2011 ජුනි 15: සැලසුමක වටිනාකම…


මේ දවස් ටිකේම එක එක විදියේ වැඩ… ලුයිසියානා ගිහින් ආපු සතියේම ලියුවේ ඒ තොරතුරු නිසා වෙනත් යමක් ලියන්න වුනේම නැහැ. ඒ වගේම ගිය සතියේ East Coast Cricket Festival එකට නිවු ජර්සි ගිහින් හිටිය නිසා වැඩි යමක් ලියන්නත් බැරි වුනා. ඒ ගිහින් හිටපු සති අන්තයෙන් පස්සේ මම ගෙදර ආවෙ තනියම. පැටියයි ඇල්කෙමිච්චියි අර අළුතෙන් රැකියාව ලැබුණ මගේ හොඳම තුර්කි ජාතික මිතුරා සහ ඔහුගේ පවුල සමග දවස් හතරක්ම ගත කළේ පැටියගෙත් හොඳම යාළුවා මගේ හොඳම යාළුවාගේ දුව නිසා, ඔවුන්ට දෙදෙනා ලඟ නැති නිසා හරියට පාළුයි. ඒ නිසාම ටික දවසක් දෙන්නා එහේ නැවැත්වුවා…. ඊයෙ රෑ තමයි දෙන්නව ගිහින් අරගෙන ආවෙ… ගෙදර එනකොට රෑ 1.00 යි.

මේ දවස්වල රසායනාගාරයෙත් හරියට වැඩ… මගේ අර හරිගියා කියපු පරීක්‍ෂණයේ ප්‍රතිඵල එළිදක්වන්නට ලිපියකට කරුණු එකතු කරනවා. ඒ වගේම අපේ රසායනාගාරයට අළුතෙන් බඩු වගයක් ගෙනත්,… DuPont ආයතනයේ රැකියාව කර විශ්‍රාම ගිය රසායනඥයෙක් තමන්ගේ නිවසේ රසායනාගාරයක් පටන් අරන්… දැන් මනුස්සයා මානසික රෝහලකට දාලා… (රසායන විද්‍යාව කරන හැමෝටම වෙන්නේ මේකද දන්නෙ නෑ) ඉතින් මනුස්සයගේ රසායනාගාරයේ උපකරණ අපේ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ට අරගන්න කියලා පරිසර ආරක්‍ෂණ අධිකාරිය දන්වලා එවලා… ඒ නිසා අපේ රසායනාගාරයට බඩු ගොඩක් ලැබුණා… ඒවි පිරිසිදු කරන්නයි අසුරන්නයි තමයි මේ දින කිහිපයම ගත වුනේ… ඒ අතරේ මගේ තවත් පරීක්‍ෂණයක් කරන්නත් අමතක කළේ නැහැ.

මේ වතාවෙ නම් කරන දේ හරියට කරන්න ඕන නිසා මුළු පරීක්‍ෂණයම හොඳට සැළසුම් කළා… ඉතාම සුළු දෙයක් පවා හරියටම සිතා බලා සැලසුම් කරලයි කළේ… ඒ නිසා වැඩේ හොඳට කෙරුණා… ප්‍රතිඵලත් හොඳයි වැඩේ සාර්ථකයි… ලොක්කටත් සතුටුයි… ආයෙ පාරක් කරන්න ඕනත් නෑ…

ඉතින් ටිකක් වෙලාව අරගෙන හරි කරන දෙයක් හරියට සැලසුම් කරලා කරනවා නම් බොහෝ පාඩු මඟහරවාගන්නට පුළුවනි… බලන්න අපේ ආණ්ඩු හිම දෙයකින්ම කෙරෙන සමහර වැඩ කිසිම සැලසුමක් නැතුව හදිසියේ කරලා බොහෝ පාඩු ලබනවා… නිවසක් වුනත් සැලසුම් කරලා දේවල් කරනවා නම් බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවනි….

කවුදෝ කියලා තිබුණා නිවස පාලනය කළ යුත්තේ සමාගමක් පාලනය කරනවා වගේ කියලා…. එහෙම කළොත් සමහර විට නිවසත් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්නට පුළුවන් වේවි….

හිතලා බලන්න….

Advertisements

Posted on ජූනි 15, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. ඔන්න අන්තිම ඡේද 2 කට මගෙන් විශේෂ ලයික් එකක්………

  2. නිවස විතරක් නෙමේ පුද්ගලිකව තමාත් සමාගමක් ලෙස හිතුවොත් ගොඩක් දේ ලගා කරගන්න පුලුවන්. පොඩ්ඩකට හිතලා බලන්න ඔබ සමාගමක් කියලා, එතකොට ඊලග වසරේ සමාගමේ ඉලක්ක, ලැබීම් හා වියදම්, CSR, ඒ වගේම මාර්කටින්,ලබන ලාභ, ලගාකරගත් ඉලක්ක, නොගත් ඉලක්ක, ඒවාලගා කර ගැනීමට ආයෝජනය කල යුත්තේ කෙසේද? මේ වගේ අපිත් පාලනය වෙන්න ඕනේ සමාගමක් වගේ තමා, එතකොට අපිටත් ලාභ උපරිම කරගන්න පුලුවන්. හිතලා බලන්න.

  3. ගෙදර උන්දැට මේක පෙන්නන්න ඕනෙ 😀

  4. ඇල්කෙමියා මහත්මයා
    මේ දවස්වල ලන්කාවෙ තියන ආසනික් කලබලය ගෙන මොනව හරි ඔබතුම දන්න දෙයක් ලියනවානම් හොඳයි කියලා හිතෙනවා. මොකද කවුරු කියන එක හරිද කියලා හිතාගන්න බැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: