඩක් ඕකට ගියාම මක් වෙනවද ?]
    මේක ඔය ඉන්න ඈමරිකාව නෙවෙයි
    .මේ ල0කාව.දෙමව්පියො දීගදෙනකම් ගෑනු දරුවන් ව හදන්නෙ මල් වගේ තමයි.
    දුප්පත් කම නිසා සමහර තෑන්වල රස්සාවට් ඈරියත් ඵ්කත් කරන්නෙ ආගියාතේ නෙවෙයි.හොයලා බලලයි.
    දේසපාලන නරුමයන්ට තෙයෙන ඵ්කදිපති ගල් හිත අපේ ඈල්කෙමියටත් තියනවා කියලා මමනම් තාමත් හිතන්නෑ.ඔයා කාලයක් JVPකරපු ඵ්කත් ඔයාගේ පියතුමා තාමත් හොද වාම0ශිකයෙක් බවත් ආරන්චි උනා.දෑන් නම් JVPඵකෙන් ඔයා කෑඩිලනේ.
    JVPඵක්ක තියන අව්ලට ලගේ ගො0පාර්ට් වලට් අත උස්සන්න එක හොද මදි නේද?

    කැමතියි

    • ඇමරිකාවෙ ගෑණු ලමයි විශ්ව විද්‍යාෙලට යන්නේ අවුරුදු 17න්. උන් හැතැක්ම 2000, ක් තරම් දුර ඈත විශ්ව විද්‍යාලවල තනියම ඉගෙන ගන්නවා… ඇමරිකාවෙ ගෑණු ළමයින්ගේ චරිතය ගැන මට සහතික දෙන්න අමාරුයි. ඒ වුනාට උන් තනියම ජීවත් වෙන එක තැන නම් මම දැකලා තියෙනවා… වෙනස් සංස්කෘතීන් දෙකක ප්‍රශ්න තියෙනවා තමයි.. ඒ වුනත් හැම සංස්කෘතියෙන්ම ගන්න හොඳ දේවල් තියෙනවා යාළුවා…
      අහසේ පායන හඳේ අපට නොපෙනෙන පැත්තකුත් තියෙනවා කියලා අමතක කරන්න එපා…

      කැමතියි

  6. වෙනස්වෙන්න තියෙන නෙහෙැකියාව ඇත්තටම අර බල අවස්ථිතිය වගේ එකක්. වෙන්න පටන්ගන්න අමාරුයි. පටන්ගත්තට පස්සෙ ලේසියි.

    කැමතියි

  1. පින්ග්කිරීම: 2011 මැයි 24 : නායකයෙකු බලෙන් බිහි කළ නොහැක…. කළ හැක්කේ ඊට මඟ පෑදීම පමණි… « ඇල්කෙමියාගේ දිනපොත | Alchemis

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: