2011 මැයි 25 : ඔබේ ජීවිතයේ අරමුණු මොනවා ද ?


අපි හැමෝම ජීවත් වෙන්නේ අදට කාලා හෙට මැරෙන්න නෙවෙයි. හැම කෙනාගෙම ජීවිතයේ අරමුණු තියෙනවා. පුංචි කාලෙ අපි හිතුවේ අපේ සිත්ගත් වීරයා වගේ වෙන්න… තරුණ වයසෙදි සමහරු නළුවො වෙන්න, ගායකයො වෙන්න කැමතියි. ඉගෙන ගන්න අය නම් වෛද්‍යවරු, ඉංජිනේරුවෝ නීතීඥයො වෙන්න කැමතියි. අපේ යාළුවෙක් හිටියා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමති.. මේ බොහොමයක් දෙනාගෙ හීන වලින් සැබැ වුනේ අල්පයක් පමණයි… ඒ වුනත් ඔවුන් හීන බිඳිලා ගියා කියලා නිකම් හිටියේ නැහැ… මොන මොනවා හරි කරලා ජීවිතය ගැට ගහගන්නවා.
මගේ අරමුණුත් කාලෙන් කාලෙට වෙනස් වුනා. සාමාන්‍ය පෙළින් උසස් පෙළට යනවිට වෛද්‍යවරයෙක් වෙන්න පෙරුම් පිරූ මම, ඇයත්, මගේ අනෙක් යාළුවොත් වෛද්‍ය විද්‍යාල කරා පා නගන විට රසායන විද්‍යා ආයතනයට ගියේ එතැන මගේ ජීවිතය මෙසේ වෙනස් කරාවි කියලා හිතලා නොවෙයි..

දෙව්රුවන් අල්විස් මහතා

නමුත් ටික දවසක් යද්දි රසායන විද්‍යාව මගේ ඇඟේ ජීර්ණය වෙන්න පටන් ගත්තාම මටත් හිතුනේ දැරණියගල සර් වගේ අකාබනික රසායනයෙන් ඉහළටම යන්න… මගේ ජීවිතයේ වීරයෝ (Role models) දෙන්නයි හිටියේ… එක්කෙනෙක් දෙව්රුවන් අල්විස් මහතා, අනෙක් එක්කෙනා ආචාර්ය සමිත දැරණියගල මහතා. දෙව්රුවන් සර් තමයි මගේ අනාගතයට අඩිතාලම දැම්මේ… දැරණියගල සර් තමයි මගේ රසායන විද්‍යා දැනුමේ කුතුහලය ඇවිස්සුවේ… අද මම මේ දෙදෙනාටම මගේ ජීවිතයෙන් ණයගැතියි. ඒ අඩිතාලම මග ගොඩනැගුණ රසායන විද්‍යා ජීවිතය තමයි මේ..

2010 රසායන විද්‍යා  නොබෙල් ත්‍යාගලාභී රිචර්ඩ් හෙක් සහ ඉයිචි නිගිශි යන විද්‍යාඥයින් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් හෙට අපේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙනවා. උදේ 8.30 ට ඇරඹෙන ඒ උත්සවයේ රසායන විද්‍යා දේශන ගණනාවක් ඇතුළුව බොහෝ වටිනා දේ සිදු වෙනවා. ඇත්තෙන්ම සමහරක් වෙලාවට  නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනෙක්ම එකවිට හමුවෙන්න ලැබෙන එකත් අපි වගේ අංකුර රසායනඥයින්ට ලැබෙන ලොකු භාග්‍යයක්. දැනට කරගෙන යන පර්යේෂණයේ විස්තර අඩංගු පෝස්ටරයක් දැනටමත් අපි පිළියෙල කරලා අවසන්. හෙට එය එතැන ප්‍රදර්ශනය කරනවා. ඒ අයත් එක්ක පින්තූරයක් ගන්නට පුළුවන් වුනොත් දිනපොතේ දාන්නම්. අපේ පර්යේෂණයේ වැදගත් සන්ධිස්ථානයකට වසරක් ඇතුලත එන්න ලැබීමත් ලොකු දෙයක්. අළුත් රසායනාගාරයකින් වැඩි ප්‍රතිපළ එකවිට බලාපොරොත්තු වෙන්නට බැරි වුනත් අපේ ළමයින්ගේ (සහ මගේ සහ ලොක්කගේ)  වාසනාවටද කොහෙදෝ අපේ පර්යේෂණ වලට වැදගත් තැනක් ලැබුණා වගේම හොඳ ප්‍රතිඵලත් ලැබුණා… ළඟදීම අපි ඒවා එළි දක්වන්නයි ඉන්නේ.

ඉතින් මගේ වෘත්තීයමය ජීවිතයේ මේ අරමුණු තියෙනවා වගේම සාමාන්‍ය ජීවිතයේ ඇති එකම අරමුණ අපේ පැටියා… ඒ අරමුණ තමයි අපි හැමදාම තවත් එක දවසක් ජීවත් කරවන්නේ…

අපි හැමෝටම අරමුණු තියෙනවා. මේ අරමුණු එක දවසකින් ඉටු කරගතහැකි දේවල් නෙවෙයි. බොහොම ඉවසීමෙන්, කල්පනාකාරීව, සැලසුමක් ඇතිව කරගන්න ඕන දේවල්.  කලබලයෙන් යන ගමනට ආයුෂ නැහැ..හැම දේම සිදු වන්නේ ඒ ඒ දේ සිදු විය යුතු වෙලාව අනුවයි.. ඒ නිසාම ඉවසීමෙන්, මනා කලමණාකාරීත්‍වයෙන්, සහ සැලසුමක් ඇතිව අනාගතය සැලසුම් කරගන්න.. දුවන්නන් වාලේ අනුන්ගේ පස්සේ දුවලා වැඩක් නෑ.. තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගත යුතුයි. සමාජය තමන්ව හඳුනා ගන්නේ තමන් ගේ අනන්‍යතාවයෙන් විනා අණුන් අණුකරණය කරන්නෙක් ලෙස නෙවෙයි. ඒ අයගේ ජනප්‍රියත්‍වයට හෝ දිලිසීම වැඩි කල් පවතින්නේ නැහැ. තමන් සමාජයට යම් තරමක හෝ සේවයක් ඉටු කරයි නම් එය අප නොසිතුවාට බොහෝ දෙනෙකුට මතක තියෙනවා.

අපට අපේ ජීවිතය දිතුකාලීන අරමුණු සහ කෙටි කාලීන අරමුණු ලෙස දෙවිදියකට ගොඩනගන්න පුළුවන්. කෙටි කාලීන අරමුණු විය හැක්කේ විභාගයකින් සමත් වීම, රැකියාවක් සොයාගැනීම වැනි දේ. දිගු කාලීන අරමුණු ලෙස තවත් වසර දහයකින් තමන් සිටිය යුතු තැන බලා වැඩ කිරීම සැලකිය හැකියි. ඒ තැනට යන්නට වසරින් වසර තමන්නේ අරමුණු අළුත් කරගනිමින් කෙටි කාලීන ඉලක්ක සම්පූර්ණ කරගෙන ඒ ගමන යා හැකියි.

ඉතින් ඔබේ ජීවිතයේ අරමුණක් නැත්නම්, දැන්ම කොළයක් අරගෙන කෙටි කාලීන අරමුණු, දිගු කාලීන අරමුණු කුරුටු ගාන්න.. හෙටින් පටන් ගන්න.. නිදහසට කරුණු අවශ්‍ය නැහැ… ඔබේ ජීවිතයේ ඉදිරිය සකසා ගත යුත්තේ ඔබ විනා අන් තිසිවෙක් නොවෙයි. හෙට කළයුතු දෑ, හෙට කරන්න හිතාගෙන ඉන්න දෑ ලියන්න.. දවස අවසානයේ ඒවා නිම කර ඇත්දැයි බලන්න.. කරලා නැත්නම් ඊලඟදිනයේ මුලින්ම ඒවා නිම කරන්න……ජීවිතය, ඔබටත්  නොදැනීම ඉදිරියට යාවි…

Advertisements

Posted on මැයි 25, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. දෙව්රුවන් සර්ව දැකලා මහා සංතෝසයක් හිතට ආවා.. මට ජීවිතයේ හමුවෙලා තියෙන හොඳම ගුරුවරයෙක්…පුදුම කැපවීමකින් උගන්නන්නේ. පොඩි දුකකුත් ඇතිවෙනවා ඒ කාලේ මතක් වෙලා…

    • දෙව්රුවන් සර් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ කියලා මම ඕන තැනක කියනවා. සර්ගේ මග පෙන්වීම අනුව වැඩ කළ කිසි කෙනෙකුට කවදාවත් වැරදිලා නැහැ. අපි තරුණ කාලේ අර උණට කිසි කෙනෙක් කියන දෙයක් අහන්නෙ නැතිව හිතුන හිතුන දේ කළත්, නිසි මඟපෙන්වීමකට යටත්ව හිටියාම කොච්චර ඉහළට යන්න පුළුවන්ද කියලා හිතෙන්නේ සර්ගෙන් ඉගෙනගෙන උපදෙස් අරන් සමාජයේ ඉහළ තැන්වල ඉන්න පිරිස දිහා බලපුවාමයි….

  2. අපි ඒ කාලෙ සර්ට කිවුවෙ “දෙය්යා” කියලා. ඒ කාලෙ නොතේරුනාට දැන් තමයි තේරෙන්නෙ ඒක තමයි සර්ට ගැලපෙන නම කියලා.

    • අනේ මගේ ආදරණිය දෙව්රුවන් සර්. ඔයාට නම් පින් මේ පින්තුරේට . ”හඳ වටේ වලාකුළු ” මුණ…හරිම ප්‍රසන්න චරිතයක්. මගේ රැකියා ක්ෂේත්‍රයටත් රසායන විද්‍යාව ගොඩක් තියෙනවා. ඒ සේරටම වඩා සර් කිව්ව මෙන්න මේ කතාව මට ජිවිතේ හැමදාම මතක තියෙනවා. ”නියුට්‍රෝන හා ප්‍රෝටෝන අම්මයි තාත්තයි වගේ ..මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්න එකට බැඳිලා ඉන්නේ මිසොන කියන දරුවෝ නිසා.”

      තාම සර් උගන්නවද . ඔයා ගාව සර්ට කතා කල හැකි ක්‍රමයක් තියනවද . තියේ නම් ලබා දෙන්න පුලුවන්ද

      • මම Email එකක් එවන්නම් අංකයත් එක්ක… ඒක තියෙන්නේ ගෙදර පොතක…. මේ දවස්වල වැඩ ගොඩයි… සතියකින් එවන්නම්… අපි සතියක්ම ගෙදර නැහැ…

    • ඇත්තටම සර් නම් දෙයියෙක් තමයි….

  3. අප්පේ මේ අපේ දෙයිය සර් නොවැ…. ඇල්කෙමිය සරුත් දෙයිය සර් ගාවටමයි ගිහින් තියෙන්නෙ එතකොට….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: