Daily Archives: මැයි 24, 2011
2011 මැයි 24 : නායකයෙකු බලෙන් බිහි කළ නොහැක…. කළ හැක්කේ ඊට මඟ පෑදීම පමණි…
අදත් බොහෝ දෙනා නායකත්ව පුහුණු කඳවුරු නොහොත් JVP එකට සහ එහි අනුබද්ධ ආයතනයක් වන අන්තරේට අනුව “හමුදා වද කඳවුරු” ගැන නොයෙක් පුවත්පත් බ්ලොග් වල ලියලා තිබුණා.. ඇත්තෙන්ම මේ නායකත්ව පුහුණු කඳවුර හොඳයි කියන මතයේ තමයි මම ඉන්නේ.. මක් නිසාද යත්, මෙවැනි දේ වලට සහභාගී වෙලා (සති තුනක් තරම් කාළයක් නම් නොවෙයි) සහ පාසලේ ශිෂ්‍ය නායකයෙක්, රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය සංගමයේ උපසභාපති සහ සභාපති, මොන්රෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික ශිෂ්‍ය සංගමයේ උප සභාපති සහ සභාපති ලෙස කටයුතු කිරීමෙන් මා ලද අත්දැකීම් නිසාම මෙවැනි නායකත්ව පුහුණුවකින් සිසුන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සහ ඔපමට්ටම් කිරීම, එසේම ඔවුන් සිතන පතන විදිය තරමකින් හෝ වෙනස් කිරීම වැනි දේ සිදු වන නිසා..
නමුත්, මෙතැන සිටින 10,000 (- 1100 – ආවෙ නැති අය) දෙනාම මේ පුහුණුව නිසා නායකයෝ වෙනවාද ? නැහැ… නායකත්වය කියන්නේ තමන්ගේ ගතිප්රභා ලක්ෂණ – හැඟීම්- ආකල්ප (attitude) ආදියේ සිදු වන පැහැදිලි වෙනසක් නිසා කෙනෙකු අන් අයගෙන් කැපී පෙනීම නිසා නිතැතින්ම හිමිවන ගෞරවය මුසු පිළිගැනීමයි. මෙය බලෙන් කාටවත් හිමි කරගන්නට බැහැ වගේම බලෙන් පටවන්නත් බැහැ. දැන් ඔබ හිතනවා ඇති මම මෙතෙක් කලක් කියූ දේ වෙනස් කරනවා කියලා.. නැහැ නැහැ… නායකත්ව පුහුණුව දිය යුතුයි කියන ස්ථාවරය මම කිසිවිටෙක වෙනස් කරන්නේ නැහැ… නායකයෙක් වෙන්නට නායකත්ව ලක්ෂණ තිබෙන්නට ඕන…. අපේ දේශපාලු උත්තමයොන්ට නාය්කත්ව ලක්ෂණ නැහැ… උන්ට තියෙන්නේ ගසාකෑමේ ලක්ෂණ… නායකයො හිටියා.. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ආදීන් ඒ නායක පරපුරේ අවසාන පුරුක්…. දැන් ඉන්නේ කොන්දක් පණ නැති, ගානක් ගසාගෙන කන තලගොයි ටිකක්…
නායකයෙක් සතුවිය යුතු ගුණාංග රාශියක් විවිධ ලිපිවල දක්වා තිබෙනවා.
- අවංක කම – නායකයෙක් වුනාම තමන්ටත්, තමන්ව අනුගමනය කරන අයටත් අවංක විය යුතුයි. එවිටයි අනෙක් අය තමන්ව විශ්වාස කරන්නේ…
- දැක්මක් / උපාය මාර්ගයක් තිබීම – නායකයෙකු සතුව තමන්ගේම දැක්මක් තිබිය යුතුයි. තමන්ගේ හැකියාවන්- දුර්වලතාවයන් හඳුනාගෙන ඒ අනුව තමන්ගේ සහ අනුගමනය කරන්නන්ගේ ඉදිරි ගමන සලසාගත හැකි දැක්මක් විය යුතුයි.. එය වෙනත් කෙනෙකුගේ හෝ දේශපාලන පක්ෂයක දැක්මක් වූ විට නායකත්වයේ නිරුවත පෙනෙන්නට පටන් ගන්නවා.
- සන්නිවේදනය. – නායකයා තමන්ගේ සිට පහළටත්, පහළ සිට තමන්ටත් හොඳ සන්නිවේදනයක් ඇති අයෙක් විය යුතුයි. තොරතුරු සහ අදහස් ගලා යාම දෙපැත්තටම සිදු විය යුතුයි.. නායකයාගේ සිට පහලට පමණක් අදහස් ගලා යාම ඒකාධිපතිත්වයේ ලක්ෂණයක් මෙන්ම, පහළ සිට එන අදහස් පමණක් ක්‍රියාවට නැංවීම – නායකයා සතුව කිසිදු දැක්මක් නැති බවට පෙන්නුම් කිරීමක් ද වෙනවා.
- සබඳතා – නායකයා සිය අනුගාමිකයන් සමග මනා සබඳතාවයක් තිබිය යුතුයි. අනුගාමිකයන් කරන්නට යන්නේ මොනවාද යන්න ඔවුන් ඒ සඳහා සූදානම් වනවිටම දැනගත හැකි මෙන්ම නායකයාගේ අදහස් ද මනාව පහලට ගලා යන්නේ මෙවන් සබඳතාවයක් ඇති විට පමණයි. විශ්වාසය, අවංකභාවය මේ සඳහා ඉතා අත්‍යවශ්‍ය කාරණා වෙනවා.
- අනුන් පෙළඹවීමට ඇති හැකියාව – නායකයෙක් වූ විට තමන්ගේ දර්ශනය අනුව තම අනුගාමිකයන් පෙළඹවීමේ හැකියාවක් ඇති අයෙක් විය යුතුයි. ලොව ඉහළම දර්ශනය ඇති අවංකව කෙනෙකු වුවත්, තම අනුගාමිකයන් ඒ සඳහා පෙළඹවීමට නොහැකි නම් ඒ නායකත්වයෙන් පලක් නැහැ. නරකට පොළඹවන්න කාටත් පුළුවන්. හොඳක් කරන්නය් පොළඹවන්න ඕනා…
- අනුවර්ත්‍යතාව / ස්ථානෝචිත ප්‍රඥාව- අප වැඩක් කිරීමේදී අපගේ සැලසුම් සියයට සියයක් සාර්ථක වන්නේ නැහැ.. මෙවිට අපට දෙවන සැලසුමක් හෝ තත්ත්වය අනුව අනුවර්තනය වීමේ හැකියාවක් තිබිය යුතුයි.. මෙසේ නැතිව යමක් කිරීමේදී බාධකයක් හමු වූ විට ඉන් ගැලවීමට හෝ එය පසු කර යාමට නොහැකි නම් අනුගාමිකයන් තුල නායකයා කෙරෙහි වූ විශ්වාසය බිඳී යනවා.
- කණ්ඩායමක් ලෙස හැසිරීමේ හැකියාව. නායකයා මඟ පෙන්වන්නෙක් සේම අනෙක් අයත් සමඟ කණ්ඩායමක් ලෙස හැසිරීමේ හැකියාවද තිබිය යුතුයි… එසේ නැතිව අණ දෙන්නෙක් ලෙස සිටියහොත් එම නායකයා කිසිවෙකු පිළිගන්නේ නැහැ.
- පුහුණුව සහ දියුණුකිරීම – නායකයා සිය අනුගාමිකයන් නායකත්වය සඳහා පුහුණු කළ යුතුයි… එසේ නැතිව තමන්ම නායකත්වය රඳවා ගැනීම සඳහා දෙවන පෙළ නායකත්වයක් නොතැනීමෙන් සිදු වන්නේ එම සංවිධානය හෝ සමාජය බිඳ වැටීමයි.
- තීරණ ගැනීමේ හැකියාව. දූරදර්ශී භාවය – නායකයෙක් නිසි පරිදි තීරණ ගත යුතු අතර ඒ තීරණවලට අනුව ක්‍රියා කළ යුතුයි. සමහරවිට වැරදි තීරණ ගත්තද ඒ මත පිහිටා එය නිවැරදි කර ගැනීම කළ යුතු වනවා… හරි හෝ වැරදි තීරණය පිළිගෙන ඒ තීරණ මත සංවිධානය හෝ සමාජය ඉදිරියට ගෙන යා හැකිවීම නායකත්වයේ තවත් ලක්ෂණයක්.
- සැලසුම් කරණය. නායකයා මනා ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් විය යුතුයි. ඔහු හෙට පමණක් නොව තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට දැකිය හැකි පුද්ගලයෙක් විය යුතුයි. එසේම ඔහුට මනාව අනාගතය සැලසුම් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි.
- නායකයා දැඩි සේම මෘදු විය යුතුයි.. විවිධ අවස්ථාවලදී ඇතිවන තත්ත්වයන් අනුව සිය ස්ථාවරය නිසි ලෙස තබා ගනිමින් අවස්ථානුකූලව හැසිරීමේ හැකියාව තිබිය යුතුයි.
- ඉවසිලිවන්තකම – නායකයෙකු සෑම විටම අනෙක් අයට වඩා ඉවසීමකින් යුත් අයෙක් විය යුතුයි. තමන් කේන්ති ගියත් ඒ බව නොපෙන්වා තම අනුගාමිකයන් පාලනය කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි…
බුදු දහමේ එන ජාතක කතා ගණනාවක මේ නායකත්ව ගුණාංග එකිනෙක විස්තර කර තිබෙනවා. වටු රැලේ කතාව – නලපාන ජාතකය – කාන්තාරයක් මැද අතරමං වූ ගැල් කරුවන්ගේ කතාව වැනි කතා සහ වෙනත් ගණනාවක මේ නායකත්ව ගුණාංග අපූරුවට විස්තර කර තිබෙනවා.
ඉතින් මේ නායකෙයකු බිහි කිරීම බලෙන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් සියළුම දෙනාට ඒ නායකත්ව පුහුණුව ලබා දීමෙන් ඔවුන් සමාජයට වැඩදායක පුරවැසියන් කිරීමට නම් පුළුවන්. මේ අතර ඉන්නා නායකයන් කිහිප දෙනෙක් ඉදිරියට ඇවිත් රටට නායකත්වය දෙන්නත් බැරි කමක් ඇත්තෙත් නැහැ..
මේ ලයිස්තුව කියන්නේ නායකත්ව ගුණාංග සියල්ලම නොවෙයි… ඔබටත් මේ ලයිස්තුවට දායක වෙන්නට පුළුවන්..
බලමු ඉදිරියට කෙසේ වෙයිද කියා…