Daily Archives: ජූනි 27, 2011
2011 මැයි 28: විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා බන්ධනාගාර ගතවූ පසු සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව.
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර වූ පසු මාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා කිසිදු නිලමැස්සෙකුට ඒ මහතා අසලට වත් යාමේ අවකාශයක් නැතිව තිබුණි. මේ නිසා ඒ මහතා සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට කිසි කෙනෙකුට හැකියාවක් නොතිබුණි. මේ නිසා අපි බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ අපගේ සම්බන්ධතාවයක් ඇති පැරණි මාධ්‍යවේදියෙක් වන කොච්චිකඩේ පච්චසිරා මහතා යොදාගෙන ජංගම දුරකථනයක් භාවිතා කරගෙන කරන ලද පළමු සම්මුඛ සාකච්ඡාව මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙහි අදාල මාධ්‍යවේදියා වන කොච්චිකඩේ පච්චසිරා මහතා මරදානේ මරියකඩේ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා අනියම් මිනීමැරුමකට වැරදිකරු වී ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගතව සිටින දැනට බන්ධනාගාර දායක සභාවේ සභාපතිව සිටින දැහැමි පුද්ගලයෙකි. ඒ මහතා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැලෑපත්තරයක ප්‍රධාන කතෘ තුමා වශයෙන් කටයුතු කර ඇති පුරුද්ද නිසා මේ සාකච්ඡාව කිරීම සඳහා අප ඒ මහතා යොදාගත්තා. මේ ඒ සම්මුඛ සාකච්ඡාවයි.
කො.ක.ප.සි. : ආයුබෝවන් කිවුවා ලොක්කා.
ජ.ස.පො. : ආයුබෝවන්.
කො.ක.ප.සි. : කොහොමද දැන් වැඩ කටයුතු ?
ජ.ස.පො. : වරදක් නෑ… හොඳින් ඉන්නවා.
කො.ක.ප.සි. :එළම තමයි… එහෙනම් දැන් ගේමට බහිමු… මෙහෙමයි බොස් වැඩේ. අපේ ඇල්කෙමි ලොක්කා තමයි මේ වැඩේට මාව සාටර් කරේ. හරියට වැඩේ ගියේ නැත්තං මගේ ගාන කැපෙන්නෙ නෑ… ඒ නිසා හරියට වැඩේ ගෙනියමු අරී….
කො.ක.ප.සි. :දැන් කියන්න බලන්න ලොක්කා… කෝමද ලොක්කා යාපනේ ගේම ප්ලෑන් කරේ ?
ජ.ස.පො. : සිරා මහත්තයා, මේක ඇත්තෙන්ම කාටවත් කිවුවෙ නැති කතාවක්,…. දවසක් මම දවසක් බ්ලූ ලේබල් අඩියක් දාගෙන මගේ පෞද්ගලික සහායිකාවො වන කෝප්‍රල් සුභාෂිණීයි, සාජන් අමරාවතියි එක්ක ඊලඟට ගහන්නේ කොතැනටද කියලා ප්ලෑන් කරකර ඉන්නකොට කාමරේ පැත්තක එකපාරටම ජායාවක් මතු වුනා…
කො.ක.ප.සි. : ජායාවක් කිවුවෙ ලොක්කා මේ ගෑණු පරාණයක් ද?
ජ.ස.පො. : නෑ නෑ… ඡායාවක්… මේ හෙවනැල්ලක්…
කො.ක.ප.සි. : ඉතින් ?
ජ.ස.පො. : ඉතින් කෝප්‍රල් සුභාෂිණීයි, සාජන් අමරාවතියි ඒ ගොල්ලන්ගේ ඇඳුම් හොයාගෙන පිස්තෝල ඇදලා ගන්නකොටම, මේ ඡායාව මගේ දිහාට ඇවිදගෙන ආවා… මම හිතුවේ මරාගෙන මැරෙන බෝම්බයක්ද කියලා…. දන්නේ නෑනේ කොටින්ගේ ටෙක්නොලොජි එක ! කව්ද දන්නේ ටෙලිපෝර්ටින් වත් හොයාගෙන තිබුණද කියලා……
ඉතින් මේ ඡායාව ඇවිත් මෙහෙම කිවුවා… “දරුව සරත, මම දුට්ඨ ගාමිණි වෙම්” කියලා….
කො.ක.ප.සි. : නෑහ් !
ජ.ස.පො. : නෑ නෙවෙයි ඕයි… ඔව්…
ඉතිං ඉතිං…..
ජ.ස.පො. : ඉතිං මමත් හීතල වෙලා ගියා.. හරියට නිකං බාබු බයිසිකලේ පැදන් එනවා දැකපු ප්‍රේමදාස වගේ….. ඉතිං මම ඉතිං මොනවා වුනත් හමුදාපති නේ…. ඉතිං ගට අරගෙන මම ඇහුවා ඇයි මේ මෙතැනට පහල වුනේ කියලා…
දු. ගා. දෙ. : “දරුව, මේ දමිල කරදරය තුන් දශකයක් පුරා ඇදී යාම මාහට මහත් දුකකි. එසේම මා ක්‍රෝධයටද පත් කරවයි. මේ යුද්ධය නිසා අප්‍රමාණ වූ මිනිස් ජීවිත ගණනාවක් නිරපරාදේ නැති විය…… මේ නිසා මා තට වරයක් දෙමි. එනම් තට මේ යුද්ධය නිම කිරීමේ වරයයි. ඒ නිසා පෙර කළ සිදු කළ උපාය මාර්ග වෙනස් කොට, සෑම දිශාවකින්ම පහර දිය හැකි පරිදි දශ මහා යෝධයින් වන් සේනාංකාධිපතිවරුන් පත්කර, චතුරාංගනී සේනාවන් යොදාගෙන සදිසාවෙන් පහර දී නන්දිකඩාල් නම් ජය භූමිය වෙත සියළු සතුරන් කොටු කරව. ඉන්පසු සියළු සතුරන් සමූලඝාතනය කිරීමෙන් මේ සතුරු කරදරය සදහටම නිමා කළ හැක.”
“තා මේ තනතුරට පත් කිරීමට ගෝඨාභයට සිහිනෙන් පැවසුවේ ද මාය…. මා තොප කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකොට, සියල්ලම එක් පොරෝ පහරකින් නිමාවනු දැකීම මාගේ පරම අභිප්‍රායයි.”
ජ.ස.පො. : එහෙමයි දේවතාවුන් වහන්ස…. කියලා කට ගන්න ලැබුනෙ නෑ සිරෝ මෙන්න ආවා නේ නාථ දෙයියෝ…. ඊට පිටිපස්සේ හිටියේ අනාථ දෙයියෝ… වෙන කවුරුවත් නෙවෙයි…. රෝහණ විජේවීර….. නාථ දෙයියොන්ගෙ ස්ට්‍රැටජික් ඇඩිවයිසර්…..
කො.ක.ප.සි. : අනේ සර් පිස්සු කෙළින්නෙ නැතුව යන්න… සර්ට මොන දෙයියොද ?
ජ.ස.පො. : ඕකනෙ බං කියන්නෙ…. බොරුනං සුභාෂීණී ගෙනුයි අමරාවතීගෙනුයි අහපන්කෝ….. අනෝමා පල්ල මේ ඇත්ත කියන්නේ…..
කො.ක.ප.සි. : ඉතිං ඉතිං…
ජ.ස.පො. : ඒ පාර නාථ දෙයියො කියනවා….. අපේ විපක්‍ෂයට දැන් යන එන මං නැති වෙලා තියෙන්නේ….. යුද්ධෙ ඉවර වුනාම ඒකත් ගොඩ දාලා දෙන්න කියලා…. මේ නාථ දෙයියො උසිගන්වලා තියෙන්නේ රෝහණ විජේවීර කලවැද්දා…. ඌට මල පැනලා අර ටිල්වියයි ගොඩ සුද්දයි දෙන ගේම දැකලා…..
කො.ක.ප.සි. : ඉතිං ඒකද ලොක්කා මේ ඡන්දෙ ඉල්ලලා ඇණ ගත්තේ…..
ජ.ස.පො. : ඒකනෙ ඕයි… මේ ගුණමකු කළවැද්දො කියන දේ අහලා මං කරගත්ත මගුලක්…. ඒ කාලෙ දෙයියො වත් ආවෙ නෑනේ ලඟට… මගේ වටේ හිටිය මළ පෙරේතයෝ දැකලා….
කො.ක.ප.සි. : ඉතිං දැන් මොකද ලොක්කා කරන්න හිතන් ඉන්නේ ?
ජ.ස.පො. : දැන් ඉතිං ඉස්සර වගේ බාව වනා කරන්න බැරි නිසා දැන් යන තැනකට වැඩක් සිද්ධකරගන්න භාවනාවක් වත් කරන්නයි හිතාගෙන ඉන්නේ…. අපට ඉතිං නවුෆර්ට වගේ රෑට ගෙදර ගිහින් උදේට මෙහේ එන්න චාන්ස් එකක් නෑනේ…. කට්ට කාගෙන ඉන්න වෙනවා….
කො.ක.ප.සි. : සර් සර්…. බැස්ටිය බැහැගෙන එන්නේ…. පස්සේ ඉතුරු ටික රැකෝඩ් කරගන්නං….
ටික දවසකට පසු කොච්චිකඩේ පච්ච සිරා මාධ්‍යවේදියා විසින් අපට පටිගත කරනලද හඬ සහිත ජංගම දුරකථනය ලබාදෙන ලදී…. එහිදී ඇතිවූ සංවාදය ඔබ වෙත අකුරක් නෑර ලබා දෙන්නේ එම මාධ්‍ය වාර්තාවේ ඇති ගුණාත්මක භාවය සහ නිරවද්‍යභාවය එසේම රඳවාගනු පිණිසයි…..
ඉඩක් ලදොත් තවත් මෙවන් මාධ්‍ය වාර්තා ඔබ වෙත සපයන්නෙමු.
එතෙක් ඔබට නාථ දෙවි පිහිටයි……