2011 ජුනි 26 : නලින් සිල්වාගේ කබරගොයා තලගොයා කරගත් විද්‍යාත්මක ක්‍රමය අපට ගැලපේද ?


ඊයෙත් සුපුරුදු පරිදි රසායනාගාරයේ වැඩ… සෙනසුරාදා කියලා නෑනේ අපට. අඩු පඩියට වැඩි වැඩ… ලංකාවෙ හිටියා නම් ස්ට්‍රයික් එකක් වත් කරන්න තිබුණා… මෙහේ ඒවා කරන්න හිතෙන්නෙත් නෑ….
ඒ වුනාට සුළු සුළු ප්‍රශ්න තිබුණත්, අපි වැඩ කරන්නේ නම් හරිම සතුටෙන්. මොකද කියනවා නම් අළුතෙන් දෙයක් සොයාගන්න එක ජීවිතයේ එක් අංගයක් වෙලා… සතියකට කුමක් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තෙ නැත්නම්, හෝ අළුත් දත්තයක් ලබා ගත්තෙ නැත්නම් හරියට දවසක් දෙකක් කෑවෙ නෑ වගේ දැනෙන්නේ. මේදවස්වල මම නම් වෙහෙසෙන්නේ අපේ රසායනාගාරය මගින් පළ කරන්නට යෙදෙන පළමු වන පර්යේෂණ ලිපියට අවශ්‍ය කරුණු සකසන්නයි. මේ ලිපිය ලියන්න ගත්තේ ඊයෙ වුනත් වැඩ අධික බව නිසාම අතපසු වුනා. ඉන්පසු ඊයේ සවස අපේ රසායනාගාරයේ සියළුම දෙනා ගියේ අපේ සාමාජිකාවක් සහ ඇයගේ සැමියා විසින් මිලදී ගත් නව නිවසටයි. එහි තිබූ සාදයට සහභාගී වී නැවත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් පහුයි. ඇල්කෙමිච්චියි පැටියයි නම් හොඳටම නිදි. අද උදේ වරුවම ගෙවුනේ පැටියා එක්ක…. ගොඩ දවසක් මාත් එක්ක ගත කරන්න බැරි වීම නිසා සාංකාවෙන් වගේ තමයි හිටියේ.. ඉන් පසු තවත් මිතුරියකගේ සාදයකට ගොස් ඒ නිවසේම පැවැත්වූ සුළු ගිණිකෙළි සංදර්ශනයකුත් නරඹලා ඇවිත් තමයි මේ ලියන්නේ. රසායනඥයෝ වුනාම ගිණිකෙළි ආදී දේවලට පුදුම ඇල්මක් නේ අපිට තියෙන්නේ…. මේ අතරවාරයේ තමයි නලින් සිල්වා උන්නැහේගේ අළුත්ම නාටකය ගැන කියවන්න ලැබුනේ.

නලින් සිල්වා මේ වගේද ?

ලෝකයේ පළමු වැනි වතාවට අනාථ දෙවියෙක් මේ වගේ දෙයක් ඇවිත් කිවුවාම ඉතින් නොසලකා හරින්න පුළුවනෑ…. ඒති ඔය දෙවියගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

  1. නලින් සිල්වා උන්නැහේට අනුව ලංකාවේ රසායනඥයෝ හොරු. ITI ආයතනයට දීපු සාම්පලයක් පරීක්‍ෂා කරන්නේ නැතිව ආපසු එවලාලු. එතැන හොරු ඉන්නවා තමයි. කාලයක් මමත් එතැන වැඩ කළානේ… එතැනත් සාමාන්‍ය රජයේ ආයතනයක්. ඒත් එතැන දැඩි කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම ITI එක විතරක් නෙවෙයි මේ පරීක්‍ෂණ කරන්නේ. වෙනත් පෞද්ගලික රසායනාගාර කිහිපයක්ම තියෙනවා. නලින් සිල්වට කරන්න තිබුණේ ඒ සාම්පල කිහිපයක් ඒ ඒ රසායනාගාර කිහිපයටම දී ඒ වාර්තා සැසඳීම නොවේද ?
  2. ආසනික් සාමාන්‍ය ජලයේ දියවෙනවාට වඩා වැඩියෙන් කිවුල් හෝ කඨින ජලයේ දියවෙනවා. ඒ කඨින ජලයේ ඇති Ca කැල්සියම් – ආසනික් සමග Ca(AsO4)2 කැල්සියම් ආසනේට් සංයෝගය තනන නිසා. මේ තත්ත්‍වය ඔවුන් සැලකිල්ලට ගත්තාද ?
  3. ඉහත කී තත්ත්‍වය නිසා ඇතිවන ආසනික් මට්ටම් වෙනස රටේ අනෙකුත් ප්‍රදේශවල ජල සාම්පල සමග සැසඳුවාද ?
  4. අනෙක් ප්‍රදේශවල පස් සාම්පල සැසැඳුවාද ?
  5. 2007 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සොයාගත් පරිදි, රජරට සහ උතුරු මැද ප්‍රදේශවල ජලයේ නයිට්‍රේට සාන්ද්‍රණය අධික බව සොයාගෙන තිබුණා. එයට ප්‍රධාන හේතුව පොහොර භාවිතයයි. පොහොර භාවිතය නිසා පසට එකතු වන නයිට්‍රේට ජලයට එකතු වන අතර කිසිදු රසායනික ක්‍රමයකින් නයිට්‍රේට ජලයෙන් ඉවත් කළ නොහැකි වීම මෙයට හේතුවයි. ( බටහිර විද්‍යාවට අනුවද, සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ) මේ පර්යේෂණය නලින් සිල්වා ප්‍රමුඛ පිරිස සැලකිල්ලට ගත්තාද ?
  6. ලංකාවේ සිදු කළ පර්යේෂණයේදී අම්ල සහ භෂ්ම ප්‍රමාණය වෙනස් කර භාවිතා කළ බව ඔවුන් පවසනවා. පිළිගත් ක්‍රමයක පැහැදිලිව යෙදිය යුතු අම්ල-භෂ්ම ප්‍රමාණය නොසලකා, තමන්ට කැමති ප්‍රමාණවලින් භාවිතා කර ඒ ලැබෙන ප්‍රතිඵල පිළිගත් ක්‍රම සමඟ සැසැඳීමේ ක්‍රමයක් තිබෙනවාද ?
  7. එසේ පිළගත් ක්‍රම වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළගන්නට අපට හැකියාවක් තිබෙනවාද ?

ලංකාවේ බොහෝ දෙනා තුළ රසායන විද්‍යාව පිළිබඳ ඇත්තේ අල්ප මාත්‍රික දැනුමක්, ඒ වගේම බියක්. යමෙක් ජලයේ ආසනික් ඇතියි කිවහොත්, හෝ තීන්ත වල ඊයම් ඇතැයි කිවහොත් ඒ දෙකම භාවිතා නොකර ඉන්නට තරම් බියක් සාමාන්‍ය ජනතාව තුළ ඇති වීම අතිශයින්ම ස්වභාවිකයි. මේ බව දැන දැනත් නලින් සිල්වා වැනි (දැනුම් තේරුම් ඇතැයි කියන) පුද්ගලයෙකු සාමාන්‍ය ජනතාව මෙසේ බිය වැද්දීම අතිශයින් පහත් තත්ත්‍වයක්.

මා නම් පවසා සිටින්නේ මෙය ස්වාධීන මහාචාර්ය මණ්ඩලයකින් යුත් කමිටුවකින් සොයා බැලිය යුතු කරුණක්. මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන. මහාචාර්ය ඉලේපෙරුම, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය එස් ඒ ප්‍රනාන්දු වැනි විශ්ලේෂණයෙහි හසළ බුද්ධියක් ඇති මණ්ඩලයක් මගින් මෙය අධීක්‍ෂණය කර, වරක් දෙවරක් නොව, අවම වශයෙන් පස් වතාවක් වත් සිදු කරන ලද පරීක්‍ෂණවල සාමාන්‍ය අගයයන් ලබාගෙන කළ යුතු මනා පර්යේෂණයකින් අනතුරුව එළි දැක්විය යුතු බැරෑරැම් ප්‍රකාශණයක් විය යුතුයි.

Advertisements

Posted on ජූනි 26, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. I totally agree. Now everyone in the island is following mystique forces so I don’t surprise at all.

  2. මේ සම්භන්දව නලීන් මහතා ගේ ප්‍රකාශ මයියා ද කියෙව්වා. ඔහු පවසන අන්දමට රජටට වකුගඩු ප්‍රශ්ණයට හේතුව ‘ආසනික්’ බව ඔහුගේ ප‍ර්‍යයේශන කණ්ඩායමට හෙලිදරව් කර ඇත්තේ ‘නාථ’ දේවියන් විසින්. ඒ අනුව ඔවුන් සාමාන්‍ය විද්‍යාත්මක ප‍ර්‍යේශන ක්‍රම විධි අනුව පරිකශා කලත් ‘ආසනික්’ ඇති බවක් හෙලී වී නැ. ඉන්පසු ඔවුන් වෙනත් පරිසර තත්ව යටතේ පරීක්ශා කිරීමේදී ‘ ආසනික් ‘ ඇති බව සොයා ගෙන තිබෙනවා. ( මෙසේ කල හැකිදැයි ගැටලුවක්.. ඒ පිලිබද ව ඔබ වඩා කරුණු දන්නවා ඇතැයි මයියා සිතයී

    නලීන් මහතා බටහිර විද්‍යාත්මක ක්‍රමය දැඩි ලෙස විවෙචනය කරන බැවින්, ( පරීකිශන-නිරීකශන-නිගමන හා නීරීකශකයා පරීක්ශනයෙන් ස්වායාත්ත බව) ඔහුගේ ක්‍රම වේද ඒ ( විද්‍යාත්මාක ක‍්රමය)අනුව විය යුතු යැයි යමෙකුට බල කල නොහැකී කියා මයියා සිතනවා. විද්‍යාත්මක ක්‍රමයට විකල්පයක් භාවිතා කීරීමේ හැකීයාව හා අභියෝඅගය ඔහු ඉදිරියේ පවතිනවා.

    කෙසේ නමුත් ඇල්කෙමියා ඉතා නිවැරදිව දක්වා ඇතී අන්දමට, පලමුව විශය පිලිබ්ද පාමානිකයන් ඉදිරියේ තම නිග්මනය හෝ ක්‍රම වේදය, අඩුම ගනනේ තම නිගමනය එලැබුන අකාරය පිලිබද හේතු ඵල ව්ග්‍රහයකින් තොරව, සමාන්‍ය ජනතාව ඉදිරියේ කියා පැම මගින් නලීන් මහතා අති විශාල වරදක් කර තිබෙනවා. මේ මගින් මහජනයා තුල (අනියත?) භියක් ඇති කර ත්බෙනවා. මේය ඒ මහතා කර ඇති විශාල වරදක් ලේස මයියා දකිනවා

  3. මම ආයූර්වේද පර්යේෂණ වලට දායක වෙන කෙනෙක්. ඒත් ඉතිං අපි පාවිච්චි කරන්නේත් ඔය විද්‍යාත්මක ක්‍රමයම තමයි. අනේ මන්ද ඔයින් තොර දෙයක් සොයා ගත්තොත් නම් මමත් ඒ පැත්තේ ආයි දෙකක් නැහැ.

    ඔය මනුස්සයා දවසක් මට හොදටම බැන්න මම ආයූර්වේදෙ කරන්න ආවා කියලා. ආයූර්වේදෙට එනව නම් කලිසම් අදින්න බැහැලු. ජාතික ඇදුමලු අදින්න ඔනේ. තව කප්පරක් දේ කිව්වා. ඒත් මම වචනයක් නොකියා අහන් හිටියා. ජේෂ්ටයෙක් නිසා. අනේ මන්ද එදා මම හොඳ දෙකක් කියනවා මේ පර්යේෂණ කලින් කරලා තිබුනා නම්. අපරාදෙ දැන් කරන්න දෙයක් නැහැ.

    දැන් ඉතිං මගේ ඊලඟ වැඩ වලට මම උපදේශක විදියට ගන්නවා අපේ ගෙවල් ලඟ දෙවාලෙ කපුවව.

  4. දෙයියොයි, භාවනාවයි, අධිමාමසික විද්‍යාවනුයි ආසනිකුයි සේරම පටලවාගත්තු උන්නැහේ හරියටම ඔය පින්තූරෙ ඉන්නෙ කෙනා වගේ තමා. ඇල්කෙමියට කියවන්න ඉඩක් තිබුනහ්ඩ දන්නෙ නෑ ඊයෙ [ඉරිදා] ලංකාදීපෙ නලීන් ද සිල්වා උන්නැහේගෙ ආසනික් ලිපිය. අන්න විචාරශීලී ගවේශනාත්මක පුවත්පත් ලිපි. හික් !

  5. කොටින්ම කියනවනම් මූ බුරුවෙක්.

    එක සැරයක් සුනාමියක් එනවා කියලා අනියත බියක් ඈතිකරා දැන් ආසනික් කියනවා මුට මානසික ලෙඩක්ද කියලා මටනම් සැකයි.

    මුට උල්පන්දම් දෙන තවත් අය ඉන්නවනේ ඒකයි ප්‍රශ්නේ.

    කැලනිය විශ්වවිද්‍යාලයේ නමත් කැතකරනවා මුන්වගේ උන්

  6. හරි ෂෝක් ඇල්කෙමියෝ, අපේ රටේ උන්දෙක් අලුත් දෙයක් හොයාගත්තම උබලා වල කපහල්ලා හරිම කැතයි. සිල්වා කාරයත් ආස ඇතිනේ මැරෙන්න කලින් පොරක් වෙන්න ඉතින් නාථ දෙවි පිහිට නොයා මොනා කරන්න්නද? සිල්වා උන්නැහේට කඩේ යන අනාථයන්ට ජය වේවා !!!!!!!

  7. තොපිට දෙයියන්ගෙම පිහිටයි කියලා හිතාගනියව් එහෙනම්.. හිටපල්ලකො මගෙ දේව දරුවො ටික ඩිග්රි අරන් අවුට් වෙනකම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: